Date: 20/07/2014 Name: Vimutti Naana

එතකොට ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා, නමස්කාර වේවා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින ඒ ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ ය, කියලා වැඳ නමස්කාර කළා. එසේ ම ඒ දෙවනි බුදුපියාණන් වහන්සේ, ඒ දාහතර නම ම ඔය විදිහට මෙනෙහි කරලා වැන්දා.

ඊට පස්සේ මට මේ භාවනාව, ලෝභය නැති කරමි කියලා කියන ඒ, ද්වේෂය නැති කරමි, මෝහය නැති කරමි කියලා කියනකොට ම, මට අර, මගේ මේ ඔළුවෙන් මට තේරෙනවා වම් අත පැත්ත මෙතන සතියත් එක්ක මෙහේ චෙතො විමුක්තිය ඇති වෙන අවස්ථාව මට එකපාරට ම ඇති වෙන්න පටන් ගත්තා. මේ ඇහැයි, චෙතො විමුක්තියයි මෙතන දැනෙනවා මේ විදිහට. ඊට පස්සේ මට මේ දකුණු පැත්තෙන් මගේ මේ ප්‍රඥාවයි, ප්‍රඥා විමුක්තියයි, මෙතන මේ දකුණු ඇහැයි මට දැනෙනවා. හරියට හරී ම, එකපාරට ම මම තේරුම් ගත්තා මට මේ දෙක මේ විදිහට වෙනවා කියන එක, ඒ අවස්ථා දෙක. ඒ දෙක අවස්ථා දෙක ඇති වුණහම දැන් මට කල්පනා කළා මේක, මේ විදිහට මේක නිකන් link වෙලා ගියා ම දික් වුණෝතින් මොකද වෙන්නේ? V අකුර කියන එක හැදෙනවා.

අර tea cup එකේ කතාවට එනවා කියන එක ආවා. ඒ පාර මං කල්පනා කළා ආහ් එහෙම නම් මේ චෙතො විමුක්තිය නිසා තමයි මේ tea cup එකේ කබලිංකාර ආහාරයේ ඉඳන් වේදනාවට එන කෑල්ල නැති වෙන්නේ. ප්‍රඥා විමුක්තිය තමයි වේදනාවේ ඉඳන් චේතනාවට යන කෑල්ල නැති වෙන්නේ. මේ කෑලි දෙක කියන එක. දැන් මං මේක හොඳ ලස්සනට බැලුවා. මට මේක මාරු කරන්න පුළුවන් ඕන ඕන වෙලාවක. එතකොට මං මේක බැලුවා මෙතන ඉඳන් මෙතන්ට එන එක. ඒ කියන්නේ කබලිංකාර ආහාරය, ස්පර්ශය, වේදනාව, ගිද්ධිලෝභය. එතකොට මෙන්න මේ belt එක කැරකවෙනවා කියලා කිව්වහම අර tea cup එකේ වම් පැත්තේ කෑල්ල හැදෙනවා.

එතකොට මේක column එකක් වාගේ. හරියට අර ගේක තියෙනවා නේ මෙහෙම, උඩ, මේක ගහලා උඩ තියෙනවා අර පොඩි කෑල්ල නේ ද? වහලෙට ගහන්නේ මේකත් එක්ක? අන්න ඒ වාගේ කෑල්ලක් තමයි මේ තියෙන්නේ කියලා. එතකොට දැන් මට පේනවා මෙතන, මේ දෙක ම නැති වෙන්න ඕනෙ. රූපය නිසා ඇති වෙන්නා වූ ඡන්දයෙන් අගතියට යන කතාව නැති වෙන්න ඕනෙ, වේදනාව නිසා අපි ඇති වෙන්නා වූ ද්වේෂයෙන් අගතියට යන කතාව කියන දෙක ම චෙතො විමුක්තියෙන් නැති වෙන්න ඕනෙ.

