ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින ශ්‍රේෂ්ඨතම, උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවන බුදුපියාණන් වහන්සේ වශයෙන් සිහි කළා. ඒක එහෙම සිහි කරනකොට මම කල්පනා කළේ මේ, ඒ උතුම් බුදුපියාණන් වහන්සේ ඉන්නවා කියන එක අපිට ලොකු ධෛර්‍යක්. එතකොට ඒ බුදුපියාණන් වහන්සේ ඉන්නවා කියන එක අනිත් බුදුපියවරුන්ටත් ධෛර්‍යක්. ඒ කියන්නේ අර මුදුන් පරාලේ වාගේ. දැන් ඕගොල්ලෝ හිතනවා නම් ඒ දාහතර නම ම හරියට එකා මෙන් ම හිතනවා නම්, තමාත් ඒ, තමාට strong වෙනවා නම් ඒ අය හින්දා කියන එක. එතකොට එකපාරට හිතුවොතින් එහෙම ඒ මණ්ඩලාධිපති බුදුපියා නැති වුණෝතින්, අභාවප්‍රාප්ත වුණෝතින්, ඒ කියන්නේ නිර්වාණයට ගියොතින් එහෙම අර ලොකු column එක ගියා වාගේ නේ ද? ඒ කියන්නේ මහා පරාලයකට මේක support කරලා තියෙන්නේ. එතකොට මහා පරාලය කියන එක මණ්ඩලාධිපති බුදුපියා.
එතකොට දැන් අපිට පේනවා, නමුත් මේ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේට ඒ ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ support කරනවා, ඒ කාර්යය කරගෙන යන්න. එතකොට ඊළඟට මට පේනවා ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ නිසා ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ ඒ සතුටෙන් ඉන්නවා, support වෙලා ඉන්නවා, මොකද මට නායකයෙක් ඉන්නවා මේක අහගන්න මේවා කරන්න, මං බය නෑ, තනි වෙන්නේ නෑ, නේ ද? ඉතින් රහතන් වහන්සේලා කොහොමත් බය නෑ, නමුත් අපිට මනුස්සයෙක් හැටියට බැලුවහම ඕක පේනවා.
එතකොට ඔය විදිහට පේනවා මේ එක්කෙනාට එක්කෙනා support කරනවා. දැන් ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේටත් support කරනවා, strength එකක් දෙනවා. මං මේ වැඩේ කරන්නම් කියලා කියන්නේ නේ ද? එතකොට ඒ බුදුපියාණන් වහන්සේ අනිත් ඉන්න අයටත් උදව් උපකාර කරනවා. එතකොට මේක එක එක්කෙනාගෙ support එකෙන් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔන්න ඔය හැඟීම ඇතුව තමයි මං ඒ බුදු පියවරුන් වහන්සේලා ඔක්කොලාට ම වැන්දේ. එතකොට අර දාහතර නම ම එකට ම ගත්තහම හිතන්න දැන් තමාත් ඒ ගොඩට, ඒ කියන්නේ තමන් එකා මෙන් ම කියලා, ඒ කියන්නේ ධර්මය දීම සඳහා එකා මෙන් ම ඉන්නවා කියන අදහස, ඒක කල්පනා කරන්න. එතකොට මේකේ column එකක් අඩු වුණා නම් ලොකු ප්‍රශ්නයක්.
