Date: 07/07/2014 Name: Dhammakitti bhavana

එතකොට මේ භාවනාවේ නම ධම්මකිත්ති භාවනාව. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ආයුෂ මහාකප්ප 14,312ක් වළඳලා, ලෝකයේ සිටින ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළමු වන, ශ්‍රේෂ්ඨතම, බුදුපියවරු 2,500 නමකගෙන් බණ අහලා ඇති, අනන්ත වූ සත්වයන් ලෝකයෙන් මුදවාගන්නා ලද බුදුපියාණන් වහන්සේ ය කියලා, මං තුන් පාරක් ම වැන්දා. ඊට පස්සේ මේ විදිහට ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ, අනුපිළිවෙළින් ඒ බුදුපියවරු සිහි කරගෙන වැන්දා, වෙන වෙනම. වැඳලා ඉතින් ඉතුරු පස් නම දන්නෙ නෑ නේ.

ඒ වෙලාවේ එහෙම කල්පනා කළහම තවත් නමක් හඳුන්වලා දෙන්නම් කියලා අටවන ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ ධම්මකිත්ති බුදුපියාණන් වහන්සේ, ඒ කියන්නේ ධම්මකිර්ති කියලා ලංකාවේ එහෙම කියන්නේ, ධම්මකිත්ති බුදුපියාණන් වහන්සේ කියලා පෙන්නුවා. බුදුවරු 211 නමකින් බණ අහලා තියෙනවා ඒ අරිහත්වයෙන් පස්සේ. අනුපිළිවෙළින් ඉතින් තපස්සි බුදුසීයා, ඒ විදිහට කල්ප ලක්ෂයක් අරිහත්වයෙන් පසුව වැඩ වාසය කරලා තියෙනවා ය, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත දහතුන් වන බුදුපියා කියලා සිහි කරලා වැන්දා. සහම්පති බුදුපියාණන් වහන්සේ කල්ප 20ක් ආයුෂ වළඳලා තියෙනවා. ඉතින් දාහතර වන ඥානවන්ත, ප්‍රඥාවන්ත, ශ්‍රේෂ්ඨතම මගේ ගුරු දේවයන් වහන්සේ ය කියලා වැඳ නමස්කාර කළා.

එතකොට මේ විදිහට කළාට පස්සේ මේ බුද්ධං සරණං ගච්ඡාමි, ලෝභය නැති කරමි, ද්වේෂය නැති කරමි කියනකොට මම ඔතනදි කල්පනා කළා මේ සියුම් වූ ද්වේෂයක් පැවතීමක් ගැන මම සිහි කළා. එතකොට මෙතෙන්දි මං කල්පනා කළා මේ, අර සංවර සූත්‍රයේ භාවනාවත් එක්ක ආයතන භාවනාවෙදි, ශ්‍රද්ධාව ඇති නම් ද්වේෂ නොවන්නේ ය කියලා අපි තිබුණා. එතකොට ශ්‍රද්ධාව ඇති වෙන්න නම් අපිට ප්‍රඥාව කියන එක තියෙන්න ඕනෙ. ප්‍රඥාව ඇති වෙන්න නම් සම්මා දිට්ඨිය තියෙන්න ඕනෙයි කියන අර triangle එක සිහි කළා. සම්මා දිට්ඨිය කියලා කියන්නේ මේ දුකයි, දුක්ඛ සමුදයයි, දුක්ඛ නිරෝධයයි, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව දැකලා, ඒ දුක්ඛය නැති කිරීමට පමා නොවීම තමයි මේ සම්මා දිට්ඨියේ ඉහළ ම එකේ තියෙන්නේ.

එතකොට සංවර සූත්‍රය කියන එක මට මතක් වුණා. එතනදි පෙන්නනවා මනවඩනා වූ මේ ධර්මයෝ ඇත. ඉතින් යමෙක් එම ධර්මය අභිනන්දනා කරන්නේ නම් අභිවදති, අජ්ඣොසාය තිට්ඨති යනුවෙන් ගන්නේ නම් පරිහානිය යැයි දත යුතු ය, අසංවර වන්නේ ය කියලා බුදුහාමුදුරුවෝ එතන පෙන්නනවා. ඉතින් අන් පුද්ගලයෙකුට ධර්මය දීම සඳහා මෙය කරන්නේ නම් මේකත් අසංවර වන්නේ ද, මේ නිසා අභිජ්ඣා වන්නේ, ව්‍යාපාද, දෝස ඇති වන්නේ ද කියන දේ තියෙනවා නේ. එතකොට මම සම්මා දිට්ඨිය කියන එක එතනින් ඕක ගැඹුරට ගියා භාවනාව

සම්මා දිට්ඨිය නුවණින් පරීක්ෂා කරලා බැලුවහම දුක්ඛයේ නැති වීමක් මිසක්, මේ තමාගේ දුක්ඛයේ නැති වීමක් කියලා බලන්නෙ නෑ. ඉතින් තමාගේ දුක්ඛයේ නැති වීමක් ලෙස සිතුවොත් අන්න එතෙන්දි අපිට අභිජ්ඣා කියන එක ඇති වෙනවා, ද්වේෂය ඇති වෙනවා යන කාරණය තියෙනවා. දුක්ඛයේ නැති වීමක් කියලා බලනවා නම් අපිට මුදිතාව කියන එක ඇති වෙනවා, මගේ දුක්ඛයයි අනිත් අයගේ දුක්ඛයයි ඔක්කොම දුක්ඛය නැති වීම කියන එක. අභිජ්ඣා වෙන්නේ නෑ. මේ විදිහට මේ තථාගතවරු, ඒ මණ්ඩලයේ බුදුපියවරු, ඒ ධර්මය දෙන අනෙකුත් රහතන් වහන්සේලා, මිච්ඡා දිට්ඨිය නොවී තමාගේ දුක්ඛය නැති කිරීම කියන එක ගැන හිතන්නේ නැතුව, ඒ කියන්නේ මිච්ඡා දිට්ඨියක් නේ ඒක විතරක් හිතන එක, දුක්ඛය නැති කිරීමට වෙහෙසෙන්නේ යැයි කියලා එතන අවබෝධය ආවා.

ඉතින් ඒක තමයි ඒකේ ඒ භාවනාවේ තියෙන්නේ.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_Ayatana/S_Ayatana-06.jpg


S_Ayatana/S_Ayatana-07.jpg