ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ පළවෙනි බුදුපියාණන් වහන්සේ කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට තුන් නම, හත් නම, දාහතර නම දක්වා වැඳලා වැඳ නමස්කාර කළා.
ඊට පස්සේ මම මෝහය නැති කරමි කියන තැනින් මං පටන් ගත්තා. ඒ මෝහය නැති කරමි කියන තැනින් එකපාරට ම මට ආවේ මේ මෝහය ඇති වෙනවා කිව්වහම අර කාම ආශ්‍රවය නිසා අවිද්‍යා ආශ්‍රවය ඇති වෙනවා. අවිද්‍යා ආශ්‍රවයෙන් එතන මෝහය, ඒකත් මෝහය ඒකෙන් ඇති වීමත් මෝහය කියන එක. එතකොට මෙතෙන්දි මට එකපාරට ම පෙනුණා මෙතන අවිද්‍යා ආශ්‍රව විතරක්, එකපාරට ම කාම ආශ්‍රවයෙන් විතරක් නෙවේ ඒ අවිද්‍යා ආශ්‍රවයට එන්නා වූ ක්‍රම ගණනාවක් තියෙනවා.
අපි දන්නවා ඔය තයොධම්ම සූත්‍රයේ පෙන්නනවා. අපිට අත්තා කියලා ගත්තා නම් එතනින් කෙළින් ම මෝහයට එනවා. ඒක එක පාරක්. අනිත් අතට අපි දන්නවා අවිද්‍යා යෝගය තියෙනවා නම් ඒ අවිද්‍යා ආශ්‍රවයට කියන එක මේ මෝහය කිව්වේ, අවිද්‍යා ආශ්‍රවය කියන එක එතෙන්ට එනවා කියන එක තියෙනවා දෙවනි පාරට. ඒ වගේ ම අපිට පේනවා මේ ඉදංසච්චයට ආවා නම් යමක් ඉදංසච්චය නිසා අවිද්‍යා ආශ්‍රවයට එනවා. ඊළඟට අපි දන්නවා මේ දිට්ඨි ආශ්‍රවය නිසාත් අපිට අවිද්‍යා ආශ්‍රවය වෙනවා. එතකොට බර ගණනාවක් මේකේ තියෙනවා paths බලන්න. එතකොට මේවා අතරින්, දැන් අපි දන්නවා කාම ආශ්‍රවය කියන අවස්ථාවේ දීත් අවිද්‍යා ආශ්‍රවය වෙනවා. ඉතින් එහෙනම් කෙනෙකුට එකපාරට ම පේනවා එහෙම නම් අර හතර වෙනි රවුමෙන් පස්සෙයි කියලා කිව්වා නේ කාම ආශ්‍රවය ඊයේ භාවනාවේදි. එතකොට, අර සංස්කාර නිත්‍යයි කියලා ඇතුල් වුණාට පස්සේ. ඉතින් එතෙන්දිත් වෙන්න පුළුවන් කියන එක.
ඉතින් එතකොට මට කල්පනා වුණා රහතන් වහන්සේ කිව්වා “දහ වෙනි එකෙන් පස්සේ තමයි මේක වෙන්නේ” කියලා. අට වෙනි රවුමෙන් පස්සේ දිට්ඨි ආශ්‍රවය, දහ වෙනි රවුමෙන් පස්සේ තමයි අවිද්‍යා ආශ්‍රවය වෙන්නේ කියන එක. ඉතින් එහෙම නම් මං කල්පනා කළා එහෙනම් අර sick සඤ්ඤාව, දැන් රවුම් අටක් ගිහිල්ලා අපිට රෝගී බවට පත් වුණා, ථීනමිද්ධය සිතේ තියෙනවා, එතකොට මෙන්න මේ විදිහට තමයි අපිට දහ වෙනි රවුම වෙනකොට එතන තියෙන්නේ, ඇති වෙන්නේ කියන එක මං කල්පනා කළා. එතකොට මෙතෙන්දි, ථීනමිද්ධ අවස්ථාවේ දී, දැන් සිතේ තියෙනවා ථීනමිද්ධය, මේක තමයි රෝල් වෙවී එන්නේ මේ ධාරාවක් වශයෙන්. මෙන්න මේ අවස්ථාවේ දී දැන් අපි ගන්නවා මගේ කියලා ගැනීමක් කියන එක තියෙනවා.
එතකොට යම්කිසි ආකාරයකට මට අවිද්‍යාවෙන් ඇති වුණා නම්, ඉස්සෙල්ලා ම ඇති වෙනවා නේ තමන්ට අවිද්‍යාවෙන්, දැන් සුභයි කියලා ගන්නකොට ඇතුල් වීම තියෙනවා. අන්න ඒ වාගේ මේ ථීනමිද්ධ අවස්ථාවේ දී යම්කිසි එකක් අපිට ගත්තා නම් ඊළඟට අපේ හදනවා peak එකක්. ථීනමිද්ධ අවස්ථාවේ දී කියන්නේ අපිට, අපි නිකන් හොඳට ම වෙහෙසකට පත් වෙලා, ලෙඩ වෙලා, ඒ වෙලාවේ දී මෝහයෙන් ගන්නා වූ තීරණයන් තියෙන්නේ අපිට.
