ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන් සිහි කරලා වැඳ නමස්කාර කළා. මේ විදිහට ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඊට පස්සේ මම, ලෝභයෙන් පටන් ගන්නෙයි කියලා මට කිව්වා. එතකොට ඒ ලෝභයෙන් පටන් ගන්නයි කිව්වහම මේක සම්බන්ධයෙන් භාවනාවන් ගොඩාක් කරලා තියෙනවා නේ. එතකොට ඕගොල්ලො දන්නවා අර මුලින් ම තියෙන එක, එතන තියෙනවා කබලිංකාර ආහාරය, ස්පර්ශය, වේදනාව, ගිද්ධිලෝභය. එතන ඒ belt එක කරකවනවා කියන එක. ඔය belt එක කැරකෙව්වහම අපි දන්නවා, ඕකට කියනවා අපි area 1 කියලා. ඕක නිසා area 4 හැදෙනවා කියන එක තියෙනවා. ඒ කියන්නේ එතන තියෙනවා වේදනාව, පරාමාසය, පල්ලෙහායින් භයෙන් අගතියට යනවා කියන එතන area 4 එක කියන එක. අනිත් අතට ගත්තහම අපි දන්නවා ඔය, අර අඹ ගෙඩියක් කාලා වේදනාව විඳලා මම ඉන්න කියන කැමැත්තක් තියෙනවා නේ. ඒ කියන්නේ චේතනාව වෙනකන් ඕක දික් වෙලා යනවා ඒ පැත්තෙන්. මේ පැත්තෙන් අර ජාතිය කියන පැත්තට යනවා.
එතකොට මෙන්න මේ විදිහට ඕගොල්ලන්ට පේනවා අර line එකක් අපි පෙන්නන්නේ, parallel ව අඳින්නේ ආශ්‍රවයන් පැහැදිලි කරනකොට, ඒ දක්වා එක පැත්තකින් යනවා. එතකොට ඒක අර කොඩියක කෑල්ලක් වාගේ හැදෙනවා. ඊට පස්සේ අපි දන්නවා අර පල්ලෙහායින් ජාති ජරා ව්‍යාධි මරණ. එතකොට එතනදි ආපහු කොඩියේ තව කෑල්ලක් හැදෙනවා මේ මැද්දේ කෑල්ල අර වේදනාව වාගේ තියෙනවා. කොඩිය කියන්නේ අර පන්සල්වල එහෙම එල්ලන්නේ මේ මැද්දෙන් කපලා. අන්න ඒ කොඩිය. එතකොට ඔය, ඔය භාවනාවෙදි ඉතින් මම කලින් කරලා තියෙනවා භාවනාවක්. ඒකේ පෙන්නුවේ ඔය කබලිංකාර ආහාරය, ස්පර්ශ, වේදනා, ඔය ගිද්ධිලෝභය කියන area 1 කියන triangle එක, ඕක උස්සලා තියෙන්නේ. හරියට මේ ගේක, ගෙවල්වල තියෙනවා නේ අර මෙහෙම කෑල්ල. ඒ වාගේ කෑල්ලක් තමයි මේ අපි කතා කරන්නේ. එතකොට මේක, මේ triangle එක කියන එක උස්සලා තියෙන්නේ columns දෙකකින්. ඒ columns දෙක මොකද්ද?
මෙතනින් අපි ඔන්න රාග සල්ලයෙන් කරකවනවා. රාග සල්ලයෙන් අල්ලලා කරකවනකොට අපි කබලිංකාර ආහාරයට නැවතත් යනවා. අන්න පොල්ල ගැහුවා වාගේ ඒකෙ පවතිනවා. නැත්තන් ඕක පවතින්නේ නෑ නේ. එතකොට ඊට පස්සේ මේ මෙහා පැත්තෙන් ගත්තහම වේදනාව එතන ද්වේෂ සල්ලයෙන් අල්ලලා කරකවනවා. සල්ලයෙන් කරකවලා කැරකවීමෙන් අපි ඉස්සවීම කියන එක කරා හරියට jack එක ගැහුවා වාගේ, අරක උඩට යන්න. ඊට පස්සේ, මේක පවත්වා ගන්න ඕනෙ නේ. ඒ පවත්වා ගන්න එක තමයි විඤ්ඤාණස්ථිතිය. ඊළඟට තියෙන්නේ ස්ථිතිය නේ. රූපය අල්ලගෙන විඤ්ඤාණය පවතිනවා. එතකොට විඤ්ඤාණස්ථිතිය කියන එක එතන තියෙනවා. පළවෙනි පාරෙත් තියෙනවා, දෙවනි පාරෙත් තියෙනවා. එතකොට ඒ දෙකෙන් තමයි මේක උඩට ඉස්සුවා, maintenance කියන එක තියෙනවා.