ඕක හිතන්න බලන්න ඕක තමයි අත්තා කියලා. අත්තා කියන එකට ඇවිල්ලා තියෙන්නේ ඔන්න ඔය විදිහට. ඔය support එකෙන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේක සම්බන්ධ වුණා ඉතින් ඊයේ භාවනාවත් එක්ක. ඊයේ භාවනාවෙදි පෙන්නන්නේ අපි මුලින් ම ගත්තහම ඒ විඤ්ඤාණයේ හටගැනීම. කම්ම විඤ්ඤාණය කියන එක තියෙනවා. ඒ කම්ම භවය කියන එක, ඉතින් ඔන්න ඕකටයි ඊයේ භාවනාව කම්ම භවය කියන එක. එතකොට මේකේ support එක කියන එක, එකපාරට ම මනුස්සයෙක් දැක්ක ගමන් ම අපි කිව්වා නේ සුභයි කියලා මෙහෙම යනවා කියලා. එතකොට මේ සුභයි කියලා යන එකට support වෙලා තියෙන්නේ මොකද්ද? කාරණා තුනක්. සඤ්ඤාව, චේතනාව, පරාමාසය. ඔය කාරණා තුන අනුව තමයි මේ සුභය කියන එක අරක ඇතුළට රිංගන්න යන්නේ, කවුරු හරි කෙනෙක් දකිනකොට. ඉතින් මේක ගැන භාවනා කීපයක් තියෙනවා.
එතකොට දැන් මේ සඤ්ඤා, චේතනා, පරාමාසය කියන triangle එක ගැන හිතන්න. ඔය triangle එක ඇතුළේ තමයි තියෙන්නේ අර 2-1 කියලා කියන්නේ අපි. ඒ කියන්නේ අනත්තේ අත්තා කියන එක. ඕකට තමයි උපාදාන වෙලා තියෙන්නේ. මං කොච්චර උපාදාන වෙලා තියෙනවා ද කියන කල්පනාව ඔතන තියෙනවා. ඒක නිසා ඕගොල්ලෝ දන්නවා අවිද්‍යා ආශ්‍රවයට යනවා කියන එක, තයොධම්ම සූත්‍රය. අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයට යනවා කියන කතාව තියෙනවා.
එතකොට අවිද්‍යා ආශ්‍රවයෙන් මේ කාම ආශ්‍රවයට මේ විදිහට ගමන් කරලා තමයි මට අර පල්ලෙහායින් තව triangle එකක් හැදෙන්නේ. කොහොම ද පල්ලෙහායින් triangle එක හැදෙන්නේ, ඔය අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව line එක හිතන්න අර diagonals දෙක cross වෙනවා නේ පල්ලෙහා සංස්කාර, කාය සංස්කාර වශයෙන් කිව්වේ. අපි එතෙන්ට පරිදේවය කියන එක දැම්මා. ඊට පස්සේ මේකට වම් අත පැත්තෙන් ආපහු අපිට තියෙනවා අර භයේ අගතියට, වේදනාවෙන් භය අගතියටයි, පරාමාසයෙන් ද්වේෂයෙන් අගතියට යන්නා ය කියන, එතන තියෙනවා. එතකොට මෙතන තියෙන්නේ සෝකය. එතකොට මේ line එක මේක උඩයි කියලා හිතන්න හරියට ම. Cross කරන්නේ මොකද්ද? පරිදේව, සෝක, මේ පැත්තෙන් අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් මේ එන line එක. මේ line එක තමයි support කරන්නේ. මොකෙන් ද support කරන්නේ? සැකයෙන්. ඕක තමා ඊයේ භාවනාවෙදි කියන්නේ.
එතකොට ඔය, ඔතන පෙන්නුවා ඊයේ භාවනාවේදි h1, h2 කියලා අගයන් දෙකක්. ඒ කියන්නේ නාමරූප point එකේ ඉඳන් උඩ තියෙනවා සඤ්ඤාවේ ඉඳන් චේතනාවට යන එක. මෙන්න මේ, මෙතන මේ නාමරූපයේ ඉඳන් h1 කියන කෑල්ල තියෙනවා නේ. ඒක තමයි height එක කියන එක, උස. අන්න ඒ උසයි, ඊට පස්සේ දැන් මේ සැකය කියන එක ඉඳන් මේ දැන් අපි දැන් කතා කරන්නේ line එකක්. අවිද්‍යා ආශ්‍රව, පරිදේවය තියෙන, සෝකය තියෙන ඒ line එක. ඒ line එකට කොච්චර උසක් තියෙනවා ද සැකයෙන්. දැන් මම මෙන්න මේ line එක තමයි මම මේ support කරන්න හදන්නේ. මොකෙන් ද support කරන්නේ, සැකයෙන්.
