ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා, නමස්කාර වේවා. මගේ භාවනාව කළේ මම, පටන් ගන්න කිව්වා මට මෝහය නැති කරමි කියන එකෙන්, තුන් වෙනි කාරණෙන්. එතකොට ඒ මෝහය කියලා කිව්වහම, මෝහය කියන එක අපි දන්නවා අර රෝගී සඤ්ඤාවක් මගේ කියලා අරගෙන තමයි මේ මෝහය කියන එක ඇති වෙන්නේ. අපි දන්නවා අර අවිද්‍යා ආශ්‍රවය කියන එකට යනවා කියලා.
එතකොට දැන් මං ඕක බැලුවා ඔය කොටස අර සම්මා වාචා diagram එකත් එක්ක. ඒ කියන්නේ අපේ මුසාවාද, පරුෂා වාච, පිසුණා වාච, ඉතින් මේ තුන ම තමයි රහතන් වහන්සේ මෝහයයි කියලා කලින් කිව්වේ. එතකොට ඒක නිසා අපිට සම්පප්‍රලාපය කියන එක අපිට ඇති වෙනවා. එතකොට මේ පැත්තෙන් ඔය සම්පප්‍රලාපය කියන එක ඇති වුණා නම් ඔය අපි දන්නවා මෝහයට තියෙන triangle එක චේතනාව, විඤ්ඤාණය, මෝහය කියන ඒ triangle එක. දැන් මට මේක ඇති වුණා නම්, මේක නිසා පල්ලෙහායින් වම් අත පැත්තේ ඕගොල්ලෝ දන්නවා අර තව triangle එකක් ඇති වෙනවා ඒ ගිද්ධිලෝභ, ඒ වගේ ම වේදනාව, අර ජාතිය, ඒකෙන් ඡන්ද අගතියට එහෙම යන එක තියෙන්නේ. එතකොට එතන ඒ triangle එක ඇති වෙනවා. ඒ කියන්නේ මෙතන මේ පෙන්නුවේ අවිද්‍යා ආශ්‍රවය නිසා කාම ආශ්‍රවයට එනවා කියන එක. අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයට ආවා නම් ඒක නිසා අපිට නාමරූප ධර්මයන් ඇති වෙනවා කියලා අපි දන්නවා. දකුණු අත පැත්තේ triangle එක පල්ලෙහා, නිසා වම් අත පැත්තේ triangle එක ඇති වුණා. වම් අත පැත්තේ triangle එක නිසා නාමරූපයන් මෙහෙම ඇති වෙනවා.
එතකොට මේ කාම ආශ්‍රවය එහෙනම් ඇති වුණා කියලා කියන්නේ අපේ හරියට ම ඒ නාමරූප ධර්මයන්ගේ නියෝජිතයා හම්බවුණා වගේ. ඒවා නියෝජනය කරනවා. ඒ කියන්නේ කාම ආශ්‍රවයේ ලක්ෂණයන් තියෙනවා අජ්ඣත්තාය අල්ලීනාය කියලා කියනවා. ඒ කියන්නේ ඔය අභ්‍යන්තරයේ ඇලිලා ඉන්න එක, මේ ඇලීගෙන ඉන්නවා කියන අර්ථය තියෙනවා. එතකොට අපි අර, දැන් representative කෙනෙක් හම්බවුණා වාගේ කියන එක එතකොට හිතන්න බලන්න මේ, දැන් අපි ඔය තේ කොළ විකුණන ඉන්නේ මනුස්සයා. ඇවිල්ලා ඒ මනුස්සයා කියනවා ඕගොල්ලන්ට මේ අපේ company එකේ තේ කොළ බොහොම හොඳයි, මේක හරි රසයි. අන්න වේදනාව ගැන එයා කියනවා. හරි රසයි මේක. අපි ලාබෙටත් දෙනවා. ඒ වගේ මේවා කරලා කියනවා එයා. Compare කරලා පෙන්නනවා. එතකොට ඔන්න නියෝජිතයා හම්බවුණා.
ඉතින් නියෝජිතයා හම්බුණායෙන් පස්සේ ඕගොල්ලන්ට පේනවා ආපහු ඒක නිසා ඉතින් ස්පර්ශය වෙලා ඒකෙන්, අපි ස්පර්ශ වෙනවා කියලා කියන්නේ අපි නැවත නැවතත් අරක ස්පර්ශ කරනවා. දැන් තේ කොළ packet එක සල්ලි දීලා ගත්තා නම් ඕගොල්ලන්ට හිතෙනවා දැන් බීලා නෑ නේ තාම. මේක තම්බලා බොන්න හිතෙනවා. බීලා මේක කොහොම ද කියලා බලන්න කියලා හිතෙනවා. ඉතින් දැන් එතකොට පේනවා ස්පර්ශ වෙලා, ඒ චේතනාවන් ඇති වෙලා විඤ්ඤාණය ආපහු සකස් වීම කියන එක තියෙනවා. අපි සම්පප්‍රලාප පැත්තෙන් කතා කළේ, දැන් ඇවිල්ලා ආපහු විඤ්ඤාණයක් අපි ඔන්න සකස් කළා කියන එක තියෙනවා.
