ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ නමස්කාර කරනවා ඒ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්. මේ විදිහට තුන් නම, හත් නම, දාහතර නම සිහි කරලා මං වැඳ නමස්කාර කළා.
එතකොට මට කලින් ම කිව්වා ආශ්‍රව, කාම ආශ්‍රව දිට්ඨි ආශ්‍රව, කාම ආශ්‍රව භව ආශ්‍රව දිට්ඨි ආශ්‍රව භාවනාවක් මම කලින් කරලා තියෙනවා ජූලි 23 වෙනිදා. ඒකේ මං බැලුවේ ඔය ආශ්‍රවයන් ඇති වෙන්නේ මොන රවුම්වල ද කියන එකයි. ඒ කියන්නේ ඔය හතර වෙනි රවුමෙන් පස්සේ ඇති වෙනවා අපිට මේ කාම ආශ්‍රවය කියන එක. ඒ කියන්නේ අපි, ඔය 4.4 තියෙන්නේ. ඒ 4.4 වුණායින් පස්සේ එතෙන්දි තමයි අපිට ඕක මේ සිද්ධ වෙන්නේ, ඒකෙ පරාමාස වුණාට පස්සේ. ඊට පස්සේ පස් වෙනි රවුමේ දී අත්තා කියලා ගන්නවා නේ. අන්න ඒ අත්තා කියලා ගත්තාට පස්සේ, පස් වෙනි රවුමෙන් පස්සෙ තමයි අපිට ඔය මේ, භව ආශ්‍රවය කියන එක ඇති වෙන්නේ.
ඊට පස්සේ ඔය දිට්ඨි ආශ්‍රවය කියන එක ඇති වෙන්නේ එතන ටිකක් මහන්සි වෙන්න ඕනෙ තේරුම් ගන්න, ඔය ධම්මමච්ඡරි තිබිච්ච පලියට, හත් වෙනි රවුමේ ධම්මමච්ඡරිය තිබිච්ච පලියට ම දිට්ඨි ආශ්‍රවය ඇති වෙන්නේ නෑ. ඒ දිට්ඨි ආශ්‍රවය ඇති වෙන්න නම් අට වන රවුමෙන් පස්සෙයි සිද්ධ වෙන්නේ, ඒ කියන්නේ අර සංස්කාරවලට අගයක් දෙන්න ඕනේ.
ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ කිව්වට කාට හරි මට වැඩ පුළුවන් කියලා ආයතනයකට ඒ ආයතනය ඕගොල්ලන්ගේ සංස්කාරයන් පිළිගන්න ඕනේ. පිළිගන්නවා නම් විතරයි නේ එතන රස්සාවක් දෙන්නේ නේ ද? එතකොට, ධර්මය දැන ගත්තාට ම හරියන්නේ නෑයි කියන අර්ථය තියෙනවා. එතකොට ඔය දිට්ඨි ආශ්‍රවය කියන එක අට වෙනි රවුමෙන් පස්සේ සිද්ධ වෙනවා කියන එක තියෙනවා.
දැන් ඊට පස්සේ දැන් අවිද්‍යා ආශ්‍රවය සිද්ධ වෙන්නේ දහ වෙනි රවුමෙන් පස්සේ. එතකොට ඒකට තමයි අර peak එකට ආවාට පස්සේ, A, B කියන peak එක තියෙන්නේ, ඒකට ආවාට පස්සේ මං අර පැහැදිලි කළේ. අර මම shirt එකක් ගන්න ගියහම ඒ මනුස්සයෙක්, මට sure නෑ මේ shirt එක හැබැයි අර අනෙක් මනුස්සයාගේ වචනේ මං count කරනවා. Salesman ගෙ හරි පුතාගේ හරි wife ගෙ හරි ඕක ගැළපෙනවා කියන එක. එතකොට ඒ අවස්ථාවේ දී මගේ තියෙන්නේ නොදන්නාකම. ඒ කියන්නේ විඤ්ඤාණයට තෝරගන්න බෑ කොයි එක ද හරි කියලා. ඔය වෙලාවෙදි තමයි අපිට මේ අවිද්‍යා ආශ්‍රවය, ඒ වෙලාවෙත් flow වෙනවා විඤ්ඤාණය කියන එක.
එතකොට දැන් අද බැලුවේ, දැන් ඔය අටෙන් පස්සේ, දැන් අපි නම වෙනි රවුම ගම්මුකො. නම වෙනි රවුම වෙනකොට ථීනමිද්ධය කියන එක අපිට තියෙනවා. එතකොට ථීනමිද්ධයත් එක්ක මොකද්ද වෙන්නේ අර අරවාගෙන් අර ඉදංසච්චයට ඇදෙන එක නේ ඔය රවුමේ දී වෙන්නේ. ඒ කියන්නේ මේ ඇකිලෙන එක තමයි තාම කතා කරන්නේ. ඊයේ කතා කරපු එකේ ම මේ පැත්තට යන එක. දැන් අපේ තියෙනවා කුක්කුච්චය. ඒ කුක්කුච්චයේ තියෙන අගය තමයි දැන් ඇදෙන්නේ. දිට්ඨි ආශ්‍රව අවස්ථාවේ දී ඇති වුණා වූ කුක්කුච්ච අගය තියෙනවා නේ. එතන ඒ කුක්කුච්ච අගය ඇදෙනවා ඉදංසච්චය ඇතුළට.
