උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළමු වන, ශ්‍රේෂ්ඨ ම බුදුපියාණන් වහන්සේ කියලා වැඳ නමස්කාර කළා. සතුට නිසා තුන් පාරක් ම මං ඔය විදිහට නමස්කාර කළා. මේ විදිහට අනුපිළිවෙළින් දාහතර නම ම සිහි කරලා තුන් වරක් ම නමස්කාර කළා.
ඊයේ භාවනාවේ නම කර්ම විඤ්ඤාණය. එතකොට, ලෝභ, දෝස, මෝහ නැති කරමි කියනකොට ම මට සිහි වුණා ඒ කර්ම විඤ්ඤාණ භාවනාව. එතකොට කර්මය වන්නේ මොන අවස්ථාවෙදි ද කියන එක කල්පනා වුණා මේ, නානකොට ම මට සිහි වුණා මේ මගඵල චිත්තයක කියන එකක කර්මයක් නෑ නේ. මගඵල චිත්තයක කර්මයක් නෑ. ඒක අභිධර්ම පිටකයේ පෙන්නනවා. චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි කියන කතාව ඒකේ නෑ. එතකොට, ඒ කියන්නේ අපි මේ චිත්තවල, උදාහරණයක් වශයෙන් ගත්තහම සතෙක් මැරීමට සිතීම වෙනවා නම් එතන කර්මයක් කියන එක තියෙනවා.
එතකොට යමෙක් පොළොව හෑරීම කියන එක නොකරනවා නම් ඒ නොකර ඉන්නේ ඵල චිත්තය සඳහා. අන්න ඒක සඳහා ඉතින් ඕක තමයි තේරුම් ගන්න ඕනෙ. ඒක මට වැටහුණා. එතකොට ඉතින් මට “සාධු සාධු දරුවා” කියලා ඇහුණා මේ නානකොට ම වෙච්චි දෙයක් මේ කියන්නේ.
ඉතින් මං අද භාවනාවෙදි අර A, B, C කියන එක මං මෙනෙහි කළා. Curve එකේ විඤ්ඤාණය ඊයේ කතා කරපු එක. මං එතෙන්දි ආවා, මට ආවා මේ B කියන එක point එකට ආවොත් කර්මය වන්නේ ය කියලා. එතකොට ඔන්න “සාධු සාධු” කියලා ආයෙත් ඇහුණා මට.
B නොවන්නේ කෙසේ ද? කියන එක තමයි මං විමසුවේ. B කියන අර peak point එක, මානයෙන් වෙන්නා වූ එක නොවෙන්නේ කෙසේ ද කියන එක. එතකොට A කියන එක බලන්න ඕනෙ කියන එක මං හොයා ගත්තා. මේක මේ සඞ්‌ඛාර පච්චයා විඤ්ඤාණං කියන එක නේ රහතන් වහන්සේ පෙන්නුවේ, සංස්කාරය නිසා විඤ්ඤාණය කියන එකයි යට එක බලන්න කියලා. B කියන එක, ඒ කියන්නේ දැන් A කියන එකේ තියෙන්නේ රූපයක් දැක්ක ගමන් අපි අර පල්ලෙහායින් සංස්කාරයෙන් තමයි විඤ්ඤාණය හදන්නේ. ඒකයි A කියන්නේ.
