ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ නමස්කාර කරනවා ඒ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්. ඊට පස්සේ ඒ බුදුපියවරු අනුපිළිවෙළින් සිහි කරලා දාහතර නමට ම මං වැඳ නමස්කාර කළා ඒ විදිහට.
එතකොට මම පන්සිල් අරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා මම ගියා. ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා ගමන් කළහම දැන් කතමා ච භික්ඛවෙ සම්මා දිට්ඨි කියලා දුක්‌ඛෙ ඤාණං, ඔය විදිහට ජාති ජරාව ව්‍යාධිය මරණය දක්වා ආවා. ඒ මරණය දක්වා ඇවිල්ලා, ඊට පස්සේ මම මරණයෙන් අපි යනවා ව්‍යාධියට. මේකේ අනිත් පැත්තට ඒක බැලුවේ. එතකොට දැන් මරණය දක්වා කෙනෙක් හරියට ආවා නම් එයා උපෙක්ඛා අප්‍රමාණය කියන එකට ඇවිල්ලා තියෙනවා. එතකොට මරණයේ ඉඳන් ව්‍යාධියට යනවා කියලා කියන්නේ, අර උඩ බලන්න සඤ්ඤාවේ ඉඳන් චේතනාවට යනවා.
Vector එක වාගේ තියෙනවා නේ දැන්, උඩ area එකක් තියෙනවා මනොසඤ්‌චෙතනාව. එතකොට පල්ලෙහායින් භය අගතිය. මේ පැත්තේ තියෙනවා වම් අත පැත්තේ සඤ්ඤාව. එතකොට සඤ්ඤාවේ ඉඳන් ඕගොල්ලෝ චේතනාවට යනවා කියලා කියන්නේ, පල්ලෙහා බලන්න, දැන් අපි තියෙනවා නේ චේතනාවේ ඉඳන් භය අගතියට. මේ පැත්තේ area එක මොකද්ද තියෙන්නේ? ඒකේ තියෙන්නේ මරණය කියන එක තියෙන්නේ මේ පැත්තෙන්, දකුණු අත පැත්තෙන්, ආහාර diagram එකේ. එතකොට මරණය කියන එකේ උඩින් මේ පැත්තට එනකොට මරණයේ ඉඳන් ඕගොල්ලෝ එනවා ව්‍යාධියට. එතකොට මේ දෙක බැලුවහම, මේ උඩින් මෙහාට එනවා, මේක මං කලින් කරලා තියෙන භාවනාවක්. එතකොට එතෙන්දි තමන්ට පේනවා මේක හරි ම පිස්සු වැඩක් කියන එක. මොකද අපි ලෙඩ වෙලා තමයි, ඒ සඤ්ඤාවකින් ගිය ගමන් ඕගොල්ලෝ රෝගී සඤ්ඤාවක් මගේ කියලා අරගෙන ව්‍යාධි ස්වභාවයට පත්වෙලා තියෙන්නේ. ඒ මනුස්සයා චේතනා කරනවා කියන්නේ මේ මරණයේ ඉඳන් තමන් එනවා ලෙඩ වෙන්න. දැන් අපි බලන්න දවස්, අපි අසනීප වෙලා ඉන්නේ. ලෙඩ හතරක් තියෙනවා නේ හැමෝට ම. එතකොට ඒ මනුස්සයා මැරිලා ඉවර වෙලා කල්පනා කරනවා, ලෙඩ වෙලා මැරිලා, ආපහු කල්පනා කරනවා මං ආපහු ලෙඩ වෙන්න යනවා කියලා.
