ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ නමස්කාර කරනවා, ඒ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, ශ්‍රේෂ්ඨතම, පළවන බුදුපියාණන් වහන්සේ වශයෙන්. මේ විදිහට තුන් නම, හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා. භාවනාවට පෙර ම මට කිව්වා කාම ආශ්‍රව භාවනාව කරන්නයි කියලා.
එතකොට ඔය කාම ආශ්‍රව කියන එක ඇති වෙන්නේ අර 4.4, 4න් පස්සේ තමයි ඒක සිද්ධ වෙන්නේ අර සුඛයි කියන එක එතෙන්ට එනවා. ඊට පස්සේ අර නිත්‍යයි කියන එක එතනින් ඇතුල් වෙන්න ඕනෙ. සංස්කාර නිත්‍ය වශයෙන්. එතකොට ඒ කියන්නේ 4න් පස්සේ තමයි අපිට කාම ආශ්‍රව වෙන්නේ කියලා කලින් පැහැදිලි කරලා දුන්නා. දැන් එතකොට දැන් මේකේ මේ නිත්‍ය වීම කියන එක ඇතුල් වෙනවා කියන එක දැන් මං බැලුවා කොහොම ද මේක වෙන්නේ කියන එක.
එතකොට මුලින් බැලුවා අර අවිද්‍යා ආශ්‍රවයේ තියෙන එක පරාමාසයට ඇදෙන හැටි මම ඒ පැත්තෙන් කියලා කල්පනා කරන්න පටන් ගත්තා. ඒ එතන රහතන් වහන්සේ මාව නිවැරදි කළා එතන “එහෙ යන්න එපා” කියලා දැනට. එතකොට ඒ, මොකද ඒ හරිය එනකොට සෑහෙන වට ගානක් ගිහිල්ලා නේ, අපි ඊයේ භාවනාවත් එක්ක බලනකොට.
එතකොට මම බැලුවේ, මට පෙන්නුවේ අර diamond එක. Diamond එකෙන් තමයි මේක වෙන්නේ කියන එක. එතකොට diamond එකේ අපිට පේනවා දැන් කාම ආශ්‍රවය කියන කතාව, දැන් සුඛයි කියන එක මේකේ ඇදෙනවා කියන එක, අර උඩ diamond එකේ flow එක එන්න ඕනේ අලුවා කෑල්ලේ. දැන් අපිට තේරෙනවා එහෙම නම් කාමය කියන එක ඇති වෙනවා කිව්වහම විවිච්චෙව කාමේහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි අර පාරිසුද්ධිපධානියඞ්ගය හතර තියෙන්නේ. ඒ විදිහට තමන්ගේ මුලින් ම අර diamond එකේ මේ අත්ත කපාගෙන යන්න ඕනෙ. නැත්තන් මොකද වෙන්නේ අර වේදනාවේ ඉඳන් අපි චේතනාවට යන කෑල්ල කියන එක සිද්ධ වෙනවා. එතකොට ඊළඟට ආයෙත් එනවා මේක මේ විදිහට ම පවත්වන්න විදිහක් වෙන්නේ නෑ, අපේ අර පෙර වූ සංස්කාර තියෙන නිසා, අපි මුසාවාද පරුෂා වාච, දැන් මේ සුඛය ම නේ ඕක, ඕකට ඇදෙන්නේ. පරාමාසයට එන්නේ අර පෙර ගත්තා වූ ඒ සුඛයි කියලා ගත්ත එක නේ ද. සුඛයි කියන එක නේ අපි මේ කතා කරන්නේ.
එතකොට දැන් පේනවා එහෙම නම් මේ කතාව නොවෙන්න ඒ අර පෙර ගත්තා වූ මුසාවාද පරුෂා වාච ඒ සහිත සංස්කාරයන්ගෙන් වෙන්නා වූ දේ කැපෙන්න ඕනෙ. එතකොට අපිට ඕනි වෙනවා අර පාරිසුද්ධිපධානියඞ්ගය, සීලපාරිසුද්ධිපධානියඞ්ගය කියන එක ඕනෙ වෙනවා කියන එක තියෙනවා.
දැන් මං මේ භාවනාවෙදි එතෙන්දි කල්පනා කළා, ඉතින් මෙහෙම කරනකොට, ඒ කෙනෙකුට අර කලින් ගත්තා වූ එකට හානියක් නොවෙන්නත් ඕනෙ. ඒ කියන්නේ කලින් වෙලා තියෙන මානය, අස්මිති මානය අපේ කලින් තියෙන එක තියෙනවා නේ. මේක ඊයේ එකත් එක්ක ටිකක් සම්බන්ධ වෙලා එනවා. අස්මිති මානයට value එකට හානියක් නොවෙන්න ඕනේ.