එතකොට ඕක තියෙන්නේ අනාශ්‍රව සංස්කාර භාවනාවෙදි. එතකොට ඊට පස්සේ දැන් උඩ විඤ්ඤාණයේ ඉඳන් පහළට එනවා නේ. ඒක ඇවිල්ලා නේ නිත්‍ය කතාව එන්නෙ. මේ පැත්තෙන් push එක ආවොතින් ඒක වෙන්නේ. Flow එක එන්න ඕනෙ නාමරූප පැත්තෙන්, උඩ සංස්කාරයට. එතකොට ඒක “විඤ්ඤාණ පච්චයා නාමරූපං” කියන එක රහතන් වහන්සේ පෙන්නුවා. ඒක ඒ විදිහටයි බලන්න ඕනෙයි කියන, කලින් කියලා තිබුණා අර භාවනාවෙදි. එතකොට ඔය C කියන එක “නාමරූප පච්චයා සළායතනං” කියන එක හැටියට බලන්න ඕනෙ. එතකොට අර, ඇහැක් හදන්නේ අපි. Mind එකෙන් හදන්නේ, චේතනාව තියෙන තැන, අන්න ඒක කියන එක. දැන් එතකොට ඕගොල්ලන්ට පේනවා හරියට මේ diagram එකක් විදිහට බැලුවොතින් මේ සඤ්ඤාව, චේතනාව, මෙතන වේදනාව, මේ පරාමාසය, මෙතන තියෙනවා h1 කියන එක. යටින් එනවා, මේ මෙතන පල්ලෙහා cross එකේ, අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට යනවා කියන එක. මේ සැකය කියන එක තියෙන්නේ මේකේ පල්ලෙහා line එකේ. ඒකෙන් තමයි jack එක ගහන්නේ මේකට.
එතකොට දැන් අපිට පේනවා A කියන එක වීමෙන් පස්සේ, ඒ කියන්නේ අපි සුභයි කියලා ඉදංසච්චයට ඇදීම ඒක සිද්ධ වුණා නම් ඒකෙන් අනතුරුව ඉදංසච්චයේ ඉඳන් අපි භය අගතියට ගමන් කරනවා. ඕක තමයි මාන පාර. එතකොට සැකයක් නැති නම්, ඒ කියන්නේ සැකයේ අගය අඩු නම් පමණයි ඒක සිද්ධ වෙන්නේ. සැකයේ අගය අඩු වෙනවා නම් තමයි ඒක තියෙන්නේ. සැකයේ අගය අඩු නම් අපි අරක දිගේ යනවා කියන එකයි කියන්නේ. සැකය නේ support කරන්නේ. එතකොට එතෙන්දිත් “සාධු” යි කියලා මට ඇහුණා. එතකොට සැකය ඇති වෙන්න නම් අපිට ථීනමිද්ධය කියන එක තියෙන්න ඕනෙ. සැකයේ සමුදය ථීනමිද්ධය. ථීනමිද්ධය වෙන්න නම් අර උඩ නාමරූප කතාව එන්න ඕනෙ.
එතකොට මෙතෙන්දි සඤ්ඤාවේ කියන h1 අගය කියන එක ගැන මම සිත යොමු කළා. දැන් මං පෙන්නුවා නේ h1, h2 කියලා දෙකක්. එතකොට මේකෙදි මේ නාමරූප සහ සංස්කාරවල වෙනස හැටියට මේක බලන්න ඕනෙයි කියන එකයි පෙන්නුවේ රහතන් වහන්සේ. ඒ h1 කියන එකේ තියෙන්නේ නාමරූප අගයයි, සංස්කාර අගයයි. ඒ දෙකේ අතර වෙනස තමයි මේ h1 කියන එක කියන්නේ. එතකොට දැන් සැකය කියන එක, ඒ කියන්නේ support එක කියන එක strong වෙන්නේ අර අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් මේ කාම ආශ්‍රවයට යන line එකේ ම සැකය තියෙනවා නම් support එක strong. සැකයේ support එක strong කියන එක තියෙනවා.