එතකොට ඒ විදිහට කල්පනා කළහම ඒ කෙනෙකුට ඒක අවබෝධ වෙනවා නම් ඔය කියන දේ එයා ඉන්නේ ආකිඤ්චඤ්ඤායතනයේ. එතකොට දැන් ඕකේ ඔතන තවත් පල්ලෙහා කෑල්ලක් තියෙනවා නේ. ඒ කියන්නේ මරණයේ ඉඳන් ව්‍යාධියට යනවා. එතකොට අපේ මේ චිත්තයේ තියෙනවා අර රෝගී ස්වභාවය අපි, අපිට ඇතුල් වෙනවා ඒක චිත්ත සංස්කාරවල රෝගී ස්වභාවය කියන එක අපිට ඇති වෙනවා. ඊළඟට පල්ලෙහායින් තියෙනවා පරිදේවය. පරිදේවයේ ඉඳන් අපි සෝකයට දුවනවා. පරිදේවයේ ඉඳන් සෝකයට දුවනකොට ඕගොල්ලෝ අර කබලිංකාර ආහාරයේ ඉඳන් සඤ්ඤාවට එනවා. දැන් එතකොට මේ කෑලි දෙක වෙනකොට දැන් පල්ලෙහා ධර්මයෙන් Z shape එකට තියෙන්නේ. ඒ කියන්නේ තමන් එනවා මරණයේ ඉඳන් ව්‍යාධියට. එතකොට මෙතනින් පල්ලෙහායින් තියෙනවා පරිදේවයේ ඉඳන් සෝකයට දුවනවා කියලා. මේක හරියට නිකන් hourglass එකක් වාගේ. ඊළඟට තියෙනවා යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ ඉඳන් අප්‍රියේහි සම්ප්‍රයෝගයට එනවා කියන එක. එතකොට ඔය කෑල්ල, යට කෑල්ල බැලුවොත් ඕගොල්ලන්ට පේනවා නිකන් hourglass එක වගේ.
මොකද, මෙතන මේ උඩ කෑල්ල, දැන් පරිදේවයේ ඉඳන් සෝකය කියන එක හිතන්න බලන්න දැන් hourglass එක, දැන් මෙහෙම තියෙන එක, පරිදේවය සෝකය මෙතන තියෙනවා. මේක වටේ කැරකිල්ලක් තියෙන්නේ. එතකොට උඩ පේනවා ඕගොල්ලන්ට අර Z අකුර වාගේ ආවා, Z අකුරේ අනිත් පැත්තට ආවා. ඇවිල්ලා මෙතනින් මේ පැත්තට යන එකයි තියෙන්නේ. ඕකත් කලින් කරපු භාවනාවක් මේ කියන්නේ. එතකොට අපි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ ඉඳන් අප්‍රියේහි සම්ප්‍රයෝගය උරුම කරගන්න උත්සාහ කරනවා කියන එක තියෙනවා.
එතකොට දැන් මෙතන, දැන් මේක වචනවලින් කියනවා නම් නැවතත් ඕගොල්ලන්ට මතක තියාගන්න, මරණයේ ඉඳන් ව්‍යාධියට යනවා කියන එකේදි ගන්න තියෙන්නේ අර චිත්ත සංස්කාර මැරෙන නිසා අර ව්‍යාධි ස්වභාවය මනසේ තියෙනවා. ඒක තමයි මරණයේ ඉඳන් ව්‍යාධිය කතාව. පරිදේවයේ ඉඳන් සෝකයට අපි දුවනවා. යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ ඉඳන් අප්‍රියේහි සම්ප්‍රයෝගය උරුම කරගන්න ඕගොල්ලෝ උත්සාහ කරනවා. ඒක තමයි අපිට සිද්ධ වෙන්නේ. එතකොට මේකේ Z shape එකට එනවා කියන එක තියෙනවා.