අපි උදාහරණෙකට ගම්මු අපි shirt එකක් ගන්න යනවා. Shirt එකක් ගන්න ගිහිල්ලා ඕගොල්ලන්, දැන් කෙනෙකුට හිතෙනවා මේක, මේක හොඳයි ද? මේ shirt එක කියන එක තමන්ට කල්පනා වෙනවා. මේකට ගැළපෙනවා ද, තමන්ගේ ඇඳුමට ගැළපෙනවා ද මෙහෙම කල්පනා වෙනවා. හැබැයි ඔය වෙලාවේ එක්කො ඔය salesman කෙනෙක් හරි, එහෙම නැත්තන් තමන්ගේ wife හරි කවුරු හරි කෙනෙක් ඉඳන් කියනවා ආහ් ඒක ඔයාට හොඳයි කියලා කියනවා නේ ද. අන්න අර මුලින් සැකයක් තිබුණා. මුලින් ගත්තේ තීරණය ටිකක් අවිද්‍යාව සහගතව හරියට sure එකක් නැතුව. මෝහයෙන් ගත්ත තීරණ නේ තියෙන්නේ අපිට. අර තව කෙනෙක්ගේ opinion එකක් ආවා නම් අපි ඒක එහෙනම් ප්‍රශ්නයක් නෑයි කියලා ගන්නවා නේ.
එතකොට ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ විඤ්ඤාණය තවත් පාරක් මං යනකොට, ඒ කියන්නේ මං මානයෙන් ගමන් කරනකොට, ඒ මානයේ අගයයි, මේ අගයයි දෙක ම එකක් වෙන්න ඕනෙ. අවිද්‍යාවෙන් ගත්තා වූ, ඒ කියන්නේ අපි කිව්වා නේ විඤ්ඤාණය, කර්ම විඤ්ඤාණය හදනකොට අර peak එකක් හැදෙනවා කියලා. මුලින් ඔන්න මගේ කියලා ගත්ත අවස්ථාවේ දී ඔන්න bell shaped curve එකේ ඔන්න හැදෙනවා එකක්. යම්කිසි වේදනාවක් දැනෙනවා.
ඊට පස්සේ තමන් මානයෙන් උස්සලා බලනවා මේ අගය. ඒ උස්සලා බලනකොට, ඒ කියන්නේ මගේ පෙර මෙන්න මේ ආකාරයි කියලා තමයි ඒක තියෙන්නේ. ඒ කියන්නේ පෙර මේ shirt එක ඇඳගෙන යනකොට මොන වාගේ තත්වයක් ද තිබුණේ කියන අර්ථයයි ඕකේ තියෙන්නේ. එතකොට මෙන්න මේ peak දෙක close වෙන්න ඕනෙ. මේ දෙක කිට්ටු වෙනකොට තමයි මේ අවිද්‍යා ආශ්‍රවය කියන එක වෙන්නේ. එතකොට ඒ කියන්නේ දෙවනි පාරටත් යැව්වහම මේ දෙක සමාන වෙනවා නම් යම් ආකාරයකට, කවදාවත් සමාන වෙන්නෙ නෑ හැබැයි. එතකොට ඒක සමාන වෙන්නේ එහෙනම් කොයි වෙලාවෙ ද?
අපි දන්නවා අර areas දෙක සමාන වෙන්නේ නැහැ නේ, area 1 and 2 සමාන වෙන්නේ නෑ. කොයි වෙලාවෙ ද සමාන වෙන්නේ කියන එක. ඉතින් මෙතනදි ඉතින් මට කල්පනා වුණා මේකෙ දැන්, මේක flow එකක් තියෙන්න ඕනෙ අර h1, h2 කියලා පෙන්නුවා නේ. Flow එක වෙන්නේ h1 වල අගය h2 වල අගයට වඩා වැඩි අවස්ථාවේ දී. එතන flow එක කියන එක මේකේ තියෙන්න ඕනෙ. නැත්තන් විඤ්ඤාණය දුවන්නේ නෑ.
එතකොට මොන අවස්ථාවෙදි ද මේක සමාන වෙන්නේ කියන එක තමයි මං කල්පනා කළේ. ඒ සමාන වෙනවා කියන එක ගත්තහම මට එනවා, ඒ විඤ්ඤාණයට මේකේ වෙනස තෝරගන්න බැරි අවස්ථාවේ දී. දෙක ම දුකයි නේ. දෙක ම දුකයි මේකේ වෙනස තෝරගන්න බැරි අවස්ථාවේ දී තමයි මේකේ මේ සමානයි කියලා තේරෙන්නේ. ඒ කියන්නේ මෙතන දෙකේදිම ඇති වෙන්නේ දුක්ඛය. නමුත් ඒකේ, ඒක නේ ඉතින් ඒකෙ නොදන්නා බව නේ අවිද්‍යාව කියලා කියන්නේ. අප්පටිවේධය කියලා කියන්නේ. අන්න දැන් හොඳට තේරෙනවා අප්පටිවේධය කියලා කියන්නේ මොකද්ද කියලා.
ඒක තමයි භාවනාව.