Date: 27/07/2014 Name: Nivarana bhavana

ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ සිහි කළා මේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

එතකොට මම භාවනාවට ගත්තේ ඊයේ භාවනාව ම, කාමච්ඡන්දය කියන එක. එතකොට යන්තම් මතක් කරනවා නම් ඒකේ ඕගොල්ලන්ට මතකයි අර සාතං අසාතං යමාහු ලෝකේ, තමූපනිස්සාය පහොති ඡන්දො කියන එකෙන් බැලුවේ. ඒ සාත අසාත නිසා, ඒ කියන්නේ ඉෂ්ට වස්තුවයි, සුඛ වේදනාවයි. මෙන්න මේක නිසා තමයි ඡන්දය ඇති වෙන්නේ කියන එක, ඒ ගාථාව බැලුවේ.

එතකොට එතෙන්දි අපි බැලුවා ඊයේ ඒ කොටස් දෙකක්. අර රූපය නිසා ඇති වන දේයි, ඊළඟට වේදනාව නිසා ඇති වන දේයි. එතෙන්දි බැලුවා අර වේදනාව නිසා අර සුඛය කියන එක පරාමාස වෙලා අත්තා කියලා අරගෙන අපි පෙන්නුවේ අර 5A, 5B කියලා පෙන්නුවා නේ. එතනින් ගිහිල්ලා ඊට පස්සේ අර දිට්ඨි අනුසයෙන් රූපයට ගිහිල්ලා අර fake එකක්, ඒ කියන්නේ සුඛයි කියලා කියන්නේ බොරුවක් නේ. ඒ මුසාවක් තමයි අරගෙන ගිහින් තියෙන්නේ කියන එක බැලුවා. එතකොට එතෙන්දි අපිට පේන දෙයක් තමයි අර වේදනාව, දැන් සාත කියන එකේ කෑලි දෙක ගන්නවා. කෑලි දෙකේ තියෙන්නේ රූපයයි, සුඛ වේදනාවයි. දැන් සුඛ වේදනාව කියන එක තමයි චේතනා, ඉදංසච්ච, භයේ අගතිය, ආපහු වේදනාවට එනවා. එතකොට මෙතන ඒ diamond එක වාගේ මේකේ කැරකෙනවා කියන එක, ඇතුළේ loop එකක් අපිට විද්‍යාමාන වෙනවා ඒක ඇතුළෙන් ගත්තහම. අලුවා කෑල්ලයි කියලා කියන්නේ අපි. එතකොට ඒක එක පාරක්.

ඊළඟට අපි බැලුවා, අර කැපුවා, රූපයේ ඉඳන් ස්පර්ශයට තිබෙන්නා වූ එක කැපුවා. කැපුවහම අපි දැක්කා අර සඤ්ඤාව නිසා වෙලා එනවා කියන එක. එතකොට ඔය සඤ්ඤාව නිසා එනවා කියන එක දැන් මං අද විශේෂයෙන් බැලුවේ ඔන්න ඔය පාරවල් දෙක. මේක කෑලි දෙක කඩලා යනකොට කොහොම ද කියන එක. ඔතන, ඕක ලස්සනට පේනවා මේක බොහෝ කාලෙකට ඉස්සෙල්ලා කරපු භාවනාවක්.

අපි පෙන්නුවා පංචනීවරණයන් නිසා කොහොම ද ඔය මුළු frame එක ම හැදෙන්නේ කියලා. ඒ කියන්නේ මුලින්, අපි දන්නවා දැන් කබලිංකාර ආහාරයේ ඉඳන් සඤ්ඤාවට යනවා කියන එක, ඒක සිද්ධ වෙන්නේ අර රාග සල්ලය ආවා, ආපහු රූපය අල්ලගන්නවා. එතකොට ඒක නිසා මේක flow වෙනවා සඤ්ඤාව පැත්තට යනවා කියන එක මම නැවතත් අල්ලා ගැනීම. ඊට පස්සේ සඤ්ඤාවේ ඉඳන් චේතනාවට යන කතාවේදි අර නාමරූප තමයි එතන jack එක ගහන්නේ. ඒ කියන්නේ ව්‍යාපාදය නිසා තමයි ඒක සිද්ධ වෙන්නේ. ඇයි ව්‍යාපාදය නිසා සිද්ධ වෙනවා කියලා කියන්නේ, අර ව්‍යාපාදයේ තියෙන්නේ අර දෙකක්. දැන් ගළපලා බලනවා අර areas දෙක, 1 and 2 කියන එක ගළපලා බැලුවායින් පස්සේ මේකේ gap එකක් ආවා. ඒක නිසා තමයි කාමච්ඡන්දය. මේක නිසා කරකවලා ව්‍යාපාදය. මේ වේදනාව ම නැවත පතනවා. එතකොට අර මේ, අපි ද්වේෂ සල්ලයට ආවහම ආපහු වේදනාව අල්ලගන්නවා නේ ද? එතකොට මෙන්න මේ ක්‍රමයෙන් තමයි අර ව්‍යාපාදය සහිතව මෙතන jack එක ගහනවා කියන එක තියෙන්නේ. ඊළඟට චේතනාවේ ඉඳන් විඤ්ඤාණයට යනවා කියන එක ථීනමිද්ධයෙන් ගහනවා කියන එක ඒක දැක්කා. එතකොට උඩ frame එක ඇති වුණා. කාමච්ඡන්දයයි, ව්‍යාපාදයයි, ථීනමිද්ධයයි උඩ විඤ්ඤාණය දක්වා ආවා.

