එතකොට ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා, නමස්කාර වේවා. ඒ බුදුපියවරු සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන් කියලා අර ඊයේ මම සිහි කළා නේ කොච්චර ආයුෂයක් ද කියලා. ඉතින් ඒකත් එක්ක මම කල්පනා කළහම ඉතින් එක පාරක් වැඳලා මදි ය කියලා හිතලා දෙවනි පාරටත්, තුන් වෙනි පාරටත් ආයෙත් වැඳීම කියන එක සිද්ධ වුණා. ඉතින් ඒ පාර ඔය විදිහට ඒ දාහතර නම ම සිහි කරලා වැන්දා.
වැන්දායින් පස්සේ අර සප්ත බොජ්ඣඞ්ගය කියන එකෙන් එතනින් පටන් ගන්නෙයි කියලා මට කිව්වා. ඒ සප්ත බොජ්ඣඞ්ගයේ මං සති සම්බොජ්ඣඞ්ගය විතරයි ගත්තේ. සති සම්බොජ්ඣඞ්ගය කියන එක ගත්තහම අර පළවෙනි කාරණේ කබලිංකාර ආහාරය, 2 අත්තා ඉඳන් නිත්‍යට යනවා කියන එක. 3 ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන එක. එතකොට මේකෙත් අර 3 තමයි මෙනෙහි කළේ. ජාතියේ ඉඳන් ජරාවට යනවා කිව්වහම කෙළින් ම මරණය දක්වා යනවා කියන එක. මෙතෙන්ට ගිය ගමන් ආපහු කල්පනා වුණේ මරණය වුණායින් පස්සේ මේ මනුස්සයා ආපහු යනවා කියලා ජාතියට. ඒ කියන්නේ මේ maintenance කෑල්ල තමයි මෙනෙහි කළේ. පල්ලෙහා තියෙන්නේ අහංගේ තියෙන maintenance කෑල්ල නේ. එතකොට කබලිංකාර ආහාරය, මරණය, මෙතන ඇවිල්ලා ආපහු ජාතිය. එතකොට මේ triangle එක තමයි,
ඔතන ඔහෙ බලාගෙන ඉන්න පුළුවන් මොකක්වත් කරන්නේ නැතුව. අර උඩ අනාශ්‍රව සහිතව ඉන්නකොට යම්කිසි විදිහකට එකක් තියෙනවා ද, ඒ වගේ මේ කෑල්ල විතරක් බලාගෙන මොකක්වත් හිතන්නේ නැතුව ඉන්න පුළුවන්කමක් කියන එක තියෙනවා කියන එක තේරුණා මට. එතකොට මේකෙදි මම කල්පනා කළා දැන් මෙතෙන්දි මේ විඤ්ඤාණය කියන එක කොහොම ද සැකසෙන්නේ? මරණයේ දී වෙලා මේක විඤ්ඤාණය සැකසෙන්නේ? ඒක දැන් අපි දන්නවා පරිදේවයේ ඉඳන් අපි එනවා කියලා සෝකයට. පරිදේවයේ ඉඳන් සෝකයට ආවහම සෝකයේ ඉඳන් ආපහු සෝකයට එන පාර මතකයි නේ ඕගොල්ලන්ට.
එතකොට ඒ කියන්නේ, අහලා නැති කෙනෙක් ඉන්නවා නම් එතන පෙන්නනවා අපි සෝකයේ ඉඳන් අපි පරාමාසයට යන එක 1 කියලා දැක්කොත්, පරාමාසයේ ඉඳන් ඊට පස්සේ විඤ්ඤාණයට යන එක ඒක 2 කියලා දැම්මොත්, ඊට පස්සේ නිත්‍ය කියන තැන පල්ලෙහාට 3 යි කියන එක දානවා අපි. එතකොට ඒ 3 න් ඊට පස්සේ අපි දන්නවා අර සංස්කාර නිත්‍යයි කියලා 4, උඩ සඤ්ඤාවට ආවා 5යි, අර සුඛය කියන එක ඇදෙනවා කියන එක 6යි කියලා අපි ඔය විදිහට බැලුවා. බලලා ආපහු 7ට සෝකයට යනවා කියන එක. එතකොට මේ පල්ලෙහා එක කැඩුණහම, මැරුණාහම අර උඩින් සඤ්ඤා, චේතනා කියලා ඒක bridge එක හැදෙනවා. හැදෙන්නේ අර දික් වීම නිසා.
