Date: 25/07/2014 Name: Mahaa Lobaya

ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේට නමස්කාර කළා ඒ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්. මේ විදිහට අනුපිළිවෙළින් ඒ සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා බුදුපියවරු දාහතර නම ම සිහි කරලා වැන්දා.

එතකොට මට ලෝභයෙන් පටන් ගන්න කියන එකයි කිව්වේ. එතකොට ඒ ලෝභයෙන් පටන් ගන්නකොට මම ගත්තා අර ලෝභ දෝස මෝහ භාවනාවේ තියෙන්නේ මනාපික වූ අරමුණ, සුඛ වේදනීය වූ ස්පර්ශය, සුඛ වේදනාව කියන එක. එතකොට යම්කිසි පුද්ගලයෙක් දැකලා හරි, එහෙම නැත්තන් ආහාරයක් දැකලා හරි කෙනෙකුට ඇති වෙනවා ඒ සුඛ වේදනීය වූ ස්පර්ශය. ඒක නිසා සුඛ වේදනාවක් කියන එක ඇති වෙනවා. එතකොට ඒ සුඛ වේදනාව ඇති වෙනකොට දැන් මම කල්පනා කළා එතනින් පස්සේ මේ පුද්ගලයාට අර සෝමනස්ස පවිචාරය කියන එක තියෙනවා. ඒ සෝමනස්ස පවිචාරය කියනකොට අපි අර 4.4ට ඇවිල්ලා තියෙන්නේ, සෝමනස්ස පවිචාර අවස්ථාව වෙනකොට.

ඊට පස්සේ දැන් මට කල්පනා වුණේ අර ඊයේ අවිද්‍යා ආශ්‍රවය භාවනාවක් කළා මං ඒක දැන් ම කියන්නේ නෑ. ඒ අවිද්‍යා ආශ්‍රවය කියන තැනට යන එක තමයි මට බලන්න ඕනෙකම කියන එක තිබුණේ. එතකොට මේක අනුපිළිවෙළින් බැලුවා ඒ ලෝභ දෝස මෝහ එකත් එක්ක.

එතකොට දැන් ඔය මව් කුසට යන අවස්ථාවේ සිදු වන ක්‍රියාවලිය. එතකොට දැන් මේ පුද්ගලයාට රාගය කියන එක ඇති වෙනවා. ඒ රාගය කියන එක ඇති වෙනකොට මෙයා ඇවිල්ලා තියෙනවා අර හය වෙනි රවුමේ එකට ඇවිල්ලා. එතකොට සෝමනස්ස පවිචාරය 4.4 මෙතනින් jumping තියෙනවා මේ මැද්දෙන්. එතකොට මෙතෙන්දි ආවා මේ හය වෙනි රවුමේ එකට අර ලාභයයි කියලා ගත්ත එක නිසා එයාට දැන් ඒක ඇවිල්ලා තියෙනවා කියන එක. ඊළඟට එයාට ඇති වෙනවා කාම සිතුවිලි, කාම විතක්කයන් ඇති වෙනවා. ඒ කියන්නේ කාමච්ඡන්දයටත් එක්ක ඕක ගැළපෙන්නේ, එතන 6.2 කියන එක. අර නිත්‍යයි කියලා ගන්න කතාව තියෙන්නෙ.

ඊළඟට මේ පුද්ගලයාට ඇති වෙනවා අර රාගජ පරිදාහය කියන එක ඇති වෙනවා. ඉතින් පරිදාහය කියනකොට අපි දන්නවා 7.7 කියන එකට ගිහිල්ලා. එතකොට මේ දෙක අතර දී ඒගොල්ලන්ට පේනවා ඒ, ඒ අර පළවෙනි පාර, ලෝභ පාර, ද්වේෂ පාරේ කොටසක් දැන් සිද්ධ වෙලා. මොකද අර, මෙයාට ඉවසීමක් නෑ අර ක්‍රියාවලිය බලාගෙන ඉන්නකොට. අර පුද්ගලයා අයින් වෙනකන් බලාගෙන ඉන්නවා කියලා කියන්නේ. එතකොට එතන ව්‍යාපාදයකුත් එතනත් තියෙනවා. ව්‍යාපාද කෑල්ලට ගිහිල්ලයි ඇවිල්ලා ඉන්නේ මේකෙ රාගජ පරිදාහය කියන එක වෙනකොට මෙයාව ඇවිල්ලා තියෙන්නේ, පරිදාහය දැවෙනවා කියනකොට 7.7 කියලා අපි දන්නවා. එතකොට මේ කෑල්ලත් සිද්ධ වෙලා තියෙනවා.

