Date: 13/07/2014 Name: Abhijja bhavana

ඒ උතුම් බුදුපියවරු සිහි කළා මම, ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්. මේ විදිහට ඒ බුදුපියවරු දාහතර නම ම සිහි කරලා මම වැඳ නමස්කාර කළා.

එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා ගොස් චතුත්ථධ්‍යානයට යමි යි කියන තැනින් මට පටන් ගන්නෙයි කියන එක කිව්වා. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය එතන සම්මා දිට්ඨිය කියන එක ගත්ත ගමන් “කතමා ච භික්ඛවෙ සම්මා දිට්ඨි” කියලා එතන ගත්ත ගමන් මං කෙළින් ම බැලුවේ අර මණ්ඩලාධිපති බුදුපියා මුලින් පෙන්නුවා නේ සම්මා දිට්ඨිය තියෙනවා නම් අපිට ප්‍රඥාව, ප්‍රඥාවෙන් ශ්‍රද්ධාව, ශ්‍රද්ධාවෙන් හිරිය, හිරියෙන් ඕතප්පය, එතනින් විරිය, විරියෙන් ඊට පස්සේ අපි එනවා මේ ඡන්ද සමාධිය, එතකොට එතනින් ඉන්ද්‍රිය සංවරය කියන එකට එනවා කියන එක.

එතකොට මට සම්මා දිට්ඨිය නැත්තන් මං ඉන්ද්‍රිය අසංවරයට ඇවිල්ලා තියෙනවා එතකොට කියන ප්‍රශ්නය තියෙනවා. එතකොට අභිජ්ඣා වුණා නම් මට දෝමනස්සය වෙනවා කියන එක තියෙනවා.

දැන් ඒකත් එතෙන්ට ආවාට පස්සේ මට කල්පනා වුණා. අර ඊයේ භාවනාවත් එක්ක මේක සම්බන්ධ කරන්න. ඊයේ අපි බැලුවා නේ දෝමනස්සය කියන කතාව. එතකොට අර bell shaped curve එක කල්පනා කළා නේ. Bell shaped curve එකේ අපි දැන් මුලින් ආපහු මතක් කරනවා නම් අපිට පේනවා සඤ්ඤාව තියෙනවා, චේතනාව තියෙනවා, පරාමාසය තියෙනවා. සඤ්ඤා, චේතනා, පරාමාස කියන 3 ඒ triangle එක නිසා තමයි මම සුභයි කියලා අතෙන්ට ඇතුල් වෙන්නේ.

එතකොට සුභයි කියලා මම ඉදංසච්චයට ගියා ම දැන් මට ආපහු අර adjacent triangle එක එනවා, එතන තියෙන්නේ දැන් චේතනා, පරාමාස, ඊළඟට ඉදංසච්චය. මේක නිසා මට ඇති වෙනවා මේ විඤ්ඤාණය කියන එක. එතකොට මේ විඤ්ඤාණය, ඕක ඔතන රවුම් තුනක් ඔතන තියෙන්නේ. Bell shaped curve එකේ අර points තුනක් ගැන කතා කළා නේ. ඒකේ අර මුලින් ඇති වෙන්නා වූ වම් අත පැත්තෙන් bell shaped curve එකේ අර peak එකට මෙහායින් ඇති වෙන වේදනාව කියන එක එතන ගත්තහම ඒ පළවෙනි රවුමට ඒක වැටෙන්නේ.

ඊට පස්සේ අර දෙවනි රවුමේ දී මානයෙන් කරකවන එකේදි තමයි අර peak එක, උඩ එක තියෙන්නේ. පේනවා ද දැන් ලස්සනට එනවා. ඒක තමයි peak එක. දැන් මං මේකත් එක්ක නේ ගළපලා බලන්නේ. මේ peak එකේදි වෙච්ච වේදනාවයි, අර දැන් ඇති වෙලා තියෙන real value එකයි. කය, කායිකව ඇහෙන් රූපයක් බලලා ඇති වෙන්නා වූ real value එක වම් අත පැත්තෙන් bell shaped curve එකේ ගත්තහම ඕගොල්ලන්ට පේනවා මේ පොඩි අගය. ඊට පස්සේ මානයෙන් තියෙන අගය ලොකු අගය.

