එතකොට ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේට නමස්කාර කරනවා, ඒ ලෝකයේ සිටින්නා වූ උත්තරීතර, ඥානවන්ත, ප්රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වශයෙන්. ඔය විදිහට මම හත් නම නමස්කාර කළා. ඊට පස්සේ දාහතර නමට ම නමස්කාර කළා.
මට අර ඊයේ භාවනාවෙන් පටන් ගන්නෙයි කියලා කිව්වා. ඊයේ භාවනාවේ තිබුණේ අර රූපයක් දැකලා, ඒ අර bell shaped curve එක අර A කියලා point එකක් එනවා. ඊට පස්සේ උඩ peak එක හදනවා කියලා. එතකොට අපි ඉගෙන ගත්තා නේ මේකට මේ මානය කියන එක, ජරාවට පත් වෙනවා නම් අපි දන්නවා ඕක, කලින් එක ප්රාර්ථනා කරලා ඇති වැඩක් නැහැ කියන එක. ඒ කියන්නේ මාන අගය, තමන්ගේ පොඩි කාලේ හරි කෑමක් කාලා හරි ඇති වුණා වූ ඒ අගය, ඒ නැවත දැන් හම්බවෙන්නේ නෑ. ඒක නිසා මේක සෙවීමෙන් ඇති පලක් නැහැයි කියන එක අපි ඊයේ, ආවා භාවනාවෙදි, ජරාවට පත් වෙනවා නම්.
ඒක අර ගාථාව මගින් තමයි ආවේ අර ඉන්ද්රිය අසංවරය මගින් ඇසෙන් රූප බලන්න කැමැත්තට ඉඩ දෙනවා, එතකොට මේකට ඇහැ ඕනෙයි කියනවා භව ආශ්රවය, එතකොට මානය කියනවා මෙහෙම ඉන්න එක හොඳයි කියලා. එතකොට දැන් මෙතෙන්දි පෙන්නනවා මෙහෙම ඉන්න පුළුවන්කමක් ඇත්තේ නෑ, මොකද ජරාවට පත් වෙනවා නම් මේක ගන්න බැහැයි කියන එක.
එතකොට දැන් මං, මේ තත්වෙට මේක බලාගෙන යනකොට මම කල්පනා කළා ඇයි අපි මේ විදිහට මේ, මේක, මොකක් හරි එකක් ආවහම හදන්න යන්නේ? උත්සාහ කරන්නේ ඇයි කියන එක. මාන අගය කියන එක. කරන්න බැරි දෙයක් තමයි, ඇයි කරන්න යන්නේ කියන එක මං බැලුවා. එතෙන්දි මං බැලුවා මේ මානය කියන එක කොහොම ද අපිට ඇති වුණේ?
අපි දන්නවා පළවෙනි වටයේ දී අපි කරකවනවා, රූපයට අගයක් දෙනවා. දෙවනි වටයේ මාන්නයෙන් කරකවලා රූපයට අගයක් දුන්නා. තුන් වෙනි වටයේ දී, අවිද්යාවෙන් කරකවනවා, වේදනාව නිසා අගයක් දෙනවා. හතර වෙනි වටයේ දී අපි ආපහු කරකවලා, මානයෙන් ම යි කරකවන්නේ, වේදනාවට අගයක් දෙනවා. ඉතින් ඔය විදිහට අපි අගයන් දී යන එකයි මේකේ සිද්ධ වෙලා තියෙන්නේ ඉතින් අපි ඊට පස්සේ, වට හතරක් එහෙම ගියා ම ඉතින් චේතනාවට අගයන් දෙන්න පටන් ගන්නවා. අන්තිමට වට අටක් වෙනකොට සංස්කාරවලට ම අගයක් දෙනවා කියන එක තියෙනවා.
එතකොට මේවායේ අගයක් දෙනවා කියන එක දුන්නහම මට, ඕගොල්ලන්ට පේනවා යම්කිසි ආහාරයක් ගම්මු උදාහරණයක් හැටියට. ආහාරයක් කියන එක කෙනෙකුට, අද යම්කිසි ආකාරයට හොඳයි කියලා මං අගයක් දීලා තියෙනවා නම්, ඊට පස්සේ ඒ ආහාරය සඳහා ඕගොල්ලෝ ලොකු plan එකක් ගහනවා. Plan එක මොකද්ද, මේක ගේන්න ඕනෙ, ඒ කියන්නේ පළවෙනියෙන් ම රූපයට අගයක් දුන්නා, එතන කාලා වේදනාවට අගයක් දුන්නා කියන එක තියෙනවා. කවුරු හරි කෙනෙක් හදලා කිව්වයි කියන්නකො. මේ කෑම මෙන්න මෙහෙන්, කොහෙන්ද ගෙනාවේ මං මේ supermarket එකෙන් කියලා, ඒ පාර අපි ඕක ගන්න plan එකක් තියෙනවා කඩේ ගිහිල්ලා ගේන්න. ඊට පස්සේ ඒක නැවතත් උයන්න. ඒ සංස්කාරවලට එතන අගයක් දීලා තියෙනවා කියන එක තියෙනවා. ඉතින් අපි හරි පුදුම plan ගහලා ඒ විදිහට ඒක වෙනවා කියන එක තියෙනවා. ඒක හැම එකට ම සිද්ධ වෙනවා. ඒක හරි ම දරුණුයි ඒ විදිහට බැලුවහම.
