මං ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ නමස්කාර කළා ඒ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්. මේ විදිහට හත් නම මෙනෙහි කරලා වැන්දා. ඊට පස්සේ ඒ දාහතර නම මෙනෙහි කරලා දාහතර නමට ම වැන්දා.
එතකොට මට ඒ පංචනීවරණයන්ගෙන්, යටපත් කරමි කියන එකෙන් පටන් ගන්නෙයි කියලා කිව්වා. ඒ පංචනීවරණයන්ගේ භාවනාවට මම අර කාමච්ඡන්දය කියන එක අර, සාතයි අසාතයි කියන එක නේ. අපි දැකලා තියෙනවා නේ. සාත, ඉෂ්ට වස්තුවයි සුඛ වේදනාවයි. අනිෂ්ට වස්තුවයි දුක වේදනාවයි. එතකොට මේක නිසා තමයි ඡන්දය ඇති වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ අර සාතං අසාතං යමාහු ලෝකේ, තමූපනිස්සාය පහොති ඡන්දො කියන ගාථාවත් එක්ක, ඕකත් එක්ක භාවනාව කලින් කළා. එතකොට මේක මට මතක් වුණා. ඊයේ කරපු භාවනාව මතක් වුණා. හිත එහෙම ම නතර වුණා. එතන මිනිත්තුවක් ගියේ නෑ. දැන් මට මුකුත් සිහි කරන්න, මේවා කරන්න, මොනවක්වත් ම නෑ. මං ඔහොම හිටියා.
ඔහොම ඉඳලා සෑහෙන වෙලාවක්, ඊට පස්සේ මෙනෙහි කරන්න බලනවා අර අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට මෙහා කෙළවර, ඒක මම දන්නවා. දකිනවා, දන්නවා, මෙනෙහි කරලා ධර්මයක් මොකුත් ම ගැලිල්ලක් කිසිම ආකාරයකින් නෑ. මං එහෙම්ම ම හිටියා. මිනිත්තු පහළොවක් විතර ඉඳලා, පස්සේ රහතන් වහන්සේ මට “ඇතියි” කිව්වයින් පස්සේ මම නැවැත්තුවා, වැඳ නමස්කාර කරලා. දැන් ඉතින් ඕගොල්ලෝ භාවනා කරනවා නේ. දැන් මේකේ දිගට යනවා නේ. එතෙන්දි දැන් මං බැලුවා මේකේ මොකද මේ වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ කියන එක.
ඒ කියන්නේ මට දැන් අර, ඕගොල්ලන්ට කියන්නෙයි කියලාවත් මේක කරකවන්න පුළුවන්කමක් ඇත්තේ නෑ. ඒක එහෙම්ම ම නතර වෙලා තියෙනවා. මේකේ වෙන්නේ මොකද, මේක කාමච්ඡන්ද භාවනාව හරියට කරපු එක්කෙනාට එයාට පේනවා, කාමච්ඡන්දයේ අපි කෑලි දෙක බැලුවේ. රූපය, ඉෂ්ට වස්තුව සුඛ වේදනාව. එතකොට දැන් ඊයේ භාවනාවෙදි පෙන්නුවේ මොකද්ද? මේ කාමච්ඡන්දය කියන එකෙන් අපි දන්නවා ඔය jack එක ගහලා, මුලින් එකක් ගැහුවා. ඊට පස්සේ ව්‍යාපාදයෙන් එකක් ගැහුවා, ථීනමිද්ධයෙන් එකක් ගැහුවා, උඩ frame එක හැදුණා. උද්ධච්චය මේ පැත්තට ගැහුවා. පහළ අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට සැකයෙන් ගැහුවා, ඊට පස්සේ අපි, අපි ආවා කාම ආශ්‍රවයට. කාම ආශ්‍රවයෙන් අපි ආවා රාග සල්ලයට. රූපය අල්ලගන්නවා. ඕක නේ කරන්නේ. එතකොට මේ frame එක ඔන්න සම්පූර්ණ වෙනවා.
