Date: 08/08/2014 Name: Nirodha

මම ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ සිහි කළා මේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්. ඒ විදිහට ම බුදුපියවරු දාහතර නම ම සිහි කරලා වැන්දා. වැන්දාට පස්සේ මම, මට කිව්වා අර ඊයේ භාවනාව ම නැවතත් පටන් ගන්නෙයි කියලා. එතකොට ඊයේ භාවනාව මතකයි නේ නේ ද? අර, ඒ කියන්නේ අර A, B, C කියලා අර bell shaped curve එකක points තුනක් එනවා. එතකොට ඒ විඤ්ඤාණය කියන එක මැරිලා ගියාට පස්සේ අපි, ඉක්මනට අපි ඒක හදාගන්න හදනවා.

එතකොට අපි ඒකත් එක්ක ම අර නන්දි භාවනාව, ඒ කියන්නේ අර යමක්, සඤ්ඤාවේ ඉඳන් චේතනාවට යනවා ය, මරණයේ ඉඳන් ව්‍යාධියට යනවා කියන ඒ කාරණා තුන සහිතව ඒක බැලුවහම තේරුම් ගත්තා නේ අර ජරාව කියන එක, දැන් මට, මං ඇවිල්ලා තියෙනවා නම් ව්‍යාධියට ඒ කියන්නේ මට ජරාව කියන එක තියෙනවා. ජරාව නිසා තමයි මේ ප්‍රශ්නේ කියන එක තියෙනවා. ඒක තේරුම් ගත්තාට පස්සේ අපි අර, එහෙම නම් අර මාන්නයෙන් හදන දෙවනි අගය, peak එක කියන එක හදලා ඇති වැඩක් නැහැයි කියන එක තියෙනවා. ඒක මට කවදාවත් ලබා ගන්න බැරි දෙයක් වශයෙන් තමන්ට දැනීම කියන එක තියෙනවා.

එතකොට මේක නිසා අර මාන අගය කියන එක බැහැලා යනවා කියන කතාව ආවා. ඒ මාන අගය බැහැලා යනවා කියන කතාව ආවාට පස්සේ දැන් මට කල්පනා වුණා අර ගාථාව. අර, ඉන්ද්‍රිය අසංවරය මගින් ඇහෙන් රූප බලන්න කැමැත්තට ඉඩ දෙනවා. මේකට ඇස ඕනේ ය කියලා කියනවා භව ආශ්‍රවය. එතකොට ඊළඟට මානය තමයි කියලා කියන්නේ මෙහෙම වෙන එක හොඳයි කියලා. දැන් මානය කියන එක බැහැලා ගියා නම් මොකද වෙන්නේ? මෙහෙම වෙන එක හොඳ කතාවක් නෑ, භව ආශ්‍රවයෙන් ඇහැ හැදීමක් නෑ. එහෙනම් ඉන්ද්‍රිය අසංවරයක් නෑ. එහෙනම් ඉන්ද්‍රිය සංවරයට එනවා කියන එක තියෙනවා.

එතකොට ඉන්ද්‍රිය සංවරයට ආවාට පස්සේ මට මතක් වුණා අර මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ මට පෙන්නුවා ආයතන භාවනාව දෙකේ, ඒකේ ඔය ප්‍රඥා diagram එකත් එක්ක ඕගොල්ලෝ දන්නවා සම්මා දිට්ඨිය තියෙනවා නම් ප්‍රඥාව, ප්‍රඥාවෙන් ශ්‍රද්ධාව, ශ්‍රද්ධාවෙන් හිරිය, ඕතප්පය, එතනින් විරිය, ඡන්ද සමාධිය, ඉන්ද්‍රිය සංවරය. මේක connect වුණා මේකට. එතකොට මෙතෙන්ට connect වුණාට පස්සේ දැන් මට පේනවා මේක, මේ line එකේ එහෙනම් අපි අඩු කරගෙන යන්න ඕනෙ මොකද්ද?

