Date: 02/08/2014 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා, නමස්කාර වේවා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ සිහි කළා මේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළමු වන, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ වශයෙන්. මේ විදිහට ඒ බුදුපියවරු දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඊට පස්සේ ඔය භාවනාව පටන් ගන්න ඉස්සෙල්ලා ම රහතන් වහන්සේ මට කිව්වා මේ, කලින් කරපු ඒ සෝක භාවනාව, ඒක බලන්නෙයි කියන එක. ඒ භාවනාව මම කියලා ඉන්නම්. ඒකේ තියෙන්නේ, මම සෝකය ඇති වෙන්නේ, significant වෙන්නේ කොයි අවස්ථාවේ ද කියන එකයි බැලුවේ. ඉතින් ඕක බලනකොට රහතන් වහන්සේ මට කිව්වා මේ “පස්සං භයං කාය සඞ්‌ඛාරං කියන්නේ මොකද්ද” කියන එක මෙනෙහි කරන්න කියලා. කාය සංස්කාර ඉතින් සංසිඳෙනවා කියලා කියන්නේ පාණාතිපාත, අදත්තාදාන ඒවා කෙරෙන්නේ නැහැයි කියන එක.

එතකොට ඒවා කෙරෙන්නේ නැත්තන් කෙනෙකුට පේනවා ඒවා නැති වෙන්න නම් ලෝභය, ද්වේෂය, මෝහය කියන ඒවා නැති වෙන්න ඕනෙ, ඒ කාය සංස්කාරයන් නොකෙරෙන්න. එතකොට මේවා නැති වෙන්න නම් අභිජ්ඣා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි කියන ඒවා නැති වෙන්නට ඕනෙ. ඉතින් ඔය අභිජ්ඣා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි නැති වෙනවා කියන එක, ඕගොල්ලෝ දන්නවා නේ අර diamond shape එකට එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ, වේදනාවේ ඉඳන් චේතනාවට. චේතනාවේ ඉඳන් ඉදංසච්චයට. ඉදංසච්චයේ ඉඳන් භය අගතියට. භය අගතියේ ඉඳන් වේදනාවට. එතන diamond එකක්, අලුවා කෑල්ල වගේ සම්බන්ධ වෙනවා. ඉතින් ඕකේ, ඔය පළවෙනි පාරට තමයි වැටෙන්නේ, ඒ කියන්නේ ඔය ධම්මමච්ඡරියේ තියෙන්නේ, වේදනාවේ ඉඳන් චේතනාවට යන එකට තමයි එතන අපේ අභිජ්ඣා කියන කතාව. ව්‍යාපාදය කියන එක අනිත් පැත්තට, ඒකට parallel ව අනිත් පැත්තෙන් එන්නා වූ, ඉදංසච්චයේ ඉඳන් එතන භය අගතියට එන එක. මිච්ඡා දිට්ඨිය කියන එක වැටෙන්නේ උඩ චේතනාවෙ ඉඳන් ඉදංසච්චය යන එක. ඉතින් ඔය හතර, ඔය තුන නැති වෙන්න නම් ඔය පාරිසුද්ධිපධානියඞ්ගය කියන ඒවා භාවිතා කරන්න ඕනෙ. ඒක වෙනම භාවනාවක්.

එතකොට දැන් මෙතන, මෙන්න මේ තුන නැති වෙන්න ඕනෙයි කියන එක ඇවිල්ලා තියෙනවා. අභිජ්ඣා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි කියන ඒවා, ඒක නැති වෙන්න ඕනෙ කියන එක. සංස්කාර සංසිඳෙන්න නම් ලෝභ, දෝස, මෝහ නැති වෙන්න ඕනෙ. ලෝභ, දෝස, මෝහ නැති වෙන්න අභිජ්ඣා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි කියන ඒවා, ඒක නැති වෙන්න ඕනෙ.

