Date: 14/08/2014 Name: Kaamasava to Avijjasava

මං ඒ උත්තරීතර මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ සිහි කළා, ලෝකයේ සිටින ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළමු වන, ශ්‍රේෂ්ඨ ම බුදුපියාණන් වහන්සේ වශයෙන්, මේ ලෝකයට සිත සුව පිණිස වැඩ වාසය කරනවා කියලා වැඳ නමස්කාර කළා. ඉතින් මේ විදිහට හත් නම සිහි කරලා වැන්දා, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

එතකොට මට මුලින් ම කිව්වා අර අවිද්‍යා ආශ්‍රවය ඇති වෙන්නා වූ භාවනාව, ඒක කරන්නයි කියලා අර දහ වෙනි රවුමේ දී ඇති වෙන එක තියෙනවා නේ. අර, ඒකේ තියෙන්නේ අවිද්‍යා ආශ්‍රවය කියන එක අර point A කියලා අපිට හැදෙනවා මුලින් ම රූපයක් දැක්කහම, ඊට පස්සේ point B කියන එක ථීනමිද්ධ අවස්ථාවේ දී, දැන් අපි shirt එකක් ගන්න ගිහිල්ලා ඒ shirt එක ගැළපෙනවා ද නැද්ද කියන අවස්ථාවක් තියෙන්නේ. එතකොට අර වැඩ කරන මනුස්සයා කියනවා මහත්තයාට ඕක ගැළපෙනවා, ඒ වාගේ දෙයක් උඩ අපි ඒ තීරණය ගන්නවා. ඒ කියන්නේ මේ අවස්ථා දෙක ම, point A, point B කියන දෙක ම අපිට හිතාගන්න බැරි අවස්ථාවක්. ඒ දෙක ම තියෙන්නේ දුක්ඛය. විඤ්ඤාණයට මේ දෙකේ වෙනස තෝරගන්න බැරි නිසා තමයි එතන ධාරාව ගලන්නේ කියන එක අපි කලින් බලලා තියෙනවා.

එතකොට දැන් ඔය, මං ඉතින් ඔතන පටන් ගත්තේ අර මෝහය නැති කරමි කියනකොට කෙළින් ම අවිද්‍යා ආශ්‍රවයට එනවා. ඊට පස්සේ මේ කතාව මම ගත්තා. ඊට පස්සේ මම කල්පනා කළා ඊයේ අපි කළේ කාම ආශ්‍රව භාවනාව. එතකොට රහතන් වහන්සේ අවිද්‍යා ආශ්‍රවය කියන එක කතා කළා නම් ඒ කතා කරන්නේ, මේ දෙක අතර සම්බන්ධතාවයක් උඩ තමයි මෙතන තියෙන්නේ කියන එක මං කල්පනා කළා. කල්පනා කරලා දැන් මට, ඊයේ කාම ආශ්‍රව භාවනාව මම මෙනෙහි කරන්න ගත්තා, ඒකේ කොහොම ද යන්නෙ කියන එක. එතෙන්දි අපි ඊයේ සාකච්ඡා කළා අර චිත්තපාරිසුද්ධිපධානියඞ්ගය කියන එක භාවිතා කරන්න ඕනේ ය කියලා නැත්තන් අපි අර කාමයට යනවා. අර diamond එක දැන් කාම ආශ්‍රව වෙන්නේ හතරෙන් පස්සේ කියලා කිව්වා නේ. දැන් පරාමාසයට සුඛය කියන එක එහෙම ඇදිලා තියෙනවා. ඊට පස්සේ අර diamond එක මතකයි නේ. එතකොට එතෙන්දි කල්පනා කළා චිත්තපාරිසුද්ධිපධානියඞ්ගය වෙන්න ඕනි විවිච්‌චෙව කාමේහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි කියලා එතනින් වෙන්න ඕනෙයි කියන එක එතන ආවා. ඊළඟට ආපහු කල්පනා කළා මේ සීලපාරිසුද්ධිපධානියඞ්ගය කියන එක තියෙන්න ඕනෙයි කියන එක, අර මුසාවාද, පෙර වූ සුඛයන් නිසා ඒවා මුසාවාද වෙලා ඒවා නිසා ඇති වෙන්නා වූ ප්‍රශ්නය තියෙනවා. අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට එන එක තියෙනවා. ඒක නැති වෙන්න ඕනෙයි කියන එක කල්පනා කළා. එතකොට කාම ආශ්‍රවයට, ඒ කියන්නේ සුඛයි කියලා අරගෙන චේතනාව දක්වා යන්නා වූ එකයි, අනිත් පැත්තෙන් එන්නා වූ එකයි කියන එක කැපෙන එක.

