ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පළවෙනි බුදුපියාණන් වහන්සේ කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නමට ම වැඳ නමස්කාර කළා.
එතකොට කාමච්ඡන්දය, පංචනීවරණ යටපත් කරමි කියන තැනින් පටන් ගන්නෙයි කියන එක මට කිව්වා. පංචනීවරණයන් කියන එක ගන්නකොට මං බැලුවේ මේ වෙලාවෙදි අර ඡන්දය කියන එක, කාමච්ඡන්දය, එතකොට ඡන්දය කියන එක අපි දන්නවා සාතං අසාතං යමාහු ලෝකේ තමූපනිස්සාය පහොති ඡන්දො කිව්වෙ. එතකොට මං බැලුවා මේ ඡන්දය කියන එක ඇති වෙන්නේ සාත අසාත නිසා. එතකොට ඒ කියන්නේ ඉෂ්ට වස්තුවයි සුඛ වේදනාවයි. ඊළඟට අනිෂ්ට වස්තුවයි දුක වේදනාවයි නිසා මේක ඇති වෙනවා කියන එක දන්නවා. එතකොට මෙතෙන්දි ඒ සාත කියන එක බැලුවහම එතනින් පෙන්නනවා ඒ ගාථාවේ රූපෙසු දිස්වා විභවං භවඤ්ච කියලා. රූපය නිසායි මේ භවය විභවය කියන එක තියෙන්නේ. එතකොට දැන් මං මේ බැලුවා මෙන්න මේ pair එක. රූපයයි, මෙතන සුඛ වේදනාවයි. එතකොට මේ සුඛ වේදනාව නිසා අපි දන්නවා දෙවනි පාරේ. ඒ අසුභය සුභයි කියලා ඒක ගත්තා නම්, දෙවනි ස්පර්ශ ආහාර පාරෙ, ඒ සුඛයි කියලා ගත්තා නම් එතනින් අපි දකිනවා අපි අනාගත භවය දැඩිව ගන්නවා කියන එක. එතකොට අනාගත භවය දැඩිව ගන්නවා කිව්වහම ඔන්න එහෙනම් අපි අර භව යෝගය කියන එක ඇති වෙනවා.
එතකොට එතෙන්දි අපිට පේනවා මේ භවය කියන එක ඇති වෙනවා කියන එක. එතකොට දැන් අපි ආවා සාත කියන කතාව, ඉෂ්ට වස්තුවයි, සුඛ වේදනාවයි. සුඛ වේදනාව නිසා අපිට ඉන්න හිතෙනවා. සීලබ්බත උපාදානය කියන එක ඇති වෙනවා. අනාගත භවය දැඩිව ගද්දි සීලබ්බත උපාදානය, ඒක නිසා භව යෝගය නේ ඊළඟට තියෙන්නේ. එතකොට භව යෝගය කියන එක ඇති වෙනවා කියන එක අපි දන්නවා. එතකොට මෙන්න මේක, ඊළඟට දැන් මං කල්පනා කළේ දැන් විභවය කියන එක. භවඤ්ච විභවඤ්ච නේ ද? එතකොට විභවය කියන එක බැලුවහම දැන් අතන රූපයයි ස්පර්ශයයි අතර තියෙන link එක අපි හිතමු කපනවා කියලා, කතුරක් අරගෙන කැපුවා කියලා. කැපුවායින් පස්සේ මොකද වෙන්නේ?
දැන් මෙතෙන්දි ගත්තහම, දැන් අපි දන්නවා මේ රූපය ඉක්මවනවා නම් “රූපෙ විභූතෙ න ඵුසන්ති ඵස්සා” කිව්වා නේ. ඇයි මේක තාම දුවන්නේ? දැන් මෙතන රූපය කියන කෑල්ල කැපුවා. කැපුවට හරියන්නේ නෑ. මෙතන තියෙනවා අර ඡන්දය. පෙර වූ දේවල් නිසා ඇති වුණා වූ ඡන්දය කියන එක තියෙනවා. තමන් ඇති කරගත්තා නේ කාමච්ඡන්දයක් මුලින්. මේ ඡන්දය නිසා තමයි මේ විඤ්ඤාණයේ ධාරාව දැන් දුවන්නේ.
එතකොට දැන් අර විභව කතාව අපිට එනවා. රූපය අයින් කරලා වුණත් මේකේ ඡන්දයෙන් මේක දුවනවා කියන එක එනවා. එතකොට දැන් මං මේක ටිකක් බලාගෙන හිටියහම ඒ මට තේරෙනවා ඒ අවස්ථාවේ දී අර කූඤ්ඤය, ඒක මතු වෙලා තියෙනවා ආපහු. හොඳට වැදිලා තියෙනවා ඒක දැනෙනවා. ඔළුවේ මැද්දෙන්, ඒ කියන්නේ තමන්ගේ මනස ඉහළට ම ගියහම තේරෙනවා මේකේ හරියට මේ කූඤ්ඤයක් ගහලා මේක බස්සලා තියෙනවයි කියන එක.