දැන් ඔතන වෙන්නේ මොකද්ද, ඔය ථීනමිද්ධය හරහා ඇවිල්ලා තමයි සැකය හැදිලා තියෙන්නේ. එතකොට ඕක ඊයේ භාවනාවෙදි පෙන්නුවා. එතකොට මෙන්න මේ සැකය කියන එක ඉඳන් මේකට support කරනකොට, අපි හිතමු මෙහෙම පොල්ලක් තියෙනවා නම්, පරාලයක් මේ උඩ තියෙනකොට ඕගොල්ලෝ මේ පල්ලෙහා ඉඳන් ම පොල්ලක් ගැහුවොත් මේකට උඩට, එච්චර support එකක් නෑ නේ ද? මොකද මේ පොල්ලත් දෙකට නැමෙනවා කැඩෙනවා කියන එක තියෙනවා. හැබැයි අපි උඩින් ම මෙහෙම හරහට පොල්ලක් ගැහුවෝතින් එහෙම, ඒ කියන්නේ ඒ line එකේ ම නම් මගේ සැකය කියන එක තියෙන්නේ, අන්න එහෙම නම් මට හොඳට හයියක් තියෙනවා, බාල්කෙට නේ ද.
එතකොට දැන් මං මෙන්න මේ බාල්කය, පල්ලෙහා තියෙන්නා වූ බාල්කය කියන එක, ඒ කියන්නේ මේකේ maintenance කියන එක, මෙතන ඉඳන් මෙතෙන්ට මම යන්නේ මෙන්න මේ අගය කියන එක, h2 වල කියන අගය, අර h1 කියලා මං මුලින් කිව්වේ අගයක්, අන්න ඒ අගය මේකට වඩා වැඩි වුණහම තමයි මේ ධර්මය flow වෙන්නේ. ඒ කියන්නේ මම ඉදංසච්චයට මම යම්කිසි ආකාරයකට අරකෙන් ආවා නම්, මම කොයි වෙලාවෙ ද අර මාන්නයෙන් මම අටවන්න යන්නේ? ඒ කියන්නේ ඒක තමයි මගේ වේදනාවේ best එක හැටියට මම ගන්න අගය කියන එක.
ඕක සිද්ධ වෙන්නේ මෙතන පළවෙනියට ම පේනවා සඤ්ඤාවයි චේතනාවයි එකට එක්කහු වුණා ම මොකද? ඒ කියන්නේ සඤ්ඤාවෙන් කියන දේ ම තමයි චේතනාව තුළ තියෙන්නේ. බොහොම strong නේ ද? එහෙම නම් අන්න ඒ අවස්ථාවේ දී මම මුලින් ම, දැන් අපි කිව්වා නේ මේ සඤ්ඤා චේතනා එකට එක්කහු වෙලා එතනින් තියෙන, සඤ්ඤා චේතනා පරාමාසවලින් තමයි සුභයි කියලා ගන්නේ. එතකොට මගේ සඤ්ඤාවයි චේතනාවයි දෙන්නා ම එක ම අගය නම්, මේ සඤ්ඤාවෙන් එන value එක ම චේතනාවේ තියෙනවා නම් මං හුඟාක් strong. මේක තමයි මට ඕනෙ. ඒ කියන්නේ මගේ අත්තා බොහොම තදින් strong ගතියක් තියෙනවා.