අර අභිජ්ඣා කියන එක. ඒකේ පෙන්නුවා, ඒ භාවනාවේදි පෙන්නුවා රහතන් වහන්සේ අභිජ්ඣාව තමයි අර ඒ උඩ, මං දැන් path එකක් කිව්වේ, ඒකේ අයින් කරගෙන යන්න ඕනෙ අභිජ්ඣාව කියන එක. එතකොට අභිජ්ඣාව කියන එක අඩු කරගෙන යනවා කියනකොට, එතෙන්දි මම දැක්කා ඒ gear එකක්. Gear දෙකක් තියෙනවා, අර එක මනුස්සයෙක් gear එක අදිනවා පල්ලෙහාට, ඒ කියන්නේ නතර වෙන්න gear එක මාරු කරනවා වාගේ ඒක දානවා කියන එක. අන්න ඒ point එක එනකොට මට මගේ උගුර දැනෙන්න ගත්තා. මං දන්නවා මගේ උගුර දැනෙන්න ගන්නවා නම් මං නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට යනවා කියන එක.

මං ඔය අවස්ථාවේ දී මම නවත්ත ගන්නවා ඕක. මොකද එතනින් පස්සේ හිතන්න බෑ නේ. දෙපාරක් මේක වුණා. ඒක වුණාට පස්සේ දැන් මං පොඩ්ඩක් එහෙම හිටියා, ඉඳලා දැන් කල්පනා කළා මෙතෙන්දි, අන්තිමට මේ අභිජ්ඣාව කියන එක, ඒක දැන් නැති වෙලා යන්න නම් එහෙනම් සම්මා දිට්ඨිය කියන එක තමයි තියෙන්න ඕනේ. සම්මා දිට්ඨියේ අර ඉහළ ම වූ ප්‍රඥාව ගත්තා, මොකද්ද ඉහළ ම වූ ප්‍රඥාව තියෙන්නේ? සම්මා දිට්ඨියේ, ඔය චතුරාර්ය සත්‍යයේ ඉහළ ම වූ සත්‍යයේ තියෙන්නේ මොකද්ද? දුක්ඛ නිරෝධය විතරයි. දුක්ඛ නිරෝධය. අනිත් ඒවා එතෙන්දි ඇති වීම නේ.

එතකොට ඉහළ ම වූ ප්‍රඥාවේ තියෙන්නේ මෙන්න මේක නැති කරගන්නවා. ඒ කියන්නේ ඇති වෙන්නේ දුකයි කියලා, සමුදය අස්තංගමය කියන එක දැකලා නිකන් ඉන්නේ නෑ නේ. ඒකට පමා නොවීම තමයි ඒ ප්‍රඥාව කියන එක තියෙන්නේ. එතකොට එහෙනම් දුක්ඛ නිරෝධය සත්‍ය විතරයි එතන ඉතුරු වෙන්නේ. ඉතින් ඒ දුක්ඛ නිරෝධය කියන එකට යනකොට මාව, දැන් මට තේරෙනවා අර නිරෝධයට යනවා කියලා. මං ඒ පාර, දැන් ඉතින් මේක නවත්තන්නත් එපැයි කවුරු හරි. රහතන් වහන්සේගෙන් ඇහුවා පුළුවන් ද කියලා නිරෝධයට ගියොත් අර වෙලාවට මාව ගන්න, රහතන් වහන්සේ කිව්වා “මේ වෙලාවෙ නම් අමාරු වෙනවා” කියලා. ඒක එහෙම ගියා නම් අනිත් පැත්තට ගන්න එක, අර ටිකක් කාලයක් ඒක යනවා, එහෙම ඒ විදිහට ගියොත්. මෙතන මොකද මහා විශාල ධර්මයක් දැකලා නේ තියෙන්නේ. ඉතින් ඒක අමාරු වෙනවා කිව්ව හින්දා මම යන්නෙ නැතුව හිටියා. මේකේ අර අඩු වේගෙන අඩු වේගෙන යනවා.

ඒකේ අර curve එක die වෙලා යන්නේ. ගිහිල්ලා, අන්න ඒ වාගේ යනවා වගේ එනවා මේකේ තමන්ට තේරෙනවා ඒක වෙනවා කියලා. ඉතින් මේ භාවනාවේ නමත් නිරෝධය කියන එක. ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_Ayatana2/s_Ayatana2-03.jpg