ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා, නමස්කාර වේවා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත, පළවෙනි බුදුපියාණන් වහන්සේ කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට අනුපිළිවෙළින් ඒ දාහතර නම ම වැඳ නමස්කාර කළා. අර හතර වෙනියට මං කියනවා නේ පංචනීවරණයන් යටපත් කර ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා ගමන් කරමි කියලා. අන්න එතෙන්දි පටන් ගන්නෙයි කියලා කිව්වා.
එතකොට මං බැලුවේ පංචනීවරණයන් නිසා අවිද්‍යාව කියන එක ඇති වෙනවා. ඒ පංචනීවරණ නිසා අවිද්‍යාව ඇති වීම කියන එක තමයි මම මෙනෙහි කරන්න පටන් ගත්තේ. එතකොට පංචනීවරණයන්ගෙන් අපි දන්නවා කාමච්ඡන්දය කියන එක. එතකොට කාමච්ඡන්දය කියන එක ඇති වෙනකොට අපි දන්නවා මේ වට දෙකක් කරකවලා, ඊට පස්සේ තමයි අර compare කරලා බලලා මේක ඇති වෙන්නේ.
දැන් ඒ පාර බැලුවා. මුලින් ම ගත්තහම කාමච්ඡන්දයට පෙර අපිට අර මෝහයේ කතාව තියෙනවා. සුභයි කියලා ගත්තා, මේක ඇතුළට රිංගුවා, රවුමක් කැරකෙව්වා. එතකොට ඒ මුල ඇති වන සංස්කාරය. මේ සංස්කාරය නිසා, අර පල්ලෙහායින් cross එක ගැන මේ කියන්නේ. එතකොට ඒ සංස්කාරය නිසා අපි උඩින් විඤ්ඤාණයක් කියන එක හැදෙනවා. එතකොට සංස්කාරය නිසා විඤ්ඤාණය හැදුණහම දැන් උඩ අපිට පේනවා, උඩ cross එක, ඒ කියන්නේ මෙතන තියෙනවා මනොසඤ්‌චෙතනාව, ඉදංසච්චය, විඤ්ඤාණය, ඊළඟට පරාමාසය කියන cross එක. එතකොට මෙන්න මෙතන තියෙන සංස්කාරය ගැන අපි මේ කතා කරන්නේ. මේ සංස්කාරයට දැන් අපි එනවා. අර විඤ්ඤාණයේ ඉඳන් මේ මැද්දේ සංස්කාර cross එකට එනවා, උඩ එකට.
එතකොට මෙතන, මේ පැත්තෙන් එන්න ඕනෙ නාමරූප පැත්තෙන් flow එකක් එන්න ඕනෙ. එතකොට චේතනාවෙන් මේ සංස්කාරයට එනවා කියන එක තියෙනවා. මේ දෙක එකතු වුණා ම තමයි නිත්‍යයි කියලා සංස්කාරය පරාමාසයට යන්නේ. එතකොට ඔය අවස්ථාවේ දී මතක ද අපි කිව්වා සඤ්ඤාව සුඛයි කියන එකට ඇවිල්ලා තියෙනවා. සුභයට නිත්‍ය එකතු වුණා, සඤ්ඤාව එතන සුඛයි කියන එක ආවා.
එතකොට ඔය වෙලාවෙදි තමයි, ඒ තුන් වෙනි රවුම නේ ඔතන වෙන්නේ, ඒ දෙක මේවා වෙලා එතෙන්දි තමයි අපි කාමච්ඡන්දය කියන එක ඇති වෙන්නේ. මේ වෙලාවෙදි තමයි අපි ඔය දෝමනස්සය gap එක දැක්කා, fix කරන්න හැදුවා, දැන් කාමච්ඡන්දය කියන එක තියෙනවා. එතකොට එහෙනම් මේ කාමච්ඡන්දය වෙන වෙලාවෙදි අපි සඤ්ඤාව සුඛයි කියලා ගත්තා. ඕක අවිද්‍යාව. සුඛයි කියලා ගත්ත එක අවිද්‍යාව. කාමච්ඡන්දය නිසා අවිද්‍යාව වෙනවා කියන එක එතකොට එහෙනම් අපිට පළවෙනි පාරට ම අපිට ඒක තේරෙනවා. ඔය බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නේ අවිද්‍යාව කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය නොදැනීම කියන එක. එතකොට ලෝකේ තියෙන්නේ දුක්ඛය, නමුත් මේ මනුස්සයා හිතනවා සුඛයි කියලා. ඕක අවිද්‍යාව.
