ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා, නමස්කාර වේවා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන් වැඳ නමස්කාර කළා. මේ විදිහට අනුපිළිවෙළින් ඒ බුදුපියවරු දාහතර නමට ම වැඳ නමස්කාර කළා.
ඒ කළහම මට ලෝභය නැති කරමි කියලා කියනකොට මට මතක් වුණා අර ඒ කබලිංකාර ආහාරය, ස්පර්ශ වේදනා ඉඳන් ගිද්ධිලෝභයට යන loop එක. ඒක මතක් වෙනවත් එක්ක ම මට කල්පනා වුණේ අර පෙටකොපදෙසයේ පෙන්නනවා නේ අර “උන්නළානං පමත්තානං” ගාථාවේ පෙන්නනවා මේ, ඔය විදිහට තණ්හාව නිසා කාම ආශ්‍රව භව ආශ්‍රව වන්නේ ය, දිට්ඨිය දිට්ඨි ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව වෙන්නේ ය කියලා. ඔන්න ඕක මං බැලුවා. ඕක මෙනෙහි කරන්න හිතුණා, ඒක “හොඳයි” කියලා රහතන් වහන්සේ කිව්වා. එතකොට මට එතන ඔය කාම ආශ්‍රව කියන එක ඇති වෙන්නේ මොන රවුමේ ද කියන එකයි මං බැලුවේ.
එතකොට අපි දන්නවා කාම ආශ්‍රව ඇති වෙන්න නම් සුඛයි කියලා ඒක ගන්න ඕනේ. සුඛ වුණාට පස්සේ, ඒකේ ඒ විපල්ලාසයෙන් පස්සේ තමයි අපිට කාම ආශ්‍රව තියෙන්නේ. එතකොට එහෙම නම් ඒ තුන් වෙනි රවුම ද කියන එක මං බැලුවා. ඉතින් තුන් වෙනි රවුම ද කියන එක බැලුවහම මට ඒක තීරණයක් ගන්න බෑ හරියට ම. තුන් වෙනි රවුමේ දී සුඛය අර යන්තම් හටගැනීමක් නේ එතන තියෙන්නේ. මොකද රහතන් වහන්සේ කලින් පෙන්නලා දීලා තියෙනවා මේ හතර, ඒ කියන්නේ පස් වෙනි රවුම වෙනකන් තීරණයක් නෑ. ඉදංසච්චයට ඕවා ඇදෙනවා තමයි. සුඛයි කියලා ඇදෙන ඒවා දේවල් තියෙනවා. නමුත් තීරණයක් නෑ.
ඉතින් රහතන් වහන්සේගෙන් ඇහුවහම රහතන් වහන්සේ කිව්වා “හතරෙන් පස්සේ කියලා.” ඒ කියන්නේ හතර වෙනි රවුමේ දී අපි දන්නවා අර begging the feeling කියන එක කියන්නේ අරකේ, පෝතලිය එකේ. එතකොට සුඛය ඇදෙනවා. අරක සංස්කාර නිත්‍යයි කියලා අර පැත්තෙන් එනවා. ඒ පාර 4.4 දිනේ පෝතලිය සූත්‍රයේ පෙන්නන්නේ, පරාමාස වෙන්නේ. එතකොට ඒ හතරේ රවුමෙන් පස්සේ තමයි මේ අපිට ඕක සිද්ධ වෙන්නේ. කාම ආශ්‍රවය කියන එක. අර නිත්‍ය කතාව එන්න ඕනේ. අර සුඛය කියන එක යන්තම් තිබුණාට හරියන්නෑ. කවුරු හරි කෙනෙක් මගේ කටේ නිකන් මොනවා හරි එකක් රසයක් ගාලා ගියාට හරියන්නෑ ඒ මනුස්සයා මට කන්න දෙන්න ඕනේ. නැවතත් ආපහු ස්පර්ශ කරන්න පුළුවන් වෙන්න ඕනෙ. අන්න එතකොට තමයි මට ඕකේ කාම ආශ්‍රවය කියන එක තියෙන්නේ.
