අද භාවනාවෙදි මං කළේ, ඒ උතුම් ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ සිහි කරලා නමස්කාර කළා ඒ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්. ඊට පස්සේ අනුපිළිවෙළින් ඒ දාහතර නම ම සිහි කරලා මම වැඳ නමස්කාර කළා.
එතකොට මට ඊයේ භාවනාවෙන් ම පටන් ගන්නෙයි කියන එක කිව්වා. එතකොට ඒ ඊයේ භාවනාවෙදි එතන මේ, මම බැලුවා නේ අර චෙතො විමුක්තියයි ප්‍රඥා විමුක්තියයි. එතකොට ඒ දෙකෙන් අර house එක අපි බැලුවේ, දෙපැත්තට කැඩිලා යනවා කියලා අර මැද්දේ තියෙන, අපිට එනවා කබලිංකාර ආහාරය, ස්පර්ශය, වේදනාව. ඒක චෙතො විමුක්තියෙන් ඒක නැති වෙනවා කියන එක එතන ගත්තා tea cup එකේ. ඊළඟට ස්පර්ශයයි, ඉඳන් ධම්මමච්ඡරියට ගිහිල්ලා ධම්මමච්ඡරිය හරහා අපි චේතනා වෙලා වෙන්නා වූ කොටස, ඊට පස්සේ ප්‍රඥා විමුක්තියෙන් ඒක නැති වෙනවා කියන එක, ඒක ගත්තා.
එතකොට දැන් මං මේකෙදි අද බැලුවේ, දැන් මේකේ නැති අවස්ථාවක ඔය දෙක සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ ස්පර්ශය විසින් අපි දන්නවා මේ රූපයක් කියන එක ස්පර්ශ වුණා ම ස්පර්ශයෙන් වේදනාව ඇති වෙනවා, ස්පර්ශයෙන් සඤ්ඤාව ඇති වෙනවා. එතකොට එතෙන්දි අර මේක හැදෙනවා. උඩ, ගෙවල් දෙක සම්බන්ධ වෙන එක, එතන හැදෙනවා. එතකොට දකුණු අත පැත්තෙන් අපිට පේනවා ඔය සංස්කාර නිසා එතනින් jack එක ගහලා ඒ මනොසඤ්‌චෙතනාවෙන් විඤ්ඤාණයට යනවා කියන එක හැදෙනවා. ඉතින් ඒ විදිහට හැදෙනවා නම් මේ bridge එක හැදෙනවා කියන එක තියෙනවා. නාමරූපයෙන් අර මැද්දේ සඤ්ඤාවේ ඉඳන් චේතනාවට එතන bridge කරනවා කියන එක තියෙනවා.
එතකොට දැන් මං මේක, හොඳට මේ සම්බන්ධය බලාගෙන, දැන් මට තේරෙනවා මේ ඔළුවේ මේක connected කියන එක තියෙනවා. අර කැඩිලා නැතුව මේක තියෙනවා කියන එක තියෙනවා. ඒ පාර දැන්, මම ඕකට කලින් කරපු භාවනාවක් තියෙනවා. ඒ භාවනාවෙදි පෙන්නුවා ඕනෙ ම කෙනෙක් සඤ්ඤාව ස්පර්ශ කරන්නට ඕනෙ. අරූප ධ්‍යානයක වුණත් රූපය ස්පර්ශ කරන්න ඕනෙ. රූපය ස්පර්ශ කිරීමෙන් අර අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට එන්නේ, ඒ පැත්තෙන් ඇවිල්ලා ඔය රූපය ස්පර්ශ කිරීම කියන එක යම් ආකාරයකට කරේ නැත්තන් සඤ්ඤාව බිඳෙනවා. සඤ්ඤාව බිඳෙනවා නම් මේක පවත්වන්න බෑ, විඤ්ඤාණයේ ධාරාව පවත්වන්න බෑ. එතකොට හත් වෙනි ධ්‍යානයේ වුණත් ඒක කරන්න වෙනවා. එතකොට දැන් මෙහෙම කරගෙන තමයි අපි මේක පවත්වන්නේ කියන එක තියෙනවා.