ඊට පස්සේ අපි දන්නවා ඔය රවුම් හයක් යනකොට, පස් වෙනි රවුමේ දී අපි කියනවා නේ සංකප්ප රාගො පුරිසස්ස කාමො කියලා කියනවා. එතකොට අපි ඔය හාලිද්දිකානි සූත්‍රය එහෙම පැහැදිලි කරනකොට පෙන්නනවා නේ ඉතින් රාගො, ඊට පස්සේ ඡන්දො කියලා. දැන් මෙතෙන්දිත් අපි දන්නවා එහෙනම් ඡන්දය කියන එක අර හය වෙනි රවුමේ දී යි ඒක වුණේ. පස් වෙනි රවුමේ දී අපිට ලාභයි කියලා ගත්තා. හය වෙනි රවුම වෙනකොට ඒ ලාභයි කියලා ගත්ත සංකල්පෙට තමයි අපේ රාගය කියන එක ඇති වුණේ.
එතකොට ඕක කාමයයි කියලා කියනවා. දැන් එතකොට ආපහු එනවා, හය වෙනි රවුමේ දී ඕගොල්ලො දන්නවා අර 6 වෙනි step එක එනකොට, අතන අපි කියනවා මේ සුඛයි කියලා. එතෙන්දි සුඛයි කියලා අපි කියන්නේ රූපයට. එතකොට මෙතෙන්දි සුඛයි කියලා කිව්වහම දැන් ආයෙත් බොරුවක් නේ මේ ආවේ. ආපහු අවිද්‍යාව. සුඛයි කියලා ගත්ත එක, ආපහු අවිද්‍යාව කියන එක එනවා. එතකොට දැන් අපිට පේනවා එහෙනම් කාමච්ඡන්දයෙන් අපිට අවිද්‍යාව මෙන්න මේ ආකාරයටයි ඇති වෙන්නේ. අර මුලින් ම fix කරන්න අරගෙන ඇති වෙනවා කියන එක තියෙනවා.
දැන් ඊට පස්සේ ඔය හය වෙනි රවුම වෙනකොට ඕගොල්ලෝ දන්නවා 7 වෙච්ච ගමන් අපිට තියෙන්නේ ව්‍යාපාදය කියන එක සිතට ඇතුල් වෙලා. අන්න එතකොටත් අපිට ඔය ප්‍රශ්නය තියෙනවා. 6.6 වුණා ඉතින් 7 වෙනකොට අරකත් ඇතුල් වෙලා කියන එක තියෙනවා. එතකොට අපිට පේනවා මේ විදිහට, මේ පංචනීවරණවලින් අවිද්‍යාව ඇති වෙනවා කියන ඒ ධර්මය තථාගතයන් වහන්සේ අවිද්‍යා සූත්‍රයේ දේශනා කරපු එක, ඒකේ ඔය වටත් එක්ක ඔතන අපිට සම්බන්ධ වෙලා පේනවා ලස්සනට.
