Date: 15/08/2014 Name: Nandhi bhavana 2

ඒ උත්තරීතර මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේට නමස්කාර කළා, ඒ ලෝකයේ වැඩ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ වශයෙන්, මේ ලෝකයට සිත සුව පිණිස වැඩ සිටිනවා කියලා. මේ විදිහට ඒ බුදුපියවරු තුන් නම, හත් නම, දාහතර නම මෙනෙහි කරලා වැඳ නමස්කාර කළා.

ඊට පස්සේ මට කලින් ම කිව්වා අර නන්දි භාවනාව නැවත කරන්නයි කියලා. ඒ නන්දි භාවනාව ඒක, ඒ කියන්නේ 5 වෙනිදා, අගෝස්තු 5 වෙනිදා කරපු නන්දි භාවනාව. ඉතින් එතකොට ඒ භාවනාවේ අර order එක නේ බලලා තිබුණේ. අර A, B, C, D කියන order එක E ඇති වෙන එක. එතකොට ඒකේ භාවනාව බලාගෙන යනකොට මට කල්පනා වුණා භාවනාවට පෙර ම අර උඩ ඉඳන්, චේතනාවේ ඉඳන් පල්ලෙහාට මේක බැහැගෙන එන අවස්ථාවක් අපි ඊයේ කිව්වේ. අර මස් කෑල්ලක් කනකොට අර මනුස්සයා, නන්දිය පැත්තෙන් එනවා කැමැත්ත කියන එක එනවා, අනිත් පැත්තෙන් එයාට දැන් මේක මාන්නයට හානි වෙනවා කියන එකට බයක් තියෙනවා. එතකොට එහෙම නම් ඒ මනුස්සයා මේකෙ දිගේ පල්ලෙහාට බහිනවා නේ ද, කියන එක. ඒ කියන්නේ භයේ අගතිය දක්වා මෙයා එනවා නේ ද, කියන එක එතන ඒ පැත්තෙන් එනවා. චේතනාවේ ඉඳන් භය අගතිය දක්වා එයාගෙ push එක එතන ඇවිල්ලා තියෙනවා නේ ද කියන එක.

දැන් එතකොට අද භාවනාවේ දී මං ගත්තේ ඒ අභිජ්ඣා, දැන් ලෝභය නැති කරමි කියලා පටන් ගත්තා. අභිජ්ඣා කියන එක නිසා අපි දන්නවා ලෝභය වෙනවා. අභිජ්ඣා වුණා නම් නන්දිය වෙනවා. එතකොට නන්දිය වෙලා ඉතින් අපි බලමු ඔය නම වෙනි රවුමකට යන එකක්. රවුම් අටක් කරකවලා තියෙන්නේ අටෙන් පස්සේ අපි දන්නවා නේ අර කප්පං කියන කතාව දිගේ තමයි එන්නේ නේ ද? එතකොට එතනින් චේතනාවේ ඉඳන් වේදනාවට එනවා කියන එක තියෙනවා එයා, පල්ලෙහා කෙළවරින් අපි නන්දිය, ජාතිය කියන්නකො. ඊට පස්සේ ජාතිය, වේදනාව, චේතනාව. එතකොට මේ පැත්තෙන් පල්ලෙහාට Z අකුර වාගේ යනකොට අනිත් පැත්තෙන් උඩට ගිහිල්ලා පල්ලෙහාට එනවා කියන එක තියෙනවා. දැන් ඕකේ, අපි දැන් ඔය මේක නම වෙනි රවුමයි කියලා හිතුවොතින්, ඕක එක රවුම හැටියටත් වෙනවා නේ. නමය කිව්වහම එක, අටක් ගහලා ඉන්න මනුස්සයා ඔන්න අලුතෙන් එකක් පටන් ගන්නවා කියන එක තියෙනවා. එතකොට අපිට පේනවා කොහොම ද අර එකයි කියලා කිව්වොතින් එහෙම ඕගොල්ලෝ දන්නවා පළවෙනි රවුමේ දී අපි කියනවා සුභය කියන එක ඇදෙනවා. මොකද්ද මේ සුභය කියන එක ඇදෙන්නේ? සුභය කියන එක ඇදෙනවා කියන එකේ තියෙන්නේ ඉදංසච්චයට, ඕක නිකන් ම ඇදෙනවා නෙමෙයි නේ. කොහොම ද ඇදෙන්නේ? දැන් මං අටක් ගහලා ඉන්නකොට ඕක ඔහොම වෙනවා නෙමේ.

ඒකේ වෙන්නේ මොකද්ද, අර පරාමාසකායගන්ථයේ ඉඳන් විඤ්ඤාණයට, චේතනාවේ ඉඳන් ඉදංසච්චයට ඔය cross එක තියෙනවා. ඔන්න ඔය cross එකේ මැදට එන එක ඉස්සෙල්ලා වෙන්නේ. කොහෙන්ද එන්නේ? පරාමාසයේ ඉඳන් මෙතන මේ cross එකේ මැදට එනවා. ඒකට උදව් උපකාර වුණේ සඤ්ඤාවෙන් එන පාර. සඤ්ඤාව පරාමාසය මෙන්න මෙතන්ට එනවා. දැන් මේක flow කරන්න ඕනෙ නේ. තල්ලු කරන්න ඕනෙ කවුරු හරි. මේක තල්ලු කරන්නේ කවුද? අර නන්දියෙන් ආවා වූ කතාව නිසා චේතනාව. චේතනාවෙන් එන එක මෙතන්ට ඔන්න join වෙනවා, මේ සංස්කාර උඩ කෑල්ලට.