ඊට පස්සේ හතර වෙනි එකට විඤ්ඤාණයේ ඉඳන් අපි මෝහයට යනවා කියන එක තියෙනවා නේ. ඒකට jack එක ගහන්නේ උද්ධච්චයෙන්. දකුණු අත පැත්තේ, එළියේ ඉඳන් මේ පැත්තට ගහනවා. ඔය කාම සඤ්ඤාව කියලා එහෙම අපි ගන්නවා කියලා පෙන්නුවේ, ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ. එතකොට ඒ කතාව තමයි ඔය එන්නේ. එතනින් එනවා පහළට. මෙතන දැන් අපි අවිද්‍යාව කියන තැනකට ආවා නම්, අවිද්‍යා ආශ්‍රවය කියන තැනට ආවා නම් එතනින් අපි එනවා කාම ආශ්‍රවයට.

එතකොට මෙතන්ට jack එක ගැහුවේ සැකයෙන්. එතකොට විචිකිච්ඡාව වෙනකොට දැන් මෙතන, පල්ලෙහා කෙළවරට ඇවිල්ලා. ඒ කියන්නේ රාග සල්ලයට ආපහු, අවිද්‍යාවෙන් අපිට කාම ආශ්‍රවයට ආවා, අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයට. කාම ආශ්‍රවයෙන් රාග සල්ලය ආපහු රූපයට යනවා කියන එක තියෙනවා දැන් frame එක complete. දැන් පේනවා ද මේ ඇතුළෙන් කතාව වෙන අතරේ එලියෙන්, මෙතන තනුව කැපුවා වුණත් අර පෙර කරා වූ දේ නිසා මෙහෙන් ගිහිල්ලා මෙතන්ට frame එක සම්බන්ධ වෙනවා, ආපහු රූපයට ම යි අපි ඇවිල්ලා තියෙන්නේ.

ඕක නේ ඔය රහතන් වහන්සේ කියන්නේ අපි කොහොම කරත් රූපය ස්පර්ශ කරනවා කියන එක. “රූපෙසු දිස්වා විභවං භවඤ්ච” කියලා මෙතන මේ තථාගතයන් වහන්සේ දේශනා කළා. ඒ පාර අපි අනිත් අතට දන්නවා ඔය මේ “රූපෙ විභූතෙ න ඵුසන්ති ඵස්සා” කියලා කියනකොට රූපයේ විභූතියක් තියෙනවා නම් ස්පර්ශයක්වත් වෙන්නේ නැතෙයි කියන එක. එතකොට මෙතන අපිට පේනවා මේ කෑලි දෙකකට, වේදනාව නිසා භවය පවත්වාගෙන ඉන්නා වූ කතාව එක පැත්තකින් පේනවා. මෙතන මේ උඩ කැපුවා වුණත් පංචනීවරණ නිසා මෙහෙන් ඇවිල්ලා අපි ආපහු රූපයට එනවා. අතන ස්පර්ශ නොවුණාට අපි යටින් එනවා කියන එක තියෙනවා. වටේට හතරැස් frame එක ම complete වෙලා එනවා කියන එක.