අන්න ඒ අවස්ථාවේ දී තමයි අර උඩින් ම, බාල්කේ උඩින් ම ගහලා තියෙන තැන. පල්ලෙහායින් තැන නෙමේ support කරලා තියෙන්නේ, සැකය කියන එක මගේ අඩු ම අවස්ථාව. එතකොට සැකය අඩු ම අවස්ථාව, ඒ කියන්නේ හරියට අර cross එක තියෙනවා නේ. දැන් සංස්කාර cross එකේ ඒ හරියට ම මේ line එක නේ අපි කිව්වේ මේ ඉදංසච්චයේ ඉඳන්, මේ අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් යනවා කියලා. දැන් මෙතැන ම යි මේක තියෙන්නේ. එතකොට මේ වෙලාවේ ටක් ගාලා flow වෙලා යනවා. ඒ කියන්නේ h1ත් බිංදුවයි, h2ත් බිංදුවයි. එතකොට ඒ දෙක සමානයි. එතකොට සඤ්ඤා චේතනා කතාව එකට එක්කහු වෙලා තියෙනවා, මෙතනින් මගේ අර line එකේ ම තියෙනවා මං හොඳට, ඒ කියන්නේ මගේ සැකය අඩුයි.
දැන් සැකය වැඩි වුණෝතින් එහෙම ඕගොල්ලෝ තීරණයක් ගන්නේ නැහැ නේ, යන්නේ නෑ නේ. දැන් roller coaster එකක යන එක්කෙනෙක්ට කිව්වොත් මේ, මෙහෙම roller coaster එකේ යන්න බය නැතුව නගින්න පුතා කියනවා, බය නම් නගින්නේ නෑ නේ, නේ ද. භයේ අගතියට ආවහම අර h2 අගය බොහෝ ම අධිකයි. සැකය බොහොම අධිකයි. එතකොට ඒ වෙලාවට flow වෙන්නෙ නෑ. රහතන් වහන්සේ පෙන්නුවේ h1 වල අගය h2 වල අගයට වඩා වැඩි නම් තමයි මේක flow වෙන්නේ කියලා. එතකොට සමාන අවස්ථාවේ දී බිංදුව වෙච්චි අවස්ථාවේ දී වෙනවා, අනෙක් අවස්ථාවේ දී අරක වැඩි වෙන්න ඕනෙ. දැන් මේක තමයි මගේ මේ භාවනාවෙදි මගේ aim එක. ඒක තමයි මං මේ බලාගෙන යන්නේ.
දැන් මෙතන මේ කතාව තේරෙනවා නම් දැන් අපි triangle දෙකක් ගැන කතා කළා. නාමරූප, චේතනා, පරාමාස. සෝකය, පරාමාස, භය අගතිය. පේනවා ද උල් දෙකක් ඇවිල්ලා තියෙනවා කියලා උඩින්? triangle දෙකක් තියෙනවා. එතකොට දැන් මං මේ මොකද්ද මේ කරන්න හදන්නේ? දැන් මේ කරන්න හදන්නේ මෙන්න මේ අත්තා column එක, මේක පවත්වන්න. මණ්ඩලාධිපති බුදුපියා ඉන්නවා නම් මට බොහොම strength එකක්. තේරෙනවා නේ? ධම්මාධිපතිවිනයාධිපති බුදුපියා ඉන්නවා නම් මට හොඳ strength එකක්. මේ ගන්න පුළුවන් ඕගොල්ලන්ට හොඳ ම උදාහරණේ තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේ අය ඉන්නවා නම් මට, මම පවත්වන්න පුළුවන්. එතකොට දැන් මොකද්ද කරන්න හදන්නේ, දැන් හිතන්න බලන්න මේක පවතින්නේ මම සෝකයේ ඉඳන් වේදනාවට, වේදනාවේ ඉඳන් නාමරූපයට එන කෑල්ල වැඩ කරනවා නම් තමයි. ඒ කියන්නේ මගේ මේ සෝක අගයයි නාමරූප අගයයි තමයි මං මෙතන ගළපන්න යන්නේ.
