ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේට මම නමස්කාර කරනවා, ඒ බුදුපියාණන් වහන්සේ මේ ලෝකයේ සිටින ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ වශයෙන්. ඒ විදිහට ඒ බුදුවරු දාහතරට නම ම නමස්කාර කරනවා.
මං මේ භාවනාවේ, මං පිළිවෙළට කියන්නම්. පළවෙනියට ඒ භාවනාවේ තියෙන්නේ, දැන් අපි දන්නවා, bell shaped curve එකක් ගැන මං කතා කරලා තියෙනවා කලින්. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙක්, එහෙම නැත්තන් ආහාරයක්, මොකක් හරි එකක් දැකපු ගමන් එකපාරට ම අපි අර සුභයි කියලා ඇදෙනවා කියන කතාව තියෙනවා නේ. ඒ අවස්ථාවේ දී මේ bell shaped curve එකක, දැන් විඤ්ඤාණයේ හටගැනීම කියන්නේ හරියට නිකන් bell shaped curve එකක තියෙනවා මේ, එක point එකක්. දැන් අපි හිතමු උඩ peak එකට යන්න ඉස්සෙල්ලා මෙහායින් ඇති වෙනවා point එකක්. පල්ලෙහායින්. උඩ හරියේ තියෙන්නේ හැබැයි.
එතකොට ඒ point එක අපි හිතමු A කියලා. ඒ තියෙන වේදනාවේ අගයක්, ඒ වේදනාවක් තමා එතන තියෙන්නේ. ඒ වේදනාවේ අගය අපි හිතමු A කියලා. මේක ඇති වෙච්චි ගමන් දෙවනි රවුමේ දී අපි මොකද කරන්නේ? අපේ මාන්නයෙන් අපි ගන්නවා අපි පොඩි කාලේ කාපු අවස්ථාවක්. ආහාරයක් නම් පොඩි කාලේ කාපු අවස්ථාවේ දී මේක තමයි මගේ best එක, කියලා ගන්නවා. එතකොට ඒක ඇවිල්ලා, ඒක තමයි අපි කියනවා B කියලා. ඒක තමයි මගේ හොඳ ම එක. ඕගොල්ලන්ගේ ස්පර්ශයක් ලැබුණා නම් ඒ හොඳ ම ස්පර්ශයක්, ඇති වුණා වූ ස්පර්ශයක්. එතකොට ඒක තමයි මගේ හොඳ ම එක කියන එක තියෙන්නේ. එතකොට මං මේ දෙක තමයි compare කරන්නේ. අර Aයි Bයි කියන එක මං compare කරනවා. මගේ දැන්, දර්ශනයක් නිසා හරි ආහාරයක් ගැනීම නිසා ඇති වෙන්නා වූ වේදනාව, මගේ පෙර වූ වේදනාවත් එක්ක, හොඳ ම point එකත් එක්ක මම සසඳා බලනවා. බැලුවායින් පස්සේ ඒ විඤ්ඤාණය flow වෙන්න පටන් ගන්නවා. ඒ දෙක උඩ තමයි විඤ්ඤාණය දුවන්නේ, ධාරාවක් වශයෙන් දුවන්නේ මේ gap එකක් තියෙනවා නේ. ඔය gap එක නිසා අපි දන්නවා ඉතින් දෝමනස්සයන් එහෙම ඇති වෙලා අපි ඒක දුවන්න පටන් ගන්නවා කියන එක.
එතකොට ඔය දෙවනියට ආපු point එකෙන් පස්සේ මේ විඤ්ඤාණය මැරීගෙන යන එකයි තියෙන්නේ. ඒකට අපි කියනවා C කියලා, ආපහු බැහැලා යනකොට අර bell shaped curve එකේ අපි A කිව්වා. Top එකට B කිව්වා. ඊට පස්සේ බැහැගෙන යනකොට අපි C කියලා කියනවා ඒ හරිය. ඉතින් මේ හරිය වෙනකොට තමයි මේ විඤ්ඤාණය නැවතත් අර මළා ඉක්මනට හදන්නෙයි කියන කතාවට ඇවිල්ලා තියන එක තියෙන්නේ මෙතෙන්දි. ඉතින් ඕකේ දැන්, ඕක තමයි පළවෙනි එක.
