ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේට නමස්කාර කළා, මේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, ශ්‍රේෂ්ඨතම, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්. මේ විදිහට මේ තුන් නම, හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මට කලින් ම කිව්වා අර ධම්මකිත්ති භාවනාව කියලා භාවනාවක් මම කලින් කළා ඒක, ඒකෙන් පටන් ගන්නෙයි කියලා. ඒ ධම්මකිත්ති භාවනාවේ තියෙන්නේ, ඒ දවසේ මං බැලුවා මේ සියුම්ව, ද්වේෂයක් ඇති වෙන්නේ කොහොම ද කියන එක සියුම්ව.
ඒ ද්වේෂය ඇති වෙන අවස්ථාවේ දී මට පෙනුණා ඒ ශ්‍රද්ධාව නැතිකම නිසා තමයි සියුම්ව හරි ද්වේෂයක් තියෙනවා නම් තියෙන්නේ. ඒ පාර ඒ ද්වේෂය ඇති වෙන්න නම් මේ, දැන් ශ්‍රද්ධාව තියෙනවා නම් ද්වේෂය නෑ. ශ්‍රද්ධාව ඇති වෙන්න නම් අපිට තියෙන්න ඕනෙ ප්‍රඥාව. සමුදය, අස්තංගමය දැකීමෙන් ඇති වෙන්නා වූ ප්‍රඥාව කියන එක තියෙන්න ඕනේ. එහෙම දැකලා අර පමා නොවෙනවා කියන එකත් එතන තියෙන්න ඕනේ. ඔය ප්‍රඥාව ඇති වෙන්න නම් අපිට සම්මා දිට්ඨිය කියන එක තියෙන්න ඕනෙ. සම්මා දිට්ඨියෙන් තමයි මේක ඇති වෙන්නේ.
සම්මා දිට්ඨිය කිව්වහම දැන් මෙතන්දි ගන්නවා ඉහළ ම වූ සම්මා දිට්ඨිය. ඉහළ ම වූ සම්මා දිට්ඨියේ තියෙන්නේ දුක්ඛ නිරෝධය විතරයි. නිරෝධ වෙනවා කියන එක පමණයි එතන තියෙන්නේ. එතකොට ඒ කියන්නේ තුන් වෙනි සත්‍ය. එතකොට ඔන්න ඒ දුක්ඛ නිරෝධය වෙන්න නම්, ඒ සුඛාපටිපදා දන්ධාභිඤ්ඤාවේ, ඒකේ පෙන්නනවා විරිය තියෙන්න ඕනේ. විරියෙන් තමයි ඒ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය කියන එක එන්නේ. එතකොට විරිය කියන එකේදි ඔතන තියෙන්නේ අර සෝතාපන්නයාගේ ශ්‍රද්ධාව ඇති කරගන්නවා කියන එකයි. සෝතාපන්නයාගේ ශ්‍රද්ධාව ඇති කරගන්නවා කියලා කියන්නේ ඒ පුද්ගලයාට තියෙන්න ඕනේ අර සඤ්ඤාව කියන ඒවා මගේ කියලා නොගන්න. Sick සඤ්ඤාව මගේ කියලා නොගැනීමෙන් තමයි එතන ඒ විදිහට සිද්ධ වෙන්නේ. සඤ්ඤාව මගේ නොවෙන්නයි ඒ විරිය තියෙන්නේ.
එතකොට දැන් මෙතෙන්දි, මෙතෙන්ට වෙනකන් ගියා, ඉතින් මෙතනින් උඩ කෑල්ලට තියෙන්නේ අරිය විහාරය. බෝධිපාක්ෂික ධර්මයි කියන එක තියෙනවා. දැන් මං මෙතන්ට ආවාට පස්සේ, ඊට පස්සේ මං දැන් ආපහු පල්ලෙහාට එනවා. විරිය තියෙනවා නම් අපිට ඇති වෙනවා ඔය විදිහට දුක්ඛ නිරෝධය. දුක්ඛ නිරෝධයෙන් එනවා ඔය පඤ්ඤාධිට්ඨානය කියන එකට. ඒ සර්වදුක්ඛේ ඥානයන් කියලා තමයි ඒක ඔය පාලි භාෂාවෙන් කියන්නේ අපි බැලුවා නේ මේ සර්වදුක්ඛ ක්ෂය ඥානය කියන එක තමයි එතන කියන්නේ. දුක්ඛය සම්පූර්ණයෙන් නැති කිරීම. අර දදතො පුඤ්ඤං පවඩ්ඪති ගාථාවේ අපි ගත්තේ මගේ නෙමෙයි කියලා අර. එතකොට එතනින් අපිට එනවා ඔය විරිය සමාධිය කියන එකට.
