Date: 10/08/2014 Name: Dukka Nirodha bhavana

ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ සිහි කළා මේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්. මේ විදිහට ඒ දාහතර නම ම සිහි කරලා වැන්දා.

එතකොට මට කලින් ම කිව්වා මේ ඔය ජූනි මාසේ 8 වෙනිදා කළා දුක්ඛ නිරෝධය කියලා භාවනාවක්. ඒ භාවනාව පටන් ගන්නෙයි කියලා. ඒ භාවනාවෙදි මම කළේ ආශ්‍රව නසන අවස්ථාවක චිත්තයේ පවතින ස්වභාවය මුලින් බැලුවා.

ඒ කියන්නේ දැන් ඔය අපේ විඤ්ඤාණය කොතනක හරි පිහිටනවා නම් ඒ පිහිටන්නේ පටිච්චසමුප්පාදයට අපි ඉඩ දීම නිසයි. පටිච්චසමුප්පාදයට ඉඩ දෙන්නේ නැත්තන් විඤ්ඤාණයේ පිහිටීමක් නෑ කොතනකවත්. එතකොට ඔය, ඕක තේරෙනවා නම් එතනින් එනවා මේ මුළු පටිච්චසමුප්පාදය ම කියන එක තණ්හාව නැති වීමෙන් නැති වෙනවා කියන එක. ඒ අවස්ථාවේ දී තේරෙනවා කෙනෙකුට තණ්හාව නැති වුණොත් මේ පටිච්චසමුප්පාදයෙ එකක්වත් පවතින් නැහැයි කියන එක.

එතකොට ඔය තත්වෙට තමන්ගේ මනස ආවට පස්සේ මේ, දැන් අපිට පේනවා පටිච්චසමුප්පාදයෙ එහෙනම් අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා කියලා තියෙනවා. එහෙම නම් මේ අවිද්‍යාව කියන එක කොහොම ද අපිට ඇති වෙන්නේ කියන එක බලන්න ඕනෙ. අවිද්‍යාව කියන එක අපිට ඇති වෙන්නේ අපි දන්නවා ඔය රෝගී සඤ්ඤාවක්, special එක කරපු අයට තේරෙනවා රෝගී සඤ්ඤාවක් මගේ කියලා අරගෙන තමයි අවිද්‍යාව කියන එක ඇති වෙන්නේ.

එතකොට එතන දී අවිද්‍යාවට ආවොතින් අපි දන්නවා අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට යනවා කියන එක. ඕකට support කරන ධර්මය තමයි සැකය. සැකයෙන් තමයි අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට jack එක ගහන්නේ එයා තමයි කියන එක තියෙනවා. එතකොට ඔය සැකය කියන එක තියෙන්නේ ඉදංසච්චයේ ඉඳන් භය අගතියට යන line එක, පරාමාසයේ ඉඳන් මේ මෝහ අගතියට යන line එකයි කැපෙන තැන සංස්කාරය ඒකේ පල්ලෙහා අත්තේ තමයි තියෙන්නේ. භය අගතියට යන අත්තේ තියෙන්නේ පල්ලෙහා කොටසේ.

එතකොට මේකේ සැකය කියන එකේ එහෙම නම් සමුදය කියන එක මම බලනවා. කලින් බලලා තියෙනවා. ඒ රහතන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා සැකයේ සමුදය තමයි ථීනමිද්ධයයි, කුක්කුච්චයයි කියන එක. එතකොට ඔය ථීනමිද්ධයෙන් පේනවා එහෙම නම්, ඔය ථීනමිද්ධය තියෙන්නේ අර උඩ cross එකේ. පල්ලෙහා වගේ ම උඩ cross එකක් එනවා.

ඒ කියන්නේ චේතනාවේ ඉඳන් අපි එනවා ඉදංසච්චයට. විඤ්ඤාණ ආහාරයේ ඉඳන් අපි එනවා පරාමාසයට. එතකොට ඔය චේතනාවේ ඉඳන් ඉදංසච්චයට එන්නා වූ ඒ cross එකේ තමයි ථීනමිද්ධය කියන එක ලකුණු කරන්නේ උඩ හරියේ. එතකොට ඔය ථීනමිද්ධය ඉතින් ඉදංසච්චයට එනවා, එතනින් අර දැන් පයිප්ප line එක වාගේ අර මාන පාරේ එතනින් එනවා සැකය කියන තැනට.