එතකොට මේක හරි ලස්සනයි, අපි සීල සූත්‍රය මේක බලලා තියෙනවා නේ. සීල සූත්‍රයේ අපි බලනවා වේදනාව කියන එක දුකයි කියලා යටින් ලකුණු කළා. ඊට පස්සේ තව ටිකක් පල්ලෙහාට ගිහිල්ලා වේදනාව අනත්තා කියලා ලකුණු කළා. අර අනිත්‍ය නම්, දුක්ඛ නම්, විපරිණාමයට පත් වෙනවා නම් මගේ කියලා ගන්න වටිනවා ද? කියන්නේ. අන්න එතන තියෙන තැන. එතකොට මෙන්න මේ කෑලි දෙකත් එක්ක දැන් මට හොඳට පේනවා දැන් අර දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤාවේ ඡන්ද සමාධියට යනවා කියන, ඒ එතන ඒ නිර්වාණයට මොකද චෙතො විමුක්තියේ තියෙන්නේ නිතර ම නිවනට යොමු වෙච්චි මනසක්. ඒ නිර්වාණය සඳහා යොමු වෙලා තියෙන්නේ. මේවා වටිනාකමක් දෙන්නේ නෑ.

දැන් මම අර ඊයේ කිව්ව භාවනාවත් එක්කත් ඕකේ සම්බන්ධයි. ඊයේ කිව්ව නේ අර අපි 6.6 වෙනකොට, හය වෙනි කාරණයේ, පස් වෙනි කාරණයෙදි රූපය ලාභයක් කියලා ගත්තා. හය වෙනකොට දිට්ඨි අනුසයෙන් අන්න අපි සුඛයි කියලා කිව්වා නේ රූපයට. ඒ රූපයට සුඛයි කිව්වහම අන්න එතෙන්දි අපි කිව්වා අර අනිත්‍යභාවය කියන එක එයාගේ එතකොට ඒක නැති වෙනවා, අවිද්‍යාව කියන එක ඇති වෙනවා. දැන් මෙතෙන්දි මේ පුද්ගලයාගේ මෙන්න මේ කෑල්ලෙන්, දැන් මෙතන මෙයා පෙන්නනවා ඡන්ද සමාධිය කියන එක අපිට, මේ චෙතො විමුක්තිය කියන එක තියෙනකොට අර ඡන්ද සමාධියෙන් වෙන අර්ථයයි, අර චිත්ත ඉද්ධිපාදයෙන් ගිහිල්ලා එතන ඇති වෙන්නා වූ ඒ අර්ථයයි ඒ දෙක ම තියෙනවා කියන එක. ඉතින් මේක හරි, හරි ම ෂෝක් ඒ පාර.

දැන් මං ඊළඟට කල්පනා කරනවා අනිත් කෑල්ල ගැන. දැන් පේනවා නේ tea cup එකේ මේ වම් අත කෑල්ල නැති වුණා චෙතො විමුක්තිය තියෙනකොට.

දැන් ඊළඟට මං බලනවා ප්‍රඥා විමුක්තිය කියන එක. ඒ ප්‍රඥා විමුක්තිය කියන එක බලනකොට දැන් මට පේනවා දැන් මේ, දැන් තියෙන්නේ, වේදනාවේ ඉඳන් මනොසඤ්‌චෙතනාවට යන peak එක තියෙනවා. එතකොට ඊළඟට තියෙනවා අපේ විඤ්ඤාණයේ උඩ තියෙන peak එක. එතකොට අර two peaks තියෙනවා මේ house එකේ දැන්. කෑලි දෙකක් තියෙනවා. අතන තියෙනවා නේ අර cross එකක් තියෙනවා නේ. චේතනාවේ ඉඳන් ඉදංසච්චයට, විඤ්ඤාණයේ ඉඳන් පරාමාසයට. එතකොට මෙතන තියෙනවා නේ අර ගෙවල්වල තියෙන්නේ මෙහෙම peak එක නේ ද? අර වාගේ මෙතන දැන් දෙකක් තියෙනවා. එතකොට දැන් මේකේ මට පේනවා, දැන් මෙතන මේ ප්‍රඥා විමුක්තිය නිසා මෙතන කියනවා අර අනාශ්‍රව සඤ්ඤා භාවනාව එන්න ඕනෙ.

