Date: 22/07/2014 Name: Nibbana (Strong) the second

ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා නමස්කාර වේවා. මම මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ සිහි කළා ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්. මේ විදිහට බුදුපියවරු තුන් නම, හත් නම, දාහතර නම සිහි කරලා වැන්දා.

ඒ වැඳලා ලෝභය නැති කරමි කියන තැනින් මට, සිහි කරනකොට ම මට මතක් වුණා අර ඊයේ භාවනාව. Tea cup එකේ වම් අත පැත්ත කියන එක. එතකොට මේකත් එක්ක මට කල්පනා වුණා මේකේ, මේකේ සම්බන්ධතාවයන් ගොඩක් තියෙනවා නේ. දැන් ඔතන ඔය ලෝභය කියන එක කබලිංකාර ආහාරය, ස්පර්ශය, වේදනාව, ගිද්ධිලෝභය කියන belt එක කැරකෙනකොට අපි දන්නවා අර කොඩිය හැදෙනවා කියලා. කොඩිය කිව්වේ මේක ලාභයි කියලා අරගෙන අපි හිතමු, සරලව කියනවා නම් අඹ ගෙඩියක්, අර කුණු අඹ ගෙඩිය කපලා දාලා, මේක කාලා, මේකෙන් ඇති වෙන වේදනාව, මේ වේදනාවෙන් මං මේ විදිහට ජීවත් වෙනවා. ඕක නේ තියෙන්නේ. ඒ වේදනාවෙන් ජීවත් වෙනවා කිව්වහම ඉතින් ඔන්න චේතනාවට යනවා.

එතකොට අපිට පේනවා අර කොඩියේ එක පැත්තක් එනවා කියලා. අනිත් පැත්ත ගත්තහම ඕගොල්ලන්ට පේනවා. ජාතියේ ඉඳන් ජරාවට යනවා, ව්‍යාධිය දක්වා එනවා, ඉතින් ඕක මරණය දක්වා ම යනවා. ඉතින් එතකොට ඔතන හරියට නිකන් කලිසම් කකුල වාගේ, එහෙම නැත්තන් කොඩිය වාගේ කියලා පේනවා. එතකොට දැන් මේ, ඕක කලින් ඉතින් බලලා තියෙන ධර්මයක්. ඒකත් එක්ක ම මට පේනවා මේක නිසා අර area 1 එක හැදෙනවා ඔය දැන් කිව්ව කබලිංකාර ආහාරය, වේදනාව, ගිද්ධිලෝභය area 1 එක වෙනවා. ඊළඟට area 4 එක හැදෙනවා. එතන තියෙන වේදනාව, පරාමාසය, එතනින් පල්ලෙහාට යන භය අගතිය කියන එක. ඒක area 4 එක වෙනවා. එතකොට අපි ඔතන බලලා තියෙනවා අර පල්ලෙහායින් අත්තා කියලා ගත්තහම තමයි මෙතන මේ ගිද්ධිලෝභයට යන්නා වූ කියන දේ සිද්ධ වෙන්නේ කියන එකත් බලලා තියෙනවා.

එතකොට මේ සම්බන්ධතාවයයි පේනවා ඔය විදිහට අර උඩින් ගිහිල්ලා අර diamond එක වාගේ සම්බන්ධ වෙන කෑල්ල පේනවා. දැන් මෙතන පේනවා මේ මේක ගැන ඒ විකල්පයක් තියෙනවා නම්, මේ ලෝභය නිසා තමයි මේක, tea cup එකේ මේ කෑල්ල ඇති වෙන්නේ කියලා දැනගෙන ඒකට විකල්පයක් තියෙනවා නම් මම ඕක කරන්නේ නැහැයි කියලා, එහෙම නම් ඔය කබලිංකාර ආහාරයේ ඉඳන් මම ස්පර්ශ වෙලා වේදනාවට එන එක කරන්නෙ නැහැයි කියන එක තියෙනවා. ඊයේ භාවනාවේ ඉතින් ඔය අර්ථය නේ තියෙන්නේ. චෙතො විමුක්තිය තියෙනවා නම් මේ කබලිංකාර ආහාරයේ ගත යුත්තක් නැහැ මේකේ මහා දුක්ඛයක් තමයි ඇති වෙන්නේ කියලා තේරෙනවා නම්, අර ඒක අසූචි ගොඩක් වශයෙන් බලනවා නම් කුණු ගොඩක් වශයෙන්, වේදනාවට react කරන්නේ නැත්තන්, එතනින් මේක ඉවරයි කියන එක පේනවා. අර ගේ කතාව හැදෙන්නෑයි කියන එක.