ඒ කියන්නේ දැන් මොකක් හරි මේ, පරාලයක් හරි මොකක් හරි එකක් තියෙනවා නම් අපි ගොඩාක් පල්ලෙහා ඉඳන් ලෑල්ල ගැහුවා නම් උඩට, පොල්ල ගැහුවා නම් උඩ එකට වෙච්ච support එකක් නෑ. අපි එතන ම ගැහුවා නම් support එක තියෙනවා. එතකොට දැන් h2 වල කියන එක, අර පල්ලෙහා තියෙන h2 වල කියන අගය වැඩි වෙනවා නම් ඒ කියන්නේ ඒක weak. අර පොල්ලේ දිග වැඩියි කියන එක තියෙනවා, ඒක දුර්වලයි කියලා. ඒ කියන්නේ දැන් භය අගතිය කියන තැනට අපි ගිහිල්ලා තියෙනවා නම් ඒ කියන්නේ ඉතාමත් වැඩියි. දැන් මිනිස්සු පනින්න කිව්වහම පනින්නැතුව ඉන්නෙ. මොකද බයයි, පැන්නහම දැන් ඔය සෙල්ලන් කරනකොටත් එහෙම තියෙනවා නේ. දැන් කෙනෙකුට අර roller coaster එකක අර එහෙම යන්නෙයි කිව්වට බයයි එයාට. බය නම් එයා යන්නෙ නෑ නේ. ආන්න ඒ වගේ තමයි මේකේ එහෙම ගිහිල්ලා තියෙනවා නම් ඒක වැඩියි කියන එක තියෙනවා. එතකොට මෙතන එනවා මේ h1 වල අගය ඉතා ම කුඩා වෙන්නේ මේ සඤ්ඤාව චේතනාවට ආසන්න වුණහම. සඤ්ඤාවයි චේතනාවයි දෙන්නම එකයි කියන, ඒක මට ආවා. Perfect fit එක වෙනවා කියලා මට එතෙන්දි තේරුණා.
ඉතින් ඒ වෙලාවේදි ආපහු මට ඇහුණා “සාධු සාධු” කියලා. එතකොට මෙතෙන්දි අර මාන අගය හොඳට ගැළපෙනවා. තමන්ගේ අර උඩින් ආපු flow එකයි, මගේ මාන්නයෙන් තියෙන අගයයි best fit එක, හොඳ කෑමක් කියන්නේ. රස කෑමක්, හොඳ භාවනාවක්, අන්න ඒ වාගේ එන්නේ අර කෙනෙකුට. අන්න ඒ කියනවා වගේ. එතකොට මේ වෙලාවෙදි flow එක වැඩියි. සඤ්ඤාව චේතනාවට එක්කහු වෙනකොට flow එක කියන එක එතන ඒක වැඩියි කියන එක, ඒක නිසා ධාරාව සිද්ධ වෙනවා කියලා, ඉතින් එතෙන්දිත් මට ඇහුණා ආපහු “සාධු සාධු” කියලා කියනවා. එතකොට දැන් මෙතන මේ h1, h2 අතර තමයි මේකේ හැප්පීම කියන එක තියෙන්නේ. දැන් h1යි h2යි කියන එක, h1 zero, h2 zero කියන අවස්ථාවක් එනවා. ඒ අවස්ථාව තමයි මේ strongest point එක. මොකද ඇති වෙලා මෙතනින් support එක කියන එක මෙතන මේකෙම නේ තියෙන්නේ. එතකොට මෙතන අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට ම යන්නෙයි කියන එක තමයි එයා කියන්නේ. H1 මෙතන බිංදුව වෙනකොට මෙතන චේතනාව කියන තැනට එතන ඇවිල්ලා තියෙනවා. ඔන්න ඕක තමයි ඒ භාවනාවෙදි ඒ ඒකෙදි තියෙන්නේ.
h1 කියලා කියන්නේ සඤ්ඤා චේතනා කියන line එකට නාමරූපයේ ඉඳන් තියෙන උස. H2 කියලා කියන්නේ සැකයේ ඉඳන්, අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට තියෙන උස. එතකොට h1යි h2යි සමාන වෙන අවස්ථාව තමයි අර හොඳ ම fit එක වෙන්නේ, ඒ කියන්නේ h2 කියන එක බිංදුවයි, h1 කියන එක බිංදුවයි, සඤ්ඤාවයි චේතනාවයි එකයි. රහතන් වහන්සේ පැවසුවා h1 කියන එක h2 වලට වඩා වැඩි වෙනකොට තමයි මේ flow එක කියන එක සිද්ධ වෙන්නේ. එතකොට h1, h2 සමාන අවස්ථාව, h1, h2 වලට වඩා වැඩි අවස්ථාව කියන එක.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්