එතකොට මෙන්න මේ තත්වයට ආවායින් පස්සේ තමන්ට එනවා ඔය, ඒ කියන්නේ මෙතන මම සෝකයේ ඉඳන්, ඒ කියන්නේ මට ඔය තත්වය නැති වෙන්න නම් අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් මම කාම ආශ්‍රවයට යනවා කියන එක නැති වෙන්නට ඕනෙ. ඒ කියන්නේ අටෙන් පස්සේ නේ ඒක සිද්ධ වෙන්නේ. ඒ අටෙන් පස්සේ වෙන එක නැති වෙන්න ඕනෙ කියන එක තියෙනවා. එතකොට අටෙන් පස්සේ, ඒ කියන්නේ අපි දැන් හිතන්න ඕනේ අපි වට අටක් ගහලා තමයි අපි ඉන්නේ ඕනෙ ම වෙලාවක. මේ එකපාරට ම අපි අර මිච්ඡා දිට්ඨියත් එක්ක රූපයක් දැක්ක ගමන් කරකවන එක නම වෙනි රවුම, අපි හැබැයි පළවෙනි රවුම තමයි අපි ඔය, පළවෙනි රවුම කියන්නේ නම වෙනි රවුම කියන එක අමතක කරන්න හොඳ නෑ.

එතකොට ඒ කියන්නේ අටෙන් පස්සේ අපේ තියෙන්නේ නිතර ම අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට යන රවුම තමයි අපේ කෙරෙමින් තියෙන්නේ. එතකොට මේක නැති වෙන්න ඕනෙයි කියන එක තියෙනවා. ඉතින් ඒක නැති වෙනවා නම් ඉතින් දැන් තමන්ට පේනවා ඔය, තවත් භාවනාවක් තියෙනවා ඒ සෝකය, සල්ලයක් වශයෙන් පෙන්නුවා ඔය අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට ගිහිල්ලා වේදනාවට එනවා කියන එක සමාන වෙනවා සෝකයේ ඉඳන් පරාමාස, පරාමාසයෙන් විඤ්ඤාණය කියන එකට. එතකොට මේ විදිහට තමයි ඒ වෙලාවේදි විඤ්ඤාණය සැකසෙන්නේ. අපි අතනින් වේදනාවෙන් ආවා කියලා කිව්වට, ඒ කප්පං කියන පාර මෙන්න මේ පාරේ තියෙන්නේ. මේක තමා ඒකට equivalent වෙන්නේ. මේකෙන් තමයි අරක වෙන්නේ. එතකොට මෙතන මේකේ තමයි මේ මක්ඛය කියන එක තියෙන්නේ. මක්ඛය කියන එක තියෙන්නේ මේ අපේ පරාමාසයේ ඉඳන් විඤ්ඤාණයට යන්නා වූ පාරේ තමයි එතන තියෙන්නේ අර උඩ සංස්කාර cross එක. ඉතින් මක්ඛයක් නෑ නෙ. මක්ඛය කිව්වහම අපි දන්නව නේ අර මේ, දැන් දාහත් වෙනි රවුම නේ මක්ඛයේ කතාව තියෙන්නේ. දහතුන ක්‍රෝධය, පහළොව මුසාව, දාහත වෙනකොට මක්ඛය. එතකොට ඒ මක්ඛයේ කතාව අපි, ගැලවිලා යන්න ඕනෙ මේක මෙහෙම කරන්නේ නැහැයි කියන එක. මෙහෙම ගියායින් පස්සේ ආපහු සෝකයට ම යි එන්නේ. එතකොට මේක තේරුම් ගත්තට පස්සෙ මේ, ඒ කියන්නේ රහතන් වහන්සේ ඒකේ පෙන්නුවේ දහනම වෙනි, දැන් මං මේකට ඉඩ දෙනවා නම් මගේ සෝකය අධික වෙනවා. ඒ කියන්නේ මගේ දහනම වෙනි රවුම වෙනකොට මට මේ සෝකය කියන එක තියෙනවා කියන එක.

