ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා, නමස්කාර වේවා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ සිහි කළා මේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැන්දා.
වැඳලා මට, අර මෝහයෙන් පටන් ගන්න කියන එක තමයි මට කිව්වේ. මෝහය නැති කරමි කියන එක. එතකොට කෙළින් ම මම ගත්තේ. දැන් අපි පෙන්නනවා ඔය ආයතන භාවනාවේ එහෙම අන්තිමට, ඔය මෝහය කියන එක ඇති වෙන්නේ ස්පර්ශය නිසා. ඒ කියන්නේ, ස්පර්ශය නිසා අපිට සඤ්ඤාවක් ඇති වෙනවා. ඒ sick සඤ්ඤාව මගේ කියලා ගැනීමෙන් අවිද්‍යා ආශ්‍රවය කියන එක තියෙන තැනට අපි එනවා. මගේ කියලා ගැනීම කියන එක.
ඕක තමයි ඔය තයොධම්ම සූත්‍රයේ පෙන්නනවා ඕක. එතකොට අපි එතෙන්ට ආවා නම් අවිද්‍යා ආශ්‍රවයෙන් අපි කාම ආශ්‍රවයට එනවා කියන එක තියෙනවා. එතකොට අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රවය එන එක, අපි මේ වෙලාවේ බලනවා කාම ආශ්‍රවයට ආවා, කාම ආශ්‍රවය නිසා අපි රාග සල්ලය, ඒකෙන් අපි රූපය කියන එකට යනවා කියන එක.
එතකොට එහෙම නම් ඕගොල්ලන්ට පේනවා දැන් මෙතනින් පටන් අරගෙන මෙහෙම frame එකක් සම්බන්ධ වුණා එලියෙන්. එතකොට ඔය, ඔය කියන්නේ ඔය රහතන් වහන්සේ පෙන්නුවා ඔය නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියාත් ඒ රූපය ස්පර්ශ කරනවා සියුම්ව. 50%ක අවස්ථාවක් එයා ඒක කරනවා එයාගේ කාලෙන්. නැත්තන් බිඳෙනවා. විඤ්ඤාණය පවතින්නෑ. සඤ්ඤාව නැති වෙලා ගිහිල්ලා විඤ්ඤාණය පවතින්නැති වෙනවා. ඒක නිසා එයාටත් ඒක කරන්න වෙනවා. ඒක බොහොම සියුම්ව සිද්ධ වෙන්නේ. එතකොට මෙතෙන්දි අර මැද්දේ තියෙන වේදනාවල් කතාවල් නෑ එයාට. එතකොට ඊළඟට දැන් අපි, එක frame එකක් අපි දැක්කා.
ඕකට අමතරව අපිට තවත් එකක් රහතන් වහන්සේ පෙන්නුවා ඔය නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්ති, ඒ කුසලය ඇති කරගන්න එකේදි, ඒ කියන්නේ ඕක sandwich එක වාගේ ඇකිලෙන එක නේ වෙන්නේ. අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයට යනවා, අවිද්‍යා ආශ්‍රවයෙන් දිට්ඨි ආශ්‍රවයට යනවා. ඉතින් මේක දෙපැත්තට ඇතුල් වෙනවා. මෙතනින් භව ආශ්‍රවය ඇති වෙනවා. මෙතන columns දෙකයි මේක මෙහෙම ඇතුල් වෙනවා කියලා තව භාවනාවක් කරලා තියෙනවා.
එතකොට අපි ගත්තොතින් එහෙම, අවිද්‍යා ආශ්‍රවයට ගිය එක්කෙනා දිට්ඨි ආශ්‍රවයට එනවා කියන එක තියෙනවා නේ. ඒ අවිද්‍යා ආශ්‍රවයෙන් දිට්ඨි ආශ්‍රවයට ආවායින් පස්සේ මොකද වෙන්නේ, දිට්ඨි ආශ්‍රවයෙන් දිට්ඨි සල්ලයට යනවා. සල්ලයට ගියහම සඤ්ඤාව අල්ලගෙන ආපහු විඤ්ඤාණය පවතිනවා. එතකොට ඔතනත් ඔය සෙල්ලම වෙනවා.
එතකොට මේ වෙලාව වෙනකොට දැන් අපිට පේනවා ඔය දිට්ඨි සල්ලය නිසා සඤ්ඤාවට touch කිරීම කියන එක ඒ පැත්තෙන් සිද්ධ වෙනවා. අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයට ඇවිල්ලා රූපය කියන එක උඩින්, සඤ්ඤාවෙන් ස්පර්ශ කරගෙන වේදනාවක් ගැන නැතුව, නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියා වේදනාවක් ගැන හැඟීමක් නැතුව උඩින් සියුම්ව වෙන්නා වූ දෙයකුත් තියෙනවා.
එතකොට ඔය, ඔය අවස්ථාවේ දී ගත්තහම දැන් දිට්ඨි ආශ්‍රවයෙන් හරි අවිද්‍යා, කොහොම හරි කාම ආශ්‍රවය කියන තැනට ආවොතින්, අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයට ආවොතින්, ඒ කාම ආශ්‍රවයට ආවාට පස්සේ ඒ පුද්ගලයා, කප්පං කියලා අපි පාරක් කියලා තියෙනවා, ඒකේ හරහා ඒ වේදනාවෙන් උඩට චේතනා වෙනවා කියන එක තියෙනවා. ඔය නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියා මේ කොච්චර පාරක් ද මේක, ඔය ස්පර්ශ කරනවා කියන එක එයා කොහොම ද කරන්නේ? එතකොට මට එතන ආවා මේ දෙකයි, රූපය දෙපාරක් ස්පර්ශ කරනවා, ඊට පස්සේ අර සඤ්ඤාවකින් ඉන්නවා කියන අර්ථය.