ඊළඟට ආපහු දැන් මං බැලුවා භව ආශ්‍රවය කියන එක වෙන්නේ කොහොම ද කියන එක. මොන රවුමේ දී ද ඕක වෙන්නේ කියන එක. එතකොට ඒ භව ආශ්‍රවය කියන එක වෙන්න නම් අපි දන්නවා අර අත්තා කියන එක වෙන්න ඕනෙ කියන එක. එතකොට අර අත්තා කියලා පල්ලෙහාට ආවහම පස් වෙනි රවුම, මතක ද 5A කියලා එහෙම කිව්වේ, ඒ අත්තා වුණහම ඔන්න ගිද්ධිලෝභය කියන තැනට එතන අපි ඇවිල්ලා තියෙනවා. ඒ රූපය ලාභයක් කියලා අපි අරන් තියෙනවා. චේතනා අගයක් දීලා තියෙනවා. අන්න ඒ වුණහම, ඒ කියන්නේ පස් වෙනි රවුමෙන් පස්සේ තමයි අපිට මේ භව ආශ්‍රවය කියන එක තියෙන්නේ. රවුම් පහක් කරකවලා. මේකෙන් දැන් අපි ඉන්න හදනවා. මේ කුණු අඹ ගෙඩියෙන් මේ වේදනාව, මේ වේදනාවෙන් මං පවත්වන්න හදනවා කියන එක තියෙනවා. එතකොට අත්තා කියලා ගත්තහම ඔන්න අපිට භව ආශ්‍රවය කියන එක එනවා පස් වෙනි රවුමෙන් පස්සෙ. හතරෙන් පස්සේ කාම ආශ්‍රවය. පස් වෙනි රවුමෙන් පස්සේ භව ආශ්‍රවය.
ඊට පස්සේ දැන් බැලුවා දිට්ඨි ආශ්‍රවය කියන එක. ඉතින් දිට්ඨි ආශ්‍රවය බලනකොට දැන්, දැන් මට එකපාරට ම කල්පනා වෙච්චි එක තමයි ඕක හත් වෙනි රවුමෙන් පස්සේ තමයි ඕක වෙන්නේ කියන එක. මොකද 7.1 කියන එක ධම්මමච්ඡරියෙ චේතනාව කියන එක වෙන්න ඕනෙ. දැන් මෙතන ධර්මය ටිකක් ගැඹුරුයි. හිතාගන්න ගියහම බොහොම අමාරුයි. ඒ බොහොම අමාරු අවස්ථාවේ දී රහතන් වහන්සේගෙන් උදව්වක් ඉල්ලුවහම ඉතින් රහතන් වහන්සේ කිව්වා, “දරුවෝ ඔබ එතකොට මේ තථාගතයන් වහන්සේට ඒ සම්පූර්ණයෙන් ම ගෞරව කරනවා ද” කියන එක මේ වෙලාවේ. එතකොට මම කිව්වා, නැහැ, මොකද මේ ආශ්‍රවයන් තියෙන නිසා ඒ බුදුහාමුදුරුවන්ට සම්පූර්ණයෙන් ම ගෞරව කිරීම කියන එක අපේ නෑ. දැන් මෙත්තාව කියන එකෙන් ඕගොල්ලෝ අප්‍රමාණයට යනවා කිව්වහමත් එතනත් ප්‍රශ්නේ තියෙනවා, අපේ මිච්ඡා දිට්ඨිය තියෙනතාක් කල් අපේ මෙත්තාවෙන් අප්‍රමාණයේ යම්කිසි පොඩි ගැටුමක් තියෙනවා ඔතන. එතකොට ඒ වාගේ තමයි මේ කාම ආශ්‍රවය කියන්නේ මොනවා හරි ඒ ආශ්‍රවයන් තියෙනතාක් කල් අපි බුදුහාමුදුරුවන්ට සම්පූර්ණයෙන් ගරු කරනවා කියන එක නෑ. මොකද ආශ්‍රවය තියෙනකන් අපි, ඒ කියන්නේ හරි නම් අපි ඉතින් නිවන් දකින්න ම එපායැ. ආශ්‍රව නසන කන් ඉතින්, බුදුහාමුදුරුවෝ කිව්වේ ඒක නේ කරන්න කියලා. ඒක කරන්නේ නැහැක් කල් අපි ගෞරව කරනවා කියන එක නැහැ. ඔන්න ඔය අර්ථය ඇතෙයි කියලා කිව්වා.