දැන් ඉදංසච්චයට ඇදුණාට පස්සේ ඕගොල්ලන්ට පේනවා දැන් මෙතෙන්දි ථීනමිද්ධයෙනුත් ඇවිල්ලා තියෙනවා අගයක්. දැන් මේක නිසා ඕගොල්ලෝ යනවා පල්ලෙහා අර නිත්‍යයි කියලා යන්න නේ හදන්නේ. අන්න ඒ අවස්ථාවේ දී, ඒ රවුමේ දී ඔතන්ට ඕගොල්ලන්ට පේනවා මෙතන තියෙන්නේ, දැන් අපි අවිද්‍යා ආශ්‍රවය කියන එකට ඇවිල්ලා. එහෙම නම් දැන් බලන්න ඉදංසච්චයයි, අවිද්‍යා ආශ්‍රවයයි. මේ පැත්තෙන් තියෙන්නේ මොකද්ද? මේ පැත්තෙන් තියෙන්නේ පරාමාසයයි, දිට්ඨි ආශ්‍රවය. දැන් එතකොට මෙතන පේනවා නිකන් කෑලි දෙකයි, මේක හරහට cross වෙලා තියෙනවා. එතනත් තියෙනවා සංස්කාරය කියන එක ඒ point එකටත් එනවා.
දැන් මෙතන වෙනස මොකද්ද? දිට්ඨි ආශ්‍රවයේ කතාවයි, මෙතන දැන් ධර්ම කාරණා වශයෙන් මොනවා ද add වෙලා තියෙන්නේ මේ වෙලාවෙදි? ථීනමිද්ධ අවස්ථාව, මට මොකක්වත් තීරණයක් ගන්න බැරි වාගේ තත්වෙකට මං පත්වෙලා තියෙන්නේ. මට මේ shirt එකේ මට නෑ කිසිම එකක්, හොඳයි කියලා අල්ලගන්න මේකක් නෑ මට ගැළපෙනවා ද කියලා හිතාගන්නත් බැරි එකක් තියෙන්නේ. එතකොට ඔය කුක්කුච්ච අවස්ථාව, දැන් දිට්ඨි ආශ්‍රවය එහෙම වෙලා නේ තියෙන්නේ. එතකොට දැන් ඒ කුක්කුච්චයේ තිබිච්ච අගය මේකට ඇදිලා තියෙන්නේ. දැන් ඕගොල්ලන්ට බැලුවහම මේ දකුණු අත පැත්තේ තිබෙන්නා වූ තැන ඉදංසච්චයයි, අවිද්‍යා ආශ්‍රවයයි. මේ පැත්තෙන් පරාමාසයයි, දිට්ඨි ආශ්‍රවයයි කියන එක ගත්තහම දැන් පරාමාසයේ තිබිච්ච එක අතෙන්ට ඇදෙනකොට, ඉදංසච්චයට ඇදෙනකොට මං මේ පැත්තෙනුත්, දිට්ඨි ආශ්‍රවය කියන එක මගේ විද්‍යාමාන වෙලා තියෙන්නේ. ඇයි මං මේක කලින් ගත්ත එකක් නේ මේ ඇදෙන්නේ නේ ද. අර පැත්තෙන් ගත්තහම ඉදංසච්චයට මම ගියා කියන්නේ එතනින් අවිද්‍යා ආශ්‍රවය කතාවත් තියෙනවා.
දැන් මෙන්න මේ points දෙක බලන්න. අවිද්‍යා ආශ්‍රව point එකයි, දිට්ඨි ආශ්‍රව point එකයි කියන එක. දැන් මේකේ නිකන් වෙනසක් හොයාගන්න බැරි කතාවක් තියෙන්නේ. එතකොට එහෙම නම් ඕගොල්ලෝ බලන්න ඕනෙ අර අවිද්‍යා ආශ්‍රවය point එක තමයි අපි අර point A කියලා කියන්නේ. එතකොට අපි කිව්වා මේ A යි B යි සමාන වුණහම තමයි මේක move වෙන්නේ කියලා මේ වගේ අවස්ථාවක ගත්තහම, flow වෙන්නෙ. ඒ කියන්නේ මට තීරණයක් ගන්න බැරි අවස්ථාවක නේ. මං හදන, වේදනාව සඳහා හදන මෙතන සංස්කාරයේ value එක කියන එක, මේ අර B කියන point එක, මං හදන්න පුළුවන් හොඳ ම peak point එක තියෙනවා නේ. ඒ දෙක සමාන වෙන අවස්ථාවේ දී තමයි මෙතන move වෙන්න යන්නේ. අර h1, h2 කියන අගයත් එක්ක බලන කෙනෙකුට පේනවා මේක move වෙන්න යන්නේ මෙන්න මේ අවස්ථාවේ දී අර second opinion එක count කරලා නේ අපිට ඒක සිද්ධ වුණා ය කියන එක තියෙන්නේ.