ඉතින් මං ඕක ටිකක් ඉවසලා බැලුවා. ඒ ඉවසලා බැලුවේ, දැන් අපි දන්නවා, මේක පොඩ්ඩක් විතර advanced එකට යනවා අර areas බලලා නැත්තන්, අර area 1 නිසා area 4 ඇති වෙනවා කිව්වා නේ. Area 4 නිසා area 1 ඇති වෙනවා. ඒ කියන්නේ area 4 එක. Area 1 එක කියලා කියන්නේ කබලිංකාර ආහාරයයි, වේදනාවයි, ඊළඟට ගිද්ධිලෝභයයි. Area 4 එක කියලා කියන්නේ වේදනාවයි, පරාමාසයයි, භයෙන් අගතියට යනවායි කියන area එක. එතකොට ඔය area 4 එක නිසා area 1 එක ඇති වෙනවා කියන එක දන්නවා. ඒ කියන්නේ area 4 එකේ ඕගොල්ලෝ කිව්වොත් පරාමාසයේ ඉඳන් භය අගතියට යනවා කියන එක මං දැම්මොත් 5A කියලා, මේක නිසා ඕගොල්ලෝ area 1 එකේ ඒ වේදනාවේ ඉඳන් ගිද්ධිලෝභය දක්වා යනවා. එතකොට අපි 5B කියලා දානවා ඔය ගිද්ධිලෝභය කියන තැනට. ඊළඟට, ඒ කියන්නේ මේක වුණහම මේක වෙලා ඉවරයි. ඒ කියන්නේ අත්තා කියලා ගත්තහම මම රූපය ලාභයක් කියලා අරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි භයේ අගතියේ ඉඳන් වේදනාවට එනකොට, අර දිට්ඨි අනුසය කියන පාර, ඒකට අපි දැම්මොතින් 6A කියලා, 6B කියලා මට දාන්න වෙන්නේ කබලිංකාර ආහාරයට මං එතෙන්ට එනකන් ගිහිල්ලා තියෙනවා. ඡන්දය තිබුණේ ඔන්න ඔය කෑල්ලෙ නේ.
එහෙනම් මේ ඡන්දයයි, දිට්ඨි අනුසයයි එහෙනම් සම්බන්ධතාවය ඕගොල්ලන්ට දැන් පේනවා. දිට්ඨි අනුසය නිසයි මෙතන මේ ඡන්දය කියන එක තියෙන්නේ. දැන් ඕක අනෙක් පැත්තට බලන්න. දැන් මේ දිට්ඨි අනුසය ඇති වුණේ අත්තා කියලා ගත්ත නිසා. අත්තා කියන කතාව ඇති වුණේ සුඛය පරාමාස වෙලා. එහෙම නම් දැන් අර රූපය අතන කපලා දැම්මට මේ සුඛයේ කතාව තාම තියෙනවා නේ. සුඛය පරාමාස වෙලා මේක දුවනවා කියන එක තියෙනවා. අන්න ඒක නිසා තමයි මේක දැනෙන්නේ. මේක ඔළුවේ දැනෙන්නේ මේ විදිහට මේ ලොකුවට, ඒක ගැඹුරට ගිය දෙයක් එතන තියෙන්නේ. ඒක දැනෙන්නේ මෙන්න මේක තේරෙන නිසා. මෙන්න මේ සුඛය ම තමයි මේ දුවලා තියෙන්නේ. මං ඔතෙන්ට ආවේ මට, මේක ඇත්තෙන් ම කියනවා නම් ඔළුවෙ හොඳට දැනෙන්න ගත්තේ මේ බොරුව ම නේ පරාමාස වෙලා තියෙන්නේ. මේ බොරුව, මුසාව ම තමයි අපි අරගෙන තියෙන්නේ. රූපය නිසා මෙහෙම සුඛයක් ඇති වෙනවා කියන එක, ඒ මුසාව ම තමයි මේක අස්සට ගිහින් තියෙන්නේ. පරාමාසයට ගිහිල්ලා, ඉදංසච්චයට ගිහිල්ලා ඕක පරාමාසයට ඇවිල්ලා මේ කතාව ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ ඉතින් මුසාව ම තමයි. මේ ලෝකයේ පවතින්නේ දුක්ඛය. අපි සුඛයි කියලා අපි හදාගත්ත එක තමයි මේ ඇතුළට බැහැලා තියෙන්නේ. එතකොට මේකට තමයි මේ ඡන්දය. මේකට තමයි අපි මේ දුවන්නේ. එතකොට මේ මුසාවට.
එතකොට දැන් මෙහෙම බැලුවහම දැන් මං කල්පනා කළා අර h1, h2 කියලා දෙකක් බලලා තිබුණා නේ. ඒකෙදි මං බැලුවා දැන් මේ අවස්ථාව වෙනකොට අන්තිමට මේ රූපය නැති වුණාට සඤ්ඤාව strong. සඤ්ඤාව strong වෙන්න strong වෙන්න අපි මේ ගමන දුවනවා. මොකද එයා චේතනාවට එන්න එන්න කිට්ටු වෙනවා කියලා තියෙනවා. ඒ කියන්නේ මේ wheel එක නැතුව, රූපය නැතුව මේක පුදුම විදිහට කැරකෙනවා. ඉතින් ඕක තමයි මං ගැඹුරට බැලුවේ. අන්තිමට අර මුසාවෙන් ම, මේ මුසාව ම කියන එක ම තමයි හුඟාක් ම තදින් ගන්නේ, ඒ මුසාව කියන එක තේරෙනවා නම් තේරෙන ප්‍රමාණයට මේ ඔළුවේ තියෙන කූඤ්ඤේ ගැලවෙනවා. බොහොම සැරට ඒක දැනෙනවා.
ඒක තමා මං කරපු භාවනාව.