දැන් මෙතනින් පස්සේ දැන් මෙයාට ඉතින් දිට්ඨි ආශ්‍රවයන් එහෙම ඇති වෙලා තියෙන්නේ. දැන් මේකෙ දැන් අවිද්‍යාව කතාවට එනකොට අර, උප්පාදසංඛතලක්ඛණය කියන එක එනකොට මෙයාගේ ඇවිල්ලා මෝහයෙන් නේ තීරණය ගන්නේ. එතකොට දැන් මෝහ පාරටත් ගිහිල්ලා ඉවරයි. එතකොට ඔය මෝහ පාරෙදි ඔය කියන්නේ අවිද්‍යා ආශ්‍රවය කියන එක ඇති වෙන්නේ දහයෙන් පස්සේ. එතකොට නම වෙනි අවස්ථාව එනකොට ථීනමිද්ධය.

ඔය අවස්ථාව හොඳට ඕගොල්ලෝ කල්පනා කරලා බැලුවා නම් මෙයාට ථීනමිද්ධ අවස්ථාවකුත් ඔතන තියෙනවා. එයා ඔය ක්‍රියාවලිය බලාගෙන ඉඳලා, එතන ඒ ථීනමිද්ධ අවස්ථාවකුත් එයාට එතන තියෙනවා. ඒක ඇති වෙලා ඊට පස්සේ ඒ, එතෙන්දි තමයි අර සුභයි කියලා ඇදෙනවා කියන එකත් අපි ඔතෙන්දි කල්පනා කරන්නට ඕනෙ. ඒ නම වෙනි රවුම නේ. එතකොට ඒ සුභයි කියලා ඇදෙන අවස්ථාවේ දී ඇදෙන්නා වූ වේදනාව කියන එකට එතන තියෙනවා දැන් යම්කිසි අගයක් ඇති වෙලා තියෙනවා. ඕක තමා අර bell shaped curve එකේ එන්නේ. Bell එකේ අර මුල වේදනාව කියන එක ආවා දැන් මෙතෙන දී.

දැන් ඊට පස්සේ අපි ඊයේ භාවනාවේදි තේරුම් ගත්තා මේකේ දැන් bell shaped curve එකේ peak එකක් තියෙනවා. ඔය සාමාන්‍යයෙන් අවස්ථාවක peak එක තියෙනවා නේ. ඒක තමයි ඕගොල්ලන්ගේ මාන්නයෙන් අටවන එක. පෙර වූ දේවල් නිසා ඒ මාන්නයෙන් අපි අටවනවා මේක, මේ ඉස්සෙල්ලා, දැන් කෑමක් එහෙම ගත්තා නම් ඉස්සර කාලේ මෙහෙමයි. පොඩි කාලෙ කනකොට මෙහෙමයි කියලා එකක් තියෙනවා නේ ද. අන්න එහෙම ඇටවීමක් කියන එක මෙතන තියෙනවා.

දැන් මේ අවස්ථාවේ දී ඔය, ඒ කියන්නේ විඤ්ඤාණය ධාරාවක් වශයෙන් යන්න නම්, ඔය කර්මයන් ඇති වෙන්න නම් මේ දෙක flow වෙන්න ඕනෙ. අර උඩ අගය වැඩි වෙන්න ඕනෙ පල්ලෙහා අගයට වඩා. මට පළවෙනි ආපු එකට වඩා මගේ මාන්නයෙන් එන අගය වැඩි නම්, ඔතන තියෙනවා theory එකක් ඔය h1, h2 කියලා අගයන් දෙකක් පෙන්නනවා. ඒ කියන්නේ සඤ්ඤාවේ ඉඳන් චේතනාවට නාමරූපයේ ඉඳන් තියෙන අගය h1 කියලා කියනවා. ඊළඟට අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට යන එකට විචිකිච්ඡාවේ ඉඳන් උඩට තියෙන්නා වූ අගය ඒකට කියනවා h2 කියලා. එතකොට රහතන් වහන්සේ පෙන්නුවා h1, h2 වලට වඩා වැඩි වෙනකොට තමයි මේක flow වෙන්නේ කියන එක. එතන ටිකක් ධර්මය යනවා ගැඹුරට. එතකොට මේක මේ flow වෙනවා කියන එක වෙන්නේ නැත්තන් ඉතින් විඤ්ඤාණයක් පිහිටන්නේ නෑ. ධාරාවක් නෑ. එතකොට මේකේ මේ අවස්ථාව වෙනකොට, මේ peak එකයි මේකයි ඒක, දෙක ම එකයි. මොකද තීරණය කරගන්න බැරි අවස්ථාවක් තිබිලා තියෙන්නේ. එයාට තේරෙනවා මං මේකට ඇතුල් වුණාට පස්සේ මට දුක්ඛය.