ඔතෙන්දි ඊයේ මතක ද අපි සාකච්ඡා කළා අර අපි සුඛයක් මොකක් හරි එකක් ගන්නකොට, මගේ කියලා ගන්න තත්වෙට කැරකෙන අවස්ථාවට එනකොට, මගේ අස්මිති මානයට හානි නොවෙන්න ඕනෙ. අර fork එකේ කතාව කිව්වේ. එතකොට එහෙනම් අපිට පේනවා මේ උඩ අස්මිති මානයේ ඒ දිට්ඨි කතාව, දිට්ඨිපාරිසුද්ධිපධානියඞ්ගය තියෙන්න ඕනෙ. මෙතන මේ දෙක ක්‍රියාත්මක වෙනකොට හානියක් නොවන අයුරින් මේක කෙරෙන්නත් ඕනෙයි කියන එක. එතකොට එතනින් කෙනෙකුට පේනවා තණ්හාවක් කියන එක යම්කිසි ආකාරයකට එයාට මේ සුඛය නිසා යන්න ඕනෙකමකුත් තියෙනවා, අර මනුස්සයාට අර මස් කෑල්ල කන්න ඕනෙයි කියන එකත් තියෙනවා හැබැයි ඉතින් හානි වෙන්නත්, කියන එක ඒ ප්‍රශ්නෙත් තියෙනවා. හානි නොවී මේක කරන්න ඕනෙයි කියන එකත් තියෙනවා.

එතකොට එතන පේනවා මේ උඩ peak එකේ, චේතනාවට යන්නා වූ ඒ කෑලි දෙකේ, peak එක වශයෙන් කිව්වේ අර wave එක නෙවෙයි, මෙතන මේ චේතනාවට යන තැන කියන එකේ ඒ දෙපැත්තට ම, මේ පැත්තෙන් push එක ආවාට අරකට හානි නොවී යන්න ඕනෙයි කියන එක එතන තියෙනවා. එතකොට දිට්ඨිපාරිසුද්ධිපධානියඞ්ගයෙන් තමයි ඔය පැත්තේ flow වෙන්නේ, නැතුව ඕක දුවාගන්න පුළුවන් වෙන්නෙ. ඒ කියන්නේ අපි push එකක් ආවත්, අරක ගැන මේවා කරමින්, slow down වෙලා හරි අපි ඕක කරනවා කියන එක ඔතන තියෙනවා. ඒකත් තේරුම් ගන්න ඕනෙ.

ඒ කියන්නේ මම අස්මිති මානය නිසා මට බයයි ඒ දේ කරන්න. යම්කිසි දෙයක් කරන්න මේකක් තියෙනවා මට reputation එකට හරි නැතෙයි කියන එක කතාවත් එක්ක, මානයත් එක්ක ඇවිල්ලා තියෙනවා. නමුත් මට ඕනෙකමකුත් තියෙනවා. එතකොට ඔය අවස්ථාවේ දී කොහොම හරි දැන් ඒ මනුස්සයා ඒක කරනවා නේ. ඒක, මස් කෑල්ල කටේ දාගන්න එක හරි ඒ මනුස්සයා ඒක කළා කියන එක තියෙනවා.

ඔන්න ඔය වාගේ සම්බන්ධතාවයක් මම දැක්කා යට පැත්තෙත්. යට පැත්තේ දැන් භයේ අගතියට එන්නා වූ කෑල්ලයි, භයේ අගතියෙන් අනිත් පැත්තට යන්නා වූ කෑල්ලයි. එතකොට ඔතන මොකක් හරි, දැන් මෙතන කතා කරන්නේ සීලපාරිසුද්ධිපධානියඞ්ගය නැතිකම කියන එකයි තියෙන්නේ. එතකොට සීලපාරිසුද්ධිපධානියඞ්ගය නැතිකම කිව්වහම අපි මොකක් හරි සම්පප්‍රලාපයක් හරි අපි කතා කළා කියන්නකෝ මොනවා හරි දෙයක්. ආන්න ඒක නිසා ඒකේ effect එකක් අපිට තියෙනවා. ඒ කියන්නේ flow වෙනවා කියන එක එතන තියෙනවා, ඒක නිසා එතන විඤ්ඤාණයේ බැස ගැනීමක් කියන එක සම්පප්‍රලාපයේ ඉඳන් හරි අපිට ඇති වෙනවා කියන එක තියෙනවා. ඒ කියන්නේ මොකක් හරි මුසාවකට යනවා. සම්පප්‍රලාපයක් කතා කරනකොට අපි හිතමු තමන් මොකක් හරි රටක ගිහිල්ලා මුදල් හොයාපු හැටි, ඒ වාගේ එකක් කියලා කියනවා ය කියමුකෝ. අර ඒක නිසා, ඒක කියනකොට ඒ මනුස්සයාට යම්කිසි සුඛයක් ඒක ගැන තියෙනවා. ඒකෙදි සම්පප්‍රලාපයෙන් පටන් ගන්නේ, සුඛයක් තියෙනවා. ඒකේ ලාභයක් ලැබුණා හරි මොකක් හරි එකක් කියන එක. එතකොට එහෙම නම් ඒකට තමන්ගේ සිත බැස ගැනීමක් කියන එක තියෙනවා. දැන් පේනවා ද මේ සම්පප්‍රලාපය කිව්වහම මෝහයේ කතාව මං මේ කියන්නේ. එතකොට ඒක නිසා මේක කැරකෙන්න යනවා කියන එක තියෙනවා.