එතෙන්දි කියනවා මේ සඤ්ඤාව කියන එක මිරිඟුවක්. මේකේ ගත යුත්තක් ඇත්තෙ නෑ, මේ සඤ්ඤාව කියන එක මිරිඟුවක් කියන එක තමන්ට එනවා. මේකේ ඇති දෙයක් නෑ. ඒක නිසා මේ වේදනාව මෙහා පැත්තට එවන්න එපා. මේක බොරුවක්. ඒ කියන්නේ, සඤ්ඤාව මිරිඟුවක් කියන එක ඕගොල්ලන්ට ඇති වෙන්නේ කොහොම ද, ඔතන මේ, අහලා තියෙනවා නම් මේක ලේසියි කිව්වහම අර අපි පෙන්නුවා නේ, දැන් අර පළවෙනියෙන් තියෙනවා කබලිංකාර ආහාරය, වේදනාව, ගිද්ධිලෝභය, ඔය කියන triangle එක. ඔන්න ඔය triangle එක නිසා, ඒක area 1 කියලා නේ අපි කියන්නේ. Area 1 නිසා area 4 ඇති වෙනවා කියලා කියනවා නේ ද? Area 4 එක කිව්වහම අපි දන්නවා මෙතන තියෙනවා වේදනාව, පරාමාසය, ඊට පස්සේ භයෙන් අගතියට යනවා කියන කෑල්ල.

එතකොට දැන් ඕක අපි බලලා තියෙනවා, අර එක පැත්තකට දානවා 5A කියලා. මතක ද? අර අත්තා කියලා පල්ලෙහාට අරගෙන. ඒ කියන්නේ මම පරාමාසයේ ඉඳන් යම්කිසි ආකාරයට භයේ අගතියට එනවා ද ඒක 5A කියලා කිව්වොතින් මේක නිසා area 1 එකේ මම යනවා වේදනාවේ ඉඳන් ගිද්ධිලෝභය කියන තැනට යනවා. මගේ කියලා ගත්තා රූපය ලාභයක් කියලා මම ගන්නවා. එතකොට එතෙන්දි මම 5B කියලා දානවා මෙහා පැත්තට මේ ගිද්ධිලෝභය තියෙන තැනට 5B කියලා දානවා. ඊට පස්සේ මම අර 6A කියලා දානවා භයේ අගතියේ ඉඳන් එතන වේදනාවට එන එක. 6B කියලා දානවා කබලිංකාර ආහාරය කියන තැනට. ඊට පස්සේ මං 7A කියලා දැම්මොතින් එහෙම වේදනාවේ ඉඳන් පරාමාසයට යන එක, 7B කියලා මට වැටෙන්නේ වේදනාවට ම තමයි. එතකොට මේ කිව්වේ මොකද්ද? Area 4 එක හින්දා area 1 කියන එක ඇති වෙනවා. Area 1 එක නිසා area 4 එක හදන්න කල්පනා කළහම අර එන්න ඕනෙ, ඒක බොහෝ ම අමාරු වුණා මට ඒක හොයාගන්න.

මුලින් ඒක කරනකොට ඒකෙදි ආවා මේක අපි සුභයි කියලා මුලින් ගත්තා, දැන් ස්පර්ශයේ ඉඳන් වේදනාවට යන එකයි මං මේ බලන්නේ. එතකොට මං මුලින් ම ස්පර්ශ වුණා සුභයි කියලා ඉදංසච්චයට ගියා. ඉදංසච්චයෙන් මම නිත්‍යයි කියලා පල්ලෙහාට බැස්සා. එතකොට ඒ පල්ලෙහාට බැස්සායින් පස්සේ ඔන්න මට සුඛයි කියලා එනවා. එතකොට මෙතන මේ fake අගයන් දෙකක් නේ. මුලින් මං සුභයි කිව්වේ මේ දෙතිස් කුණපයකට, ජරා ගොඩකට. මේකේ ඇති දෙයක් ඇත්තේ නෑ. ඊළඟට මං පරාමාසයේ ඉඳන් මෙතන පල්ලෙහා, මේ ඉදංසච්චයේ ඉඳන් පල්ලෙහාට බහිනකොට මට එතනින් ආවා සුඛයි කියලා. ඒක බොරුවක්. මොකද ස්පර්ශ කරමින් මේක පවත්වන්න බැහැයි කියන එක තියෙනවා.