එතකොට දැන් අපි අර නිත්‍යයි කියලා දාන තැන තමයි රහතන් වහන්සේ මේ පාර වෙනස් කළේ. නිත්‍යයි කියලා දාන තැන, දැන් අපි පල්ලෙහාට යනවා කියන එක අපි ඊයේ භාවනාවේ දී තේරුම් ගත්තා නේ නිත්‍යයි කියලා කියන්නේ අර උඩින්, මෙතනින් මෙතන කාය සංස්කාරය නිසා උඩ විඤ්ඤාණයක් හැදුණා, ඒ විඤ්ඤාණයේ අර මේ පැත්තට flow එක එනවා පරාමාසයට එන්නා වූ එක. එතකොට ඒක තමයි අපේ මේ නිත්‍ය කතාව කියන එක කියන්නේ. අර අතනින් නිත්‍යයි කියලා කිව්වට මේ නාම කොටසින් තමයි මේක මෙතන සිද්ධ වෙන්නේ. එතකොට මෙතන මේ රූපයත් එක්ක නාමය සම්බන්ධතාවය කියන එක ඔතන පේනවා, උඩින්. නිත්‍ය කතාවක් වෙන්න නම්, විඤ්ඤාණයක් නැත්තන් ඔතන බැස ගැනීමක් නෑ නේ. නැත්තන් නෑයි කියන එක තියෙනවා.
එතකොට දැන් මට ඔතන පේනවා අර උඩ diamond එක. දැන් පල්ලෙහා ඔය සෝක පරිදේව කතාවෙ දී, පල්ලෙහා diamond එකක් තියෙනවා අර අහංනුයි මමංනුයි හැංගිලා ඉන්න තැනක්. ඒකට උඩින් තියෙනවා පරාමාසයට උඩින් මෙහෙම පොඩියට diamond එකක් හැදෙනවා, අපි ඊයේ කතා කළේ අර කපනවා කියලා, නේ ද? 1 යි 2 යි 3 යි 4යි කියලා කිව්වහම මේ පැත්තෙන් තිබුණා 1 යි 2 යි කිව්ව එක. ඒ කියන්නේ මොකද්ද මේ මං කියන්නේ? චේතනාව, මෙතනින් තියෙනවා අර ථීනමිද්ධයෙන් මෙහාට යන්නා වූ එක, මෙතන උඩ තියෙන්නේ සංස්කාර. එතකොට ඒ සංස්කාරය දැන් නිත්‍යයි කියලා පරාමාසයට බැසීමක් කියන එක තියෙනවා. මේ පැත්තෙන් තියෙනවා අර ඊර්ෂ්‍යාව, එහෙම නැත්තන් මිද්ධය තියෙන්නා වූ තැන. එතනින් ආපහු චේතනාවට කියන එක. එතකොට මෙහෙම උඩ diamond එකක් හැදිලා තියෙනවා. අර අහංගෙයි මමංගෙයි උඩින් තව diamond එකක් තියෙනවා කියන එක තියෙනවා. එතකොට මේකේ තමයි මේ නිත්‍යයි කියලා මෙහාට බැස ගැනීම කියන එක තියෙන්නේ පල්ලෙහාට.
ඉතින් මෙතන තවත් වශයෙන් කියනවා නම් මෙතන වම් අත පැත්තේ ගත්තහම ඊර්ෂ්‍යාව තියෙනවා, දකුණු අත පැත්තෙ ගත්තහම මක්ඛය කියලා ගන්නවා. මැද්දේ කෑල්ල සාඨෙය්‍ය කියලා ගන්නවා. ඔය විදිහටයි තියෙන්නේ. මෙතෙන්දි දැන් අපි කිව්වා ඊයේ අර 1 යි 2 යි කපනවා කියලා කිව්වේ. එතකොට දැන් මෙන්න මේ විදිහට කැපුවෝතින් එහෙම, මොකද වෙන්නේ?