එතකොට මට ඕක හොඳට ම, අර මගේ ළමා කාලේ උදාහරණෙකුත් එක්ක ම තමයි මං ඕක ඔතන බැලුවේ. බැලුවහම දෙපැත්තෙන් පේනවා මේ විදිහට මේ සංස්කාරවලට plan කර කර එතන අගයන් දෙනවා කියන එක ඒ විදිහට සිද්ධ වෙනවා කියලා.
එතකොට ඊට පස්සේ දැන් අපිට පේනවා, අපි දන්නවා ඔය සංස්කාරවලින් තමයි අපිට පරියුට්ඨානය කියන එක ඇති වෙන්නේ. පරියුට්ඨානය කියන එක සංස්කාර ප්රඥප්තියෙන් තමයි ඒක පනවන්නේ. එතකොට, obsession කියලා තිබුණේ හාලිද්දිකානි සූත්රයේ. පරියුට්ඨාන ප්රඥප්තියෙන් තමයි චේතනාව කියන එක පනවන්නේ. පරියුට්ඨානය තියෙනවා නම් මම බැසගෙන තිබෙනවා කියන එක තියෙනවා නේ, මම අල්ලගෙන ඉන්න එක. අන්න එතකොට ඒක නිසා තමයි මගේ චේතනාව කියන එක තියෙන්නේ. දැන් ඔන්න මං ආවා එතන චේතනාව කියන තැනට. දැන් ඉතින් අපි දන්නවා මේ භාවනාවේ තියෙනවා නේ අර සඤ්ඤාවෙන් චේතනාවට යන කතාව කියන එක තියෙනවා.
දැන් මට පේනවා සංස්කාර පැත්ත චේතනාවත් එක්ක එතන සම්බන්ධයි. අර සිඛී බුද්ධ ගාථාව ආවා “යංකිඤ්චි දුක්ඛං සම්භොති සබ්බං සඞ්ඛාර පච්චයා, සඞ්ඛාරස්ස නිරොධෙන නත්ථි දුක්ඛස්ස සම්භවො, එතං ආදීනවං ඤත්වා දුක්ඛං සඞ්ඛාර පච්චයා, සබ්බසඞ්ඛාරසමථා, සඤ්ඤා උපරෝධනා.” ඒ සංස්කාරයන් සමථය වෙනවා නම්, සඤ්ඤාව නතර වෙනවා නම් මේ “එවං දුක්ඛක්ඛයො හොති එවං ඤත්වා යථාතථං” කියන ගාථාව ආවා. ඒක ආවාට පස්සේ දැන් මගේ ඔන්න ඔක්කෝම දැන් නතර වේගෙන යනවා. නෙවසඤ්ඤානාසඤ්ඤායතනය එහෙම යනවා කියන එක මට තේරෙනවා දැන් මේක නතර වෙන්නයි යන්නේ.
ඔය නතර වේගෙන යනකොට මං දැක්කා මගේ පැණි බෝතලේ මේ කුස්සියේ තියෙනවා. පැණි බෝතලේ. එතකොට ඔන්න එක පාර ආවා මේ මගේ පැණි බෝතලේ නේ කියලා ඔන්න එකක් ආවා. ඒක එක පැත්තක්. ඊළඟට පේනවා Henry ඉන්නවා අතන අර මේවා එක ළඟ එහා පැත්තෙන්, ඒ චිත්රා, මේ මේ භවයක නෙවේ, පෙර භවයක කතාවක්. මං හිතන්නේ නංගි කියලා වෙන්න ඇති, මේ පිටිපස්සෙන් මෙහෙම අනිනවා වාගේ එකක් කරනවා. එතකොට Henry මෙහෙම කරලා බලනවා. දැන් මේක දැක්ක ගමන් දැන් මට, මේ භාවනාවේ ඔක්කොම වැඩේ නතර වෙලා. දැන් මං කල්පනා කරනවා මේ Henry යි චිත්රායි කවුද? Henry ගෙ කවුද චිත්රා? නංගි ද? wife ද? මං කල්පනා කළා ඒ point එක සිතට ආපු ගමන් ඇයි මං මේක හිතන්නේ?