දැන් ඊයේ භාවනාවත් එක්ක ඕගොල්ලො බැලුවහම ඕගොල්ලන්ට පේනවා, ඊයේ භාවනාවේ area 1 යි area 4යි කියන එක බැලුවා නේ ද? එතකොට area 4 එක නිසා area 1 එක හැදෙනවා කියන එක ආපහු අපි කිව්වා. දැන් පේනවද, ඇතුළේ එක loop එකක්. ඊට පස්සේ diamond එක වාගේ, ඒ කියන්නේ මෙතනින් එනවා වේදනාව, චේතනාව, ඉදංසච්චය, භයේ අගතිය ආපහු වේදනාව කියලා තව loop එකක්. මේක ඇතුළේ තියෙනවා අර පොඩි එකක්, ඒකෙන් තියෙනවා මේ වේදනාවත් එක්ක ඇති වෙන diamond එක, උඩින් එනවා තව ලොකුවට එන frame එක. කොහොම කළත් අපි මෙතෙන්ට එනවා. රූපයට කොහෙන් හරි මෙතනින් එනවා.

එතකොට මේක බැලුවට පස්සේ දැන් කෙනෙකුට පේනවා, මේ විදිහට ගත්තහම දැන් ඕක සම්බන්ධ වෙනවා අර අවිද්‍යා ආශ්‍රව භාවනාවට. ඒ අවිද්‍යා ආශ්‍රව භාවනාව, ඒ කියන්නේ අපේ විඤ්ඤාණය කොහොම ද flow වෙන්නේ කියන එකයි මේ තියෙන්නේ. ඔය අවිද්‍යා ආශ්‍රවය කියන එක එන්නේ දහ වෙනි රවුමේ දී. දහ වෙනි රවුමට එනකොට, නම වෙනි රවුම වෙනකොට, නම වෙනි රවුමේ දී ථීනමිද්ධය කියන එක හැදිලා ඒක input එක හැටියට එනවා. ඒක හැදුණහම අර bell shaped curve එකක ඒ point එකක් හැදෙනවා curve එකේ, ඒ වේදනාවක් සහිතව. එතකොට ඊළඟට අපි මානයෙන් හදනවා අර best එක. දැන් මං කියන්නේ නිතර ම අර පොඩි කාලේ කෑවායින් පස්සේ හොඳ ම එක තියෙනවා නේ මේකයි කියලා. ඒක තමයි මගේ best එක. එතකොට මම ඒක හදනවා කියන එක තියෙනවා උඩ ම point එක.

එතකොට ථීනමිද්ධ අවස්ථාවේ දී ඕගොල්ලන්ට එච්චර go එකක් නෑ. අර රූපයේ තිබෙන්නා වූ අගය දැන් ගෙවිලා ගිහිල්ලා. ඇයි ථීනමිද්ධ වෙලා තියෙන්නේ ඒක නේ, මේක වැඩක් නෑ කියන එක නේ. ඒ අවස්ථාවේ දීත් flow වෙනවා මොකද හේතුව, අර දෙවනියට හදන්න, මානයෙන් හදන්නා වූ අගය කියන එක මේකට close වෙන නිසා. මගේ අවිද්‍යාවෙන් ගත්තා වූ ඒ පළවෙනි එක, ඒ කියන්නේ මෝහයෙන් ගත්තා වූ එකයි, මානයෙන් කරන අගයයි දෙක close අවස්ථාවක් තියෙන්නේ.

එතකොට විඤ්ඤාණය flow වීමක් එතනත් තියෙනවා ඒ අවස්ථාවේ දී. ඒ කියන්නේ කොටින් ම ගන්නවා නම් දැන් ඕගොල්ලෝ ගන්නවා, කඩේකට යනවා shirt එකක් ගන්න. ගියායින් පස්සේ ඕගොල්ලන්ට sure නෑ මේ shirt එක හොඳ ද නරක ද කියලා. හැබැයි මේ එතන ඉන්න salesman කෙනෙක් හරි, එහෙම නැත්තන් තමන්ගේ wife හරි, කවුරු හරි කෙනෙක්, ළමයෙක් හරි කමක් නෑ කියනවා, uncle ට ඔය shirt එක හොඳයි නේ ද? ඒ කිව්වහම දැන් මට sure නැති වුණාට අරයාගේ කිව්ව opinion එක උඩ මං එහෙනම් ආහ් මේ පුතාත් කියනවා නේ නේ ද. එහෙමයි කියලා එහෙනම් ඒක ගන්නවා. ඔය දෙකෙන් නේ එන්නේ. අර මාන අගය තමන්ට තීරණය කරගන්න බැරි අවස්ථාවේ දී අපි මේක ගන්නවා.

