ඒ උතුම් බුදුපියවරු සිහි කළා. උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන් වැඳ නමස්කාර කරලා, ඒ පාර දාහතර නමට ම ඒ අනුපිළිවෙළින් සිහි කරලා වැන්දා.
එතකොට මට අදහසක් දුන්නා අර මෝහය නැති කරමි කියන තැනින් පටන් ගන්නෙයි කියන එක. ඒ මෝහය නැති කරමි කියන තැන මං බැලුවේ ඒ සුභ සඤ්ඤාව කියන එක. ඒක ඇදිලා යනවා නේ, ඉදංසච්චයට. ඔන්න ඔය ඇදෙන අවස්ථාව තමා මම සිහි කළේ. එතකොට යම්කිසි පුද්ගලයෙක් දැකලා හරි, එහෙම නැත්තන් ධ්‍යානයන් නිසා හරි අපිට ඇති වෙන්න පුළුවන් ඒ සඤ්ඤාවන් යම් ආකාරයකට. එතකොට ඒ සඤ්ඤාවන් හැදෙන අවස්ථාව කියන එක අපි බැලුවොතින් කොහොම ද දැන් සුභයි කියන එක හැදෙනවා කියන එක, එතන තියෙනවා අවස්ථා තුනක්, කාරණා තුනක්.
පළවෙනි කාරණාව තමා ඔය සුභයි කියලා ගන්න සඤ්ඤාව. ඊළඟට මූලික වෙනවා චේතනාව. ඊළඟට පරාමාසය. ඔන්න ඔය කාරණා තුන නිසා තමයි ඔය සුභයි කියන කතාව අපිට එන්නේ. එතකොට triangle එක වශයෙන් පේනවා සඤ්ඤා, චේතනා, පරාමාස. පරාමාස, ඒ කියන්නේ අපි පුද්ගලයෙක් සුභයි කියලා කියනකොට අර ඒ පුද්ගලයා සම්බන්ධයෙන් කලින් ඇති වෙලා තියෙන්නට ඕනි මේ සුභයි කියලා. නැත්තන් අර අපි කියනවා නේ මේ පුද්ගලයා මගේ තරහ කාරයෙක් කියලා එතන සුභයි කියන කතාවක් නැති එක තියෙනවා නේ.
එතකොට පරාමාසයට ඇදිලා තියෙන්න ඕනි කියන එක. ඒ සඳහා අර මේකෙන් භවය පවත්වනවා කියන අර්ථය ඒ චේතනාවේ කියන එක තියෙනවා. එතකොට ඔන්න ඔය තුන් දෙනා එක්කහු වෙලා තමා මේ සුභ කතාව කියන එක ඉදංසච්චයට ඇදෙන්නේ. එතකොට ඒක වුණාට පස්සේ ආපහු අපිට තව triangle එකක් තව හතරැහැට එකක් හැදෙනවා. ඒක මේ කාරණා තුන භාවිතා වෙලා තමයි අපිට ඇති වෙන්නේ මේ විඤ්ඤාණයෙන්.
එතෙන්දි එන්නේ අර චේතනාවයි, පරාමාසයයි, ඉදංසච්චයයි. අන්න ඒ තුන අනුව තමයි උඩ විඤ්ඤාණය, ඒක තමයි අර කඹය අඹරනවා කියන්නේ. කඹයේ දැන් මේ කෑල්ල තමයි මේ හැදුණේ. එතන ඒ කෑලි මේක විදිහට ගත්තොතින්. එතකොට, දැන් මෙතන කාරණා එතකොට අපිට එනවා දෙකක්. Sets තුනේ ඒවා දෙකක් තියෙනවා නේ. පළවෙනි තුනෙන් ඔන්න විඤ්ඤාණය කියන එක අර ඉදංසච්චයට අතෙන්ට හැදීම, ඒකත් එක්ක ම විඤ්ඤාණය හටගැනීම කියන එක සිද්ධ වුණා කියන එක තියෙනවා.
දැන් ඔය අවස්ථාවේ දී කෙනෙක් බැලුවොතින් එහෙම එයාට බලන්න පුළුවන්කම තියෙනවා, අර ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ අපි පෙන්නුවා කාරණා තුනකින් ඇදෙනවා කියලා ඉදංසච්චයට. එතකොට ඒ කාරණා තුන ම අර පළවෙනි triangle එකේ පේනවා. ඒකේ පෙන්නනවා මුලින් ගත්තහම අර සඤ්ඤාව කියන එක හිතන්න අවිද්‍යාව වශයෙන්. ඊළඟට චේතනාව කතාව ගන්න මෝහය වශයෙන්. පරාමාස කතාව තමයි අර සංස්කාර අභිනිවේසයෙන් ඇදෙනවා කියන එක තියෙන්නේ. එතකොට ඒ කෑලි තුන එහෙම පේනවා සකස් වෙලා එනවා කියලා.