අනිත් අතට ගත්තහම ඔය කුක්කුච්චයේ තියෙන එක ඉදංසච්චයට ගිහිල්ලා එයත් එනවා කියන එක තියෙනවා. එතකොට දැන්, දැන් අපිට පේනවා ඕකේ කෙළවරට ගත්තහම ඔය මිච්ඡා දිට්ඨියේ ඉඳන් පටන් අරගෙන අපිට එනවා කියලා කුක්කුච්චය හරහා විචිකිච්ඡාවට ඒමක් කියන එක තියෙනවා. ඒක තමයි අර පළවෙනියට, එතෙන්දි අපිට ලියාගන්න පුළුවන් ඒ දැන්, එතකොට මෙහෙම එකක් පේනවා. මිච්ඡා දිට්ඨියේ ඉඳන් පටන් ගත්තහම එහෙම නම් අපිට එනවා කුක්කුච්චය, විචිකිච්ඡාව කියන ඒවා. ආයෙත් එනවා මිච්ඡා දිට්ඨිය, පරාමාසය, එතනින් පල්ලෙහාට ආපහු විචිකිච්ඡාව කියලා කියන්න පුළුවන්. පළවෙනි සැකය ඇති වෙච්ච එක විචිකිච්ඡාව, අන්න ඒ විචිකිච්ඡාවට අපි කියනවා අවිද්‍යාව කියලා. අවිද්‍යා ආශ්‍රවය කියලා දාගන්න. අර දෙවනියට පෙන්නන විචිකිච්ඡාවට අපි දාගන්නවා කාම ආශ්‍රවය කියලා.

දැන් මේ අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට යනවා කියන එක මේක flow වීමක් නේ තියෙන්නේ. ඉතින් මේ විචිකිච්ඡා දෙක ම තමයි දැන් අපි භාවිතා කරන්නේ. එකක් අවිද්‍යා ආශ්‍රවය කියලා ගන්නවා, අනිත් එක කාම ආශ්‍රවය කියලා ගන්නවා.

ඒ පළවෙනියට පෙන්නන අවිද්‍යා ආශ්‍රවය අපි කල්පනා කරන්න ඕනෙ අර ථීනමිද්ධය නිසා හටගන්නා වූ අවිද්‍යා ආශ්‍රවය වශයෙන්. ඒ කියන්නේ, අපේ තීරණයන් අපි ඔක්කෝම ගන්නේ අපි ථීනමිද්ධය තියෙන අවස්ථාවේ දී මෝහයෙන් ගන්නා වූ තීරණයන් තියෙන්නේ. එතකොට ඕක අපි කලින් බැලුවා එක භාවනාවක දී, දැන් මම shirt එකක් ගන්න යනවා. ගියහම මට ඒක sure නෑ මේ shirt එක මට ගැළපෙනවා ද කියලා. මේ ඇඳුමට ගැළපෙනවා ද කියලා පෙලක් වෙලාවට sure නැති ගතියක් තියෙනවා. ඉතින් ඔය වෙලාවෙදි අර salesman කෙනෙක් හරි කවුරු හරි කියනවා මහත්තයාට ඕක හොඳයි. අර මට sure නෑ අරයාගේ opinion එකත් එක්ක මම දැන් ඕක ගන්නවා. එහෙම නැත්තන් තමන්ගේ wife හරි, තමන්ගේ දරුවෙක් හරි කියනවා ඕක හොඳයි නේ ද? ඒක කිව්වායෙන් පස්සෙ අර, දැන් ඕක ඒත් මට sure නෑ. හැබැයි අර second opinion එක ආවහම මගේ push එකක් තියෙනවා ඒක ගන්නෙයි කියන එක. මොකද මේ අවස්ථාවේ දී ඔය දෙකේ ම තියෙන්නේ දුක්ඛය.