එතකොට මට තේරුණා. ඒ කියන්නේ, එහෙම නම් අර, ඒ කියන්නේ support එක complete නෑ. ඕක අර h1 h2 කියලා අගයන් එක්ක මං පෙන්නුවේ මේ භාවනාවෙදි. අන්න ඒකත් එක්ක මෙතන සම්බන්ධ වෙනවා කියන එක මට පෙනුණා මේ column එකේ support එක කියන එක. එතකොට මෙතෙන්දි මට පෙනුණේ දැන් මේ අර නිත්‍යයි කියලා ආපු ගමන් ම මේක සිද්ධ වෙන්නේ නෑ, නිත්‍යයි කියලා නෙමේ මේ, ධම්මමච්ඡරියෙන් මං මේ විදිහට ජීවත් වෙනවා, පවතිනවා කිව්ව පලියට 7.1 දිනේ අපේ, චේතනා අගය දෙනවා නේ ධම්මමච්ඡරිය නිසා method එකට. ඒක වෙච්චි ගමන් හරියන්නේ නෑ. මං රස්සාවක් කරනවා කියලා හිතපු පලියට ම ඕක හරියන්නේ නෑ. ඒ ආයතනයෙන් කියන්න ඕනෙ හොඳයි ඔයාව අපි පිළිගන්නවා නේ ද? ඒ කියන්නේ මෙයාගේ සංස්කාරවලට value එකක් දෙන්න ඕනේ. නැත්තන් ඕක දෙපැත්තක් නේ රස්සාවකට. සංස්කාර value එකට දෙනවයි කියන්නේ එතකොට එහෙනම් ඕගොල්ලන්ට පේනවා එක පැත්තකින් ධම්මමච්ඡරිය කියන එක යනවා චේතනාවට. සංස්කාර නිත්‍යයි කියලා ගත්තා නම් ඕගොල්ලෝ එනවා භයේ අගතියට. ඔය කෑලි දෙක නේ තියෙන්නේ. ඉදංසච්චයේ ඉඳන් එනවා.
එහෙනම් දැන් path එක පේනවා නේ ද? සංස්කාර, ධම්මමච්ඡරිය ගත්තා, අපි ආවා මෙතනින් පරාමාසකායගන්ථයට, වරදවා වටහා ගැනීම කියන එක තියෙනවා. එතනින් තියෙනවා ඉදංසච්චයට ගිය, ඇදිච්ච එක. එතනින් එනවා භයේ අගතියට. ඔන්න ඔය කෑල්ල එනකොට, අර මෙහෙම ගිහිල්ලා තියෙන්නේ දැන්. එහෙම වුණහම තමයි මේකේ දිට්ඨි ආශ්‍රවය කියන එක ඒක සිද්ධ වෙන්නේ.
එතකොට එතෙන්දි ඒ කියන්නේ අට වෙන්න ඕනෙ, අටෙන් පස්සේ. අටේ දී නේ අපි දෙන්නේ. අට වෙනි රවුම වෙනකොට තමයි සංස්කාර අගයන් කියන ඒවා අපි දෙන්නේ. එතකොට අර පරාමාසයේ ඉඳන් ඉතින්, ඔය රහතන් වහන්සේ කලින් පෙන්නුවා ඔය කුක්කුච්චය නිසා, එතනින් එනවා නේ අගයන් දීලා තියෙනවා අපි පල්ලෙහාට බහින්න, පරාමාස වෙච්චි අගය භයේ අගතියට යන්න එතනින් ඇවිල්ලා තියෙනවා ඒ අවස්ථාව වෙනකොට. එතකොට මෙන්න මෙහෙම වෙනකොට තමයි ඔය දිට්ඨි ආශ්‍රවය කියන එක තියෙන්නේ. එතකොට එහෙනම් අටෙන් පස්සේ, අට වෙනි රවුමෙන් පස්සේ තමයි ඔය දිට්ඨි ආශ්‍රවය කියන එක, ඒක තියෙන්නේ. ඉතින් ඒ වෙනකොට පැය බාගේ පැනලා. රහතන් වහන්සේ කිව්වා “ඇතියි” කියලා නවත්තන්න. ඉතින් නැවැත්තුවා.
අවිද්‍යා ආශ්‍රවය එතනින් එහා පැත්තේ. මට හැඟීම දුන්නේ දහයෙන් පස්සේ කියන එක තමයි, දැන් ඉතින් බලන්න ඕනේ හෙට දිහාට ඒ භාවනාව. ඒක තමයි මං කරපු භාවනාව.
ඉතින් එහෙම කරලා ඉවර වෙලා රහතන් වහන්සේලාට, මම අර මතක් කරනවා නේ ආපහු කෘතඥතාවයට. එතකොට ආපහු අර කූඤ්ඤේ. ආපහු කූඤ්ඤේ. අර ඔළුව, කූඤ්ඤේ ගලවන කෑල්ල තියෙන්නේ. ඒක එහෙම ම එනවා. මේක භාවනා කරලා, කෘතඥතාවය පල කරනකොට මේක එහෙම වෙනවා. ඒක ඔය පළවෙනි පාරට ඔහොම වුණේ, එහෙම කරනකොට. සාමාන්‍යයෙන් අරක වෙලා පවත්වනවා කියන එක. මේක මෙනෙහි කරනකොටත් ඒක එහෙම සිද්ධ වුණා. ඒක මට මතක් වීම කියන නිසා සිද්ධ වෙච්ච දෙයක්.