එතකොට ඕකෙදි දැන් ඔහොම වෙන්නේ මොකද කියන එක මං බැලුවා. ඒක නන්දි කියලා භාවනාවක්, ඊයේ පෙරේදා කරපු භාවනාව. මේක පොඩ්ඩක් මතක තියාගන්න උත්සාහ කරන්න, දැන් අපි දන්නවා ඔය මරණයේ ඉඳන් අපි ව්‍යාධියට යනවා කියන එක. ඒ වගේ ම අපි දන්නවා පරිදේවයේ ඉඳන් සෝකයට යනවා කියන එක. අනිත් පැත්තෙන් තියෙනවා යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ ඉඳන් අප්‍රියේහි සම්ප්‍රයෝගයට යන්න උත්සාහ කරනවා කියන එක තියෙනවා. ඒ කාරණා තුන හරියට කෙනෙක් දන්නවා නම් එයාට ආකිඤ්චන විමුක්තිය කියන එක ඇති වෙනවා ඒ අවස්ථාව වෙනකොට. ඒ තරම් ගැඹුරුයි ඒ ධර්මය.
ඕකේ දැන් ඊළඟට පෙන්නන්න පුළුවන් ඕකේ ordering එක. දැන් අපි ඔය කිව්ව කතාවෙන් ම, A කිව්වහම සුභයි කියලා ආවා. B කියන point එක එනකොට නිත්‍යයි කියලා කතාව ආවා. නිත්‍යයි කියන කතාව ආවහම අර පල්ලෙහා තියෙනවා නේ සංස්කාර cross එක. ඒ කියන්නේ මෙතන අපේ තියෙනවා පරාමාසකායගන්ථය, මෝහයෙන් අගතියට යනවා. ඊළඟට තියෙනවා ඉදංසච්චය, භයෙන් අගතියට යනවා. මේ දෙක කැපෙන තැන, ඔතෙන්ට කියනවා අපි සංස්කාරයි කියලා. දැන් මොකද වෙන්නේ? අර නිත්‍යයි කියලා ආවා. දැන් ඔන්න සංස්කාරය නිත්‍යයි කියන කතාව මෙතනින් ආවහම එතකොට සඤ්ඤාවට නිත්‍ය කතාවක් ගිහින් තියෙනවා.
දැන් එතකොට ඒ සඤ්ඤාවේ ඉඳන් චේතනාවට අපි යනවා. ඒ සඤ්ඤාව නිසා. අපි ඒක කියමු, ආපහු මට කියන්න වෙනවා මේ, වෙන අකුරු ටිකක් අපි භාවිතා කරමු, හැබැයි ඉතින් A, B, C ම කියලා අපි ගන්නවයි කියමුකො. අර A එකත් එක්ක පටලවගන්න එපා. අපි කියමු ඒක A කියලා. ඒ පළවෙනි step එක A. මොකද්ද A කියන්නේ, සඤ්ඤාවේ ඉඳන් චේතනාවට යනවා කියන එක. එතකොට සඤ්ඤාවේ ඉඳන් චේතනාවට යනකොට, මෙතන මරණයේ ඉඳන් අපි ව්‍යාධියට යනවා. දැන් ලෙඩ වෙලා මම. ලෙඩ වෙන ස්වභාවය කියන එක එතෙන්ට තියෙනවා. එතකොට මේ, ඒකට අපි කියමු B කියලා දැන්. ඊළඟට ආපහු අපිට එනවා ඔය මරණය, ව්‍යාධිය, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය. ඕක Z අකුර අනිත් පැත්තට තියෙන්නේ. එතකොට ඔය විදිහටයි ඕක flow වෙන්නේ. Z අකුරේ අනිත් පැත්තට ආවහම යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ ඉඳන් අප්‍රියේහි සම්ප්‍රයෝගයට යනවා කියන එක, උත්සාහ කරනවා කියන එක, ඒක C කියලා අපිට දාන්න පුළුවන්. දැන් A තිබුණේ උඩ, සඤ්ඤාවේ ඉඳන් යන එක. B කිව්වේ මරණයේ ඉඳන් ව්‍යාධියට යන එක. C කියලා කියන්නේ යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ ඉඳන් අප්‍රියේහි සම්ප්‍රයෝගයට යන එක. D කියලා දාගන්න ඕනේ අර මැද්දේ තියෙනවා පරිදේවයේ ඉඳන් සෝකයට යනවා කියන එක. ඒක වෙනවා. මේ Z අකුරේ මේ කතාවට මෙහෙම flow වුණහම දැන් ඉතින් මේ, රහතන් වහන්සේ පෙන්නන්නේ පරිදේවයේ ඉඳන් සෝකයට අපි දුවනවා කියන එක. මේ D ඇති වුණාට පස්සේ E කියලා එකක් ඇති වෙනවා, ඒක තමයි කබලිංකාර ආහාරයේ ඉඳන් සඤ්ඤාවට යනවා කියන එක.