දැන් මට පේනවා, අර අවිද්‍යා ආශ්‍රවය point එක මං කල්පනා කරා නේ අර A කියන point එක, B කියන point එක ඇවිල්ලා දිට්ඨි ආශ්‍රවයෙන් තමයි අර මානය කතාව තියෙන්නේ දිට්ඨි ආශ්‍රවයේ අගය. මොකද මේකේ වෙන දෙයක් නෑ. එතකොට අර ඒ සංස්කාරයන් පවත්වමින් තමන් ඔහේ ඉන්නවා කියන අර්ථයකුත් එතන තියෙනවා. ඒ කියන්නේ මං, මේ රස්සාවක් කරන කෙනා රස්සාව කරගෙන ඉන්නවා මං මෙතන ඉන්න එක හොඳ ද නැද්ද කියලා මම දන්නෙ නෑ. වෙන තැනක් මට තියෙනවා ද, මීට වඩා හොඳ එකක් තියෙනවා ද කියලා ඕගොල්ලන්ට හිතාගන්නත් බෑ. ඒක නේ ඔය ඉන්න තැන ඉන්නේ. එහෙම එකකුත් තියෙනවා. ඒ තැන ඔහේ කරගෙන ඉන්නවා. වෙන එකක් මට option එකක් තියෙනවා ද කියලා දන්නෑ, අර shirt එක ගන්න වෙලාවෙත් ඕගොල්ලන්ට වෙන option එකක් තියෙනවා ද කියලා ඕගොල්ලෝ දන්නෙ නෑ. දන්නවා නම් ඕක කරන්නෙ, ඒ option එක ගන්නවා නේ. එතකොට මේ හිතාගන්න බැරි අවස්ථාව.
ඔන්න ඔතන බලාගෙන හිටියහම, ඔතන සිත නතර වෙන අවස්ථාවකුත් තියෙනවා. බලාගෙන හිටියහම ඔන්න පේනවා මෙන්න මේක තමයි මේ අස්මිති මානය. අස්මිති මානය කියලා කියන්නේ ඔන්න ඔහොම තත්වෙට පත්වෙලා තමන් ඉන්නවා කියන එක. එතකොට මේකෙ වෙනසක් හොයාගන්න බෑ මේ දිට්ඨි ආශ්‍රවයෙයි අවිද්‍යා ආශ්‍රවයෙයි, ඒ මානය සහිතව ඔහෙ තමන් ඉන්නවා කියන එක මේ පෙන්නන්නේ අස්මිති මානය කොච්චරක් දුරකට ගිහිල්ලා තියෙනවා ද, දැන් අපේ දිට්ඨි ආශ්‍රවය වෙනකොට අපි කිව්වා, සංස්කාරවලට අගයන් දීලා මෙහෙමයි කියලා තියෙන්නේ. දැන් මේකේ නොදන්නා බව උඩ තමයි මේ අස්මිති මානය කියන එක තියෙන්නේ. මොකද්ද නොදන්නේ? දුක්ඛය. අර අවිද්‍යා ආශ්‍රව අවස්ථාවේ දීත් දුක්ඛය කියන එක දන්නෙ නෑ. විඤ්ඤාණය තෝරගන්න බෑ මේකේ කොයි එක ද හොඳ, කොයි එක ද නරක කියලා. මෙතනත් තෝරගන්න බෑ, දිට්ඨි ආශ්‍රවය කතාවේදිත් තෝරගන්න බෑ. ඒ දෙක එකයි. එක ම අගයකට තමයි ඇවිල්ලා තියෙන්නේ. වෙනසක් හොයාගන්න බැරි අවස්ථාව.
එතකොට මෙහෙම දේකට නේ ද අපේ මානය කියන එක, අස්මිතිය කියන එක ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් values දුන්නහම නම් මනුස්සයෙකුට එකක් ඒවායෙන්, ඒක උඩ මානය ඇති වෙනවා කියන එක. මේ අවස්ථාවේ දී ධර්මය හුඟාක් සියුම්, මේ සිතාගන්න බැරි අවස්ථාවේ දීත් ඔහෙ ඉන්නවා. ඉතින් ඒක තමයි අර ඉහළ අවබෝධයන් ඇති වෙච්ච පුද්ගලයාටත් ඒක ගැලවෙන්නේ නැතුව පවතින්නේ ඒකයි. මෙහෙම හරි ඉන්නවා කියන අර්ථයට තියෙනවා කියන එක තියෙනවා. ඉතින් ධර්මය නම් ටිකක් ගැඹුරුයි මෙතන ගත්තහම.