එතකොට දැන්, දැන් මෙතන කල්පනා කළේ මම මොන හේතුව නිසා ද අපි, මෙතන මේ විඤ්ඤාණය ධාරාව වශයෙන් පවත්වන්නේ? ඒ කියන්නේ වේදනාවට ආවා, වේදනාවෙන් අපි දන්නවා අර නාමරූප කියන cross එක. එතකොට මේ උඩ සඤ්ඤාවෙන් වේදනාවට අගයක් දීලා තමයි ඔතෙන්ට අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඕක වෙනවා නම් තමයි අර, මේ ගෙවල් දෙක එකට සම්බන්ධ වෙන්නේ. එතකොට මේක වෙන්නේ, මොකද්ද මේ point එකට කියන්නේ කියන එක මම කල්පනා කළහම ඉතින් ඕක flow වෙන්නේ මොකද්ද කියන එක, ඉතින් මට කල්පනා වුණා මෙතන්ට නේ මේ රහතන් වහන්සේ මේ තණ්හාව කියලා දාලා තිබුණේ. එතකොට මේ තණ්හාව නිසායි මේ flow එක වෙනවා කියන එක පේන්නේ.

එතකොට ඔය තණ්හාව රවුමේ 8න් පස්සේ සිද්ධ වෙන්නේ. එතකොට ඒ කියන්නේ අපි අර පකප්ප, කප්පං කියලා කියන්නේ. ඒ කප්ප කියන පාර දිගේ ඇවිල්ලා තමයි තණ්හාවට වේදනාව, එතනින් තණ්හාව කියන එක ඒ රවුමේ යන්නේ. දැන් මේක මං හොඳට බලාගෙන එනකොට ඔය, මීට ඉස්සෙල්ලා කරා භාවනාවක්, ඕකේ තේරුම් ගත්තා ඔය කර්ම විඤ්ඤාණය කියන එක, ඒ කියන්නේ රූපයක් දැක්කහම සුභයි කියලා ඇතුල් වෙලා අපිට එනවා අර පළවෙනි පාරේ ඉදංසච්චයට ඇදෙන එක. ඒකට පස්සේ අපි, ඒ හැදෙනවා මානයෙන් කරකවලා ලොකුවට අර උස point එකක් හැදෙනවා. අර bell shaped curve එකක මුලින් හැදෙන කෑල්ල තියෙනවා වේදනාව ඒක තමයි අපි කෑමක් කෑවහම දැනෙන එක. ඊට පස්සේ උඩින් හැදෙනවා තමන්ගේ මානයෙන් අටවන එක, bell shaped curve එකේ උඩ ම point එක. මේ වාගේ තැනක් ගත්තහම අන්න ඒක තමයි මානයෙන් හදන එක අපිට දැනෙන්නේ ඒක මේ පැත්තේ තියෙන පොඩි එක. ඊට පස්සේ ඕක බැහැලා යනවා. ඕකට තමයි අපි මේ react කරගෙන විජහට හදාගෙන යන්නේ. අවිද්‍යාව තියෙන්නේ මේ මෙතන මුල ම point එක හදන එකට, දෙවෙනි point එකට. ඕක තමයි කර්ම විඤ්ඤාණය කියලා කියන්නේ. ඕක flow වෙන්නේ ඇයි? මේ පැත්තෙන් විඤ්ඤාණය ධාරාවක් වශයෙන් මේ පැත්තෙන් ආවහම ඇයි මම තව එකක් හදන්නේ? මේ මැද point එකට යන්නේ ඇයි කියන එක බැලුවොතින් ඔතන භාවනාවක් තියෙනවා.

ඒ භාවනාවේ පෙන්නුවේ, ඔය h1, h2 කියලා දුරවල් දෙකක් පෙන්නනවා. අර නාමරූපයේ ඉඳන් සඤ්ඤා චේතනාවලට තිබෙන්නා වූ දුර h1 කියලා කිව්වොතින්, ඊට පස්සේ ඔය විචිකිච්ඡාව නිසා තමයි අපි අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට යන්නේ. එතකොට ඒකට සැකයේ ඉඳන් තියෙන්නා වූ දුරට කියනවා h2 කියලා. ඔය රහතන් වහන්සේ පෙන්නුවේ h1 කියන එක h2 වලට වඩා වැඩි වුණා නම් තමයි මේ අර උස ම point එක අපි හදන්නේ, flow වෙන්නේ. විඤ්ඤාණය ධාරාවක් වශයෙන් පවත්වන්නේ. එතකොට තමයි කර්මය කියන එක සිද්ධ වෙන්නේ.

