ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ සිහි කළා ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්. ඒ වගේ ම ඒ දාහතර නම ම මං ඔය විදිහට සිහි කරලා වැන්දා.
එතකොට මං පන්සිල් ගන්න එක කරගෙන ගියා. ඒ පන්සිල් ගන්න එකේදි මං ගන්න ක්‍රමයට මුසාවාදය කියන එක. එතනදි මම ගත්තා මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, එතකොට මුසාවාදය නිසා අපිට ලෝභය ඇති වෙනවා. ලෝභය නිසා මුසාව කියන එක. ඕක සිද්ධ වෙන්නේ, මුසාවාදය significant වෙන්නේ පහළොස් වෙනි රවුමේ දී. ක්‍රෝධය දහතුන. පහළොව මුසාව කියන එක තියෙනවා. එතකොට, මම ඒ භාවනාව කරන්න ඉස්සෙල්ලා මම කලින් කරපු භාවනාවක් තියෙනවා, මක්ඛය කියන එක දාහත් වෙනි රවුමේ දී එන්නේ. මක්ඛය වුණා නම් අපි දන්නවා අපිට මේ, දහනමය වෙනකොට සෝකය වෙනවා. දහඅට පරිදේවය දහනමය සෝකය කියන එක. එතකොට ඒ සෝකය කියන එක, අපි දාහත ඉඩ දුන්නා නම්, මක්ඛය වෙන්න ඉඩ දුන්නා නම්, අර මේ සෝකය කියන එක අධික වෙනවා. දහනමය වෙනකොට සෝකය අධිකයි කියන එක තියෙනවා. එතකොට මං මේක බලලා තියෙනවා. එතකොට මට ඒ පැත්තට දැන් යන්න ඕන්නෑ මං ඒ කෑල්ල දන්නවා. එහෙනම් මගේ තියෙන්නේ මේ, පහළොව වෙනි එකේදි මේක significant වෙන එක නවත්තනවා කියන අර්ථය නේ ඔතන තියෙන්නේ.
මෙතනින් ගියහම ප්‍රතිඵලය මේකයි. ඉතින් දැන්, මොකද්ද මුසාවයි කියලා කියන්නේ? මුසාවයි කියලා කියන්නේ අපි සුඛයි කියලා ගන්න එක. අපි යම්කිසි එකක් සුඛයි කියලා ගන්නවා නම් ඕක මුසාව වෙනවා. එතකොට ඒ පාර මං බැලුවා, ඒ මුසාව කියන එක සුඛ වෙනවා, ඒ කියන්නේ අපි අර වේදනාව සුඛයි කියලා පරාමාසයට යෑමක් නේ ඔතන තියෙන්නේ. එතකොට මේ ලෝකේ තියෙන්නේ දුක්ඛය නේ. එතකොට මේ සුඛයි කියන එක බොරු. ඒ සුඛය නිසා අපි දන්නවා ඕගොල්ලෝ ලෝභ පාරේ කියන එකේ ගමන් කරනවා. අර අපි ඊයේ කරේ ලෝභ, දෝස, මෝහ භාවනාව. ඒකෙ අර ලෝභ පාර දිගේ ගමන් කරනවා සුඛයි කියලා ගත්තා නම් පළවෙනි පාර.
එතකොට දැන් ඔතනදි ඒ මනස හරි ම ශාන්තයි. ඔච්චරයි මං කළේ. හරි ම ශාන්තයි. පුදුමාකාර විදිහට තියෙනවා. ඉතින් මං එතෙන්ට මෙනෙහි කළා මේ ලෝභයයි රාගයයි අතර වෙනස මොකද්ද කියන එක, ඒකත් රහතන් වහන්සේ කලින් කරලා තිබුණා නේ. ලෝභය කියලා කිව්වහම හරියට අර සොයනවා. අර දිව, නයෙක් දිව දික් කර කර යන්නේ, හොය හොයා යන්නේ, අන්න ඒකේ තියෙනවා ලෝභයේ තියෙනවා ඒ සොයන අර්ථය කියන එක. රාගයේ දී ගත්තහම අර තමන්ට ලැබිලා. ලාභයක් ලැබිලා. පස් වෙනි රවුමේ දී අපි කියන්නේ ලාභයි කියලා. ඒ වාගේ අර, බිත්තරේ හරි මොකක් හරි එක ලැබිලා තමයි රාගය කියන එක. එතකොට ලෝභය කිව්වහම අර සොයන අර්ථය කියන එක තියෙනවා.
ඉතින් මේක බලපුවහම අර මේ පුදුමයි මනස අර ඊයේ තිබුණා නේ අතන ආනෙඤ්ජ විහාරය. මේකෙදි මොනවක්වත් නෑ මෙතන පුදුම සැපක්. අර කූඤ්ඤෙට එනකම් දැනෙනවා කූඤ්ඤේ නැහැයි කියලා දැනෙනවා. එතෙන්ට ඒ කූඤ්ඤේ නැතෙයි කියන එක දැනෙනවා, මේක හරි පුදුමාකාර විදිහට තියෙනවා. ඒකෙ භාවනාවේ නම ඉතින් සුඛිත චිත්ත භාවනාව. පුදුම සුඛයක්. ඒ කියන්නේ ඒක සැලෙන්නේ නෑ. දැන් අර කෝච්චිය හයියෙන් සද්දයක් කරගෙන ගියා නේ. ඒකයි කියලා සැලෙන්නේ නෑ. ගෙදර මොකක් හරි සද්දයක් තියෙනවා කියලා ඒකට මොනවක්වත් ප්‍රශ්නයක් නෑ. ඒ මොකද තමන්ගේ ඇතුළේ තියෙන්නා වූ සුඛය කියන එක. ඒ කියන්නේ මේ සුඛය කියන එක බොරුවක් ය කියන එක දැනීම නිසා, ඒ කියන්නේ සත්‍ය වශයෙන් තියෙන්නේ ලෝකේ දුක්ඛය නේ. එතකොට සුඛයි කියන එක මුසාවයි කියලා කියන්නේ මේක, අපි මේ දුක්ඛයක් ගන්නවා සුඛයි කියලා.
එතකොට මෙන්න මේ විදිහට ගත්තහම ඒ මොකක්වත් තමන්ට ප්‍රශ්නයක් නෑ. මොකද තමන්ට පේන්නේ මේ දුක්ඛය මෙනෙහි නොකර ම මේක දුකයි කියන එක දැනගැනීමක් මෙතන තියෙන්නේ. කලින් මෙනෙහි කරලා ඇති වුණා වූ ප්‍රතිඵලේ, ඒක උඩ ඇති වෙන්නා වූ තත්වයක්. බොහෝ ම සැපට හිටියා. ඒ මොකක්වත් නැහැ. ඒ කියන්නේ කාරණා එන්නේ නැහැ එතනින්. අර ඊයේ වගේ ම මට තේරුණා මේක නිකන් නතර වෙලා. අනිත් ඒවා හිතන්න යන්න ඕන්නෑ, අර ඉස්සෙල්ලා පෙර කළා වූ දේ තියෙනවා නේ. පෙර මං බැලුවා නේ අර මේ කතාව. ඒකේ උත්තරේ විතරයි තියෙන්නේ. මේක ආපහු දුවන්නේ නෑ. ඔන්න ඔය විදිහට නතර වෙලා ඉන්නවා කියන එක, ඒක තිබුණා. බොහොම සැපෙන් ඒක නතර කළා, රහතන් වහන්සේ “ඇතියි” කියලා කිව්වහම.