ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ නමස්කාර කරනවා ඒ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වශයෙන්. මේ විදිහට මම ඒ බුදුපියවරු දාහතර නම ම සිහි කරලා, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, ඥානවන්ත වූ පණ්ඩිත වූ බුදුපියවරු කියලා වැඳ නමස්කාර කළා. කළහම ඊට පස්සේ, ඒක මගේ මේ පෙර භාවනාවකින් මං පටන් ගත්තේ.
ඒ පෙර භාවනාවේ තියෙන්නේ දැන් අපි, අපි මරණයට ඇති වෙනවා නේ. ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය. ඒ මරණයට ඇති වුණාට පස්සේ, ඕගොල්ලෝ දන්නවා ඒ, ඔය පල්ලෙහා තියෙනවා සංස්කාර කොටුවක්. ඒ කියන්නේ මෙතන එක පැත්තකින් තියෙනවා පරාමාසකායගන්ථය. මේ පැත්තෙන් තියෙනවා මෝහයෙන් අගතියට යනවා කියන එක. ඊළඟට තියෙනවා මේ ඉදංසච්චය. පල්ලෙහායින් තියෙනවා භයේ අගතියට යනවා කියන එක. එතකොට මේ දෙක සම්බන්ධ වෙන තැන, ඔතන අපි කියනවා සංස්කාර කියලා. කාය සංස්කාර කියලා හිතන්නකො. එතකොට මෙතන මේ සංස්කාර තියෙන තැන ම තමයි, මේ cross එකේ තමයි පරිදේවය කියන එකත් තියෙන්නේ.
එතකොට අපි දන්නවා මේකේ මේ, පරිදේවය කියලා කිව්වහම ඉතින් අර මැරිලා ගිහිල්ලා නේ තියෙන්නේ. එතකොට දැන් ඔය, මේ කොටුව දිහා බැලුවොතින් එහෙම, මේ cross එක දිහා බැලුවොතින්, දැන් මෙතෙන්දි ආපු සංස්කාර නිත්‍යයි කියලා කතාවක් මෙතන ඇවිල්ලා තියෙනවා මේ වෙනකොට. සුභයි කියලා ඇතුල් වෙලා, නිත්‍යයි කියලා ඇතුල් වෙලා තියෙනවා. ඒ නිත්‍ය වූ සංස්කාරය හිතන, අපි හිතන නිසා ඒක දික් කළහම සඤ්ඤාවට ඕක යනවා. ඒ කියන්නේ මෙතනින් එනවා මේ, සඤ්ඤාව නිත්‍යයි කියන කතාවක් තමන්ට ඇවිල්ලා තියෙනවා. නමුත් දැන් මරණය වෙලා තියෙන්නේ. එතකොට මරණය වෙලා නම් ඉතින් නිත්‍ය කතාවක් නෑ. එතකොට දැන් අපි එතනින්, මේ කොටුවෙන්, මේ හතරැහැට තියෙන ඒ cross එකෙන්, ඒ සංස්කාර point එකෙන් අපි භයෙන් අගතියට යන තැනට යැවෙනවා නේ. ඒ භයෙන් අගතියට තැනට යනවා කියන්නේ මං මරණයේ ඉඳන් ව්‍යාධියට යනවා කියන එකයි. නමුත් අර මෙතන මේ මරණයේ ඉඳන් සංස්කාරයට එන්නා වූ ඒක, ඒක ඉස්සෙල්ලා සිද්ධ වුණේ. එහෙම නම් ඔයා සඤ්ඤාවේ ඉඳන් ඇවිල්ලා තියෙනවා චේතනාව කියන තැනට.
එතකොට අපි හිතමු සඤ්ඤාවේ ඉඳන් චේතනාවට එන එක A කියලා ලකුණු කළා කියලා. එහෙම නම් B කියලා එන්නේ මරණයේ ඉඳන් ව්‍යාධියට එන එක. දැන් ඔතන කලින් භාවනාවක් කළා, දැන් මෙතන ordering එකක් වෙන්නේ දැන් අපි දන්නවා ඒක මේ vector එක වාගේ හරියට. උඩින් එනකොට A කියලා ඒ සඤ්ඤාවේ ඉඳන් චේතනාවට, පල්ලෙහා එනවා මරණයේ ඉඳන් ව්‍යාධියට කියන එක, ලෙඩ වෙන්න යනවා කියන එක.
ඊට පස්සේ රහතන් වහන්සේ මට පෙන්නුවා ඕක Z අකුරට වෙන්නේ කියලා. Z අකුර කියලා කියන්නේ පල්ලෙහා එක. Z අකුර හැටියට එන්නේ මරණයේ ඉඳන් ව්‍යාධියට, පරිදේවයේ ඉඳන් සෝකයට, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ ඉඳන් අප්‍රියේහි සම්ප්‍රයෝගයට. එතකොට Z අකුර වෙන්නේ මරණයයි, ව්‍යාධියයි, ඊට පස්සේ ඊළඟට යනවා යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය, මොකද මම දැන්, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය කියන්නේ මොකද්ද? ඒ කියන්නේ එතෙන්දි කියනවා ලෙඩ වෙන පුද්ගලයා කල්පනා කරනවා අනේ අපි ලෙඩ නොවෙනවා නම්. ඒක නේ යම්පිච්ඡං න ලභති තම්පිය, ආන්න එතෙන්ට ඒක ආවා දැන් ව්‍යාධි වුණහම ඒක එනවා. ඒක ආපු ගමන් ඊළඟට එනවා අපි එතනින් අප්‍රියේහි සම්ප්‍රයෝගයට. ඇයි ඉතින් මට කැමති නැති දෙයක් නේ මේ ලෙඩ වුණා කියන එක. අප්‍රියේහි සම්ප්‍රයෝගයට එනවා. එතකොට මේකේ Z අකුරේ අනිත් පැත්තට තමයි මේක ඇවිල්ලා තියෙන්නේ, ඒ කාරණා ටික බැලුවහම.
