ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කරනවා, නමස්කාර වේවා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියා ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන් සිහි කරලා වැන්දා. ඒ බුදුවරු තුන් නම, ඒ විදිහට ඊට පස්සේ දාහතර නම ම සිහි කරලා අනුපිළිවෙළින් වැන්දා.
එතකොට මම අර ඊයේ භාවනාවේ ඉතුරු කොටස තමයි මම පටන් ගත්තේ. එතකොට ආපහු නැවත මතක් කරනවා නම්, එතකොට ඊයේ භාවනාවේදි අපි බැලුවා නේ සම්මා දිට්ඨියේ ඉඳන් ප්‍රඥාවට, ප්‍රඥාවෙන් ශ්‍රද්ධාව ඒ විදිහට අර ඡන්ද සමාධිය දක්වා ඇවිල්ලා, ඒ කියන්නේ ඕතප්පය හරහා විරිය, ඡන්ද සමාධිය, එතකොට ඉන්ද්රිය සංවරය කියන එක තියෙන්න ඕනෙ. නැත්තන් මෙතන අභිජ්ඣා දෝමනස්සය කියන එක ඇති වෙනවා කියන එකට ආවා. අනිත් පැත්තෙන් බැලුවා අර මනුස්සයෙක් දැක්ක ගමන් අර සුභයි කියලා ගන්න එක. එතකොට අපිට එනවා සඤ්ඤාවයි, චේතනාවයි, පරාමාසයයි. මෙන්න මේ තුන නිසා තමයි අර සුභයි කියලා අපේ කතාව, සුභ කියන කතාව හැදුණේ සඤ්ඤා, චේතනා, පරාමාසවලින්.
එතකොට ඒක නිසා අපි ඊයේ ඉගෙන ගත්තා නේ අර bell shaped curve එකක් එනවා කියලා. ඒ bell shaped curve එකේ මුලින් ම, දැන් මෙතන අපි දන්නවා මේ සඤ්ඤා, චේතනා, පරාමාස වෙලා ඉදංසච්චයට ඇදෙනවා කියන එකේදි, කාය සංස්කාර වශයෙන් අපි ඕක බලන්නේ, ඒ සංස්කාර නිසා විඤ්ඤාණයක් සකස් කිරීමක් කියන එක වුණා. එතකොට ඒ විඤ්ඤාණයේ ඉඳන් අපි එනවා අර උඩ තියෙන cross එක, සංස්කාර කියන cross එකට එනවා.
ඒ සංස්කාර කියන cross එකට එනකොට දැන් අපි මුලින් ගත්තා වූ සඤ්ඤා අගය අර හැදිච්ච විඤ්ඤාණයේ තියෙනවා. ඒක දිගේ එන එක තියෙනවා. එතකොට මේක නිසා අර bell shaped curve එකේ අර වේදනාව කියන එක තියෙනවා නේ. පළවෙනි එකට තියෙන වේදනාව. ඒ වේදනාව කියන අර අගය තියෙනවා. දැන් ඊට පස්සේ මම මානයෙන් උස්සන අවස්ථාව තියෙනවා නේ. දෙවනි රවුම. ඒ දෙවනි රවුම වෙනකොට මං මානයෙන් උස්සන අවස්ථාවේ දී මොකද්ද උස්සන්නේ, ඇත්තෙන් ම කියනවා නම් සඤ්ඤාවයි උස්සන්නේ. දැන් ඔන්න මම සඤ්ඤාවට දුන්නා ලොකු අගයක්. දැන් මේක තමයි දැන් එන්න හදන්නේ අරක දිගේ පල්ලෙහාට. ඒ කියන්නේ අර, දැන් නිත්‍යයි කියලා එන්න නේ හදන්නේ. නිත්‍යයි කියලා එන්නේ මේ pressure එකත් එක්ක එන්නේ, මම උස්සපු අගයත් එක්ක මේ එන්නේ. දැන් මේ value එක, ඒ කියන්නේ එනවා කියන්නේ පරාමාසයටයි ඇතුල් වෙන්න එන්නේ.