එතකොට ඊයේ භාවනාවෙදි බැලුවේ ඕක සම්පූර්ණ වෙනවා නම් අර අපි ඉහළට ම යනකොට, මේ සඤ්ඤාවෙන් පල්ලෙහා කොටස කතාවක් නෑ. මැද්දේ කෑල්ල empty. මේකෙන් විතරයි අර නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියා, එයා දෙකක් ගහනවා. රූපයට දෙපාරක් අල්ලලා ඊට පස්සේ එයා නිකන් ඉන්නවා. ඒක තමයි එයාගේ ක්‍රමය. ඒකයි නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙ තියෙන්නේ. ඒ කියන්නේ රූපය සියුම්ව ස්පර්ශ කරනවා, ඒකත් එක්ක ඇති වන වේදනාවට කිසීම අගයක් දෙන්නේ නැතුව. එතකොට වේදනා කෑල්ල ඉවරයි එයාගේ. වේදනාව ගැන මේකක්, මතකයක්වත් නෑ. ඒක නිසා එයා සංස්කාරයට දෙන්නේ නෑ අගයක්. එතකොට අපිට පේනවා වේදනාවෙන් ධම්මමච්ඡරිය හරහා එනවා අපි චේතනාව කියන තැනට. මෙයා සඤ්ඤාවකට සලකන්නේ නැති එක්කෙනා. ඒක නිසා මෙයා චේතනාවෙන් විතරයි ඉන්නේ. ඒක නිසා තමයි මේ, එයා අර remainder of volitional formation කියලා කියන්නේ. පෙර කරා වූ සංස්කාරයන්ගෙන් විතරක් ඉන්නවා කියන එක තියෙනවා. එතකොට ඒ භාවනාව ඊයේ ඒක කළා.
ඊට පස්සේ, ඊට පෙර නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඒකේ කුසලය කියන ඒ භාවනාවක එතන්දි කළා අර වේදනාව නිසා අපිට ධම්මමච්ඡරිය ඇති වෙනවා. ඒ ධම්මමච්ඡරියේ අපි, එතන පාර තියෙනවා නේ. එතනින් ඒ චේතනාවෙන් අපි එනවා ඔය ඉදංසච්චයට එනවා. අපි එනවා අවිද්‍යා ආශ්‍රවයට, අවිද්‍යා ආශ්‍රවයෙන් අපි දිට්ඨි ආශ්‍රවයට එනවා. මේක path එකක්. දිට්ඨි ආශ්‍රවයට ආවායින් පස්සේ දිට්ඨි ආශ්‍රවයෙන් අපි පල්ලෙහාට එනවා දිට්ඨි සල්ලය, සඤ්ඤාව අල්ලගෙන ඉන්නවා. එතකොට මෙතන අර දෙපැත්තේ, එහා පැත්තේ columns දෙක, විඤ්ඤාණ ආහාර පාරයි, මනොසඤ්‌චෙතනා ආහාර පාරයි ඒ දෙක එක්කහු වෙලා හැදෙන හැටි ඒක තියෙන්නේ. ඒකෙන් තමයි, ඒ සඤ්ඤාව අල්ලගෙන ඉඳීමෙන් තමයි ඔය ඉන්නවා කියන කතාව තියෙන්නේ.
එතකොට මෙන්න මේ භාවනා දෙක කෙනෙකුට connect වෙනවා නම් එයාට තියෙනවා ඒ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයේ ඒ කුසලය කියන එක, ඒකේ දක්ෂතාවයන් ඔක්කොම පවතිනවා. එතකොට මේක තියෙන පුද්ගලයාට දැන් මුළු picture එක ම පේනවා නේ. කාමච්ඡන්දය නිසා අපි දිගට ම ව්‍යාපාද, ථීනමිද්ධ. ථීනමිද්ධ කතාවෙදි අර අවිද්‍යා ආශ්‍රව භාවනාව එන්න ඕනෙ. අවිද්‍යා ආශ්‍රව කියන එක ඇති වෙන්නේ දහ වෙනි රවුමේ දී. ථීනමිද්ධ අවස්ථාවේ දී අපි දන්නවා, ඒ කියන්නේ මේක අර bell shaped curve එකක වාගේ එකක් නම වෙනි රවුම වෙනකොට අපිට ඇති වෙනවා නේ වේදනාවක්. ඒ වේදනාව ගැන එයාට නෑ කිසිම ආකාර වූ වටිනාකමක් නෑ. මොකද දැන්, දැන් මං කියන්නේ හරියට ඕක අර විඤ්ඤාණය flow වෙන්න දෙයක් නෑ. අපි shirt එකක් ගන්න ගියා, ඒ shirt එක ගත්තහම මේක හරි ද, හොඳ ද, ගැළපෙනවා ද, කිසිම හැඟීමක් නෑ. තමන්ට ඒක ගැන මේකක් නෑ. එතකොට මේක push කරන්නේ කොහොම ද අර salesman හරි, තමන්ගේ දරුවා හරි, wife හරි, කවුරු හරි එක්කෙනෙක් ඉඳන් කියනවා ඕක ගැළපෙනවා කියලා. Second opinion එක. ඒ කියන්නේ මගේ එකේ ම යන්න මට ගැම්මක් නෑ, ඊළඟට ඇති වෙන peak එක, මානයෙන් ඇති වෙන්නා වූ ඒක මේකත් එක්ක හුඟාක් ම සමානයි. ඒක තමයි අර දෙවනි එක්කෙනාගෙන් මේක ආවේ.