දැන් විරියවල් දෙකක් මෙතන. මුලින් සඤ්ඤාව මගේ නොවෙන්න විරියක්. ඊට පස්සේ එනවා මේ දෙවනි විරියට, ඒක විරිය ඉද්ධිපාදය කියන කොටස. දැන් එතකොට ඒ දෙවනි විරියේ තියෙන්නේ මොකද්ද, ඒ පැහැදිලි කරන්නේ උපන් කුසල් දහම්හු සිටින පිණිස, නොනැස්ම පිණිස, බොහෝ වනු පිණිස, මහත් බව පිණිස, භාවනාවෙන් පරිපූර්ණත්වය පිණිස රිසිය දක්වනවා, වෑයම් කරනවා කියලා. එතකොට ඒ, එතන රහතන් වහන්සේ අපිට පෙන්නලා දීලා තියෙන්නේ සංස්කාර මගේ නොවෙන්නයි ඒ විරිය භාවිතා කරන්නේ කියලා. දැන් මේ දෙක හරි ලස්සනට ගැළපෙනවා. කුසල් කියලා කියන්නේ මොනවද? පාණාතිපාතා අකුසලා. එතකොට පාණාතිපාතා නොකර ඉන්නවා නම් ඒක කුසලා. එතකොට මෙන්න මේ සංස්කාරය මගේ නොවෙන්නයි මේ විරිය තියෙන්නේ. දැන් පේනවා උඩින්, පළවෙනි විරියේ දී ඕගොල්ලන්ට තියෙනවා සඤ්ඤාව මගේ නොවෙන්න විරිය. දෙවනි එකේදි තියෙනවා සංස්කාර මගේ නොවෙන්න විරිය. දැන් මේක ආපු ගමන් මට ඊයේ භාවනාවත් එක්ක connect වුණා.
ඊයේ භාවනාවේ අන්තිමට පෙන්නුවේ අර පළවෙනි, අවිද්‍යා ආශ්‍රවය කියන එක පළවෙනියට ඇතුල් වෙන එක, අර කුක්කුච්චය පැත්තෙන් ඇවිල්ලා පෙන්නුවේ. සඤ්ඤාව මගේ කියලා අරගෙනයි ඒක ඇති වෙන්නේ ථීනමිද්ධය හරහා රෝගී සඤ්ඤාව මගේ කියලා අරගෙන ඇති වෙන්නේ කියන එක. දැන් ඊට පස්සේ දෙවනි විරියේ දී පෙන්නනවා සංස්කාර මගේ නොවෙන්න. ඒ කියන්නේ මගේ, දැන් මං උඩින් එන්න දෙන්නේ නැත්තන්, ඒ කියන්නේ ඉදංසච්චයට මම මොකක්වත් යන්න ඉඩ දුන්නේ නෑ කියන එකයි පළවෙනි විරියේ තියෙන්නේ. දෙවනි විරියේ දී කියනවා යමක්, එක්කෝ ඉදංසච්චයේ තියෙනවා ද, තිබුණ ද, කලින් ඇති වෙලා, එහෙම නැත්නම් පෙර පරාමාස වූ දෙයක් තියෙනවා ද, ඒක නිසා මම අර දෙවනි, කාම ආශ්‍රවය කියන තැනට නේ අපි ආවේ. විචිකිච්ඡාව කියන තැන කිව්වේ කාම ආශ්‍රවය කියලා නේ. මෙතෙන්ට එන්න දෙන්නේ නෑ. අත්තා කියලා අරගෙන එන්න දෙන්නේ නැහැයි කියන අර්ථය තියෙනවා.