ඉතින් උදාහරණයක් කියනවා නම් ඕගොල්ලො යනවා කෑම කන්න, සමහර විට මේ fork එකක් දීලා තියෙනවා, හැබැයි මේක මේ අතින් කාලා තියෙන පුරුදු වෙලා තියෙන මනුස්සයා මේක අල්ලගන්න හරි අමාරුයි එහාට පනිනවා මෙහාට පනිනවා, හැබැයි ඉතින් අර මානයට හානි නොවෙන්නත් ඕනෙ, සුඛය පවත්වන්නත් ඕනෙ. ඔන්න ඔය වාගේ සෙල්ලමක් තියෙනවා. එතකොට, ඔය මස් කන මිනිස්සුන්ට තියෙනවා නේ. මම දැකලා තියෙනවා table එකේ සුද්දා වුණත් එහාට ඔබනවා මෙහාට ඔබනවා බැරි වෙලා මූ අතින් අල්ලලා කටේ දාගත්තා. එහෙම අවස්ථාවල් තියෙනවා. එතකොට අස්මිති මානයට හානි නොවෙන්න ඕනෙ. තමන්ගේ තිබිච්ච එක. එතකොට එහෙම තමයි මෙතන මේ පැත්තට තියෙන්නේ. ඒ පාර දැන්, එතන රහතන් වහන්සේ ඒක එතන “Excellent” කියලා කිව්වා එතන ඒක මේවා වෙනකොට.
ඊට පස්සේ ආයෙත් දැන් මං කල්පනා කරනවා, මේ දෙක නැත්තන්, දැන් මට හොඳ ලස්සනට එනවා, අර ඉද්ධිපාදයත් එක්ක සම්බන්ධ වෙනවා නේ. කාමච්ඡන්දය මේක, ඒක නිසා දුස්සීලභාවය, ඒක නිසා මාන්නය. ඒ කතාවත් එනවා. ඉතින් දැන් මම කල්පනා කළා මේක, මේ දෙක නොවෙනවා නම්, ඒ කියන්නේ මගේ චිත්තපාරිසුද්ධිපධානියඞ්ගයයි, සීලපාරිසුද්ධිපධානියඞ්ගයයි තියෙනවා නම් මේ දෙක නැතුව පවතිනවා, ඒත් මේක කැරකෙන්නේ නැද්ද? ඒත් මේක කාම ආශ්‍රවයට අපි යන්නේ නැද්ද කියන එක. මං කියනවා එනවා කියලා.
මං කියනවා එනවා කියලා මොකද, මට ලස්සනට මං ඕක ආවේ අර ඉද්ධිපාදයෙත් එක්ක මේක ධර්මය මට හැදීගෙන එන්නේ, දැන් මං මේ වචනවලින් ගන්න හදනවා. මොකද්ද කියන්නේ? අතන දුස්සීලභාවය තියෙනවා නම් මෙතන මේක මානය වෙලා එතනින් කැරකෙනවා. පෙර වූ සංස්කාර නිසා, ඔහොම ම ගිහිල්ලා මගේ වචනවලින් මට එනවා අස්මිති මානය නිසා. අස්මිති මානය නිසා මේක කැරකෙනවා. ඔන්න රහතන් වහන්සේ එතන බොහොම, “Excellent” කියලා කිව්වා එතන ඒ කෑල්ල ආවහම. එතකොට අර ඉද්ධිපාදයත් එක්ක හිතන්න. මේක නිසා ඇති වුණේ අස්මිති මානය.
දැන් එතකොට දැන් පේනවා අපි චේතනාවේ ඉඳන් අපේ ඉදංසච්චයට යනවා කියන කෑල්ල, එහෙනම් අස්මිති මානය තියෙනවා නම් තියෙනවා මම වෙමි කියන මානය, එතකොට තමන්ට තේරෙනවා ඔය කතාව එනකොට චේතනා, පරාමාස, භය අගති කියන line එක, එතන ඒක මැද්දෙන් සම්බන්ධ වෙලා එනවා කියන එක තියෙනවා පරාමාසය. දැන් මං ඔතන බොහෝ ම හොඳයි මනස. පුදුමාකාරයි ඉතින් නිකන් නතර වෙලා වාගේ එතන තියෙනවා මොනවක්වත් නැතුව.