ඔන්න ඔය කාරණා දෙක උඩ සඤ්ඤාව fake කියන එක එනවා. සඤ්ඤාව මිරිඟුවක් කියන එක. එතකොට මේ නැති දෙයක්, පුහු දෙයක් ඔන්න ඕක තමයි තියෙන්නේ කියලා. එතකොට මේ පුහු සඤ්ඤාවකින් නේ මේ අපේ මේ වේදනාවේ ඉඳන් චේතනාවට යන්න, දැන් මේ දෙවනි peak එකට යන එක කතා කරන්නේ, යන්න දෙන්නේ මේකෙන් නේ. ඉතින් මේ සඤ්ඤාව බොරුවක් නම් මොකද්ද මේකේ, මං මේකේ වටිනාකමක් දෙන්නේ වේදනාවට? එතකොට ඒක නිසා මේ කෑල්ල කැපිලා යනවා. ඒ ප්‍රඥා විමුක්තිය කතාවේදි වේදනාවේ ඉඳන් මේ චේතනාවට යන කෑල්ල කැපිලා යනවා කියන එක තියෙනවා.

ඉතින් දැන් මේක හරි ලස්සනයි කියන්නේ. දැන් මට මේ පැත්තෙන් ඔන්න, මේ පැත්ත නිකන් සිහි වෙච්ච ගමන් ම මට ඔන්න ප්‍රඥා විමුක්තිය. මේ පැත්ත සිහි වෙච්ච ගමන් ම චෙතො විමුක්තිය. දැන් මේ දෙක, ඇස් දෙක ම සහිතව මං කල්පනා කරපු ගමන් මෙතන කෙළින් ම මෙතන මැද්ද අප්පණිහිත චෙතො විමුක්තිය මේක තියෙනවා. විමුක්ති දෙක ම join වෙලා මේකේ තියෙනවා. එතකොට මේ tea cup එකේ වම් කෑල්ලත් නෑ, දකුණු කෑල්ලත් නෑ, මුළු cup එකමත් නෑ කියන එක තියෙනවා.

මං ඕක මාරු කර කර හිටියා, පුදුමාකාර මේ සැප භාවනාවක්. වැඩිය දෙයක් නෑ නේ ඉතින් මට අර කලින් ධර්මය කරලා තියෙන නිසා. එතකොට මේ විදිහට ඒ පවත්වාගෙන හිටියා. එතකොට මේකේ හොඳට මට තේරුණා. මේ area 1 එකයි area 4 එකයි එතන ඒ සම්බන්ධතාවය උඩ තමයි මෙතන මේක දුවන්නේ. Area 1 එකේ කතාව නැති වුණහම අපි චෙතො විමුක්තියෙන් එතන ඉන්නවා කියන එක තියෙනවා. එතකොට මට, 4 එක ගැන මගේ generation එකක් යන්නෑ. ඊළඟට 4 එක, ප්‍රඥා විමුක්තිය පැත්තෙන් ගත්තහම 4 එකේ කතාව නැති නිසා මට ඒ පැත්තෙන් හොඳ සැපක් කියන එක එතනින්, ඒකෙන් ඇති වෙනවා අර අත්තා කියලා ගන්නැතිව මං අතනින් උඩට යවන්නේ නැති කතාව කියන එක, ඒවා සිද්ධ වෙනවා කියන එක තියෙනවා. එතකොට 1 එකයි 4 එකයි දෙක ම නැති වෙනකොට මෙතන මේ මැද්දේ ලස්සනට ඉන්න පුළුවන්, ඉතින් ඔතෙන්ට මං භාවිතා කළා,

දැන් ප්‍රඥා විමුක්තිය කියන එකේදි මං බැලුවා, මේකෙ දැන් මේ house එකේ foundation එක පල්ලෙහා තියෙනවා නේ. දෙකේ ම foundation එකක් තියෙනවා. පල්ලෙහා එකේ foundation එකේදි අර ජාති, ජරා, ව්‍යාධි, මරණවා කියන එකට ආවා නම් ඕගොල්ලෝ ඇවිල්ලා තියෙනවා කෙළින් ම මේ අප්‍රමාණයට. උපෙක්ඛාවෙන් අප්‍රමාණයට නේ ද. එතකොට මරණයේ ඉඳන් මෙතන ව්‍යාධියට එනවා කියලා කිව්වහම අපි ආකිඤ්චඤ්ඤායතනය.