එතකොට මෙතන තියෙන්නේ මේ ථීනමිද්ධ අවස්ථාවේ දී නොදන්නාකම තියෙනවා. අර ඊළඟ එකේදිත් නොදන්නා බව තියෙනවා මොකද විඤ්ඤාණයට වෙන් කරගන්න පුළුවන්කමක් ඇත්තේ නෑ. කොයි එක ද හොඳ, කොයි එක ද නරක කියන එක තෝරගන්න බෑ. ඒ තරමට එයාගේ ථීනමිද්ධ ස්වභාවය ඒකෙ, ඒකේ තියෙනවා. එතකොට ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒ අවිද්‍යාව අවස්ථාවේ දී දුකයි කියන එක එයා දන්නේ නෑ. දෙකේ ම තියෙන්නේ දුක. ඒක නොදන්නා බව. එතකොට මේ කෑලි ටික ඔක්කෝම එකතු වෙලා තියෙන්නේ. දැන් අපි ඉන්නේ, කාමච්ඡන්දය කතාවෙදි මුල. අවිද්‍යා ආශ්‍රවය කතාව එහා කෙළවර. සැකයෙන් තමයි ඒක ගහන්න තියෙන්නේ නේ ද?
දැන් මෙන්න මේ දෙක දන්න එක්කෙනා, එහෙනම් අවිද්‍යා ආශ්‍රවය කියන්නේ මොකද්ද කියන එක දන්න එක්කෙනා, කාමච්ඡන්දය මොකද්ද කියන එක දන්න නිසා මේකේ effect එක දන්නවා, මේ frame එක දන්නවා, ඇතුළින් වෙන්නා වූ සංස්කාරවලින් frame එක දන්නවා. ඒ කියන්නේ A to Z දන්නවා. A to Z දන්නවා නම් මේක දුවන්නේ නෑ.
ඉතින් ඊට පස්සේ මම කල්පනා කළා ඉතින් මෙහෙම, දැන් තථාගතයන් වහන්සේ, මේක දන්නා වූ තථාගතයන් වහන්සේට මේක නතර වෙලා මෙහෙම එකක් තියෙනවා නේ. ඉතින් මට කල්පනා වුණේ එහෙම නම් මේ බුදුහාමුදුරුවෝ මේක දේශනා කළේ මේ සහම්පති මහා බ්‍රහ්මගේ ඉල්ලීමට අනුව කියන එක. ඒ කියන්නේ වෙන ක්‍රමයකට මේක දුවන්න එකක් ඇත්තේ නෑ. සිත නතර වෙලා තියෙන්නේ. සිත නතර වෙච්චි මනුස්සයට මේකේ අමාරුකම කියන එක තේරෙනවා, ඔක්කොම මේක මේවා එක, නතර වුණාට පස්සේ ඒ මනුස්සයට මේ ධර්මය දෙන්නෙයි කියලාවත් එහෙම මොනවක්වත් ම, එකක් ඇත්තේ නෑ. අර ඉල්ලීම උඩ අරක කරනවා ඇරෙන්න මේකෙ දෙයක් නැතෙයි කියන එක. හරි ම පුදුමයි ඒක. ඒ වැටහීම ඒකත් එක්ක එනවා කියන එක. පුදුම දෙයක් තියෙන්නේ. භාවනාව අතරේ දී මේ සියල්ල මේ වේදනාව නිසා ය කියලා ඒ, ඒක පෙනීමක් තිබුණා.