එතකොට මේ එනවා කියන එක ගත්තහම මේක real නෑ නේ. ඒ කියන්නේ හරියට, දැන් අපි දන්නවා මේ ගෙවල්, දැන් ඇමරිකාවේ ගන්නකො. ගෙවල් මනුස්සයෙක් විකුණනකොට දැන් අර collapse වුණේ එක වෙලාවකට. මොකද over valued. තියෙන ගානට වඩා value එකක් මේකේ තියෙනවා කියලා දාලා. එහෙම value එකක් නෑ නේ. අන්න ඒකේ reality එක නැති නිසා demand එකක් නෑ මිනිස්සුන්ගෙන්. එතකොට නේ වැටෙන්නේ. අන්න ඒ වගේ තමයි උඩට ගිය peak එක විඤ්ඤාණය දැන් අර ඇදගෙන වැටෙනවා. අර bell shaped curve එකේ උඩට ගිය එක, demand එකක් නෑ ඒක නිසා තමයි අර වේදනාව බැහැලා යන්නේ. අර natural තියෙන flow එක තමයි මෙතන ඒ තියෙන්නේ. එතකොට දැන් ඔය points 3 අපි ගත්තොතින්, පළවෙනි වේදනාවේ point එකේ bell shaped curve එකේ අර උඩ ම හරියේ තියෙන්නා වූ එක A කියලා ගන්නවා, B කියලා ගන්නවා අර peak එක, C කියලා ගන්නවා මේ අර මැරිලා යනකොට තියෙන්නා වූ එක.
දැන් ඕක සම්බන්ධ කරන්න අර special වැඩසටහනේ අපි ගත්තා නේ A, B, C කියලා. A, B, C කියලා කියන්නේ, A ඇවිල්ලා මරණය තියෙන තැන සංස්කාර ඒ කතාවට ගත්තා. B කියන එක මෝහය. C කියන එක ඇවිල්ලා පරිදේවය. දැන් බලන්න මෙතන මේ A, B, C එකත් එක්ක මේක සම්බන්ධ කළා. ඇයි දැන් අතනත් A, B, C කියලා අපි peaks තුනට දැම්මා නේ. ඒ A එකයි මෙතන A එකයි, දැන් මෙතන මේ මුලින් ඇති වුණා වූ සඤ්ඤාවයි, මෙතන මැරීම කියන එක තියෙනවා. එතකොට අර මානයෙන් උස්සලා අපි එකක් ගත්තා, ඒ කියන්නේ මොකද්ද? මෝහයෙන් වෙන්නා වූ දෙයක් ඒ තියෙන්නේ. ඒක සම්බන්ධ වෙන්නේ මෝහයට. අර අභිනන්දති, අභිවදති, අජ්ඣොසාය තිට්ඨති. අරක තමයි අභිනන්දනා කරන්නේ. එතකොට අභිවදති කිව්වහම අර මෝහය තමයි අභිවදති කියන එකට ආවේ. එතකොට දැන් අර peak එක තමයි අභිවදති. අන්න ඒක තමයි හරි ලස්සන කෑල්ල මේකේ. මොකද්ද peak එක අභිවදති කියන්නේ? මානය.
මානයෙන් ආපු එක නේ මේ අභිවදති වෙලා ඇවිල්ලා තියෙන්නේ. අර උඩට ආපු එක. මානයෙන් උස්සපු එක. Real value එකක් නෑ. මම වෙමි. අත්තා. මේක ම තමයි මේ අභිවදති කියලා අරන් තියෙන්නේ. ඒක ම තමයි අපි බොහොම තදට උස්සගෙන ඉන්නේ. ඒ කියන්නේ අත්ත සඤ්ඤාවෙන් ගත්ත එක. ඒකෙන් නේ මේ මාන වෙලා තියෙන්නේ. මානය කියන්නේ මොකද්ද? තමන්ගේ best view එක නේ. සක්කාය දිට්ඨිය. ඒ කියන්නේ මිච්ඡා දිට්ඨියේ ලොකු ම එක සක්කාය දිට්ඨිය. ඒ සක්කාය දිට්ඨිය තමයි ඔතන අපේ මානය හැටියට ඇවිල්ලා තියෙන්නේ. මම වෙමි. අස්මිති මානය, කියන්නේ මම වෙමි කියන එක. ඒක තමයි අර peak එක. Really තියෙන එකක් නෙමේ. ඒක අපි අභිවදති.
ඉතින් මෙහෙම වුණාට හැබැයි demand එකක් නෑ මැරිලා යනවා. එතකොට අර මැරිලා යන එක ඒ පාර අජ්ඣොසාය තිට්ඨති නේ ද? පරිදේවය, මැරුණාට පස්සේ පරිදේවය අජ්ඣොසාය තිට්ඨති. මේක අමාරුයි භාවනාව. හැබැයි හරි ම ගැඹුරු අර්ථයක් තියෙනවා, ඒක බලන එක.
ඒක තමයි මම කරපු භාවනාව.