එතකොට ඒ භාවනාව මෙනෙහි කරලා නේ මම ඉන්නෙ. එතකොට ඒ භාවනාව මෙනෙහි කරලා දැන් මම, මෙතනින් මං කල්පනා කළේ මට දැන්, රහතන් වහන්සේ මෙතෙන්දි කිව්වා මේ භාවනාවෙදි “මෝහය නැති කරමි කියන තැනින් පටන් ගන්න” කියලා. එතකොට දැන් මොකද වෙන්නේ? මං ගන්නවා දැන් මෝහය කිව්වහම අර මිච්ඡා දිට්ඨිය. මිච්ඡා දිට්ඨිය, මගේ කියලා ගත්ත එක. කොහොම ද අපි ඊයේ හාලිද්දිකානි එකේ බැලුවේ? සුභයි, සුඛයි, අත්තා. ඔන්න මිච්ඡා දිට්ඨිය. ඒ මිච්ඡා දිට්ඨිය මගේ කියලා ගත්තහම තමයි මේක වෙන්නේ කියන එක තියෙනවා නේ.

දැන් ඕක සම්බන්ධ වෙනවා නේ අර දැන් මං, දැන් කියපු භාවනාවත් එක්ක. මිච්ඡා දිට්ඨිය අර triangle එක නිසා තමයි මේ කාය සංස්කාරයන් සංසිඳෙන්නේ නැතුව මේක තියෙන්නේ. දැන් පෙන්නුවා නේ අනිත් පැත්තට. ලෝභ, දෝස, මෝහ, අභිජ්ඣා මෙතන මේකයි කියන එක. මේක බලපු ගමන්, අර ඒක මම ඔය මෙනෙහි කරපු ගමන් ම ඕක, මිනිත්තුවක් ගියේ නෑ, අර කලින් එක මට මතකයේ තියෙනවා, මේක සිහි කරපු ගමන් අර විඤ්ඤාණයේ කතාව මැකිලා යනවා. ඒ කියන්නේ tea cup එකේ handle එක තියෙනවා නේ. ඒ handle එක නෑ. Handle එක නෑ දැන් අර වාගේ ම අර හිතන්න පුළුවන් ability එක ගිහිල්ලා ඉවරයි. එහෙම්ම ම අර ඉන්න පුළුවන් ඒ විදිහට ඒ තත්වයේ මොකක්වත් නැතුව, handle එක නැතුව ඉන්න පුළුවන්කම කියන එක තියෙනවා.

ඉතින් මෙහෙම ටිකක් ඉඳලා දැන් මං ආයෙත් කල්පනා කළා මේක ඉතින් කියන්න එපායැ අනිත් අයට. කියන්නෙයි කියලා ඉතින් මේක මං මේවා කළා. කරන්න හැදුවට ආයෙත් බෑ. ඒක අර, ඊට වඩා විඤ්ඤාණය දුවන්නේ නෑ, එයා එතන නතර වෙලා එයා ඒකේ ඉන්නවා එතන. වෙන මොකක්වත් නැතුව. ඉතින් දැන් මට සද්දයක් හැටියට ඇහෙන දෙයක් විතරයි තියෙන්නෙ, මොකද්ද ඒ සද්දෙ අර fan එක හිටපු ගමන් ටික් ටික් ටික් ගානවා. මට ඕක ඇහුණා කියලා මං ඒක නවත්තන්න සිතක්වත්, ඒක පවත්වන්න සිතක්වත් මට නෑ. තේරුණා ද? ඒක ඇහෙනවා විතරයි. ඒක ඇහෙනවා. දැන් කෙනෙකුට හිතෙනවා නේ මේක කවුරු හරි off කරා නම් හොඳයි කියලා. එහෙම සිතක් නෑ. ඊළඟට මේක ඔහෙ පවතින්න ය කියලා සිතකුත් නෑ.

ඉතින් මට තේරුණා මෙතන ඉතින් අර භවය විභවය කියන කතාව. භවය කියන එක පැවැත්වීම. අර මේ වෙනකොට අර මිච්ඡා දිට්ඨියෙන් ඒ කතාව එනකොට, අර උඩ මැකිලා ගියහම මට, ඔය භවය විභවය කතාව මට මෙතන ආවා මුලින් ම ඒ කියන්නේ මේකේ maintenance කියන එක, construction එක තමයි අර උඩින් එන්නේ. කබලිංකාර ආහාරයේ ඉඳන් මෝහ අගති, උඩ විඤ්ඤාණය. එතන construction loop එක නේ එතන තියෙන්නේ. එතකොට ඒ construction කතාව කැපිලා ගිහිල්ලා. ඊට පස්සේ මෙතනින් යටින් maintenance කතාව. අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට ඇවිල්ලා උඩින් ආපහු විඤ්ඤාණය හදනවා. ඒ කියන්නේ ඒ maintenance කතාවත් නෑ.