ඊට පස්සේ දැන් තුන් වෙනි රවුම වෙනකොට තමයි මෙතන මේ මැරිලා යන්න, ඒ වේදනාවේ කතාව කියන එක තියෙන්නේ. වේදනාව එතකොට, දැන් මේකේ අර ඉස්සෙල්ලා තිබිච්ච එක ගානට ම දැන් ඇවිල්ලා. Bell shaped curve එකේ අරකට ම ඇවිල්ලා අර real value එක මේකයි, අරක තියෙන එක මේකයි, දැන් මෙතන ඉඳන් තමයි අර declining කියන එක තියෙන්නේ.

එතකොට ඔතන භාවනාවෙදි ලස්සනට පේනවා දැන් මං අර මුලින් පෙන්නුවා නේ සම්මා දිට්ඨිය තියෙනවා නම් මේක මේ විදිහට නෑයි කියලා. මොකද්ද සම්මා දිට්ඨිය තියෙනවා නම් අතන වෙන්නේ? අර මාන කතාව නෑ. අර උඩ peak එකත් එක්ක නේ මං සසඳලා නේ මට මේක ප්‍රශ්නය තියෙන්නේ. දැන් උඩ peak එකේ මානයෙන් තමයි මේ value එකක් මෙහෙම තියෙනවා කියලා කියන්නේ. Really ඒක නෑ නේ. එතකොට දැන්, මට සම්මා දිට්ඨිය තියෙනවා නම්, දැන් අපි තේරුම් ගන්න ඕනේ අභිජ්ඣා කියලා කියන එක හරියට ඔය දෙවනි රවුමත් එක්කයි සම්බන්ධ වෙන්නේ. මිච්ඡා දිට්ඨියෙන් ඇති වෙන්නා වූ මගේ කියලා ගත්තා වූ එක පළවෙනි රවුම. එතකොට පළවෙනි රවුමේ දී ඇවිල්ලා දැන් දෙවනි එක එනකොට මානයෙන් කරකවලා මගේ උඩ peak එක ඇවිල්ලා තියෙනවා.

එතකොට දැන් මං මේ මාන කතාවක් නැත්තන්, ඒ කියන්නේ අභිජ්ඣා වෙන්න ඉස්සෙල්ලා මගේ මිච්ඡා දිට්ඨිය තිබුණා. දැන් අභිජ්ඣා වෙලා තියෙන්නේ එහෙනම් මොකට ද මං? අර top peak එකට. මානයෙන් ඇති වෙලා තිබෙන්නා වූ වේදනාව අන්න ඒකට තමයි මගේ අභිජ්ඣා වෙලා තියෙන්නේ කියන එක තියෙනවා. අන්න ඒක තේරුම් ගත්තහම ඉතින් රහතන් වහන්සේ “Excellent” කියලා එතන ඒක කිව්වා එතන ඒ, මේකත් එක්කයි ගළපන්නේ. මානයක් නැත්තන් අපි ඔහොම ගැළපිල්ලක් කරන්නේ නෑ අරකත් එක්ක. මගේ අතීතයේ මෙන්න මේ ආකාරයි කියලා අර පුහු අගයක් මම දෙනවා.

දැන් මගේ මිච්ඡා දිට්ඨිය මේ, මම වෙමි කියලා කතාවත් එක්ක වුණු මිච්ඡා දිට්ඨියෙන් තමයි මේක ඇති වෙලා තියෙන්නේ. සම්මා දිට්ඨිය වුණා නම් ඔය කතාව නෑ. සම්මා දිට්ඨිය වුණා නම් මට අභිජ්ඣාවක් නෑ. එතකොට ඊට පස්සේ ඉතින් ඕක, අර දැන් ඔය points 3 හරි නම් A B C කියලා දාන්න පුළුවන්. අර මුල තියෙන එක A, දෙවනි එක B, උඩ peak එක B, ඊට පස්සේ C කියලා.

MM_13_07_2014.jpg

ඔය A B C එක එහෙනම් ආයතන භාවනාවේ A B C එකත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ භාවනාව මම කළේ නෑ මම නිකන් යන්තන් බැලුවා විතරයි. අන්න ඒක දේ තියෙනවා. ඒක මේ එක ම curve එකේ ඇතුළේ මේක, මේ තුන තියෙන්නේ. විඤ්ඤාණයේ හටගැනීම කියන එක අර විදිහට එනවා වේදනාව දැනගැනීම, මේ significant point නෙ මේ පෙන්නන්නේ, ඒකත් එක්ක කියන එක.

ඒක තමයි මං කරපු භාවනාව.