එතකොට දැන් මම ආවා, මේ උඩ, අපි ඊයේ triangle එකක් බැලුවා නේ. කබලිංකාර ආහාරය, වේදනාව, ගිද්ධිලෝභය කියන ඒ triangle එක. එතකොට ඔය ගෙදර උඩ කෑල්ල, ඕක පවතින්නේ මේ පල්ලෙහා තියෙන column එක උඩ. එතකොට මේ පල්ලෙහා තියෙන column එකේ, පැවැත්වීමේ දැන් ඔන්න එනවා මම අර ඉන්ද්‍රිය අසංවරය කියන තැනට. ඉන්ද්‍රිය සංවරය, අසංවරය නිසා තමයි අපි රූප ස්පර්ශ කරමින් අරක පවත්වන්නේ. ඒක නේ මේ කරන්නේ. අපි දැන් මෙච්චර වෙලා කිව්වේ ඒක නේ.
එතකොට දැන් ඕගොල්ලෝ පළවෙනි පටිපදාවේ යනවා නම් මොකද වෙන්නේ? පළවෙනි පටිපදාවේ ඉන්ද්‍රිය සංවරය. එතකොට ඉන්ද්‍රිය සංවරය තියෙනවා නම් ඕක විරුද්ධයි විඤ්ඤාණස්ථිතියට. රූපය අල්ලගෙන විඤ්ඤාණය පවතිනවා කියන එකට ඒක විරුද්ධයි. එහෙනම් මං ස්පර්ශ කරන්න යන්නේ නෑ. ඒක කඩනවා කියන එක තියෙනවා. එතකොට විඤ්ඤාණස්ථිතිය එතන අර, අර උඩ bridge එක පවත්වන්න බෑ.
ඊළඟට ආයෙත් දෙවනි පාරට එනවා අපිට මේ වේදනාව ගැන සම්බන්ධයෙන්. දැන් මේ ස්පර්ශ කිරීමෙන් ඇති වෙන වේදනාව ගැන නේ මේ කතා කරන්නේ. අර කොටින් ම කියනවා නම් අර මේ කුණු අඹ ගෙඩියෙන් මේ කුණු වේදනාව. මේ කුණු අඹ ගෙඩියෙන් ඇති වෙන මේ කුණු වේදනාව පවත්වන්න තමයි අපේ මේ මේක තියෙන්නේ. එතකොට ඕකට තමයි අපි react කරන්නේ, ප්‍රතිචාරයක් දක්වන්නේ. එතකොට එතනින් එනවා ඕගොල්ලන්ට, අපි භාවිතා කරනවා නම් ඉද්ධිපාදය කියන එක එහෙම නම් මං ඉද්ධිපාදයේ දී මේකට සෙලවෙන්නැතුව ඉන්නවා. එතකොට මෙතෙන්දි කල්පනා කරන්න ඕනෙ මේ වේදනාවට, දැන් මොකද ඉද්ධිපාදය අපිට ඕනෙ වෙන්නේ? අපි දැනගන්නවා අර diamond එකේ කතාව.
ඒ කියන්නේ වේදනාවෙන් අපි යනවා උඩ චේතනාවට. චේතනාවෙන් ඉදංසච්චය. ඉදංසච්චයෙන් භය අගතිය. භය අගතියෙන් වේදනාව. එතකොට එතන තියෙනවා නේ අලුවා කෑල්ල. එතකොට අපි දන්නවා ඒ පැත්තෙන් එන්නා වූ දේවල් නවත්තගන්න ඕනෙ. නැත්තන් මේ, ඉද්ධිපාදය නැතුව මං එහෙම ආවොතින් වේදනාවට ආවොතින් වේදනාව දිගේ මං පල්ලෙහාට බහිනවා නේ. උඩින් නැති වුණත්, දැන් කෙනෙකුට පේනවා මං ඉන්ද්‍රිය සංවරය නිසා උඩ bridge එක හදන්න දෙන්නේ නෑ. දෙන්නේ නැති වුණත් මේ diamond එකේ, අලුවා කෑල්ලේ, ඉදංසච්චයේ ඉඳන්, මං පිරිමියා කියලා කාන්තාව දෙස බලනවා කිව්වෙ, අන්න ඒ වගේ, ඉදංසච්චයේ ඉඳන් භය අගතිය, භය අගතියෙන් වේදනාවට ඇවිල්ලා එතනින් පල්ලෙහාට එනවා අපි ඕඝය කියන එක, එතෙන්ට ඇවිල්ලා අපිට පේනවා විඤ්ඤාණය පිහිටනවා කියන එක. ඒ විඤ්ඤාණය පිහිටන එක, එහෙනම් ඒක නැති කරගන්න ඉද්ධිපාදය කියන එක තියෙන්න ඕනෙ. දැන් එතකොට bridge එකේ අර කෑල්ල මේක නිසාවත් වෙන්න දෙන්නේ නැතෙයි කියන එක තියෙන්න ඕනේ.