එතකොට මට පේනවා මෙතන මේ භවයයි විභවයයි කතාව. මේක නැතුව ඉන්නවයි මේ කතාව. එතෙන්දි අර තවත් මේක මනස මේ සැපයි, විසාලයි, මේක මේ, මේක නතර වෙලා තියෙන කියන එක බොහොම strong. තවත් හොඳට කියන එකට.

ඉතින් මිනිත්තු පහළොවක් විතර ඔහොම ඉඳලා ඒ රහතන් වහන්සේ “ඇතියි” කිව්වහම ඉතින් මං වැඳ නමස්කාර කරලා ඒ අයට, මොකද දැන් මේ අයට වැඳ නමස්කාර කරනකොට අරක තවත් වැඩි වෙනවා. ඒ කියන්නේ මණ්ඩලාධිපති බුදු පියායි මෙහෙමයි කියනකොට අර condition එක එන්න එන්න වැඩි වෙනවා. මොකද මේ? අර කෘතඥතාවය තියෙනවා, මක්ඛය තව තවත් කැපෙනවා. පේනවා ද මේ සෝකයේ ඉඳන් මං පෙන්නුවා නේ අතෙන්ට ආපහු විඤ්ඤාණයට යන එක. ඒ line එක තව තවත් කැපෙනවා. ඒ තව තවත් කැපෙනකොට අර නතර වෙවී, නතර වෙවී, නතර වෙවී තමයි ඒක කරන්න පුළුවන්කම කියන එක තියෙන්නේ.

එතකොට එහෙම කරලා ඊට පස්සේ ආයෙත් ඉතින් ඕක ආයෙ අනිත් අයට කියන්නෙයි කියලා ආපහු සිහි කළා. සිහි කරනකොටත් ආයෙත් අර දේ ම සිද්ධ වෙනවා. නැවත නැවතත් ඒ නතර වෙනවා කියන එක ඒක සිද්ධ වෙනවා. එතකොට අර ඒක, ඉන්න කියලාවත්, නොඉන්න කියලාවත් ඒකෙ මොකක්වත් නෑ. ඒක තමයි මගේ භාවනාව හැටියට තියෙන්නේ.

ඒ කියන්නේ ඒ භාවනාවෙදි ඒ මට පෙනුණේ, මේක වෙන්නේ නැත්තේ, මොකද මං විඤ්ඤාණය මැකිලා ගිය වෙලාවෙ මට කල්පනා වුණේ, මෙතන මේක හැදෙන්නේ නැති කතාව තියෙන්නේ, මං අර කර්ම විඤ්ඤාණය හදන්නේ නෑ. ඒ කර්ම විඤ්ඤාණ භාවනාවත් එක්ක මට සම්බන්ධ වුණා.

පළවෙනි පාර මිච්ඡා දිට්ඨියෙන් යමක් ගත්තා කියන එක නේ තියෙන්නේ. මේක සුභයි කියලා ගන්න එක පළවෙනි රවුම. දෙවනි රවුමේ දී අපි peak එක හදනවා. මානයෙන් හදන peak එක තියෙනවා නේ. ඒ විඤ්ඤාණය සකසන්නේ නෑ. කර්මයක් නෑ මෙතන. කර්ම විඤ්ඤාණය එන්නේ නෑ. මාන්නයෙන් කරකවන එක තමයි කර්ම විඤ්ඤාණය කතාව තියෙන්නේ. ඒක කෙරෙන්නේ නෑ. මොකද? ප්‍රතිඵලය, තමන්ට ඇති වෙන්නේ මේ සෝකය කියන එක තමයි, අධික වෙනවා කියන එක තියෙනවා. මේක දන්න, දුක්ඛය තමයි ඇති වෙන්නේ කියන දන්න මනුස්සයා මේක දෙවනි එක හදන්නේ නෑ. ඒක තමයි ඒ cream point එකට ආවේ ඒ භාවනාවෙදි ගත්තහම.