එතකොට ඔතන, ඔය තත්වෙට පත් වුණායින් පස්සේ ඉතින් මට තේරුණා මේක නිසා අපිට ඇති වෙනවා කියලා ඔය අවිද්‍යාව කියන එකට, අවිද්‍යාව එතකොට සම්පප්‍රලාප පැත්තෙන් එනවා සුඛය කියන එක අරගෙන ඒකෙන් කැරකෙනවා කියන එක සිද්ධ වෙනවා. ඕකේ තියෙනවා සම්බන්ධතාවයේ ඔය ඒ සම්පප්‍රලාප කියන ඒවායේ, නැත්තන් දුස්සීලභාවය කියන එක නිසා ඒ පරියුට්ඨානයෙන් තමයි පෙන්නන්නේ මැඩගෙන පවතිනවා කියන එක තියෙනවා දුස්සීලභාවය නිසා. එතකොට පරියුට්ඨානය තියෙනවා නම් ඒ පරියුට්ඨාන ප්‍රඥප්තියෙන් තමයි පෙන්නන්නේ චේතනාව කියන එක. එතකොට එහෙනම් ආපහු flow එක එනවා.

ඒ වගේ ම අපි දන්නවා අවිද්‍යා අනුසය කියන එක ආවා නම් අවිද්‍යා අනුසය නිසා චිත්තයේ සම්පලිබොධය කියන එක තියෙනවා, චිත්තස්ස සම්පලිබොධය තියෙන නිසා පරියුට්ඨානය, පරියුට්ඨානයෙන් අප්පටිවේධය, අප්පටිවේධයෙන් අවිද්‍යා ආශ්‍රවයට එනවා. දැන් පේනවා ද කෑලි දෙක කොහොමත් සිද්ධ වෙනවා කියන එක තියෙනවා. දැන් ඊයේ භාවනාවත් එක්ක connect වෙනවා, අර wiper එක වාගේ එකට ආවා නම් අතනින් කැරකෙනවා. එතකොට දුස්සීලභාවය තියෙනවා නම් ඔය කතාව අපිට සිද්ධ වෙනවා කියන එක තියෙනවා.

අන්න ඒ වෙලාවේදි මට ඇහුණා “ඉද්ධි ප්‍රාතිහාර්යයන් පාන්න පුළුවන් ය” කියලා. ඉද්ධි ප්‍රාතිහාර්යය පාන්න පුළුවන් ය කියන එක ඇහිච්ච වෙලාවෙම මම කල්පනා කළා මේකත් ගත්තා නම් නිවනෙන් පිටත වූ දෙයක් නේ ද මෙතනත් ගන්නේ. ඒ කියන්නේ ඔය ධම්මාධිපති බුදුපියාණන් වහන්සේ මට පෙන්නලා දුන්නා දවසක්, ඒ මට ඒ ඉද්ධි ප්‍රාතිහාර්යයන් ගැන කැමැත්තක් තියෙනවා කියලා සහම්පති මහා බ්‍රහ්ම බුදුපියාණන් දැනුම් දීලා මාත් එක්ක සාකච්ඡාවක් තිබුණා.

ඒ වෙලාවේ කිව්වා ඒ මං ඇහුවහම ඒක කමක් නැද්ද කියලා, ඒකේ හානියක් ද, ඒ පාර කිව්වා “ඔය දරුවා මේ දරුවෙක් ප්‍රසූත කරන්න ඕන්නම් මොකද කරන්නේ? කාමයෙහි හැසිරීමක් කියන එක තියෙන්න ඕනේ. අන්න ඒ අර්ථය තියෙනවා” කියලා ඒ බුදුපියා මට පැවසුවා. කාමයෙහි හැසිරීමක් උඩ තමයි එතන ඉද්ධි ප්‍රාතිහාර්යය. එතකොට මම කල්පනා කළා මේකට ගියා නම් නිර්වාණයෙන් පිටත වූ දෙයක් මං මෙතනදි ගන්නවා කියන එක මම කල්පනා කළා. ඒක නිසා මේක කැරකෙනවා. අර පාරවල් දෙකක් දැන් මං කිව්වා නේ. අනුසය, චිත්තස්ස සම්පලිබොධයෙන් එන එක තියෙනවා. ඊළඟට දුස්සීලභාවය නිසා ඇති වෙන්නා වූ පරියුට්ඨානය චේතනා එතනින් එනවා කියන එක තියෙනවා. එතකොට මේ දෙක අතර මේක සිද්ධ වෙනවා කියන එක මං කල්පනා කළා.