ඒ වෙලාවේ තමයි මං රූපය නැවතත් ස්පර්ශ කරන්න යන්නේ. ඇයි මගේ අර gap එක ඇවිල්ලා නේ. ඒක නිසා තමයි මේ මළාට පස්සේ විඤ්ඤාණය මේ ආපහු හැදෙන හැටි මේ පෙන්නන්නේ. දැන් ඕක තමයි ඕක දෙවනි භාවනාවක් හැටියට ඕක ගන්න ඕනෙ, ඕක ගැඹුරුයි ඕක වෙනම ඕක බලන්න ඕනේ. ඔය ordering එක හරි special ordering එකක් එතන ඒකයි කියන එක. දැන් මං ඕක කරලා තිබුණේ. පළවෙනි භාවනාව අරක කරලා තිබුණේ. දෙවනි භාවනාව කියන එක මෙතන මේක කරලා තිබුණා. ඔය දෙවනි භාවනාව කරපු වෙලාවේ මට ආවා මේ ඔක්කෝම ප්‍රශ්නේ මේ ජරාවට යනවා කියන එක නොදන්නාකම නිසා ය කියන එක අවබෝධයෙන් එනවා. දෙවනි භාවනාවේ අර්ථය ඒකයි.
එතකොට දැන් මේ අද භාවනාවේදි මේක මට මතක් වෙච්චි ගමන් ම මට කල්පනා වුණා, අපි ජරාව ගැන දන්නේ නැති නිසා තමයි අර දෙවනි peak එක හදන්නේ. මෙතන මනසෙන්, මාන්නයෙන් අටවන එක තියෙනවා නේ මං B කියලා කිව්වේ අර කලින් B කියලා කිව්වේ. ආන්න ඒ B කියන point එක මම හදන්නේ මම දන්නැති නිසා. ජරාවට යනවා කියන එක දන්නවා නම්, තමා දැනගන්න ඕන මේක කවදාවත් පොඩි කාලේ ඒවාත් මට දැන් හදන්න බෑ, කියන එක තමන්ට තේරෙන්න ඕනේ.
එතකොට පේනවා ද එතන මානයේ කතාව එතන අඩු වෙනවා කියන කතාව තියෙනවා ජරාව කියන එක දන්න මනුස්සයාට. ඒක නිසා මට පේනවා මේක ස්පර්ශ කරන්න බෑ, වැඩක් නෑ. දැන් පුද්ගලයෙක් නම් ඒ පුද්ගලයාව, ආහාරයක් නම් ඒ ආහාරයව නැවතත් මට ස්පර්ශ කරන්න ඇති වැඩක් නැහැ කියන එක ඒක තියෙනවා. ඇයි මං පෙන්නුවා නේ දැන් මෙතන මං ආපහු ස්පර්ශ කරන්නේ, මගේ අර gap එක වැඩි වෙලා මං කල්පනා කරනවා මේක ස්පර්ශ කිරීමෙන් කරන්න පුළුවන් ය කියන එක.
වෙන විදිහකට බැලුවා නම් මට පුළුවන් ආදී වශයෙන් නේ ද. එතකොට මට පේනවා දැන් මේ ජරාව දන්නවා නම් මේ දෙවනි peak එක හදලා වැඩක් නෑ. ඒක හදන්න බෑ. මොකද මගේ පොඩි කාලේ එක කවදාවත් මට ගන්න බෑ නේ. ඒක මුසාවක්, ඒක ගන්න බැහැ කියන එක තේරෙනවා.