මෙන්න මෙතන්දි මේ කතාව, මේ කාරණා තුන, දකුණු අත පැත්තේ තිබෙන්නා වූ කාරණා තුන වමට එනවා නේ. යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ ඉඳන් අප්‍රියේහි සම්ප්‍රයෝගය, එතකොට එක කාරණාවක්. ඊළඟට සෝකය, දෙවනි කාරණාව. ඊළඟට උඩ ව්‍යාධිය. එතකොට මේ දකුණු අත පැත්තේ කාරණා තුනෙන් වම් අත පැත්තේ කාරණා තුනට තමයි ඕගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ කාරණා තුන කෙනෙක් දකිනවා නම් අන්න ඒ වෙලාවේ එයාට තියෙනවා ආකිඤ්චන විමුක්තිය කියන එක. අපි කිව්වා මුලින් ආවේ උපෙක්ඛා අප්‍රමාණය. එක කාරණයක් ගත්තහම එන්නේ එයාට ආකිඤ්චඤ්ඤායතනය. කාරණා තුනක් ගත්තහම ආකිඤ්චන විමුක්තිය.
එතකොට මං ඒ වෙලාවේ බැලුවා මේ ආකිඤ්චන විමුක්තියයි, ශුන්‍යතා චෙතො විමුක්තියයි. ඕගොල්ලෝ ඊයේ බැලුවේ. අනිච්ච නම් දුක්ඛ නම් විපරිණාමයට පත්වෙනවා නම් මගේ ය කියලා ගන්න වටිනවා ද? අන්න ඒ වෙලාවේ දී ශුන්‍යතා චෙතො විමුක්තියට එන්න පුළුවන් ඒ ධර්ම කාරණා අනුව. ඒ විමුක්තියයි මේකයි අතර වෙනස මොකද්ද කියන එක. ඉතින් ඒක බැලුවහම, එතන පේනවා ඕගොල්ලන්ට අතෙන්දි අර සඤ්ඤාව මගේ නොවෙනවා කියන එක ගැනීම තමයි ශුන්‍යතාවය කියන එකේ තියෙන්නේ. මේ අවස්ථාව වෙනකොට ප්‍රඥාව ඊට වඩා වැඩියි. අර කාරණා තුනකින් එයාගේ ඇවිල්ලා තියෙනවා ඒක නිසා ඒ ප්‍රඥාවේ ස්වභාවය වැඩියි කියන එක, ඉතින් රහතන් වහන්සේ “සාධු සාධු දරුවා” කියලා කිව්වා.
ඊට පස්සේ දැන් මං කල්පනා කරනවා, දැන් මේ ඔළුව, මේ වෙලාවේ ඉතින් විසාලයි කියන්නේ expand වෙවී expand වෙවී යනවා, දැන් මට දැන් මෙතන මේකේ, අර ඒක නිසා ඇති වෙන්නා වූ සැපක් තියෙනවා. එතකොට දැන් මං මේ කල්පනා කරනවා මේක මං මේ සැපක් කියලා ගන්නවයි කිව්වොත් හරියන්නේ නෑ මේක. ඒක සැපක් කියන එක දැන් මට තේරෙනවා. මේක මං මෙහෙම ගත්තොත් හරියන්නේ නැහැයි කියන එක මං මෙතන කල්පනා කළහම දැන් මෙතන මට එනවා මේ, මොකද මේ අප්‍රියේහි සම්ප්‍රයෝගයට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ, අර ව්‍යාධි සහගත ස්වභාවය කියන එක, දැන් යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං කියලා කියන්නේ මොකද්ද?
යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං කියලා කියන්නේ ව්‍යාධිය තියෙන පුද්ගලයා කල්පනා කරනවා අනේ අපි ලෙඩ වෙන අය නොවෙනවා නම් කියලා. එතකොට අන්න ඒ ගුණය තමයි අප්‍රියේහි සම්ප්‍රයෝගය තුළ තියෙන්නේ. ඒක ඇවිල්ලා තියෙනවා ඒකට. එතකොට දැන් මං මේ මනස විසාල වේගෙන යනකොට මේක මගේ කියලා ගන්නවා නම්, මේක හොඳයි කියලා ගන්නවා නම් එහෙනම් මං තාම ඉන්නේ අප්‍රියේහි සම්ප්‍රයෝගයේ. එතකොට මට එනවා මෙතන මේ දෙක අතර සම්බන්ධතාවය, දැන් ඔය Z අකුරෙත් මම, මං කිව්වා නේ Z අකුරේ අනිත් පැත්තෙන් එනවා කියලා. ඒක parallel වෙනවා අර sick සඤ්ඤාව මගේ කියලා අරගෙන අවිද්‍යා ආශ්‍රවයට යන කතාව තියෙන්නේ, තයොධම්ම සූත්‍රයේ, ආන්න ඒකත් එක්ක මේක දැන් parallel වෙනවා. Z අකුරේ අනිත් පැත්තේ කෑල්ලයි මේකයි parallel ඇවිල්ලා තියෙනවා කියන එක තියෙනවා.