ඊට පස්සේ දැන් පල්ලෙහාට යනකොට අපි ඉතින් ඡන්දයෙන් මේකට අගති ගමනකට යනවා අපි මව් කුසකට රිංගනවා වාගේ ඒ දේ සිද්ධ වෙනවා කියන එක තියෙනවා. එතකොට මං ඕක හොඳට බැලුවා ඉතින් මේකේ නැති වෙන්න නම් රාග සල්ලය නැති වෙන්න ඡන්ද සමාධිය කියන එක තියෙන්නට ඕනෙ. එතකොට ඊළඟට අර විඤ්ඤාණස්ථිතිය නැති වෙන්න ඉන්ද්‍රිය සංවරය කියන එක තියෙන්නට ඕනෙ. ඊළඟට අපිට එනවා පල්ලෙහායින් ඡන්දයෙන් අපි අගති ගමනක් යනවා කියන එක තියෙනවා නේ. එතකොට ඒ ඡන්දයෙන් අගති ගමන යන එක වෙන්න මෙත්තාවෙන් අප්‍රමාණයට යන්න ඕනෙ. ඒ මේ වෙනකොට මගේ මේ ඔළුවෙ මට තේරෙනවා මේ පැත්ත සැපයි, හරියට ම නිකන් මෙතන, මෙහෙම triangle එකක් පේනවා. මට දැනෙනවා. Physically දැනෙනවා.
එතකොට මං බැලුවා මේ මොකද මේ. මේ චෙතො විමුක්තිය තමයි මෙතන තියෙන්නේ. මෙතන චෙතො විමුක්තිය ඇති වෙලා තියෙනවා, බොහෝ ම සැපට මේක තියෙනවා කියන එක තියෙනවා. ඉතින් මං ඒ මෙත්තාව පවත්වාගෙන ඉන්නකොට මට උදව් කළා එක්කෙනෙකුත් අර කුරුල්ලෙකුත්. දැන් ඒ මේවා කරගෙන ඉන්නකොට ඒ කුරුල්ලා හරි වේදනාවකින් නේ ඌ කෑගහන්නේ. ඒ දුක මේකයි කියන එක මම කල්පනා කළා. ඉතින් මං ඒ සතාටත් ඉතින් මෙත්තාව පැවැත්තුවා ඉතින් මේ වාගේ කොච්චර සත්තු දුකේ ඉන්නවා ද, මේ මේ විදිහට. සත්වයෝ ඉන්නේ දුකේ ම යි කියන එක, අපි හැමෝම ඉන්නේ දුකේ ම යි කියන එක ඉතින් හොඳට ඉතින් මෙත්තාවෙන් අප්‍රමාණය සහිතව මේක මගේ පැවතුණා.
මේක පවත්වගෙන මෙහෙම ඉන්නකොට දැන් මට, මං ආවා දෙවනි column එකට. ඒ දෙවනි column එකට ආවා ම මම කල්පනා කළා දැන් මේ පැත්ත උස්සලා තියෙන්නේ අර ද්වේෂයෙන් කියන එක. අපි දන්නවා අර පළවෙනි column එකේ ප්‍රශ්නේ, ජාතිය ඇති වුණායින් පස්සේ ජරාව කියන එක ඇති වෙනවා. විපරිණාමය කියන එක තියෙනවා. එතකොට ඒ විපරිණාමය තියෙනවා නම් මේක පවත්වන්න බෑ නේ. නමුත් අපි උත්සාහ කරනවා. ද්වේෂ සල්ලයෙන් කරකවනවා, මේ කොහොම හරි වේදනාව අල්ලගෙන අපි ඉන්න මේක කරනවා. එතකොට අපි, පළවෙනියෙන් ම අපිට පේනවා ද්වේෂ සල්ලය අපි බැලුවේ මේක jack එක ගැහුවා වාගේ උස්සන්න. උස්සලා පවත්වාගෙන ඉන්න තමයි අපිට විඤ්ඤාණස්ථිතිය, වේදනාව අල්ලගෙන ඉන්නා වූ කියන කාරණය.