ඊළඟට තමන්ට ආයෙත් පේන්න ඕනේ අර පළවෙනි peak එකේ අගයත් දැන් තවත් අඩු වෙනවා. දැන් මං කිව්වා නේ මුලින් A කියලා. අර පල්ලෙහා වේදනා අගය, අඩු වෙලා, ඇයි? ඊළඟ පාර මං ස්පර්ශ කරනකොට මගේ ඇහැ තවත් ජරාවට පත් වෙලා. එතකොට ඒ අගයත් සියුම්ව පහළට බැහැලා තියෙන්නේ. එතකොට දැන් මෙන්න මේ දෙක දැක්කා නම් ඕගොල්ලන්ට පේනවා මේ curve එක එහෙනම් dying. එන්න එන්න ම පේනවා ද දැන් මගේ මාන අගය අඩුයි, ඊළඟට මට ඊළඟට හදන්නා වූ ඊළඟ peak එක, මගේ ඇහෙන් දැනට ස්පර්ශ කිරීමෙන් ඇති වෙන්නා වූ peak එක තවත් අඩුයි. ඒ value එකත් අඩුයි මොකද මගේ ඇහැ වයසට ගියා, අර මනුස්සයාත් වයසට ගියා, අර ආහාරයත් වයසට ගියා කියන එක තියෙනවා. එතකොට මේකත් බැහැලා යනවා. අර මුලින් A කිව්ව peak එකත් බැහැලා යනවා. අර මාන්නයෙන් තියෙන B එකත් බැහැලා යනවා. මොකද වෙන්නෙ දැන් bell shaped curve එකක් ඕගොල්ලෝ ආපහු, ආයෙත් ඇන්දොතින්, දැන් මුලින් A, B කිව්වා, ඊට පස්සේ A1, B1, නේ ද? A1, B1 අර මුලින් A එකට වඩා අඩුයි. පේනවා ද අර sequencing දන්න කට්ටියට හොඳට තේරෙනවා mathematically.
මේක sequence එක බැහැගෙන බැහැගෙන බැහැගෙන යනවා. අඩු වේගෙන අඩු වේගෙන යන්නේ. ගිහිල්ලා එතකොට අන්තිමට මොකද වෙන්නේ, මේක flat වෙනවා. Flat වුණාට පස්සේ මේකේ ආයේ දුවන්න දෙයක් නෑ. ආන්න එතන තමයි “දිට්ඨෙ දිට්ඨිමතං” කියන්නේ. ඒ point එක තමයි දිට්ඨෙ දිට්ඨිමතං කියලා කියන්නේ. ආයේ මොකක්වත් නෑ, වෙන මොකක්වත් ඒක හදන්න යන්නෑ. මේක දැක්කා, තව එකක් තමන් හදන්න යන්නෑ, අර ජරාවයි කියන එක හරියට අවබෝධ කරගත්ත මනුස්සයා, එයා දෙයාකාරයෙන් අවබෝධ කරගත්තා. දෙයාකාරයෙන් අවබෝධ කරගත්තා කියන්නේ දැන් ඇහෙන් බලනකොට රූප value එක එන්න එන්න ම බැහැගෙන යනවා කියන එක එයාට ඒක තියෙනවා. ඊළඟට දෙවනියට B කියන point එක, මගේ පෙර වූ දෙයක් නිසා මාන අගය, නිත්‍ය කතාව තියෙනවා නේ. ඒක නැතෙයි කියන එක, ඒක තියෙනවා.
එතකොට දෙක ම බැහැගෙන යනවා නේ. එතකොට ඒක නිසා මේ අන්තිමට ගත්තහම මේක දැක්කහම, අරක දැක්කයි කියලා නැවත ස්පර්ශයක් කරන්න, ඒ කියන්නේ මාන අගයක් එන්නෙත් නෑ. නැවත ස්පර්ශයකුත් නෑ. හරි පුදුම භාවනාවක්. හරි පුදුම භාවනාවක් කියලා කියන්නේ මේ, ඒ රහතන් වහන්සේ කිව්වේ “ඔතන විමුක්ති හතරක් කියලා” කිව්වේ. එතකොට විමුක්ති හතරක් කිව්වහම මං ඉතින් බැලුවා මොනවද විමුක්ති හතර කියන එක.
රහතන් වහන්සේ මෙතනදි විමුක්ති හතර කියලා කියන්නේ මෙන්න මේ කොන් හතරෙන්. ප්‍රඥාවයි, සතියයි. සතියෙන් තියෙනවා විමුක්තියක් එතන. මෙතන ප්‍රඥාවෙන් එකක් තියෙනවා. අතන විරිය. මේ පැත්තෙන් සමාධිය. ඔය විදිහට ඒ හතරත් එක්ක. හරි වෙනසයි, මනස හරී වෙනස් ඒ අවස්ථාව ගත්තහම. අර නතර වෙනවා කියන එක වෙලා ඉවරයි. නතර වෙලා මේ ඊට පස්සෙත් තිබෙන්නා වූ දෙයක්. ඒ කියන්නේ නතර වෙලා ආයේ start කරන්න, හොල්ලන්න, ඒ මොනවක්වත් නෑ. චිත්තය නතර වෙලා ඉවරයි, එතනින් ආයේ මොකක්වත් නෑ. හරි ම ලස්සනයි ඒ භාවනාව, හරි ම ගැඹුරුයි හැබැයි ඒ වගේ ම.