ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේට නමස්කාර කරනවා, නමස්කාර වේවා. ඒ බුදුපියාණන් වහන්සේ සිහි කළා මේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්. මේ විදිහට තුන් නමක් සිහි කරලා වැන්දා. ඊට පස්සේ හත් නමක් සිහි කරලා වැන්දා. දාහතර නමක් සිහි කරලා වැන්දා.
ඊට පස්සේ මං කල්පනා කළා ඒ ලෝභය නැති කරමි කියන එක මං මුලින් ම පටන් ගත්තා. ඒ ලෝභය නැති කරමි කියන එකෙන් අර area 1 එක නිසා area 6 එක ඇති වෙනවා කියන එක. Area 1 එකේ තියෙන්නේ අපි දන්නවා ඔය, මේ උඩින් තියෙනවා කබලිංකාර ආහාරය, වේදනාව, ගිද්ධිලෝභය කියන එක area 1 එක වෙනවා. මේක ඇති වුණහම area 6 එක trigger වෙනවා area 6 එකේ තියෙන්නේ ඔය පරාමාසකායගන්ථය, ඊළඟට ඉදංසච්චය, මෝහයෙන් අගතියට යනවා කියන එක. එතකොට දැන් ඕකේ සම්බන්ධතාවය තියෙන්නේ අර ඒ චේතනාවන් අත්තා කියලා අරගෙන එතනින්, අපේ එනවා අත්තා කියලා ගත්තහම අර අවිද්‍යා ආශ්‍රවයට එනවා නේ තයොධම්ම සූත්‍රයේ. ඒ කෑල්ලෙන් තමයි මේ area එක trigger වෙනවා කියන එක තියෙන්නේ.
එතකොට මේක, ඕක මම කලින් ඕක බලලා තියෙනවා, ඔය භාවනාව. ඒකෙදි මේ අපි බැලුවා ඔය පහළොස් වෙනි, දැන් අපි දන්නවා දහතුන් වෙනි රවුමේ දී ක්‍රෝධය. පහළොස් වෙනි රවුමේ දී මුසාව. දාහත් වෙනි රවුමේ දී මක්ඛය. ඊළඟට දහඅට වෙනි රවුම වෙනකොට පරිදේවය. දහනමය තමයි සෝකය. එතකොට දාහතේ මක්ඛය වුණා නම්, ඒ මක්ඛය තමයි චේතනාව ම තමයි අතන input එක හැටියට ගිහින් තියෙන්නේ මේක ගත්තා කියන එක.
එතකොට දහඅට එහෙනම් පරිදේවය නම් පරිදේව වෙනකොට විඤ්ඤාණය මැරෙන්න ඕනෙ. දාහතෙන් පස්සේ විඤ්ඤාණය ඉවරයි කියන එක තියෙනවා. මේක තමයි මං බොහෝ ම තදින් බැලුවේ. රවුම් දාහතක් ගියා, මෙතන විඤ්ඤාණය ඉවරයි කියන එක. ඒක හැබැයි ඔතන හිතනකොට ම ඔතන සිත නතර වෙනවා. ඒ විඤ්ඤාණය මළා කියන එකේ, එතන අවස්ථාවේ දීත් අර වාගෙම අර ඊයේ වගේ ම සිතේ නතර වීමක් කියන එක තියෙනවා. එතකොට මෙතන මේ, මොකද මේක හේතුව වෙන්නේ? මේ විදිහට මේ විඤ්ඤාණයෙන් ධාරාව ගලන්නේ නැති වෙන්න හේතුව මොකද කියන එක.
එතකොට එතන, එතන එනවා ඔය supply and demand කියන එක. ඒ කියන්නේ පල්ලෙහායින් මේ, අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට යන්න නම් අපි දන්නවා අර h2 කියලා කිව්වේ. සැකයේ ඉඳන් jack එක ගහන්න ඕනෙ මෙහාට යන්න. එතකොට මේ වෙලාවෙදි සැකය බොහොම වැඩි අවස්ථාවක්. අර භයේ අගතියට ගිය අවස්ථාවක්. දහඅට කියන්නේ මාන රවුම. ඒ භයේ අගතියට ම ගිහිල්ලා තියන අවස්ථාව. එතකොට ඒ h2 කියන gap එක, ඒ කියන්නේ සැකයේ ඉඳන් අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට තිබෙන්නා වූ distance එක කියන එක ගොඩාක් වැඩියි. මොකද මට බයයි. දැන් අපි roller coaster එකක ළමයෙකුට කිව්වා නම් පුතා යන්න කියලා, ඒ එයාට පල්ලෙහා බලලා එයාට බයයි මේකේ යන්න. බය නම් එයා ඒ jump කරන්න යන්නේ නෑ නේ. බොහොම අමාරුවෙන් පොළඹවන්න වෙන්නේ නේ ද? අන්න ඒ වගේ සැකය වැඩි අවස්ථාව.