එතකොට ඊට පස්සේ අපි ද්වේෂයෙන් අගතියට යනවා. එතකොට ඕකට විරුද්ධ වූ ධර්මය තමයි අර දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාවේ අපිට පේනවා ද්වේෂයෙන් අපි, ද්වේෂ සල්ලයෙන් කැරකෙන්නේ නැති වෙන්න නම් අර පළවෙනි පාරේ තිබුණා නේ අපි ඡන්ද සමාධිය. ඒ වාගේ මේකේ චිත්ත සමාධිය කියන එක තියෙන්න ඕනේ. ඊට පස්සේ දැන් මෙතන තියෙන්න ඕනෙ මේ චිත්ත ඉද්ධිපාදය කියන එක. අර විඤ්ඤාණස්ථිතිය කියන එක නැති, ඉද්ධිපාද 4 කියන එක තියෙන්න ඕනි මේකෙ ස්ථිතිය කියන එක නැති වෙන්න කියලා, maintenance කියන එක නැති වෙන්න. අන්න ඒ වෙලාව එනකොට මට ධර්මය මෙනෙහි කරන්න ඕන්නැති වුණා. ඒ පාර, මට තේරෙනවා මේ පැත්ත මෙහෙම වෙනවා. අර ඉද්ධිපාද 4ත් එක්ක දැන් මෙතන මේ පැත්තට එකක් හැදිලා. දැන් මෙතන මෙහෙම එකක් හැදිලා තිබුණා නේ හරහට. ප්‍රඥාවේ ඉඳන් පල්ලෙහාට මෙහා, හක්ක තියෙන හරියේ පල්ලෙහායින් මෙහෙමයි සතියත් එක්ක මෙතන තිබුණේ නේ ද. ඊට පස්සේ මේ වෙනකොට මගේ මේ පැත්තට දැන් ඇදිලා තියෙනවා. ඒ ප්‍රඥා ඉන්ද්‍රියේ කතාව හුඟාක් මේවා වෙලා ගිහිල්ලා.
ඉතින් මට තේරුණා මේක වෙන්නේ මොකද අර ඉද්ධිපාද කියන එකේදි අර, අර කුරුල්ලට මේක වඩනකොට මම මේ කල්පනා කළා මේ මෙත්තාව මේ සත්වයන්ට මෙහෙම පවත්වාගෙන ඉන්නවා ඉතින් දැන් අපි හිතමු ගෙදරක ළමයෙක් කෑගහනවා නම් එහෙම මිනිස්සු ඇවිල්ලා ඒ පාර අනේ මේ ළමයට කෑම දෙන්න, මොනවා හරි සංස්කාරයන් කරනවා නේ නේ ද. එතකොට මෙන්න මේ සංස්කාරයන් කියන ඒවා ටික කැපිලා ගියා. ඕක කොච්චර කළත් ඕක ඔහොම තමයි. ඊට පස්සේ තව ළමයෙක් හරි කෑගහනවා. තව ළමයෙක් හරි කෑගහනවා. මේ ලෝකේ හැම සත්වයෙක් ම මේ දුකෙන් අඬ අඬා දුකෙන් ජීවත් වෙනවා කියන එක තමයි, හැම තැන ම ඔය කෑගැහිල්ල තමයි කියන එක තිබුණේ. ඒක, ඒ අර්ථයත් එක්ක ම තමයි අර දෙවනි පාර බලනකොට දැන් මේ, මගේ පළවෙනි පාරේ උත්සාහය ඡන්ද සමාධියෙන් මං ඉන්නවා කියන එක. ඡන්ද සමාධියෙන් නිවනට මනස යොමු කරලා මම ඉන්නවා කියන එක. අර මේකත් ඕනෙ නැතෙයි කියනවා වාගේ එකක් තමයි මේ පැත්තෙන් එන්නේ. අරක කරන්න බැහැ.
ඒ කියන්නේ මේ ලෝකයේ ඉන්නකොට මේ සත්වයෝ කෑගහනවා, දුක් වෙනවා, කොච්චර සංස්කාර කරත් මේක නිවන්න පුළුවන් ගින්නක් නෙවේ. අන්න ඒ අර්ථය එක්ක දැන් මගේ මේ, මට දැන් ධර්මය මෙනෙහි කරන්න ඕනෙත් නෑ, මේක මැකිලා ගිහිල්ලා සිහි කරන්නත් බෑ. ඒ වගේ මගේ ගිහිල්ලා තියෙන්නේ දැන්. හරි පුදුමයි එතන ඒ තත්වය. අර අරක නතර වුණා වාගේ. රෝදේ නතර වුණහම තියෙන්නේ. අන්න ඒ වාගේ මේක, අමුතු විදිහකට මේකත් සිද්ධ වෙලා තියෙනවා.