එතකොට මේක කල්පනා කරලා ඉතින් මට ඒ වෙලාවේ ඉතින් මට පාරේ යන වාහනත් පේන්න ගත්තා, මෙතන. මෙතන ඉඳන් පේනවා අර පාරේ යන වාහන ටික පේනවා. ඒ මං ඒකට සැලෙන්නේ නෑ. ඒක ගැන මම ගෙනියන්නේ නෑ මගේ මනස. එතකොට ඒ, එතෙන්දි දැන් මං තේරුම් ගත්තා අපේ එහෙම නම් මේ යටින් එන්නා වූ කොටසේ තියෙන්නේ අපේ ජීවිතයේ දුස්සීලභාවයේ ඉඳන් අවිද්‍යා අනුසය දක්වා නේ ද. යට කෙළවර දැන් මට පේනවා දුස්සීලභාවයේ ඉඳන් අවිද්‍යා අනුසය දක්වා ය කියන එක ඉතින් රහතන් වහන්සේ “සාධු යි” කියලා කිව්වා එතන ඒ තැනට “Excellent” කියන එක.

එතකොට දැන් මේක දැක්කට පස්සේ මට මතක් වුණා මේ, අක්කාව. එයා, සාකච්ඡාවක් තිබුණා ඒකේ ඒ පාර ඉපදෙනවා ද කියන එක, ඒක බැලුවහම ඉතින් එතනදි මම දැක්කා ඉපදෙනවා කියන එක. එතන ගිහිල්ලා පහළ වෙන හැටිත් දැක්කා මම ඔතන. එතකොට ඒක දැක්කාට පස්සේ ඔය අකනිට්ඨාවේ එක තැනක් තියෙනවා, මං එතන දැකලා තියෙනවා කලින්. එතන ගිහිල්ලා ඒ දෙවිවරු එහෙම වඳිනවා ඒ තැනට. ඒ අකනිට්ඨාවේ රහතන් වහන්සේලා නෙවේ ඒ අනාගාමී අය වඳිනවා, තැනක් තියෙනවා.

ඉතින් එතන, මං කල්පනා කළා මෙතැන ද පහළ වෙන්නේ කියන එක. අර පහළ වීම මම දැක්කහම මෙතන නෙමේ කියන එක මට තේරෙනවා. ඉතින් එතනදි පහළ වෙන අය පහළ වෙන්නේ කියලා ඇහුවහම රහතන් වහන්සේ කිව්වා “එතන නැතෙයි කියන්නෙත් නෑ, ඇතෙයි කියන්නෙත් නෑ” කියලා. එතකොට නැතෙයි කියන්නෙත් නැහැයි කියලා කියන්නේ එතන දොළොස් දෙනෙක් තමයි එතන පහළ වෙලා තියෙන්නේ. එතකොට අර අනිත් තැන්වල තමයි අනිත් අය පහළ වෙන්නේ. ඉතින් ඒ දොළොස් දෙනා ගැන මට හැඟීම තියෙනවා.

එතකොට ඒකෙදි මම කිව්වා ඒකට, ඒ දේටත් මම මානයක් වෙන්නේ නැතෙයි කියලා. ඒ කාරණාව analyse කරලා මං මානයක් වෙන්නේ නැතෙයි කියන එක මම මේවා කළා. ඉතින් ඒක, “සාධු සාධු” කියලා රහතන් වහන්සේ එතනත් කිව්වා. එතන පේනවා ද ඒ වාගේ සියුම් අවස්ථාවක වුණත් මං අහු වුණේ නෑ කියන එකයි මං මේ කියන්නේ ඒ භාවනාවේ. මොකද මගේ අර පථ දෙක තුළ මම ඉන්නවා. මං දන්නවා මේකට හරි මානයක් වුණා නම් අර කතාවල් තියෙනවා. එකක්වත් කැඩෙන්නේ නැතුව ඒක ඉන්න පුළුවන්කම කියන එක ඒක තිබුණා. මේකේ ඉහළ ම වූ ධර්මයන් වුණත් සැලෙන්නේ නැතුව හෙල්ලෙන්නේ නැතුව ගන්න පුළුවන්කම කියන එක එතන තිබුණා.

ඒක තමයි මගේ භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_Ayatana/S_Ayatana-10.jpg