එතකොට මේ අවස්ථාවේ දී අර h1 කියන එක, ඒ කියන්නේ නාමරූපයේ ඉඳන්, සඤ්ඤාවේ ඉඳන් චේතනාවට, සඤ්ඤාවේ ඉඳන් චේතනාවට යන්නත් නාමරූපයෙන් support එකක් දෙන්න ඕනෙ. එතකොට ඒ h1 කියන අගය අඩුයි මේ h2 වල අගයට වඩා. H1, h2 වලට වඩා වැඩි වුණා නම් තමයි මේක flow වෙන්නේ, විඤ්ඤාණය. එතකොට මෙන්න මේ අවස්ථාවේ දී ඒ ආවේ මේක supply එක මදි. ඒ කියන්නේ demand එක තියෙනවා. දැන් අපිට සාමාන්‍යයෙන් economically තේරෙනවා නේ මේ බඩු අපි ඉල්ලනවා නමුත් දෙන්නේ නෑ.
මොකද ඒ හේතුව? ඇයි මිනිස්සු බඩු හදන් නැත්තේ? කාමයක් නෑ. කාම ආශ්‍රවයක් නෑ. නැත්තන් මිනිස්සු ඒක හදනවා නේ නේ ද? supply එක කොහොම හරි කරනවා. කරන්න ඒ කාම ආශ්‍රවයක් නැති අවස්ථාවක දී ඇවිල්ලා තියෙනවා. අපි අවිද්‍යා ආශ්‍රවයට කතාව එතන තියෙනවා, නමුත් කාම ආශ්‍රවයට යන්න මේකක් නැහැයි කියන එක තමයි ආවේ.
ඒක ඉතින් හරි පුදුමයි අර ඒ විදිහට ඒ භාවනාව එතෙන්දි අර සිත නතර වෙලා ඒක තියෙනවා කියන එක. මෙතන මේ ඕකේ, ඕකෙ ඔයිට ඉස්සෙල්ලා බලලා තියෙනවා භාවනාවක්, ඔය පරිදේවයට ගියා නම් පරිදේවයේ ඉඳන් සෝකයට අපි දුවනවා කියන එක. ඉතින් ඊළඟට අපි අර, ඒ වෙලාවේ මරණයේ ඉඳන් ව්‍යාධියට යනවා. පරිදේවයේ ඉඳන් සෝකයට යනවා. යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ ඉඳන් අප්‍රියේහි සම්ප්‍රයෝගයට යනවා කියන එක තියෙනවා. නමුත් මේ අවස්ථාවේ දී මේක සිද්ධ වෙන්නේ නෑ. අන්න ඒ අවස්ථාව තමයි භාවනාවේ මං එතන තමා හිටියේ දිගට ම. එතන ඒ නතර වෙලා ඉන්න පුළුවන් තැනක්. විඤ්ඤාණය මැරෙනවා. විඤ්ඤාණයේ එයිට වඩා දිවිල්ලක් නැහැයි කියන එක තියෙනවා එතන.
මේ කොධො මොසවජ්ජඤ්ච කථංකථා ච කියන එකත් එක්ක මේක සම්බන්ධයි. අපිට පේනවා මේ ක්‍රෝධයයි මුසාවයි, මුසාව ඇති වුණා ම පහළොව එතෙන්දි මක්ඛය වෙන්නේ දාහත කියන එතන රවුමට. එතකොට අර සැකය කියන එක එයාට තියෙනවා, මොන උපායෙන්, මොන දේකින් අපිට මේක කරගන්න පුළුවන් ද කියන එක. අර ස්ත්‍රීන් පසුපස ගිහින් මේක වෙන්නේ නෑ කියන, ගියොතින් මගේ දේ පිරිහෙනවා කියන එක තියෙනවා නේ.
එතකොට අන්න ඒකට අපිට පේනවා මේ, මේ පුද්ගලයාට එතන ඉස්සරහට යන්න, ඒ ආශ්‍රවය කතාව, කාම ආශ්‍රව කතාව අඩුයි කියන එක පේනවා. අනිත් අතට ඕකෙ පෙනුණා මේක, ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන එක තේරෙනවා නම්, මෙන්න මේ වෙලාවෙදි මෙයාට මේක කරන්නේ නැහැයි කියන එක. අන්න එතෙන්දි රහතන් වහන්සේ “සාධු සාධු” කියලා කිව්වා.