ඊළඟට අපි එහා පැත්තේ කෙළවරේ තුන බලනවා නේ. ඒ කියන්නේ මං බැලුවොතින් එහෙම මරණයේ ඉඳගෙන ව්‍යාධියට එනවා කියලා කියන්නේ මේක හරි පිස්සු වැඩක් නේ. ඒ කියන්නේ මම මැරිලා, ව්‍යාධිය හැදිලා ලෙඩ වෙලා මම මැරිලා, මැරිලා ආපහු ඉපදෙනවා කියන එක. ආපහු ඉපදුණාම ආපහු මම ලෙඩට. ඒ කියන්නේ මම ලෙඩ වෙලා මැරිලා, මං ආපහු ලෙඩ වෙන්න යනවා. එතකොට එතන තමයි ආකිඤ්චඤ්ඤායතනය.

ඊළඟට කාරණා තුන ම බැලුවොතින්, ඒ කියන්නේ කාරණා තුනේ එන්නේ මොකද්ද? මරණයේ ඉඳන්, ඒ කියන්නේ දැන් ව්‍යාධි සහගත ස්වභාවය තිබිලා මං මැරෙන්නේ. එතකොට මරණයේ ඉඳන් ආපහු ව්‍යාධියට යනකොට ඕගොල්ලන්ට පේනවා මං ව්‍යාධිය උරුම කරගත්තා කියන එක නේ ද? අර ඒක නිසා සිතේ තියෙනවා ව්‍යාධි සහගත ස්වභාවය කියන එක.

ඊළඟට ඕගොල්ලන්ට පේනවා මේ පරිදේවයේ ඉඳන් මම සෝකය දක්වා දුවනවා කියන එක. ඊළඟට යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ ඉඳන් අපි අප්‍රියේහි සම්ප්‍රයෝගයට යන්න උත්සාහ කරනවා, උරුම කරගන්න උත්සාහ කරනවා කියන එක. එතකොට අන්න එතනදි ඕගොල්ලන්ට ආකිඤ්චන විමුක්තිය කියන එක ඇති වෙනවා. එතකොට ආකිඤ්චඤ්ඤායතනයයි, ආකිඤ්චන විමුක්තියයි කියන එක අතන, ඒ දකුණු පැත්තේ ප්‍රඥා විමුක්තිය කියන එකේ එතන foundation එක එතන තියෙනවා කියන එක එතන තියෙනවා.

එතකොට මේ foundation එකයි උඩ peak එකයි තමයි මේකේ බැලුවේ ඉතින් tea cup එක නෑයි කියලා. කැමති කැමති විදිහට මාරු වෙවී ඉන්න පුළුවන්. එතකොට ඔහොම ඉඳලා ඊට පස්සේ මම දැන්, රහතන් වහන්සේගෙන් ඇහුවා දැන් මෙතන මේ, මෙතන තියෙනවා නේ අර අනාශ්‍රව චිත්ත කියන එක.

එතකොට අනාශ්‍රව චිත්තය ද මෙතන පෙර, එහෙම නැත්තන් අර විමුක්තිය ද පෙර කියන එක. එතකොට රහතන් වහන්සේ පෙන්නුවේ “විමුක්තිය පෙර, ඊට පස්සේ අනාශ්‍රව චිත්තය” කියන එක ඇති වෙන්නේ කියන එක. එතකොට අනාශ්‍රව චිත්තය ඇති වෙනකොට අර cup එකේ මොනවක්වත් නෑ. දෙක ම නෑ නේ. වැඩක් නැහැයි කියන එක ඒක හරියට තියෙනවා. ඒ කියන්නේ අනාශ්‍රව චිත්තයෙත් තියෙනවා අර එක එක levels බැලුවහම. අර අපි එක පැත්තකට බලලා කරන එකයි, මේකයි කියන එක.

ඒක තමයි භාවනාව.