එතකොට බලන්න බෝතලේ මගේ. දැන් ඒ කියන්නේ මේකේ තමන්ගේ සිත නතර වේගෙන යන අවස්ථාවක මගේ කෑල්ලක් ආවා ඔන්න බෝතලේ මගේ කියලා ඒක උඩ. බලන්න මං මාන වෙලා තියෙන එක නේ ද? ඊළඟට Henry යි චිත්රායි. Henry යි චිත්රායි කවුරු වුණා ම මට මොකද? කුතුහලය නේ ද? කුතුහලය තියෙනවා මෙන්න මෙතන මේ දෙන්නා කවුද කියන එක. ඉතින් මේ දෙන්නාව දැනගත්තා කියලා මං මොකද්ද කරන්නේ? ආයේ අනිත් අයට කියනවා. අන්න එතනින්, අනිත් අයට හොයන්න බැරි නම් ඔන්න ඔතනත් ආපහු මාන්නය. මං මේක හොඳට අල්ල ගත්තා. මෙන්න මේ දෙකයි මේකේ තියෙන්නේ කියලා. එතකොට මේ දෙක අල්ල ගත්තාට පස්සෙ දැන් පේනවා අපි අර ඔතපුවා ම නේ ද, දැන් බලන්න මානය කතාවේදි මේ අපි ඔතපුවා ම නේ ද මේ ආපහු එන්නේ? එතකොට මෙතන මේවාට සඳහා කුතුහලයන් තියෙනවා. අපි ඊයේ කතා කළේ හරියට කුතුහලය, කුතුහල සූත්රය කිව්වේ නේ?
එතකොට මෙතෙන්දි, ඔතෙන්ට ආවායින් පස්සේ දැන් පෙනුණා, මේක මෙහෙම නම් මේ අපේ කැමැත්ත, අපේ කැමැත්ත අනුව තමයි මේක දුවන්නේ. එතකොට මේ ඒක දේවල්වලට කැමැත්ත තියෙනවා. ඉතින් කුතුහල සූත්රයේ පෙන්නන්නේ මොකද්ද? අරයා මැරිලත් ආපහු ඉන්න හදන්නේ තණ්හාව නිසා. කැමැත්ත නිසා. ඒක නේ පෙන්නුවේ. දැන් මොකද්ද අල්ලගෙන ඉන්නේ කියලා අහනවා නේ. මැරිච්ච පුද්ගලයා මෙතනින් මළා, තව තැනක ඉපදිලා නැත්තන් මොකද්ද එයා මේ අල්ලගෙන ඉන්නේ?
තථාගතයන් වහන්සේ දේශනා කරනවා තණ්හාව අල්ල ගෙනයි ඉන්නේ. අර වූ කැමැත්තක්. අර අපේ ගමන නතර වෙන්නේ මොකෙන් ද? අර තමන්ගේ කියලා ගත්තා වූ, එක්කෝ තමන්ගේ ම රූපයක්. එහෙම නැත්තන් අර Henry යි චිත්රායි කතාවේ තියෙන්නේ මානය. මානය තියෙන්නේ. එතකොට අන්න ඒ මානයට, ඒ කියන්නේ රූපය නිසා ඇති වුණා වූ මානය. එතකොට ඒක නේ ඔය ධර්ම මච්ඡරියෙන් ඒකෙන් නේ, ඔතන තියෙන්නේ ධර්මයක් නේ. කවුදයි කියන කතාව, එතන ධර්මයක් එක්ක එන්නේ.
එතකොට මෙන්න මේ රූප කුලයයි අර ධම්ම කුලයයි කියන අර්ථ දෙක නේ ඔය ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඔය දෙක තමයි කියන එක මට ආවා ඉතින් රහතන් වහන්සේ “බොහොම හොඳයි” කියලා කිව්වා එතන ඒ point එකේදි. අර අපි කලින් දීපු ඒවා ම තමයි මේකේ කැරකිලා එන්නේ. දැන් පේනවා ද?
මානය බැහැගෙන බැහැගෙන යන්න ඕනෙයි කියලා මේක කතාව අපි මේ දක්වා භාවනා කළේ, මෙතෙන්ට ආවායින් පස්සේ පෙන්නනවා, අපිව නවත්තගෙන ඉන්නෙත් අර තමන්ගේ කියලා ගත්තා වූ මාන කොටස්. ධර්මය වේවා, රූපය වේවා. ඒක විසින් ම තමයි මේක නවත්තාගෙන ඉන්නේ කියන එක, ඒක ලස්සනට ආවා.
ඒක තමයි මගේ කරපු භාවනාව.