මෙන්න මේ අවස්ථාව ටිකක් ගැඹුරුයි, මෙතන මේ කතාව. දෙකේදිම තියෙන්නේ දුක්ඛය, විඤ්ඤාණයට මේ දෙකේ වෙනස හොයාගන්න බෑ. අර bell shaped curve එකේ A කියලා ගත්ත වේදනාවේ කොටස, මේ shirt එක දැක්කහම ඇති වෙන එකයි, පෙර මං ඒ shirt ඇඳගෙන යනකොට මට තිබෙන්නා වූ යම්කිසි සුඛයක් තියෙනවා ද ඒක තමයි අර අභිජ්ඣාවෙන් හදන peak එක, ඒ දෙක මට වෙන් කරගන්න බැහැ. ඒ කියන්නේ මේ වෙලාවෙදිත් විඤ්ඤාණය ධාරාවක් වශයෙන් යනවා, හැබැයි අර A, B point 2 දෙක ම එක ගානට එන්න ඕනෙ.

ඒ කියන්නේ මගේ මාන්නයෙන් කියන්නා වූ අගයයි මේකයි, මේ නොදන්නාකම නිසා තියෙන අගයයි දෙක ම එක වෙනකොට තමයි විඤ්ඤාණය ධාරාවක් වශයෙන් ගමන් කරන්නේ. මේ වෙලාවෙදි විඤ්ඤාණයට තීරණයක් ගන්න බැරි වෙලා තියෙනවා මේ කොයි එක ද හරි කියලා. දැන් අර second opinion එකක් මත count වෙලා තමයි මගේ මේක දුවනවා කියන එක තියෙන්නේ.

එතකොට ඔන්න ඔය අර්ථයෙන් තමයි අපි බලන්න ඕනෙ අර පළවෙනි විචිකිච්ඡාව. ථීනමිද්ධයෙන් ඇති වුණා වූ එක. ඒක දැන් ඕගොල්ලන්ට පේනවා මට යන්න go එකක් එච්චර ම නෑ, ඒත් මගේ ඒක කැරකෙන අවස්ථාවක්.

ඊළඟට, අර දෙවනියට මං කිව්වා නේ අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට යනවා කියලා කිව්වේ එතන විචිකිච්ඡාව කිව්ව නේ. ඒක ආවේ පරාමාසය හරහා. ඒ පරාමාසය හරහා එන එක අපි කල්පනා කරන්න ඕනෙ අර කුක්කුච්චය base කරගෙන තමයි ඒක තියෙන්නේ.

ඒ කියන්නේ දකුණු අත පැත්තෙ තිබෙන්නා වූ ඉදංසච්චයේ අගය පරාමාසයට ඇතුල් වීම, මේක ගත්තට පස්සේ. දැන් ඕගොල්ලො ඒ shirt එක අරගෙන මේ පාර දිගේ යනවා. මේක ලාභයි කියලා යම් ආකාරයකට සියුම්ව අගයක් දීලා තියෙන්නේ. හරියට ගැළපෙනව ද කියලා දන්නෙත් නෑ. තොප්පිය දාගෙන නේ ද. අර අනිත් මිනිස්සුන්ගේ අදහසේ හැටියට මේක දාගෙන තියෙන්නේ.

එතකොට ඒ කුක්කුච්චය එතකොට එතෙන්දි පේනවා, එතන සියුම්. දැන් මේක ගත්තා ඉතින් මේක හරි ද නැද්ද කියලා තාම sure එකක් නැති අවස්ථාවක දී ඇවිල්ලා තියෙනවා.

එතකොට ඉදංසච්චයට ගිය අගය දැන් කුක්කුච්චයට ඇවිල්ලා ඒකෙන් තමයි අත්තා කියලා අරගෙන, මේක ලාභයි කියලා එතනින් අරගෙන ඇති වුණා වූ විචිකිච්ඡාව.

බලන්න ඔය අවස්ථාවේ දී ඕකට කාම ආශ්‍රවය කියලා කියන්නේ ඇයි? අර ඒකෙන් කාම ආශ්‍රවයේ තියෙන්නේ මොකක් හරි එකක් සුඛයි කියලා අරගෙන නේ. සුඛය නිසා තමයි මේක තියෙන්නේ, නේ ද? සුඛයෙන් තමයි කාම ආශ්‍රවය කියන එක පසු සඤ්ඤාවක් හැටියට ඇවිල්ලා තියෙන්නේ.