දැන් ඊට පස්සේ මං බැලුවේ ඉතින් මේ අවිද්‍යාව කියන එක මේ විදිහට ඇති වුණා, දැන් අවිද්‍යාවේ තියෙන ලක්ෂණය හැටියට පෙන්නනව නේ දැන් අවිද්‍යා ආශ්‍රවයේ නම් තියෙන ලක්ෂණයක් තමයි මේ අප්පටිවේධය කියන එකයි, අසම්පජානකාරීත්වයයි කියන එකයි. ඉතින් අප්පටිවේධය දැන් අපිට තේරුණා. මේක සත්‍ය වශයෙන් ම මේ දුකයි කියලා තියෙන එකට අපි සුඛයි කියලා ගන්නවා. ඒක non penetration. ඇතුළට රිංගලා අපිට බලන්න බැරි වුණා. අපිට පෙනුණේ මේක සුඛයි කියන එක. අසම්පජානකාරීත්වය ඕගොල්ලන්ට පේනවා අර නන්දියේ කතාව නේ. නන්දිය නිසා පටිච්චසමුප්පන්නය වෙනවා කියන එකේ තමයි අසම්පජානකාරීත්වයේ අන්තිමට තියෙන එකට තියෙන්නේ.
එතකොට ඒ කාරණා දෙකත් එක්ක දැන් මං බැලුවා ඉතින් මේ මෝහය කියන එක. මෝහය කියන එකේ වෙනස තියෙන්නේ, දැන් අපිට උඩ triangle එක පේනවා. අර සංස්කාර නිත්‍යයි කියලා ඇති වෙච්ච එක. එතකොට එතනින් පේනවා මෙතන විඤ්ඤාණය, මේ පැත්තෙන් නිත්‍යයි කියලා ආවා, මේ පැත්තෙන් ඉදංසච්චයට, දැන් අපි මේ සුඛයි කියන එක තමයි නේ ඉදංසච්චයට ගිහිල්ලා තියෙන්නේ නේ ද?
එතකොට දැන් අර මෝහය වෙනකොට අර ඇතුළට ඇදුණා වූ සංස්කාර, පරාමාසයට ඇදුණා වූ සංස්කාරයට අපේ ඇල්ම කියන එක තියෙනවා. අභිනිවේසය. එතකොට ඒකත් එක්ක තමයි අර පල්ලෙහා දැන් 4 ලකුණ වගේ නේ මෙතන. විඤ්ඤාණය, පරාමාසය, ඉදංසච්චය. ඔය අවිද්‍යාවෙන් ඇති වෙච්ච කෑල්ල දැන් මේකේ ඇතුළේ තියෙනවා. ඒකට ඇලීම කියන එකත් තියෙනවා. දැන් මේ 4 අර පල්ලෙහා, sign එකේ පල්ලෙහා ම කෑල්ල තියෙනවා නේ, අන්න එතෙන්ට එනකොට නේ මෝහයේ කතාව එන්නේ. තේරෙනවා ද ඒක?
උඩ විඤ්ඤාණය. මෙතනින් මෙහා පැත්තේ පරාමාසය. මේ පැත්තෙන් ඉදංසච්චය. එතකොට අර හතරේ bulk එක හැදිලා තියෙන්නේ පල්ලෙහා අර කෑල්ල වාගේ තියෙන්නේ, ඒ හරිය වෙනකොට හදලා මෝහය කියන එක තියෙනවා. එතකොට මෙතෙන්දි අර, අර සුඛයි කියලා ගත්ත එකට ඇලීම කියන එක, ඒක සඳහා හදන සංස්කාරයන්ට ඇලීම කියන එකත් එතන මෝහය තුළ තියෙනවා. ඉතින් මෝහය රහතන් වහන්සේ කලිනුත් පෙන්නලා දීලා තියෙනවා, මුසාව තියෙනවා නම්, එතන මුසාව කියන්නේ සුඛයි කිව්ව එක නේ ද, ඊළඟට පරුෂා වාච, පිසුණා වාච, ඔය තුන ම මෝහයයි කියලා. පෙන්නුවා නේ සම්මා වාචා diagram එකේ.
ඉතින් ඒක තමයි භාවනාව. භාවනාවේ නම අවිද්‍යාව කියන එක.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්