දැන් එතකොට මේ විදිහට සකස් වුණා ම ඉතින් ඔය විඤ්ඤාණය මැරෙනවා. විඤ්ඤාණය මැරුණාට පස්සේ මොකද ඕගොල්ලෝ කරන්නේ? ඒ වෙලාවෙදි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ ඉඳන් අර අප්‍රියේහි සම්ප්‍රයෝගය කියන එක උරුම කරගන්න අපි උත්සාහයක් තමයි අපි කරන්නේ. අපි effort එකක් දාන්නේ. උත්සාහයක් කරනවා අතෙන්ට යන්නෙයි කියන එක. ඔතනින් යටින් ඔය යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ ඉඳන් අප්‍රියේහි සම්ප්‍රයෝගයට ඕගොල්ලො එනකොට, උඩින් අර කබලිංකාර ආහාරයේ ඉඳන් සඤ්ඤාවට ඕගොල්ලො එනවා. එතකොට දැන් මෙතන මේ පුද්ගලයාට කියනවා මේ තේ කොළ ගෙනාවාට මේවා විකිණෙන්නේ නෑ මේවා. දැන් මුදලාලි කෙනෙක් නම් ඕක ගත්තේ කියනවා මේවා ඔයා කිව්වාට අර විදිහට, මේක විකිණෙන්නේ නෑ. දැන් එයාට තියෙන්නේ අප්‍රියේහි සම්ප්‍රයෝගය. මේක විකුණගන්න බෑ. එහෙම නැත්තන් තම්බලා බීපු මනුස්සයා කියනවා මේකේ මේ අර වාගේ හරි නෑ. අරක, තේ කොළ එක හරි නෑයි කියලා ඒ වගේ එකක් තියෙනවා. එතකොට දැන් අපි අර දෙන්නා meet කිරිල්ලක් කියන එක කෙරෙනවා. උඩින්, අර නියෝජිතයාව නැවත හම්බවුණා වාගේ. රූපය නැවතත් අපි ගත්තා. එතකොට ඔතෙන්ට ආවාට පස්සේ දැන් ඕගොල්ලන්ට තියෙන්නේ දෝමනස්සය. අප්‍රියේහි සම්ප්‍රයෝගය තියෙනවා කියලා, ඕගොල්ලො දන්නවා අර ජරාවයි දෝමනස්සයයි නිසා අප්‍රියේහි සම්ප්‍රයෝගය කියන එක තියෙනවා. ඉතින් දෝමනස්සය තිබිලා, දැන් ඕගොල්ලන්ට ප්‍රිය දේක විප්‍රයෝගයක් තියෙනවා. ප්‍රියේහි විප්‍රයෝගය කියන එක මෙතන ඇති වෙලා තියෙන්නේ අර අපි කලින්, මම මොකක් හරි, හරි නැහැයි කියලා කියන්නේ කොහොම ද? ඒ කියන්නේ මම දැනගෙන ඉඳලා තියෙනවා අර අනිත් තේ කොළ එක හොඳයි කියලා. මීට වඩා ගානක් ගෙවන්න වෙනවා. අර හොඳයි කියලා කතාවක් වාගේ එකක් තියෙනවා. එතකොට අර ප්‍රිය දෙයින් විප්‍රයෝගය කියන එක තමන්ට ඇති වුණා කියන එක තියෙනවා.
ඉතින් ඔතන වෙනකොට දැන් මෙතන පෙන්නනවා ඒ යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ ඉඳන් අප්‍රියේහි සම්ප්‍රයෝගයට එනකොට උඩ අපි ආවා ස්පර්ශයේ ඉඳන් සඤ්ඤාවට. ඊට පස්සේ අප්‍රියේහි සම්ප්‍රයෝගයේ ඉඳන් අපි එනකොට ප්‍රියේහි විප්‍රයෝගයට, අපි එනවා අතන සඤ්ඤාවේ ඉඳන් චේතනාවට එනකන් ඇවිල්ලා තියෙනවා. දැන් ඔයා ඉන්නේ පල්ලෙහා line එකේ ප්‍රියේහි විප්‍රයෝගය. උඩ line එකේ ඉන්නෙ දැන් චේතනාව වෙනකන් ඇවිල්ලා.
එතකොට චේතනාවෙ කියන්නේ මොකද්ද? චේතනාවෙන් කියන්නේ “ඉතිපි කාමේසු සංයුක්තො විහරති භාවිතො අජ්‌ඣොසන්‌නා අයං චේතනා” කියලා කියනවා. එතකොට එතන පෙන්නනවා, අජ්‌ඣොසන්‌නා, මොනවා ද අපි අල්ලගෙන ඉන්නේ? අපි අල්ලගෙන ඉන්නේ භවය. ඒ කියන්නේ අතහරින්නේ නැතුව අල්ලගෙන ඉන්නවා. මේක අර දැන් අපි දැක්කා flow on effect එකක්. මෙහෙන් එකක් මළහම අපි මේ පැත්තෙන් හදාගෙන එනවා නැවතත්. එතකොට මේකේ කොහොම හරි මේක පවත්වන්න. මේ විඤ්ඤාණය ධාරාව වශයෙන් මේ ගමන් කරනවා කියන එක පවත්වන්නයි මගේ කල්පනාව තියෙන්නේ.