ඊළඟට තුන් වෙනි පාරෙදි ඕගොල්ලන්ට එනවා, දැන් සඤ්ඤාව අල්ල ගෙනයි ඉන්නේ. දැන් හැදුණා වූ යම්කිසි සඤ්ඤාවක් තියෙනවා ද ඒක අල්ලගෙන තමයි මේ ඊළඟට ඉන්නේ තුන් වෙනි පාරේ. එතකොට එතන විඤ්ඤාණස්ථිතිය කියන එක. ඒක නැති වෙන්න නම් සප්ත බොජ්ඣඞ්ගය කියන එක භාවිතා කරන්න ඕනෙ. එතකොට සප්ත බොජ්ඣඞ්ගයේදි ඔතන කොටස් හතක් තියෙනවා නේ. එතන ටිකක් ගැඹුරුයි. එතකොට අපිට පේනවා මුලින් ගත්තහම මම සති සම්පජානය සහිතව මම ප්‍රීති සම්බොජ්ඣඞ්ගා, ඒ කෑල්ල ගන්නකො. ප්‍රීති සම්බොජ්ඣඞ්ගය එන්න නම්, ඒ කියන්නේ මම කයෙන් අයින් වෙලා ඉන්නවා කියන එක මගේ එතන තියෙන්න ඕනෙ. ඒ කියන්නේ මම මේක දෙතිස් කුණපයක් කියලා අර එකත් එක්ක අල්ලන්නැතුව අර පළවෙනි පාර දිගේ ගත්තා වූ එක support කරගෙන මෙතන මේ පැත්තට ඇවිල්ලා ඉන්න පුළුවන්කම කියන එක තියෙන්න ඕනෙ.
ඊළඟට දැන් සඤ්ඤාව පැත්තෙන් ගන්නවා නම්, මොන ආකාරයේ සඤ්ඤාවක් වේවා ඒකට උපෙක්ඛාව කියන එක මම පවත්වන්න ඕනෙ. ඒ කියන්නේ රූපයත්, රූපය ස්පර්ශ කිරීමෙන් ඇති වෙන්නා වූ, ඒක හා associated වෙලා තිබෙන්නා වූ ධර්මයන් කියන සම්බන්ධයෙන් මං උපෙක්ඛාව කියන එක පවත්වන්න ඕනෙ. නැත්තන් මං ඒවා ලාභයක් කියලා අරගන්නවා. ඒවා ලාභයක් කියලා ගත්තොත් ආපහු මං රූපයට යනවා. ඒක නිසා මම ඒ බොජ්ඣඞ්ගය කියන එක පවත්වන්නට ඕනෙ. එතකොට සඤ්ඤාව අල්ලගෙන විඤ්ඤාණය පවතින්නේ නැහැයි කියන එක.
දැන් එතකොට ඊළඟට තියෙන්නේ බලන්න, හරි ලස්සනයි. දැන් අපි මුලින් කතා කළේ ඉන්ද්‍රිය සංවරය කියන එක. ඉන්ද්‍රිය අසංවරය මගින් අර විඤ්ඤාණය, ඔතන bridge එක හදන්නේ. දැන් ඊළඟට තියෙන්නේ මොකද්ද?
සුඛභාගී ධර්මයේ ඊළඟට එන්නේ සබ්බනිස්සග්ගය. සියල්ල අත හැරීම. සියල්ලයි කිව්වේ ඇහැයි, කනයි, නාසයයි, දිවයි, ශරීරයයි, මනසයි. එතකොට අර ඉන්ද්‍රිය සංවරයයි මේකයි පේනවා ද සම්බන්ධතාවය. මුලින් කිව්වා ඉන්ද්‍රිය අසංවරය තියෙනවා නම් මට මේ වැඩේ තියෙනවා ඒක හින්දා ඉන්ද්‍රිය සංවරය ඕනෙ. දැන් සබ්බ නිස්සග්ගයෙන් කියනවා මේක නිසා ඇති වෙන්නා වූ යම්කිසි දෙයක් තියෙනවා ද, ඒ සියල්ල ම මම අත අරිනවා. ඇහැයි, කනයි, නාසයයි, දිවයි, ශරීරයයි, රූපයයි, ශබ්දයයි, ගන්ධයයි මේ පැත්තෙන් ඔක්කොම මම අතහරිනවා. අත හරින්නේ නැතුව මේක කරන්න බෑ.