ඒ කියන්නේ මේ මෙතන රහතන් වහන්සේ මේ මෙතන මැද්දේ කෑල්ලත් කැපුවා. අර arm එක ගිහිල්ලා තියෙන්නේ, ඒ කෑල්ලත් කැපුවා, මේ කෑල්ලත් කැපුවා. දැන් කෑලි එල්ලිලා තියෙනවා. ඒ පාර රහතන් වහන්සේ මගෙන් අහනවා “දැන් මේ අවස්ථාවේ දී මේක මොකකින් ද මේ ඉන්නෙ?” ඉතින් මං කිව්වා සඤ්ඤා සංස්කාර පටිලාභයෙන් තමයි ඉන්නේ කියලා. අතන තිබිච්චා වූ සංස්කාරය, සඤ්ඤාව කියන එක. එතකොට ඒ කියන්නේ මොකද්ද?
මේක හරියට නිකන් මේ බෝක්කුවක් කැඩිලා. දැන් මේ මනුස්සයා මේ මැරිලා නේ. මැරිලා තාම ඉපදීමක් නැති මනුස්සයා ගැන මේ කතා කරන්නේ. එතකොට අර රූපයට සඤ්ඤාවෙන් අතන මේක එක්කහු කරගෙන මෙයාගේ යන්න හදනවා, මේක හරියට නිකන් කැඩිච්ච බෝක්කුවක් වාගේ. මෙයා මේ පැත්තේ ඉඳගෙන කල්පනා කරනවා දැන් බෝක්කුව කැඩිලා, බෝක්කුව හැදුවහම මේ ආකාරයි සංස්කාරය, මම මේක හදනවා. හදනවා කියලා කල්පනාවකින් මෙයා ඉන්නවා.
ඉතින් එතනදි මට අර connect වුණා බුදුහාමුදුරුවෝ දේශනා කළා නේ මහණෙනි කෙනෙක් උත්පත්තිය ලබලා නැත්තන්, කුතුහල සූත්‍රය. ඒකේ පේනවා කෙනෙක් මැරිලා නම්, මිය ගිහිල්ලා නම්, ඒ පුද්ගලයා කොතනක හරි ඉපදිලාත් නැත්තම්, ඒ පුද්ගලයා මේ තෘෂ්ණාව අල්ලගෙන ඉන්නවා කියලා. එතකොට මෙන්න මෙතන තියෙන්නා වූ අර, දැන් මේ පැත්තේ, මේ පැත්තේ කෑල්ල තාම තියෙනවා. ඒ කියන්නේ පරාමාසයට එන්න මේ diamond එකේ මේ පැත්ත කෑල්ල නේ කපලා දැම්මේ. සඤ්ඤා කතාව, සාඨෙය්‍ය කතාවක් නෑ. ලාභයි කියලා ගන්න එකක් නෑ නේ මෙයාට. තාම එකක් හදාගෙන නෑ. හැබැයි හදනවා කියලා, අර මේ පැත්තෙන් හදන සඤ්ඤාවයි, ඒ කියන්නේ වේදනාවෙන් එන කෑල්ල. සඤ්ඤාවේ කෑල්ලක් ගැලවිලා ගිහිල්ලා. පරාමාසයට හේත්තුවක් නෑ.
එතකොට මෙතන මේ වේදනාව, තණ්හාව, චේතනාව. අර එහා පැත්තෙන් මං බෝක්කුව කැඩිලා බෝක්කුව හදනවා. ආන්න එහෙම, ඒක තමයි ඉන්නෙ කියන එක තමයි ඒ භාවනාවෙදි බැලුවේ. ඔය මැරිච්ච එක්කෙනෙක්, මනෝමය කායකින් ඉන්න එක්කෙනා ඉන්න විදිහ මේ කිව්වෙ. එයා ජීවත් වෙලා ඉන්න විදිහ. Maintenance එක කරගන්න විදිහක් නෑ, අර විදිහට බලාගෙන ඉන්නවා කියන එක.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්