එතකොට ඕක තමයි අජ්‌ඣොසන්‌නා කියලා කියන්නේ. චේතනාව අල්ලගෙන ඉන්නේ. ඉතින් මේක සඳහා අපි භාවිතා කරනවා, develop කරනවා. ඒ කියන්නේ මොනවද අපි develop කරන්නේ? රූප අගය, වේදනා අගය, චේතනා අගය කියන එක. ඕක තමා අපි develop කරන්න යන්නේ. දැන් ඒක නේ අර representative ව හම්බවෙලා කතා කරලා කිව්වෙ, මේකේ තේ කොළ හරි නෑ. මේ product එක මීට වඩා මොකක් හරි එකක් කරන්න ඕනෙ. නේ ද? රූප අගය තමයි දියුණු කරන්න හදන්නේ.
එතකොට දැන් මේක develop කරන්න එතන, කරන්න අපි භාවිතා කරන, එතකොට ඕගොල්ලන්ට පේනවා දැන් ඔය අපේ රූප අගය, වේදනා අගය, චේතනා අගය කිව්වහම ඔතන tea cup එක වගේ එකක් හැදිලා තියෙනවා නේ නේ ද. මෙහෙම නේ තියෙන්නේ. රූප, වේදනා, චේතනා කියලා. මේක සඳහා අපි භාවිතා කරන්නේ මොකද්ද? මේ use කරන්නේ කියන එක. සංයුක්ත වෙලා තියෙන්නේ මොකට ද? අපි සංයුක්ත වෙලා තියලා තියෙන්නේ රූප අගයයි, වේදනා අගයයි, සඤ්ඤා අගයයි. අර නියෝජිතයාගේ කතාව.
ඉතින් මේ සඤ්ඤාව කියන එක තනිකර fake නේ. මේකේ තිබෙන්නා වූ දෙයක් නෙමෙයි නේ. මේ tea cup එක ඇතුළේ මොකද්ද තියෙන්නේ. Tea cup එක ඇතුළේ තියෙන සඤ්ඤාව හිස්. සඤ්ඤාව මිරිඟුවක්. එතකොට, දැන් එතකොට මෙන්න මේ, හරියට මෙතන පෙන්නනවා මේ සඤ්ඤාවෙන්, මේ මිරිඟුව සහිත සඤ්ඤාවක් මොකක්වත් නැති එක දැන් මේ tea cup එක කියලා කිව්වේ මෙතන handle එකක් තියෙනවා, ඒක තමයි අර විඤ්ඤාණයට තියෙන handle එක. අල්ලගන්න දෙයක් නෑ නේ ද?
මෙතන මිරිඟුව සහිත එකක් අරගෙන තමයි මේක අල්ල ගන්නේ. වෙන මොකක්වත් නෑ. කිසිම දෙයක් නෑ. Tea cup එක හිස්. හිස් tea cup එකක් අල්ලගෙන තමයි කරන්නේ. බලන්න අර සම්පප්‍රලාපයේ ඉඳන් ම ඇවිල්ලා තියෙන්නේ ඔන්න ඔය කතාව විතරයි. මොකක්වත් කරන්න නැතුව. ඉතින් හරියට කෙනෙක් ඕක දකිනවා නම් ඒ පුද්ගලයාගේ සිත, ඔය අනාශ්‍රව චිත්ත භාවනාව කියලත් අපි ඕක පෙන්නලා දීලා තියෙනවා ඕක මැද line එක අල්ලගෙන.
එතකොට මෙතන මේ ගත යුත්තක් නෑ. තමන්ගේ සිත නවත්තගන්න පුළුවන් හරියට මේක දකිනවා නම්. මේක මම කලින් බලපු භාවනාවත් එක්ක ගොඩාක් සම්බන්ධයි. අර බැලුවේ, මොකක් හරි එකක් දැක්කහම කොහොම ද අපේ විඤ්ඤාණය ස්පර්ශ වෙලා, අර සුභයි කියලා ඇදුණට පස්සේ ස්පර්ශ වෙලා හදනවා නේ විඤ්ඤාණයක්. ඒ විඤ්ඤාණය හැදුවාට පස්සේ ඉතින් අපි දන්නවා විඤ්ඤාණය මැරෙනවා. එතකොට අපි ආපහු නැවත හදන්න යනවා.
ඒ හදන්න යන ඒ flow on effect එක වෙන්නේ කොහොම ද කියන එකයි මෙතන මේ පෙන්නන්නේ. මේ ධර්මය ටිකක් ගැඹුරුයි. මේකේ අර representative ව හම්බවෙලා තමයි අපි මේ යන්නේ. නියෝජනය කරන එක්කෙනා හම්බවෙලා තමයි මේකේ අපි දුවනවා කියන එක තියෙන්නේ.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්