එතකොට මට හොඳට තේරුණා මේක මගේ කියලා, දැන් මෙතනත් මේක නිවනෙන් පිටත දෙයක්. මේකත් මගේ කියලා ගත්තා නම් මම තාමත් අප්‍රියේහි සම්ප්‍රයෝගය තමයි තියෙන්නේ. එතකොට එතන ඔය කලින් කරපු භාවනා නිසා ඉතින් හොඳ ලස්සනට පේනවා කුක්කුච්චය. ඒ කුක්කුච්චය තියෙනවා නම් ඕගොල්ලන්ට තියෙනවා අප්‍රියේහි සම්ප්‍රයෝගය කියන එක තියෙනවා. එතකොට අප්‍රියේහි සම්ප්‍රයෝගය නිසා කුක්කුච්චය ඇති වෙනවා. දෙපැත්තට ම ඕකෙ ඒ කතාව තියෙනවා. ඉතින් උඩ අත්තා කියලා ගත්තා, මගේ කියලා ගත්තා, මෙතන කුක්කුච්චය, මෙතන අප්‍රියේහි සම්ප්‍රයෝගය, එතකොට මේ නිවනෙන් පිටත, මං මේ සඤ්ඤාවන් මං මේ ගත්තා නම් මෙතනත් තියෙන්නේ මේ අප්‍රියේහි සම්ප්‍රයෝගය තමයි. මං නිවනෙන් පිටත දෙයක් අරගෙන තියෙන්නේ. ඒක හොඳට දැනෙන්න ඕනෙ. අතෙන්ට ගිහිල්ලා, ඒ තත්වෙට පත්වෙලා, ඒක විඳලා, තමන්ට දැනෙන්න ඕනේ.
එතකොට අන්න ඒ වෙලාවේදි මම, ඉතින් රහතන් වහන්සේ මගෙන් ඇහුවා, “දැන් දරුවා මොකද්ද වෙනස?” කියලා මෙතන. දැන් මෙතන මොන විමුක්තියේ ද ඉන්නේ කියන එක. ඉතින් මං බලනකොට මට තේරෙනවා මේක, මේකත් පත්තු වෙලා තියෙන්නේ. ප්‍රඥා විමුක්තියත් හොඳට තියෙනවා strongly. හැබැයි චෙතො විමුක්තියත් තියෙනවා. මං කිව්වා මම ඉන්නේ ප්‍රඥා විමුක්තියේ. හැබැයි මේක supported by චෙතො විමුක්තිය.
ඒ කියන්නේ මේ නිවනට යොමු වෙච්ච මනසෙන් ඒක support වෙලා තමයි මේක තියෙන්නේ. ඒ පාර රහතන් වහන්සේ කිව්වා “සාධු සාධු දරුවා” ඒක තමයි අර ඉහළ ම, ඉහළ ම වූ, ඒක අර දැන් චූල සුඤ්ඤතේ පෙන්නන්නේ අර අවස්ථාවේ දී මේකත් සකස් කරනවා කියලා දැකලා ඒක ගන්නවා කියන එක. අන්න ඒ, ඒ විමුක්තිය තමයි එතන ඒ අවස්ථාව. ඉතින් ඒක, ඉන්න නම් හිතෙනවා. නමුත් ඊට පස්සේ රහතන් වහන්සේ “ඇතියි” කිව්වහම ඉතින් ඒක නැවැත්තුවා.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්