ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින ඒ ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවන බුදුපියාණන් වහන්සේ ය කියලා සිහි කරලා වැඳ නමස්කාර කළා. මේ විදිහට තුන් නම සිහි කරලා මම වැන්දා. ඊට පස්සේ ඒ අට නම සිහි කරලා වැන්දා. ඊට පස්සේ තපස්සි බුදුසීයාව සිහි කරලා වැන්දා. ඒ සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා සිහි කරලා වැන්දා. ඒ කියන්නේ දාහතර නම ම සිහි කරලා ඔය විදිහට වැන්දා.
ඊයේ භාවනාවෙන් පටන් ගන්නෙයි කියලා පැවසුවා. එතකොට මම ඔතන කල්පනා කරා දුක්ඛය නැති කිරීම තමාගේ දුක්ඛය වශයෙන් නොගෙන, ඒ ඊයේ කරපු භාවනා කොටස කරා දුක්ඛය නැති වීම කියන එක කරනවා කියන එක. ඒ පාර කල්පනා වුණා මේක මේ, සංවර සූත්‍රය මං එතෙන්දි සිහි කළා. ඒ සංවර සූත්‍රය සිහි කරලා නේ ඔතෙන්ට ආවේ. එතකොට මේ මනවඩනා වූ ධර්මයෝ ඇත, එහි අභිනන්දනා කරනවා නම්, අභිවදති, අජ්ඣොසාය තිට්ඨති කියලා ගන්නවා නම්, පරිහානිය බව, කුසල ධර්මයෙන් පිරිහෙන බව, ඒක සිහි කළා. කෙසේ නම් කුමන වටයකින් ධර්මය අභිනන්දනා කිරීම වන්නේ ද කියන එක බැලුවා.
ඒ වට 8න් පස්සේ අර අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් අර දිට්ඨි ආශ්‍රවයට එන්නේ, අන්න ඒ ක්‍රියාවලිය මගින් තමයි මේක කරන්නේ. එතකොට අවිද්‍යා ආශ්‍රවය වීම කියන එක වේදනාවේ ඉඳන් අර ධම්මමච්ඡරිය හරහා සිදු වෙන line එක හරහා තමයි එතන සිදු වෙන්නේ. එතකොට දැන් එතන වෙන diagram එකේ එනවා එතකොට වේදනාව නිසා චේතනාව, චේතනාවෙන් අවිද්‍යා ආශ්‍රවය, අවිද්‍යා ආශ්‍රවයෙන් දිට්ඨි ආශ්‍රවයට එනවා, දිට්ඨි ආශ්‍රවය පල්ලෙහා දිට්ඨි සල්ලයට යනවා, දිට්ඨි සල්ලයට ආවහම අර සඤ්ඤාව අල්ලගෙන ඉන්නවා විඤ්ඤාණය එතකොට සඤ්ඤාවට අපි ආපහු යනවා.
එතකොට මේක මේ බුදුපියාණන් වහන්සේගෙන් මං මෙතන මෙනෙහි කළා. බුදුපියාණන් වහන්සේ මෙතනින් අර පළවෙනි කාරණේ කිව්වායින් පස්සේ මම, මට ඒක ඔය විදිහට දැක්කා. මේක බැලීමත් සමඟ ම මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වීම වෙන බව මට වැටහුණා. ඒක හේතුව කුමක් ද? අභිනන්දනා නොකිරීම ය. මොකද්ද අභිනන්දනා නොකරන්නේ? සඤ්ඤාව සහ චේතනාව. ඒක අභිනන්දනා කරන්නෑ. වරින්වර වර මට පේනවා මේකේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වෙනකොට මේ කෑම පිඟන් වාගේ දේවල් පේනවා.
එතකොට මේවා ධර්මය භාවිතා කරගෙන ඉන්නකොට ඒක අස්සෙ හරියට මේක මේ කන්න යැයි කියලා කෙනෙක් ගෙනත් දෙනවා. මේ ධර්මය මේවා කරනකොට කවුරු හරි ඒ ගෙනත් දෙනවා කියන එක වගේ කියලා හැඟුනා මට. මේක මොකට ද? ඒ කියන්නේ සඤ්ඤාව පැවැත්වීමට නම් රූපයේ අගය භාවිතා කළ යුතුයි. නැති නම් සඤ්ඤාව බිඳිලා යනවා. එතකොට ඒකේ පැවැත්වීමක් නොවෙනවා. එහෙම නම් මේ අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට දීමක් කෙරෙනවා කියන එක කෙරෙනවා.
දැන් අවිද්‍යා ආශ්‍රවයට ආවහම දිට්ඨි ආශ්‍රවයට යනවා, අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයට යනවා කියන එක තියෙනවා. එතකොට කොපමණ ප්‍රමාණයකින් මේක වෙනවද? 50% කියන එක, අපි අර දන්න 50% කතාව විදිහට ඕක සිද්ධ වෙනවා. පකප්ප පාර. මතක ද අර කප්පං කියලා කියන්නේ, එතනින් වේදනාවට එන්නේ, අන්න ඒ පාර. මෙහි යම් පැවැත්වීමක් නැති ද, විඤ්ඤාණයේ ධාරාව කියන එක බිඳෙනවා. එතකොට නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියාත් සඤ්ඤාව නිසා වන රූප කොටස භාවිතා කරනවා. මේක එයා සියුම්ව සිදු වෙන්නේ.
ආන්න ඒක තමයි භාවනාව. සාධු පියවරුනි කියලා අවසන් කළා.