මේ භාවනාවේ නම කල්ප විනාසය. ඒ උතුම් ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ කියලා වැන්දා. බොහෝ කාලයක් ඉඳීම ගැන අර මහා කප්ප 14,312ක් කියලා කිව්වෙ, ඒක ගැන සිහි කරලා ආයෙත් වැන්දා. එතකොට සත්වයන් මේ විදිහට දුකෙන් මිද්ධය කියලා සිහි කරලා වැන්දා. ඒ විදිහට බුදුපියවරු තුන් නම, හත් නම ඉඳන්, අට නම ඉඳන් දාහතර දක්වා දාහතර නම ම සිහි කරලා වැන්දා.
ඉතින් භාවනාවට පෙර ම මට ඔය කල්ප විනාසය වාගේ දෙයක් සිහි කරනවා නම් හොඳයි කියලා මුලින් හිතුණා මට, bathroom එකේ ඉන්නකොට ම. එතකොට මණ්ඩලාධිපති බුදුපියා ඒක දැනගන්න කැමති ද කියලා මගෙන් ඇහුවා. මං කිව්වා හොඳයි කියලා. එහෙම නම් අර විනාසයකට පෙර වෙච්ච අවස්ථාවක බුදුපියාණන් වහන්සේ නමකට කරන ලද කුසලය මෙනෙහි කරන්නයි කියලා කිව්වා. ඒ පාර මං ගත්තා අර සිඛී බුද්ධ ගාථාව. සිඛී බුද්ධ ගාථාව ඔහොම පදයෙන් පදයට මං හොඳට සිහි කළා. අර “සබ්‌බසඞ්‌ඛාරසමථා, සඤ්ඤා උපරෝධනා” කියන එක ගත්තහම මට ඊයේ භාවනාවට සම්බන්ධ වුණා.
ඊයේ භාවනාවෙදි මේ දන්නවා නේ අර වේදනාවෙන් චේතනාවට ගිහිල්ලා, ඒ කියන්නේ ධර්මය අභිනන්දනා කිරීම කොතෙන්ද වෙන්නේ කියන එක බැලුවා නේ, වට අටෙන් පස්සේ කියලා. එතකොට එතෙන්දි අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් දිට්ඨි ආශ්‍රවයට යන ක්‍රියාවලිය. එතකොට වේදනාවෙන් චේතනාවට, චේතනාවෙන් අවිද්‍යා ආශ්‍රවය, අවිද්‍යා ආශ්‍රවයෙන් දිට්ඨි ආශ්‍රවය, දිට්ඨි ආශ්‍රවයෙන් දිට්ඨි සල්ලය, දිට්ඨි සල්ලයෙන් සඤ්ඤාවට කියන එකට එනවා කියන එකයි එතන ආවේ. අන්න ඒ අවස්ථාව මං සිහි කරනකොට මට පේනවා මේ ග්‍රහලෝක කිහිපයක්, හතරක් මම දැක්කා ඔන්න ඉර තියෙන දිහාවට එකක් එනවා, දෙකක් එනවා, තුනක් එනවා, හතරක් එනවා. ඒ ග්‍රහලෝක මේ සූර්යයා ඇසුරෙන් ම යි හටගන්නේ. එතකොට දැන් වෙන්නේ මොකද්ද, ඉරේ එලිය ගිහිල්ලා වදිනවා අර ග්‍රහලෝකයට, ඒක රත් වෙලා ඒකෙන් එලිය වදිනවා ආපහු සූර්යයාට. එතකොට මේ විදිහට දෙපැත්තට මේක race වෙනකොට එන්න එන්න මේක වැඩි වෙනවා. ඒක, මේවා එක.
සූර්යයා රශ්මිය තව තවත් වැඩි වෙලා මේක අධික වෙලා ඒක විනාස වෙලා යනවා. එතකොට මම දැක්කා ඒක ඒ විදිහට ම. එතකොට මෙතන මේ පෘථිවියේ රස්නයත් ඒ විදිහට වැඩි වෙනවා නේ. ඒ පෘථිවියේ රස්නය වැඩි වෙනකොට මේ සත්වයෝ මම දකිනවා දැන් shirt නැතුව ඉන්නවා මනුස්සයෝ. Shirt එකක් ඇඳගෙන ඉන්න බෑ. ඊට පස්සේ මම දැක්කා ඒ අයගෙ මේ ඇඟේ වැහැරෙන ස්වභාවය. ඒ කියන්නේ මේ, රස්නේ නිසා මේක වැහැරිලා ගිහිල්ලා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඇට මතු වෙලා. ඇයි කෑමත් ඉතින් නැති වෙනවා නේ. ඒ ගස් කොළන් වලත් ඒවත් නැති වෙලා යනවා නේ. මේ ඇට කියන ඒවා මතු වෙලා. මේවා වෙලා ඔය විදිහට ගිහිල්ලා ඉතින් ඊට පස්සේ ඉතින් ඒ අය, ඔය ඇටකටු ටික මම දැක්කා මේවා වෙලා ගිහිල්ලා ඉතින් ඊට පස්සේ, ඉතින් ඔය පෘථිවියේ විනාස වෙලා යන ස්වභාවය කියන එක මං දැක්කා. ඊට පස්සේ හිස් අවකාශයක් ඇති වුණා. ඒකේ එක ග්‍රහලෝකයක් මම දැක්කා ඈතින් තියෙනවා කියලා. ඒක තමයි ඒ ආභස්සර බ්‍රහ්ම ලෝකය.
එතකොට ඉතින් මේ, මේ මේක, මේ ධර්මය දැනගන්න නම් අර ඊයේ භාවනාව කරන්න ඕනේ. එතකොට ඒකෙදි දැනගැනීමට ඇති කැමැත්ත නිසා නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වෙන්නේ නෑ. දැන් ඊයේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට යනවා නේ. මේක දැනගන්න කැමැත්තක් තියන හින්දා අර ඒ විඤ්ඤාණඤ්චායතනයෙන් තමයි දැනගන්නේ. හය වෙනි එකට යනවා, ඒ කියන්නේ මට හොඳට තේරෙනවා මගේ ආලෝකය හොඳට තියෙනවා, ඒ ආලෝකය සහිතව විඤ්ඤාණඤ්චායතනයේ ඉන්නවා කියන එක. ඉතින් මේ විදිහට මට මහාකප්ප 300ක් සිහි කරන්න පුළුවන් කියලා බුදුපියවරු කිව්වා.
ඒක තමයි භාවනාව හැටියට තියෙන්නේ.