දැන් පෙලක් වෙලාවට ඕගොල්ලන්ට පේනවා මේ මනුස්සයා මට ගහනවා. කාන්තාවක් ගන්නකො. එතකොට මේ පුරුෂයා ගැන කියනවා මේ පුද්ගලයා මට ගහනවා. ඒත් මනුස්සයෝ යනවා නේ ද මෙයත් එක්ක. මොකද කල්පනා කරන්නේ? මගේ ජීවිතේ මෙයත් එක්ක පවත්වා ගන්න පුළුවන්. මොකද නැත්තන් මට ජීවත් වෙන්න විදිහක් නෑ. මෙයාගේ සල්ලිවලින් තමයි මම ජීවත් වෙන්නේ. මෙයාගේ ආරක්ෂාවෙන් තමයි මම ජීවත් වෙන්නේ. මට ගැහුවා වුණත්, බලන්න අර සෝකය වැඩි වුණත්, තමන්ගේ අර මේ අත්තාව පවත්වන්න මේක තියෙනවා. ඒ අර්ථය තියෙනවා නේ ද?
එතකොට අපි නිතර ම කරන්න හදන්නේ මොකද්ද? අර කෑල්ලෙන් කෑල්ල අපි එකතු කරලා එකතු කරලා ඇති වුණා වූ flow එක තියෙනවා නේ. අර සඤ්ඤා, චේතනා, පරාමාස කියන triangle එක ඇතුළේ තියෙන්නා වූ value එක, මේ පැත්තෙන් කොහොම හරි support කරන්න පුළුවන් නම්, ඒ කියන්නේ අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් මේ පැත්තට දැන් මට සෝකය තමයි ඇති වෙන්නේ. දැන් බලන්න ඔතන, ඔය triangle එක දික් කළොත් ඕගොල්ලන්ට පේනවා ද්වේෂයටයි යන්නේ. පරාමාස, සෝක, ද්වේෂයට. අර මෙයා මට ගහනවා කියලා මේක තියෙනවා. නමුත් මම මේ වේදනාව, මගේ මේ ජීවත් වෙනවා කියන මේ වේදනාව මට කොහොම හරි මේ මනුස්සයෙක් එක්ක, මේ මනුස්සයා මට ගහනවා වුණත් පවත්වන්න පුළුවන්.
එහෙම නැත්තන් ඕගොල්ලෝ ධර්මය වශයෙන් ගත්තහම, මණ්ඩලාධිපති බුදුපියා ඉන්නවා නම්, තථාගතයන් වහන්සේ ඉන්නවා නම්, මට පුළුවන්, නේ ද? මට දුකක් නැතුව, දැන් අර ඒ කියන්නේ එහෙනම් ඕගොල්ලන්ට පේනවා සෝකය වැඩීම අවස්ථාවයි, සෝකය අඩු ම අවස්ථාවයි. දෙක ම නේ ඔය පේන්නේ. කොහොම වුණත් බැලුවේ මොකද්ද? අත්තා.
මේක පවත්වන්න. මේක පැවැත්වීම සඳහා අර උඩින් මේක flow එක. කරන්න හදන්නේ ඕකයි. මම කලින් දීපු සඤ්ඤා අගයන්, කලින් දීපු චේතනා අගයන්, කලින් දීපු පරාමාස වෙච්ච අගයන්, අර සත්‍ය වුණහම නේ පරාමාසයට ඇවිල්ලා තියෙන්නේ. එතකොට සත්‍යයි කියලා අරගෙන, මගේ බොරුව සත්‍ය වෙලා ඒක පරාමාස වෙලා ඒ ආපු අගයන් තමයි මං මේ ඔක්කොම ගෙනියන්නේ. එතකොට ඒකෙන් හැදිච්ච අත්තා. ඉතින් මේ භාවනාව හරි ගැඹුරුයි ඒ අර්ථයෙන් ගත්තහම. ඔය විදිහටයි ඒකේ, ඒක සිද්ධ වෙන්නේ කියන එක, ඒක ආවා. එතකොට බලන්න අර සෝකයේ, දැන් අපිට තියෙන්නේ හැම තිස්සෙම අපේ හතේ හතට නේ යන්නේ. සෝකය හරහා නේ ඔතන සෝකය ගිහිල්ලා ආපහු ඔතෙන්ටයි එන්නේ. ඔච්චරයි තියෙන්නේ. නමුත් අපි ඒක කරනවා. කොහොම හරි අත්තා පවත්වන්න ඕනෙයි කියන එක එතන ඒක කරනවා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්