මේක ආපු ගමන් මට තේරුණා මේකෙන් මේ පෙන්නන්නේ ඉදංසච්චය කිසිම ආකාරයකින් එන්න දෙන්නේ නෑ පරාමාසයට. පරාමාසය කිසිම ආකාරයෙන් ඉදංසච්චයට දෙන්නෑ අර බෝල කූඩුව එක පැත්තකටවත් ඇකිලෙන්නේ නෑ ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ. අන්න ඒකයි මේ එන්නේ කියලා ආවා. ඒක ආපු ගමන් ඉන්ද්‍රියන් පහ ම පත්තු වුණා. පහ ම පත්තු වුණා. එහෙම පහ ම පත්තු වෙලා මේ සම්පූර්ණ උණා, ඊට පස්සේ lock. Lock කියලා කියන්නේ පුදුම lock එකක් ඒක ආයේ ගලවන්න පුළුවන් lock එකක් නෙවේ. එහෙම්ම ම තියෙනවා.
එතකොට දැන් ඉතින් මම දැන් මෙතන ඉන්න එක හොඳ ද දන්නෙත් නෑ නේ. හැබැයි බයකුත් නෑ. රහතන් වහන්සේ කිව්වා හැබැයි වචනේ “බය වෙන්න එපා” කියලා. බයකුත් නෑ. කිසිම ආකාරයකින් මේකකුත් නෑ ඉතින් ඉන්නවා මං. එහෙම ඉඳලා ඊට පස්සේ මේ රහතන් වහන්සේ, ඒ කියන්නේ දැන් මං මේකෙන් ගැලවෙන්න හදනවා. මේ lock එකෙන් එලියට එන්න හදනවා මම අකනිට්ඨාවට යනවා කියලා අරගෙන. මොකක්වත් හෙල්ලෙන්නෑ. බුදුහාමුදුරුවෝ මට දුන්නා කියන එක මේකයි කියන එක අරගෙන lock එකෙන් ගැලවෙන්න හදනවා ඒත් හෙල්ලෙන්නේ නෑ. ඒක එහෙම්ම ම තියෙනවා. කිසිම ආකාරයකින් එන්නෙ නෑ.
එතකොට එතන මම දිගට ම ඒ පාරමිතාවන් සහිතව මේක මම මෙනෙහි කරගෙන ගිහිල්ලා, ආන්න ඒ වෙලාවේදි ඔන්න ප්‍රීතියක් කකුලෙන් එහෙම එන්න පටන් අරගෙන, ආන්න එතනින් පොඩ්ඩක් ඒක මේවා වුණා. ඒ lock එක ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ, ආපහු එනවා. මේක කරනකොට ආපහු එනවා. දැන් මං ඕගොල්ලන්ට කියන්නෙයි කියලා නැවත මං සිහි කරනකොට ආපහුත් ඒක එනවා, ඒක ඒ විදිහට. ඒක ආවයින් පස්සේ ආයෙ ධර්මය හිතන්න, ධර්මය දන්නවා. අර flow එක ගන්න බෑ. මේක packet එක වාගේ ඔක්කෝම ටික දන්නවා. දන්නාකම තියෙනවා. නමුත් ඕක, අපේ තියෙනවා නේ මේක ගළපලා කියන්න උත්සාහ කරනවායි කියන එක. ඒ ගැළපීම කියන එක එකට එකක් එක්කහු කරන්න මේක, මේකට resistance එකකුත් නෑ.
ඒ වගේ ම හැබැයි එන්න මේකකුත් නෑ. මං පෙන්නුවේ මොකද්ද අර ඊයේ, සියුම් අවස්ථාවේ දී පෙන්නුවා නේ ථීනමිද්ධ අවස්ථාවේ දී මේක, slow වට මේක flow වෙන හැටි නේ පෙන්නුවේ. දැන් අද ඒක lock එක ඒ පහ ම ආවාට පස්සේ ඒක flow වෙන්නේ නෑ. හරි ම හොඳයි ඒ ඉන්ද්‍රියන් පහ ම, ඒකේ වැඩිලා පවතිනවා. ඒක ඒ අවස්ථාව කියන එක. ඒක තමයි මං කරපු භාවනාව.
තියෙන්නේ අර අවිද්‍යා ආශ්‍රවය නිසා කාම ආශ්‍රවයට යන කතාවත් නෑ. කාම ආශ්‍රවය නිසා අවිද්‍යා ආශ්‍රවයට යන, ඒක දෙපැත්තට යනවා නේ, සබ්බාසව සූත්‍රයේ. දෙක ම නෑ. ඒකයි මේකේ, මේකෙ ලස්සන.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්