මේ භාවනාවේ නම නෙවසඤ්ඤානාසඤ්ඤායතන කුසලය. ඉතින් උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ ජීවමානව වැඩ සිටින ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ කියලා සිහි කරලා වැන්දා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැන්දා. ලෝභය නැති කරමි, ද්වේෂය නැති කරමි, මෝහය නැති කරමි කියන එක ආපු ගමන් ඒ කොටස් තුන, මට අර ඒ කොටස් තුන ම නිසා වෙන්නා වූ හැකිළීම කියන එක මං මෙනෙහි කරන්න පටන් ගත්තා.
ඒ කියන්නේ 1, කබලිංකාර ආහාරය, ජාතිය, චේතනාව අර කලින් කොඩිය වාගේ තියෙන එක. ඒක එක පැත්තක්. 2, චේතනා, විඤ්ඤාණ, මරණය කියලා කියන්නකො. ඒ පැත්තට තියෙන්නා වූ එක දෙවනි එකයි කියලා ගත්තා. මැද්දේ ඉතුරු වෙලා තියෙන කෑල්ල අර වේදනා, චේතනා, ඊළඟට මරණය පැත්තෙන් භය අගතිය දක්වා තිබෙන්නා වූ කෑල්ල. එතන කෑලි 3 ඕක ද්වේෂයට නේ අයිති වෙන්නේ, ඔතන කෑල්ල.
එතකොට දැන් මම 1 නිසා 2 වෙනවා කියන එක වෙනවා නම් ඒ කියන්නේ වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට යෑම කියන එක සිද්ධ වෙනවා. මේක හරියට මේ කාම ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව නිසා වන හැකිළීම ඒ පෙන්නන්නේ.
ඊළඟට 2 නිසා 1 වෙනවා කියලා කිව්වහම දකුණු පැත්තේ සිටන් වම් පැත්තට යෑම. ඒ කියන්නේ අවිද්‍යා ආශ්‍රව නිසා කාම ආශ්‍රව නිසා වෙන්නා වූ හැකිළීම. මැද කොටස හරියට sandwich එක වාගේ. දෙපැත්තෙන් තියෙන හිරවීම නිසා සිදු වෙනවා. ඒක නිසා ද්වේෂය වෙනවා කියන එක තියෙනවා.
එතකොට 3 කොටසේ භාවනාව අපි, අර අවිද්‍යා ආශ්‍රව දිට්ඨි ආශ්‍රව ක්‍රියාවලිය අපි 8 වෙනිදා, ජූලි 8 වෙනිදා කරා නේ ඒ භාවනාව. අර නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්ති ඥානයත් එක්ක කළේ. එතන අන්න ඒ කොටස කියන එක ආවා.
දැන් මම කිසිම උත්සාහයකින් තොරව මං දන්නවා මාව ඇදිලා යනවා මේ ආලෝකය සහිත තැනකට මට තේරෙනවා මම යනවා. හෝ ගාලා යනවා කියලා දැනුණා. එතකොට මම ඒක මොකද්ද කියලා මං ඒ වෙලාවේ දැනගෙන හිටියේ නෑ, ආලෝකය හොඳට තියෙනවා කියන එක තිබුණා ඉතින් ඒ බුදුපියාගෙන් මං පස්සේ දැනගත්තා ඒක විඤ්ඤාණඤ්චායතනය තමයි ඒ ඇදිලා ගිහිල්ලා තියෙන්නේ. ඒ වෙලාව වෙනකොට. එතකොට ඊට පස්සේ නොදැනීම නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වුණා. ඉතින් ඒ පාර මම, දැන් මගේ මේ උත්සාහයකින් තොරව නේ මේක සිද්ධ වෙන්නේ, කොහොම ද කියලා මං බුදුපියාගෙන් පස්සේ විමසුවා ම කිව්වා මේ පෙර කුසල් නිසා මේක වෙන්නේ. හරියට අර ඥාතියෙක්, කෙනෙක් ළඟට ගියා ම එයාගෙන් ඉල්ලන්න ඕන්නෑ, එයා ඉල්ලීමකින් තොරව ආහාරපාන, තෑගි, නිදා ගන්න තැන් දෙනවා වගේ කියලා තමයි මට හැඟීම ආවේ. අර ඒක, කුසලය වැඩ කරනවා. දැන් මං පන්සිල් ගැනීම කරගෙන ගියා අර කෑල්ලෙන් කෑල්ලට මෙහෙම කරගෙන. මේ බොහෝ තැන්වලදි නෙවසඤ්ඤානාසඤ්ඤායතන ම වෙනවා. දර්ශනයන් දකිනවා.
ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා යමි යි කියලා නැවතත් කල්පනා කළහම පන්සිල් අරගෙන ඉවර වෙලා, ඉතින් එතනින් නිරෝධය දක්වා එතනින් ගියා. ආපහු සිතන්න කල්පනා කරන්න වෙලා නෑ. ඉතින් මෙහෙම බොහෝ වෙලාවක් ඉඳලා බුදුපියා “ඇති” කිව්වායින් පස්සේ ඉතින් ඒක නැවැත්තුවා. ඉතින් එක එක දර්ශනයන් මම දැක්කා.
ඒක තමයි ඒකේ, ඉතින් ඒ භාවනාවේ තියෙන්නේ.