එතකොට ඒක තමයි තීරණය කරගන්න බැරි අවස්ථාව කියලා මොකද්ද මේ? කියන්නේ අවිද්‍යාව කියන්නේ මෙතන මේ දුක්ඛය නොදන්නා බව නේ. දුක්ඛය ඇති වෙලා තියෙන්නේ. මේක මෙයාට හිතාගන්න බැරි වුණා. ඒක තමයි ඔය අවිද්‍යා ආශ්‍රව භාවනාවේදි පෙන්නුවේ. එතකොට ඒ අවස්ථාවේ දීත් මේක flow වෙනවා කියන එක බැලුවා. එතකොට මේ කෑලි දෙකට බැලුවොතින් ඕගොල්ලන්ට පේනවා මේ කාමච්ඡන්දය නිසා අපි මේක flow වෙන්න ඇරියා. අර විඤ්ඤාණය ධාරාවක් වශයෙන් එක පැත්තකින් ගියා. ආයිත් පේනවා මේක නිසා එහා කෙළවරින් ඇති වුණ අවිද්‍යාව තියෙනවා නේ. පංචනීවරණ විසින් ඇති වෙන්නේ අවිද්‍යාව. අවිද්‍යා සූත්‍රය. අවිද්‍යා සූත්‍රය, පංචනීවරණ නිසා අවිද්‍යාව. ඒක තමයි මේ පෙන්නන්නේ.

එතකොට මේ අවිද්‍යාව නිසාත් මේක flow වෙනවා. එතකොට කොහෙන් ගියත් මේක flow වෙනවා. කාමච්ඡන්ද පැත්තෙන් මට මේක බොහොම හොඳයි කියලා අරගෙන අර මුල දී මං පටන් ගන්නකොට මේක වෙනවා. ඊට පස්සේ මං වට අටක් පැනලා නමය, දහය. අවිද්‍යා ආශ්‍රව වෙලා තියෙන්නේ එතන. එතෙන්ට ගිහිල්ලත් අපි ආපහු flow කරගන්නවා, දුවනවා කියන එක. ඉතින් මේක, මේක බැලුවායින් පස්සේ ඉතින් අර ඔක්කෝම දේවල් පත්තු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ චෙතො විමුක්තිය, ප්‍රඥා විමුක්තිය, අනාශ්‍රව ඒවා ඔක්කෝම එකට සම්බන්ධ වෙලා තමන්ට දැනෙනවා මේක දැක්කායින් පස්සේ. ඒ කියන්නේ ඒක හරියට නිකන් මේ, විසඳුමක් නෑ වගේ නේ. මේක බැලුවහම, මේක අතහරිනවා ඇර මනුස්සයෙකුට විසඳුමක් නෑ. මොකද මම මෙතනින් රූපයත් එක්ක කැපුවා වුණත් කලින් කරපු නිසා frame එක සම්බන්ධ වෙලා එනවා. වේදනාවේ කියලා ගත්තා නම් ඇතුළෙන් diamond එකෙන් සම්බන්ධ වෙලා එනවා. ඒක මැද්දට අර area 1 to 4, 4 to 1. අර fake, අනාශ්‍රව සඤ්ඤා ඇති වෙන භාවනාව.

ඉතින් මෙතන භාවනා වැලක්. ඒක නිසා තමයි කෙනෙකුට තේරෙන් නැත්තන්, මේ තේරෙන් නැත්තේ. නමුත් මේකේ හරි විශාල අර්ථයක් තියෙනවා මොකද මේ, එක frame එකකින් අනිත් frame එක හැදෙනවා. ඒකෙන් diamond එක හැදෙනවා. ඔය විදිහට ඕකෙන් මුළු නීවරණය ම ඇති වුණාට පස්සේ මේක මම එපායි කිව්වා වුණත්, ඒ කියන්නේ රූපය එපායි කිව්වා වුණත් ආපහු එනවා. ඉතින් දැන් පේනවා මොකද්ද මේ රහතන් වහන්සේ මේ ළඟකදි පෙන්නුවා නේ මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියා වුණත් ඒ රූපය සියුම්ව ස්පර්ශ කරනවා. සියුම්ව. ඒක නේ අර න සඤ්ඤා, ඔය එතන පෙන්නනවා නේ නෙවසඤ්ඤානාසඤ්ඤා කියන කතාවේ ඉතින්, ඒ කියන්නේ ඒක බොහොම සියුම්ව සිද්ධ වෙන්නා වූ දෙයක්.