හැබැයි මතක තියාගන්න මෙතන වෙනස තියෙන්නේ මෙයාට මේ සඤ්ඤාවේ වෙනසක් තේරෙන්නේ නෑ එයාට. එයාට වෙනසක් තේරෙනවා නම් තේරෙන්නේ වේදනාවේ වෙනසක් දැනීමෙන් තමයි ඕගොල්ලෝ යමක් දැනගන්නේ. වේදනාවේ වෙනසක්, වේදනාවට මේකක් නැත්තන්, මොකද එයා දෙකක් ස්පර්ශ කළහම එයා දන්නවා. පළවෙනි පාර අවිද්‍යාවෙන් එන එක, දෙවනි පාර මාන්නයෙන් වෙන්නා වූ එක තියෙනවා.
නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියා මේ සංස්කාරවලට අගයක් දෙන්නේ නෑ. එයාගේ මාන්නයක් නෑ ඒ විදිහේ මාන්නයක්. ඒක නිසා එයා හදන්නා වූ අර දෙක ම එක වගේ. එතකොට එයාට ඒකේ වෙනසක් නෑ. නෙවසඤ්ඤානාසඤ්ඤා. අර පෙර සඤ්ඤාවනුයි මේකෙයි කියන එකේ වෙනසක් නෑ කියන එක තියෙනවා. වේදනාවට අගයක් දෙන්නෑ, මොකද එයා දන්නවා ඇති වෙන වේදනාව දුකයි. ඒ වේදනාව දුකයි කියලා මේකේ gap එක කොහොම හැදුවත් compare කළොතින් මේක දුකයි, ඒක නිසා එයාගේ comparison එකක් එයාගේ නෑ.
එතකොට දැන් එහෙනම්, දැන් මට පේනවා මේ සඤ්ඤාවෙන් පල්ලෙහා කොටස මැකිලා. ඒ හරියේ වේදනා පැත්තේ ඒ picture එක නෑ. අර උඩින් මේකක් විතරයි තියෙන්නේ. ඉතින් එතකොට, දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නේ නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියා ඉන්නේ remainder of volitional formations. මේ දක්වා කරපු සංස්කාරයෙන් තමයි ඉන්නේ, එයාගේ අලුතෙන් එකක් නෑ. එතකොට මේක මොකද්ද මේ කියන්නේ?
එහෙම නම් මෙයා ඉන්නේ මේ චේතනාවෙන්. එහෙම වෙන්න නම් පුළුවන්කම තියෙන්නේ චේතනාවෙන්. මොන චේතනාවෙන් ද? ඒක හරියට මට ඒක හිතුණහම ඉතින් රහතන් වහන්සේ එතන “සාධු සාධු” කිව්වා. ඒ කියන්නේ චේතනාවෙන් එතන ඉන්නවා කියන එක ගත්තහම, මං උදාහරණයක් රහතන් වහන්සේගෙන් ඇහුවා, රහතන් වහන්සේ කිව්වා “ඔබ ම දන්නවා” කියලා ඒකට උදාහරණය.
ඒ පාර මට ම එනවා, ඒ කියන්නේ මම මොකක් හරි තැනකට ගිහිල්ලා මොන හේතුවක් හරි නිසා මං මෙතන ඉන්නවා නම් ඉතින් ඒ ඔය හේතු ඔහෙ වෙච්චා වේ. දැන් මිනිස්සු කියන්නේ. දැන් මොකකට හරි හේතුවකට මාව ඉපදුණා නම්, මං ඔහෙ ඉතින් ඒක, මං අලුතෙන් මොකක්, ඒ කියන්නේ තණ්හාව පැත්තෙන් නෑ. Flow එකක් නෑ. තෘෂ්ණාවක් එතන කතාවක් නෑ. ඒක නේ remainder එක කියලා කියන්නේ. මොකකට ද මං ආවේ, ඉතින් ඒක ඔහෙ වෙච්චා වේ. මිනිස්සු කියන්නේ අන්න ඒ වාගේ නේ ද? අලුතෙන් මං හදන්න, ළමයි හදන්න, උදව් කරන්න, උපකාර කරන්න, ඒවා මොනවක්වත් නෑ. ඒ අන්න ඒ වාගේ තත්වයක් තමයි ඒ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය කියන එකේ, ඒකේ තියෙන්නේ.
ඒක තමයි මට මේ හුඟක් ඕන වෙලා තිබුණා මට ඔය නෙවසඤ්ඤානාසඤ්ඤායතනයේ condition එක හොඳට analyse කරලා බලන්න. ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.
ඒ කියන්නේ ඕක මැද්දේ දී ආපු එකක් තමයි මේ “සබ්‌බසඞ්‌ඛාරසමථා, සඤ්ඤා උපරෝධනා.” ද්වයතානුපස්සනා සූත්‍රයේ ගාථාවක් තියෙනවා මේ ලෝකේ “යංකිඤ්චි දුක්ඛං සම්භොති, සබ්බං සඞ්‌ඛාර පච්චයා. සඞ්‌ඛාරස්ස නිරොධෙන, නත්ථි දුක්ඛස්ස සම්භවං. එතං ආදීනවං ඤත්වා, දුක්ඛං සඞ්‌ඛාර පච්චයා. සබ්‌බසඞ්‌ඛාරසමථා, සඤ්ඤා උපරෝධනා.” සංස්කාරය සමථයට පත් වෙන්න ඕනෙ, සඤ්ඤාව stop වෙන්නට ඕනෙ. එතකොට ඒ සඤ්ඤාවේ stopping කියන එක මට ඕක මැද්දේ දී ආවා, ඒ අගය.