එතකොට ඒකට තමයි ඔය කූඤ්ඤයේ උඩ කෑල්ල. දැන් අපි දන්නවා නේ කූඤ්ඤයේ කතාව. මේකේ කූඤ්ඤයේ උඩ කෑල්ලක් තමයි මේ වේදනාවේ කෑල්ල, අර මෙහෙම කොටුවක් නේ. Diamond shape එක කියන්නේ, අලුවා කෑල්ල කියන්නේ. එතකොට මෙතන යට කෙළවර කූඤ්ඤය, චේතනාවත් එක්ක. මෙතනත් තියෙනවා ඒ කූඤ්ඤයේ, එතන ඒ කෑල්ලක් තියෙනවා.
එතකොට මේ කෑල්ල තමයි මේ ගැලවිලා යන්නේ. මං හොඳට තේරෙනවා මේකේ වෙනස. එතකොට මේක දැන් ඔළුව හොඳට complete වෙලා මෙතන පවතිනවා දැන් ද්වේෂයෙන් අගතියට ගමන යන්නැති වෙන්න ඉතින් කරුණාවෙන් අප්‍රමාණයට යන්න ඕනෙ. ඉතින් අර වේදනාවක් අල්ලගෙන ඉන්න ඕනෙ නෑ. ඒ කියන්නේ අර ඡන්ද සමාධියෙන් මම නිවනට යනවා කියන එකවත් අල්ලගෙන ඉන්න ඕනෙකමක් නැති කියන අර්ථයක් මෙතන මේකේ තියෙනවා. මේක බොහොම හොඳට මෙතන හිටියා.
ඊට පස්සේ රහතන් වහන්සේ “ඇතියි” කියලා කිව්වා. මං ඒ පාර නවත්තලා ඊට පස්සේ දැන් මං ආපහු කල්පනා කරා දැන්, ඕගොල්ලෝ තාම භාවනා කරනවා නේ. මගේ එක මිනිත්තු පහළොවකින් විස්සකින් විතර මේක ඉවරයි. එතකොට මම දැන් ආපහු මේ, වෙලාවත් බලලා, මං බැලුවා ආපහු මේක සිතුවා. ඒ සිතපු වෙලාවේ, දැන් මේ මට මොකද මේ වුණේ කියලා. මෙතන මේ විදිහට කොහොම ද නැති වෙලා ගියේ කියන එක. එහෙම කල්පනා කරලා බලනකොට ඉතින් දැන් මට පේනවා මේ, ඒ වේදනාව කියන එක මම අල්ලගෙන ඉන්නෙ නැතිකම කියන එක තියෙනවා නේ මෙතන. කිසිම වේදනාවක්. ඒ නිර්වාණය සඳහා ඡන්දය තියෙනවා. ඒක සඳහා වූ, ඒක නිසා ඇති වෙන්නා වූ වේදනාවක්වත් මං අල්ලගෙන ඉන්නේ නැතෙයි කියන කතාවට තියෙනවා.
එතකොට මට, ඒ වෙලාවෙදි මට එකපාරට ම රහතන් වහන්සේ ඇහුවා, “දැන් ඔබ කොතන ද ඉන්නේ” කියලා. බලනකොට විඤ්ඤාණඤ්චායතනයේ ඉන්නේ. එකපාරට ම මට තේරුණා මං විඤ්ඤාණඤ්චායතනයේ ඉන්නේ. ඇයි මං විඤ්ඤාණඤ්චායතනයේ ඉන්නේ? අර ආකාසානඤ්චායතන නිසා ඇති වෙන්නා වූ වේදනාවන් ඒ සම්බන්ධයෙන් තියෙන එකවත් මම එපා කියන අර්ථයයි මේකේ තියෙන්නේ. ඔය දෙවනි පාරෙන් ඒක නේ වෙන්නේ. ඒ ආකාසානඤ්චායතනයට නේ යන්නේ. පළවෙනි එක සුභ කියන විමුක්තිය, දෙවනි එකේ ආකාසානඤ්චායතන කියන එකයි තියෙන්නේ. ඒකේ තියෙන වේදනාවවත් එපායි කියන එක නිසා තමයි එතන විඤ්ඤාණඤ්චායතනය. ඉතින් මේ භාවනාවේ නම විඤ්ඤාණඤ්චායතනය, කියන එකයි එතන තියෙන්නේ. හොඳයි භාවනාව.