මෙතනින් පස්සේ මගේ මේ මනෝමය කායේ කතාව ඉවරයි, මෙතනින් ගියායින් පස්සේ. ඒක හරියට නිකන් ලොකු තීරණයක්. ඒ කියන්නේ ගෙයක් ගන්නකොට සල්ලි ගොඩාක් අරගෙන ඇවිල්ලා, කල්පනා කරනවා මොකද දැන් මේක ගන්නවා ද, නේ ද? ඒ වාගේ තීරණයන් ගොඩක් තියෙනවා. එතකොට අර, හැබැයි මෙයාට තෝරගන්න බෑ. දුක්ඛය තමයි තියෙන්නේ. එතකොට දෙකේ ම තියෙන්නේ දුක්ඛය. නම වෙනි රවුමේත් දුක්ඛය කියන එක තියෙනවා. නොදන්නා බව කියන එක තියෙනවා. දහ වෙනි රවුමේ දීත් දුක්ඛය කියන එක තියෙනවා, නොදන්නා බව කියන එක තියෙනවා.

එතකොට දැන්, ඒ කියන්නේ මේකේ සත්‍ය වශයෙන් ම ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන එක නොදන්නා බව කියන එක තියෙනවා. විපරිණාමය නොදන්නා බව කියන එක තියෙනවා. නොදන්නා බව කියන එක තියෙන නිසා තමයි මෙයා අතන ඒ අවස්ථාවේ දී වෙන choice එකක් නැතුව වාගේ මේක ගත්තා. අර ගෙයක් ගන්නකොට අවස්ථාව වගේ මේක ගත්තා. එතකොට ඉතින් දහ වෙනි රවුමෙන් පස්සේ තමයි ඔය අවිද්‍යා ආශ්‍රවය කියන එක ඇති වෙන්නේ. ඉතින් එතන විපරිණාම දුක්ඛතාවය. මෙයා නොදන්නාකම ම මේකෙ ඇතුළේ තිබුණා කලින්. විපරිණාම දුක්ඛතාවය කියන එක තිබුණා. ඒක ම තමයි එතනදි ඉපදිච්ච ගමන් එයාට හම්බවෙන්නේ. ඉතින් ඒක ම තමයි මං බැලුවේ භාවනාවට.

ඊට පස්සේ වටත් එක්ක බැලුවා ලෝභ කියන පාර. ඒකෙදි තේරිච්ච දේ තමයි ලෝභ පාර ඇතුළේ ද්වේෂ පාරයි, මෝහ පාරයි දෙක ම තියෙනවා. ඒකේ කොටස් ටික මේක ඇතුළට ඇවිල්ලා තියෙනවා. චිත්තයක් සකස් වෙනකොට ලෝභය ඇති වෙලා ඒකෙන් ද්වේෂය, ඒකෙන් මෝහය කියන කතාව තියෙනවා. මේකේ අනිත් පැත්තට ගත්තහම මගේ මේ තීරණයන් ගන්න, අර උප්පාදසංඛතලක්ඛණය ඇති වෙනකොට මේක අතරේ අරකේ කොටස් ටිකත් included. මොකද කලින් කරපු නිසා. කලින් කරපු නිසා තමයි මේක අපි, ඒ රෝල් වෙලා යන්නේ. නැත්තන් flow වෙන්නේ නෑ.

ඒක තමයි මගේ භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_BhayabheravaDiagrams/S_BhayabheravaDiagrams-08.jpg