එතකොට ඕකේ අවස්ථාවන් තියෙනවා, කලින් පෙන්නලා දීලා තියෙනවා ඔය h1 බිංදුවයි h2 බිංදුවයි අවස්ථාවේ දී තමයි හොඳට ම අපි මේ ධාරාව ගමන් කරන්නේ. H1 බිංදුව කියන්නේ සඤ්ඤාවයි චේතනාවයි දෙක ම එකට. H2 බිංදුවයි කියලා කිව්වහම සැකය කියන එක තියෙන්නේ අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට යන line එකේ. සැකය අඩු ම අවස්ථාව, ඒ වගේ ම ඕගොල්ලන්ට පේනවා මෙතන support එක කියන එක බොහොම වැඩි ම අවස්ථාව. Strong. හොඳට support එකක් තියෙනවා. H2 වැඩි වෙන්න වැඩි වෙන්න support එක අඩුයි. අර ලීයට නිකන් පන නෑ වාගේ. භය අගතියට ගිය point එකට ගියහම ඕගොල්ලන්ට පේනවා ඒක වැඩියි. දැන් roller coaster එකක මනුස්සයෙක් නගින්න කිව්වට නගින්නෑ නේ එයාට බයයි නේ මේක මොකක් වෙනවද දන්නෑ කියලා එතකොට සැකය තියෙනවා අධිකව. එතකොට, මෙන්න මේ අවස්ථාව කියන එක බැලුවා. කලින් බලලා තිබුණා ඕකේ ඔය විදිහට ගිහිල්ලා, ඔය දැන් h1, h2 බිංදුව අවස්ථාව බැලුවා, ඊට පස්සේ h1, h2 වැඩි වෙන අවස්ථාව කියනකොට අර රහතන් වහන්සේ පෙන්නුවා අර peak දෙකක් තියෙනවා නේ අර සෝක කරන තැන ඇති වෙන point එකයි, මෙතනින් ඔය නාමරූප point එකයි. ඔන්න ඔතෙන්ට එනකන් භාවනාවක් කරලා තියෙනවා ඒක වෙනම අහන්න ඕනෙ.

එතකොට දැන් මට පේනවා මේකේ එහෙනම් මේ තණ්හාව කියන එක පේනවා. මේ නාමරූප point එක එතන තියෙනවා. ඊළඟට අර පල්ලෙහායින් අපි භයේ අගතියට ගිහිල්ලා තියෙනවා කියන එක තියෙනවා. දැන් මේ flow එක යන්න නම් මෙහෙන් ආවහම මෙහෙන් එන්න ඕනේ. මෙහෙන් එන්න නම් මේ භයේ අගතියයි මෙතන සෝකයයි. ඉතින් ඔතන එනවා මට අර තණ්හාව නිසා “ජායතී සොකො තණ්හාය ජායතී භයං” කියන එක, ඒ මේවා එක එනවා. එතකොට මෙතන, මේකේ වටිනාකම බොහෝ ම තදට පේනවා මං ඕක කලිනුත් ඔය භාවනාව කරලා තියෙනවා ඔය triangle එක.

එතකොට මෙතනින් පේනවා මෙතන අත්තා කියලා මෙතන පල්ලෙහායින් ගහනවා නම් තමයි මේකේ මේ ප්‍රශ්නේ, ඉතින් රහතන් වහන්සේ කිව්වා “සාධු සාධු ඕක තමයි කූඤ්ඤය.” කියලා. Tent එක හදන කූඤ්ඤය. දැන් tent එකක් හදනකොට මෙහෙම තියෙනවා නේ අර එලියට යන්න, මෙතනින් මැද්දෙන් ගහලා තියෙනවා නේ කූඤ්ඤයක්. ඒකෙන් තමයි මේක lock කරලා තියෙන්නේ. ඉතින් මෙතන මේ, බුදුහාමුදුරුවෝ ඔය තණ්හාය ජායතී සොකො, තණ්හාය ජායතී භයං කියලා කියන්නේ මෙන්න මේක දැකලයි, මේ කතාව දැකලා. මේ 8න් පස්සේ මේක අපි මේක කරකව කරකව යන අවස්ථාව තියෙනවා නේ. මේක දැකලා. ඒක තමයි බුදුහාමුදුරුවෝ මේක පෙන්නන්නේ. ඉතින් අරක lock කරලා තියෙන්නේ ඔය අත්තා කියලා, අහංකාරයත් එක්ක ගහනවා නේ. අහංනුයි මමංනුයි හැංගිලා ඉන්න තැනින් තමයි ඔතන කූඤ්ඤය ගහලා තියෙන්නේ.

ඉතින් ඒක කළහම අර ඊයේ භාවනාවේ මං කිව්වේ මෙතන මේ ඔළුවේ මැද්දෙන් කූඤ්ඤේ, කූඤ්ඤයක්. ඒ කූඤ්ඤේ වෙන්න ඇති මං හිතන්නේ. මට ඒක දැනෙනවා. ඇතුළෙන් මට පේන්නේ කූඤ්ඤයක් ගහලා වගේ තමයි, මට ඊයෙත් ඕක තිබුණා, කලිනුත් මට තේරුණා මේ ඔළුව පලලා මේ මේ මැද්දෙන් කූඤ්ඤයක් ගහලා. ආහ්, ඒක තමයි දැනෙන්නේ. ඒ කූඤ්ඤේ ගලවන්න පුළුවන්. ඒක තමයි ඒක හොඳට තේරෙන්නේ.

ඒක තමයි කරපු භාවනාව. ඉතින් අර ඊයේ වගේ ම තමයි.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_BhayabheravaDiagrams/S_BhayabheravaDiagrams-08.jpg