දැන් ආපහු මං බැලුවා මේකේ අනිත් පැත්ත. දැන් මෙතන උඩ එකත් එක්ක, දැන් අපිට පේනවා නේ ද, චිත්ත පාරිසුද්ධියට සීලය parallel ඒක තියෙනවා නේ. ඒ වගේ ම විමුක්ති පාරිසුද්ධියේ කතාව කියන එක මෙතන එන්න ඕනෙ අනිත් පැත්තෙන්. දෙපැත්තෙන් ම කැපෙන්න ඕනෙ නේ. මේ පැත්තේ කැපෙන එක බැලුවා මට මේ වෙලාවෙදි මොකද්ද වෙන්නේ? එකතු වෙන්නේ? දැන් අපි ඊයේ කරපු භාවනාවෙන් පෙන්නුවා අර අස්මිති මානයෙන් කතාවේදි අර අවිද්‍යාවයි අනුසයයි, අවිද්‍යා කතාවයි දිට්ඨියේ කතාවයි දෙක ම එක ගානට ඇවිල්ලා. වෙනස තෝරගන්න බැරුව අවිද්‍යා ආශ්‍රව, දිට්ඨි ආශ්‍රව කතාවට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ වාගේ සියුම් ධර්මයනුත් තියෙනවා. එතකොට මේක නිසා, දැන් පේනවා ඕකට සම්බන්ධ වෙනවා නේ දිට්ඨි අනුසය. දැන් දිට්ඨි අනුසය line එක නේ ඔතන කැපෙන්නේ විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ගය කියන එකෙන්.
දැන් එතකොට මට තේරුණේ මොකද්ද මෙතනදි, මෙතන තියෙන ඒවා ඔක්කෝම add වෙනවා. මොකට ද add වෙන්නේ? යම් වූ දිට්ඨි අනුසයක් තියෙනවා ද ඒක add වෙනවා අවිද්‍යා අනුසයට. අර මෙහෙම අවිද්‍යා අනුසය මේ පැත්තට ලකුණු කරලා තියෙන, දිට්ඨි අනුසය වේදනාව මේ පැත්තට ලකුණු කරලා තියෙන. මේ දක්වා වූ යම් වූ දෙයක් තියෙනවා ද, මේක එක්කහු වෙනවා අර අවිද්‍යා අනුසය කියන එකට. මේක තමයි සිද්ධ වෙන්නේ මේ විදිහට කැරකවීමෙන්. එතකොට ඒ අනුසය ධර්මයන් ටික තියෙනතාක් කල් ඉතින් මේක දුවනවා නේ. අප්පටිවේධය කියන එකට ඊළඟට ඉතින් ඒ කතාවට එනවා නේ ද.
එතකොට හැම එකකින් ම අවිද්‍යා අනුසයට add වෙලා තියෙන්නේ. එතකොට අර අස්මිති මානය අරහෙ හැදුණා වාගේ මෙහේ මේ අනුසය ධර්මය කියන එක අපිට හැදිලා තියෙනවා කියන එක. අරක දුවන්න දුවන්න මේක හැදිලා තියෙනවා කියන එක තේරෙනවා. ඉතින් එකක් නැවැත්තුවාට හරියන්නේ නෑ නේ. කාම ආශ්‍රවය නවත්තන්න බෑ අවිද්‍යා ආශ්‍රවය නවත්තන්න බැරුව.
ඔක්කොම ටික එකට යන්න ඕනෙ. ඒක all or nothing. ඔන්න ඔය අර්ථය නේ තියෙන්නේ. මොකද අපි දන්නවා පට්ඨාන පාලියෙන්, කාම ආශ්‍රවය තියෙනවා නම් අවිද්‍යා ආශ්‍රවය ඇති වෙනවා, අවිද්‍යා ආශ්‍රවය තියෙනවා නම් කාම ආශ්‍රවය ඇති වෙනවා. එතකොට මේකේ ඔක්කොම ටික එකට යන්න ඕනෙයි කියන එක තමයි එතන ආවේ. ඉතින් ඒක හරි හොඳයි ඒ භාවනාව.
ඒකේ අර දිට්ඨි අනුසයෙන් මේකට, අවිද්‍යා අනුසයට යනවා කියන එක wiper එක වාගේ. දිට්ඨි අනුසයේ තිබෙන්නා වූ දේ wiper එකෙන් දැන් එක පැත්තකට තල්ලු කරලා අර එහා කෙළවරට ගිහිල්ලා නවත්තනවා නේ, ආන්න. ඒ විදිහට තමයි මට ඕක මුලින් ම උදාහරණෙට ආවේ. අනුසය කියන එක එකතු වෙන හැටි කියන එක.