ඊළඟට ගත්තහම ආයෙත්, දැන් triangles දෙකක් ගැන කතා කළා. ඔය triangles දෙකත් එක්ක දැන් විඤ්ඤාණයක් සකස් වෙන විදිහ අපි පෙන්නුවා. ඒ විඤ්ඤාණය සකස් වෙනකොට දැන් වේදනාව කොහෙද? වේදනාව මොන point එකේ ද ඕක, ඕක ගැන දැනෙන්නේ? මේ පෙන්නන්නේ මේ හැදෙන්නා වූ රැල්ලක්. විඤ්ඤාණය කිව්වහම හිතන්න මෙහෙම රැල්ලක් හැදුණා කියලා. අර මුහුදේ රැල්ල හැදෙන්නේ. ඒක උඩට ආවා ඊට පස්සේ බිඳිලා යනවා. එතකොට ඔය වේදනාව කියන එක ඔය රැල්ල හැදීගෙන එනකොට අර උඩ, bell shaped curve එකේ අර උඩ හරියෙදි තමයි වේදනාව උඩ top එකේ නෙමේ, අන්න වේදනාවේ හටගැනීම කියන එක තියෙනවා.
ඊට පස්සේ උඩ peak එකට ආවා. ඊට පස්සේ පල්ලෙහාට බාගයක් දුර යනකොට, බාගයක් දුර නෙවේ උඩ ම හරියෙදිම ඕක බිඳිලා යනවා තියෙනවා. එතකොට ඔතන එනවා අර “උප්පාදෝ පඤ්‌ඤායති” කියන එක එනවා. අර වේදනාවේ හටගැනීම කියන එක තියෙනවා. ඊළඟට “වායො පඤ්‌ඤායති” කියන එක තියෙනවා අතන වේදනාව පල්ලෙහාට මැරිලා යනවා කියන එක, නැති වෙලා යනවා කියන එක. “ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්‌ඤායති” කියන එක තියෙනවා අර උඩදි, උඩ peak එකේ තියෙන්නේ, bell shaped curve එකේ අර උඩ ම, රැල්ලේ උඩ ම තැන, එන්න එතෙන්දි ආවා තිබිච්ච දේ දැන් වෙනස් වුණා කියන එක. ඔන්න ඔය කාරණා තුනත් ඔතෙන්ට එනවා.
එතකොට ඕක කෙනෙක් හරියට දැනගන්නවා නම් ඉතින් ඒ මොහොතේ දී ම අර නෙවසඤ්ඤානාසඤ්ඤායතනය කියන එක, ඒක සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ආපහු අරක මැරිලා යනවා, මම ආයේ ඉතින් එකක් හදන්නේ නැතෙයි කියන අර්ථය කෙනෙකුට ඒමෙන්. ඉතින් ඔය පරිදේවයේ ඉඳන් අපි සෝකයට දුවනවා කියන එක ඇති වෙන්නේ අර bell shaped curve එකේ අර පැත්තේ අර මැරීගෙන යනවා නේ. ඒ මැරෙන point එකේ ඉඳන්, දැන් මේක මළා මේක නැති වෙලා යනවා මේක ඕනෙයි කියන එක තමයි අර පරිදේවයේ ඉඳන් සෝකයට යන්න පටන් ගන්නේ, එතනින් තමයි ඒ point එකේදි එන්නේ කියන එක. එතකොට ඔය විදිහට තමයි මගේ ඒ භාවනාව කළේ.
ඔතන අර වේදනාව කියන එක අපි හරියට පිළිගන්නවා අර තමන්ගේ ඥාතියා පිළිගන්නවා වාගේ. අර මුලින් අරක bell shaped curve එකේ අරක හැදෙනවා නේ. දැන් පළවෙනි triangle එකෙන් මේක හැදෙන්නේ විඤ්ඤාණය මේවා වෙලා, විඤ්ඤාණය සකස් වීගෙන එනවා දැන්. ඒ විඤ්ඤාණය සකස් වීගෙන එනකොට අර bell shaped curve එකේ අර මුල හරිය, පළවෙනියෙන් ම වේදනාව කියන point එක එනකොට ඒක තමයි අර කවුරු හරි ඈත ඉඳන් ආපු ඥාතියෙක් එහෙම දැක්ක ගමන් එකපාරට ම පිළිගන්නේ. ආහ් කොහොමයි? කියලා හිනා වෙලා එහෙම.
ආන්න ඒ වගේ තමයි අර වේදනාව අපි පිළිගන්නවා කියන එක, අන්න ඒ point එකේදි, ඒකෙදි ඇති වෙනවා. ඉතින් ඒක බොහොම පොඩ්ඩ කාලයයි නේ. අර උඩ shape එකේ අර පොඩි කාලෙකට එතන ඒක තියෙනවා. ඉතින් මේ වේදනාව අර fake වේදනාවයි කියන එක තමන් තේරුම් ගන්න ඕනෙ. අර නාමරූප කොටස නිසා ඇති වෙන්නා වූ අර fake වේදනාව, අනාශ්‍රව සඤ්ඤා භාවනාවේ තියෙන එක තේරුම් ගන්නවා නම් ඉතින් ඒක, ඒ තත්වයේ තියෙනවා ඉතින් ඒ තමන්ගේ සිත නතර කරගන්න පුළුවන් අවස්ථාවක් ඕකත්. ධර්මය ගන්නවා කියන හැඟීම තියෙන නිසා නතර වෙන්නැතුව තමන්ට පවතිනවා.
දැන් මෙහෙම ගන්නේ නැත්තන් අරක දැක්කහම කෙනෙකුට ඒක එනවා. අර නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට ගිහිල්ලා ඊට පස්සේ ඒ තත්වයෙන් පස්සෙ, අර අනතුරුව සිත නතර වෙන ස්වභාවය කියන එක ඒකේ තියෙනවා. බොහොම slow එකේ ඒ භාවනාව කරගත්තා.
ඒක තමා මං ඒ කරපු භාවනාව.