එතකොට මේ අවස්ථාවෙදිත් මේක සුඛයි කියලා අපි ගන්නවා. මේ පෙන්නන්නේ විඤ්ඤාණය මේ ධාරාවක් වශයෙන් බොහෝ ම සියුම්ව, ඒ කියන්නේ එච්චර flow එකක් නෑ. දැන් හොඳ ම shirt එකක් නම් ගැලපෙනව යි කියලා තමන්ට ගත්තා නම් ඕක දඩස් ගාලා යනවා නේ. වේගයෙන් යනවා. මේ අවස්ථාවේ දී යන්න එකක් නෑ. බොහෝ ම light වට යන්නේ. ඒත් මේක දුවනවා. එතකොට අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයට ඔතන ආවා කියන එක එතෙන්දිත් පේනවා.

ඉතින් ඕක නැති වෙන්න නම් මොකද්ද තියෙන්නේ? ඉතින් මණ්ඩලාධිපති බුදුපියා ඕක පෙන්නුවා මට, මුලින් ම එතෙන්දි මට ආවා ඕක අභිජ්ඣාව කියන එක ඕක නැති වෙන්න ඕනෙ. අර දෙවනි රවුමේ දී එන්නා වූ කතාව අපිට නැති වෙන්න ඕනෙ. එතකොට දෙවනි රවුමේ එන්නා වූ කතාව නැති වෙන්න නම් අර පළවෙනි රවුමේ කතාව නැති වෙන්න ඕනෙ. ඒ කියන්නේ මිච්ඡා දිට්ඨිය නැති වෙන්න ඕනෙ. ඒ කියන්නේ සම්මා දිට්ඨිය කියන එක තියෙන්න ඕනෙ. එතකොට ඒ කියන්නේ මේක සඳහා සම්පූර්ණයෙන් ම මේ තණ්හාව කියන එක නැති වෙන්න ඕනෙ. සම්පූර්ණයෙන් ම.

ඔන්න ඕක තමයි අර පළවෙනි භාවනාවෙත් අර්ථය තියෙන්නේ ඕකයි. සම්පූර්ණයෙන් තණ්හාව, ඒක ගැඹුරුයි ඒ භාවනාව ඉතින් ඒක දැන් පේනවා. මේ පළවෙනි එක, අවිද්‍යාව කියන එක ඉතාමත් ම සියුම්. තීරණයක් ගන්න බැරි අවස්ථාවේ දී ගත්තා වූ දේ උඩ ඇති වෙලා,

ඊට පස්සේ දෙවනි එකට කුක්කුච්චය නිසා. ඒ කියන්නේ ථීනමිද්ධයේ ඉඳන් කුක්කුච්චයට ගියා කියන එක තමයි ඔතන අර්ථය තියෙන්නේ. එතකොට ධර්මය අපි දන්නවා ථීනමිද්ධය, මක්ඛය, කුක්කුච්චය. එතකොට ඒ කියන්නේ උද්ධච්චය, මක්ඛය, කුක්කුච්චය කිව්වෙ, එතකොට අන්න ඒ වගේ ථීනමිද්ධය, ඊට පස්සේ අර කුක්කුච්චයට අපි ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ දෙක අතරයි මේක පවතින්නේ.

ඒ කියන්නේ විඤ්ඤාණය, අපි තේරෙනවා මේ අපි කැමැත්තෙන් රාගයෙන් ඒවායෙන් ගත කරන අවස්ථාවේ දී මේක flow වෙනවා කියන එකේ ප්‍රශ්නයක් නෑ ඒක බොහොම පහසුවෙන් තේරෙනවා. නමුත් මේ හිතාගන්න බැරි වෙලාවෙදිත් මේක දුවනවා. ඔන්න ඕකයි ගන්න තියෙන්නේ.

තීරණයක් ගන්න බැරි අවස්ථාවේ දී ඇති වුණා වූ ඒ තියෙන දේ. එතකොට අර diagram එක ඇකිලෙනවා කියන එක තේරෙන එක්කෙනාට පේනවා එකක් ඉදංසච්චයට ගිහිල්ලා, ඒ පළවෙනි එක. එතකොට ඊළඟ අවස්ථාවේ දී ඉදංසච්චයට ගිය එක අනිත් පැත්තට පරාමාසයට ඇවිල්ලා ඇති වෙන එක. එතකොට මේ දෙක අතර අවිද්‍යා ආශ්‍රවයයි කාම ආශ්‍රවයයි.