දැන් අපි, එහෙම නම් අපි B කියලා දාගත්තා, දාගම්මු අපි මරණයේ ඉඳන් ව්‍යාධියට යන එක. එතකොට ඊට පස්සේ අර Z අකුරේ පල්ලෙහා කෙළවරේ අපි දාගන්නවා යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ ඉඳන් අප්‍රියේහි සම්ප්‍රයෝගයට එන එකට C කියලා දාගන්නවා. දැන් ඔන්න A, B, C කියලා order එකක් තියෙනවා ඒ විදිහට ගත්තහම. එතකොට ඔය විදිහට තමයි ඕක සිද්ධ වෙන්නේ. එතකොට අපි D කියලා ගන්නවා අර පරිදේවයේ ඉඳන් සෝකයට යනවා කියන එක. අර Z අකුරේ මැද්දේ. දැන් මේක hourglass එක වගේ නේ. අන්න ඒ කෑල්ල ගන්නවා අපි D කියලා. මේක නිකන් කොලේක ඇඳගන්න ඕනේ, නැත්තන් මේවා වෙනවා. එතකොට ඒක D කියලා ගත්තොතින්, ඊළඟට E කියලා එනවා කබලිංකාර ආහාරයේ ඉඳන් සඤ්ඤාවට යනවා කියන එක. මෙන්න මේ විදිහටයි මේ process එක යන්නේ. ඒක ගැඹුරු ධර්මයක්.
ඕකේ භාවනා වෙන වෙනම කරලා තියෙන්න ඕනේ. ඔය යට කෑල්ල වෙනම කරලා, ඒ විදිහට කරලා තියෙන්න ඕනේ. ඔය පල්ලෙහා කාරණා තුන බැලුවොතින් ඕගොල්ලන්ට තියෙනවා ආකිඤ්චන විමුක්තිය. අර Z අකුර අනිත් පැත්තට යන එක විතරක් බැලුවොතින්, ඒ කියන්නේ මේ පැත්තේ තුන් ධර්මයක්, මේ පැත්තේ තුන් ධර්මයකට ආවා. ඒ කියන්නේ මරණයේ ඉඳන් මම ආවා ව්‍යාධියට. පරිදේවයේ ඉඳන් මං එනවා සෝකයට. යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ ඉඳන් අප්‍රියේහි සම්ප්‍රයෝගයට යන්න ඕගොල්ලෝ උත්සාහ කිරීමක් කරන්නේ. පරිදේවයේ ඉඳන් සෝකයට ඕගොල්ලෝ දුවනවා. ඒක දිවෙනවා. අර Z අකුරේ අර විදිහට ගියහම දැන් A, B, C කියලා අපි දාගත්තා නේ. ඒ විදිහට ගත්තහම ඒක දිවෙනවා කියන එක.
දැන් මෙතන්ට මේ, මේක බැලුවට පස්සේ මේ ordering එක මං කල්පනා කළා ඇයි මේක මෙහෙම වෙන්නේ? මේක වෙන්නේ, මෙහෙම වෙන්නේ කියන එක කල්පනා කළා ම මට කල්පනා වුණා මේ ඔක්කෝම වෙන්නේ, දැන් මෙතන, දැන් මම කිව්වා නේ, D කියන එක ආවාට පස්සේ, පරිදේවයේ ඉඳන් සෝකයට මං දිව්වා නම් කබලිංකාර ආහාරයේ ඉඳන්, මම යනවා සඤ්ඤා කරන්න. ඒ කියන්නේ මං අලුත් එකක් හොයනවා. ඇයි මං මේ අලුත් එකක් හොයන්නේ?
බලන්න අර ව්‍යාධිය ඇති වෙලා තියෙන පුද්ගලයා, ඒ පුද්ගලයා කල්පනා කරනවා මට දැන් වෙන එකක් තියෙනවා නම් හොඳයි. තේරුණා ද? දැන් අපි හිතමු දැන් ආහාරයක් දිරලා ගිහිල්ලා මේවා වෙලා, ජරා වෙලා තියෙනවා නම් අපි ඒක, ජරාවට පත් වෙලා තියෙන එක අපි හොඳ ආහාරයක් හොයනවා. මේ කෑම හරි නෑ, හොඳ එකක් තියෙනවා නම් හොඳයි කියලා හොයනවා. පුද්ගලයෙක් ජරාවට පත් වෙලා තියෙනවා කියලා කල්පනා කළා නම්, මීට වඩා තරුණ රූපයක්, හොඳ ළපටි රූපයක්, බබා වාගේ රූපයක්, තේරුණා ද මං කියන එක, හොයනවා.
එතකොට මේ ජරාව නිසා තමයි මේක අපි හොයන්නේ. ජරාව දැකපු නිසා තමයි අපි හොඳ එකක් ස්පර්ශ කරන්න උත්සාහ කරන්නේ කියන එක බොහොම තදට ආවා මට. ඒකයි මේ effort එක අපේ යන්නේ. ඒක හරි ලස්සනයි ඒ විදිහට භාවනාව බැලුවහම.