එතකොට මේක කළහම මනස හරියට විවෘත වෙනවා. විවෘත වෙලා අර නිකන්, open වෙලා එතන ඒ තියෙන ස්වභාවය තියෙනවා. ඒ කියන්නේ අර bridge එක නෑ. උඩ bridge එක නෑ. විඤ්ඤාණයට පවතින්න තැනක් නෑ නේ. ස්ථිතියක් නෑ. ඒක නිසා මෙතන open වෙලා තියෙනවා. ඒ පාර රහතන් වහන්සේ මට “ඇතියි” කිව්වහම දැන් මං රහතන් වහන්සේලාට, ඒ ආපහු සිහි කරනකොට මට තේරෙනවා අර වෙනදා වගේ අරකත් එක්ක අල්ලන්නේ නෑ.
ඒ පාර දැන් මං මේක බලෙන් ගන්නවා. බලෙන් ගන්නවා ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ. ඒ ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ. අර ඒකත්වය, දැන් මං කියනවා මට ඒකත්වය ගන්න ඕනෙ මේක. එකකට එන්න ඕනෙ මෙතන මේ කතාවට. ඒ කියන්නේ මම ඒ බුදු පියවරුත් එක්ක ඉන්නවා කියන එක ම නේ මං මේක අල්ලගෙන ඉන්නේ. ඒක තමයි මගේ strong point එක. දැන් මේකත් මං බලෙන් උත්සාහයෙන් ගන්න ඕනෙයි කියන එක.
එතකොට මට තේරුණා මෙහෙම හිටියෝතින් එහෙම, මේක අත ඇරලා හිටියෝතින් එහෙම මෙතනින් ඉවරයි මේ කතාව. ඒ පාර රහතන් වහන්සේ කිව්වා “මේකෙන් ම මේක වෙනවා කියලා නොකියමි” කියලා. තවත් එකක් තියෙනවා කියන එක.
මට ටක් ගාලා තේරුණා නන්දිය. අර මැරිලා ඉපදුණාම ආපහු මේක, ඒ කතාව, නන්දියෙන් තමයි මේක bind කරගෙන තියෙන්නේ. දැන් මේක open වුණා, මෙතන පවතින්නේ නෑ, ඔයාගේ නන්දිය කියන එක තියෙනවා නේ. නන්දියෙන් තමයි මේක අල්ලගෙන තියෙන්නේ. අර උඩ කෑල්ලයි, මෙතන යට කෑල්ලයි, ඒ දෙක. ඒ කියන්නේ නන්දිය අයින් කළොතින් තමයි, ඒක නේ වම්මික සූත්‍රයේ නන්දිය අයින් කළහම රහත්, ඒක කෙළින් ම ඔක්කෝම ටික ඉවරයි. නන්දියෙන් තමයි මේක අල්ලගෙන තියෙන්නේ. මේක කැඩුණා, නැවතත් හදමු, හදන්න, මළා, උපදිමු කියන අර්ථයට ඒක එනවායි කියන එක. ඉතින් මේ තරම් අර ලස්සනට ඒක අර ඉන්ද්‍රිය සංවරයයි ඒ කාරණා හතර, ඕකට කියන්නේ සුඛභාගීය ධර්මය.
සතර සුඛභාගීය ධර්මය තමයි ඔය කිව්වේ. ඉන්ද්‍රිය සංවරයයි, එතනින් ඉද්ධිපාදයයි, ඊළඟට මේ බොජ්ඣඞ්ගයයි, ඊළඟට සබ්බනිස්සග්ගයයි. ඒක තමයි සුඛභාගීය ධර්මය කියන එක. ඒක හරි, හරි ලස්සනයි ඒ භාවනාව බැලුවහම. ඒක තමයි කළේ. ඒ කියන්නේ ඒකෙදි පෙන්නුවා විඤ්ඤාණයෙන් දැන ගත්තොතින් යමක් තමයි අපිට ප්‍රශ්නය කියන එක තියෙන්නේ. ඒක නේ නිර්වාණයේ දී විඤ්ඤාණයෙන් දැනගැනීමක් නෑ.