එතකොට මේකේ push එකෙන් තමයි, මේක වතුර වාගේ එයා තල්ලු කරලා දාන්නේ ඉදංසච්චයට. දැන් එතකොට දැන් මේක මෙහෙම, මේක උඩට ගිහිල්ලා දෙක මේ පැත්තට ගියහම අර vector එක වාගේ මෙතනින් පරාමාසයේ තියෙන එක ඔන්න ඉදංසච්චයට යනවා කියන එක තියෙනවා. ඕක තමයි අපි අර සුභයි කියලා ගන්නවා කියලා කියන්නේ. එතකොට මෙතනින් මෙහෙම සුභයි කියලා ගන්නකොට අර උඩින්, දැන් මං අර මස් කට්ටත් එක්ක කතාවක් කිව්වේ, මස් කෑල්ලත් එක්ක. මේක පල්ලෙහාට බහිනවා නේ? පරාමාසයට. ඇයි අතන උඩ points දෙක ඇවිල්ලා තියෙන්නේ. මානයට හානි නොවෙමින්, කරමින්, මේක කරමි කියන කතාව තියෙනවා. මේ පැත්තෙන් ඇවිල්ලා තියෙනවා අර නන්දියෙන් ආපු push එක වේදනාවත් සමඟ. දැන් මේක දිගේ මෙතනින් මෙහෙම පල්ලෙහාට යනකොට මෙතනින් ඇවිල්ලා තියෙනවා පරාමාසයට කියන එකට.

දැන් මේක හරි ලස්සනයි බැලුවහම. ඕක connect වෙනවා ඕගොල්ලන්ට අර අපි බලපු, පෙන්නුවා නේ කාම ආශ්‍රව අවිද්‍යා ආශ්‍රව භාවනාවේදි මෙතනින් මේ අන්තිමට flow වෙන්නේ නැති අවස්ථාවෙදිත් මෙතන දිට්ඨි ආශ්‍රවයට මෙතනින් ඇවිල්ලා අර පැත්තෙන් අවිද්‍යා ආශ්‍රවයට ඇවිල්ලා. මේ දෙන්නාගේ වෙනස හොයාගන්න බැරි තත්වෙට ම ඇවිල්ලා තියෙනවා කියලා කිව්වේ නේ ද? ඔන්න ඔතෙන්ට එනකන් දැන් අපිට පේනවා මේ කතාව.

මට මෙතෙන්ට එනකොට මට තේරෙනවා, මේ අපි ඇත්තට ම කියනවා නම් මේක සුඛයි කියලා අරක සුභයි කියලා ඇදෙනවා කියලා කියනකොට මේ අගයන් දෙක දෙකේ ම තියෙනවා නේ. ඇයි අපි පරාමාසයට ඇවිල්ලා මේ එක පැත්තකින්, අර පැත්තකට අරහෙන් ගිහිල්ලා. මේ value එක copy වෙලා තියෙන්නේ. Path එක හරහා මෙතනින් පල්ලෙහාට එක value එකයි, අතනින් එහා පැත්තට ඉදංසච්චයට value එකයි කියන එක තියෙනවා. ඒක හරි පුදුමයි එතන දෙක copy වෙලා තියෙනවා කිව්වම.

එතකොට දැන් ඔතන බලන්න, ආපහු අපි පල්ලෙහාට බහිනවා කියන එක තව සිද්ධ වෙනවා. පල්ලෙහාට බහිනවා කියන්නේ, දැන් මෙතනින් අත්තා කියලා කෑල්ලට ඕගොල්ලෝ ආවහම එතන ඉඳන් අවිද්‍යා ආශ්‍රවයට එනවා කියන කතාව තියෙනවා. මෙතන අවිද්‍යා ආශ්‍රවයට දැන් අත්තා කියන කතාව එනවා කියන එක, අපි ඕක හිතුවොතින් X කියලා කියමුකො අපි. එතකොට දැන් පල්ලෙහායින් මොකද වෙන්නේ? දැන් පල්ලෙහායිනුත් තව සෙල්ලමක් තියෙනවා නේ. අපි ඒක කලින් බැලුවා නේ. ඒ කියන්නේ උඩින් අපි, අපි ඒකට කිව්වේ මුලින් A එක වෙනකොට, පල්ලෙහායින් අපි කිව්වා මෙතනින් ඇති වෙනවා කියලා අර B කියන point එක. ඒ කියන්නේ මරණයේ ඉඳන් ව්‍යාධියට යනවා කියන එක එතනිනුත් සිද්ධ වෙනවා, පල්ලෙහා. එතකොට මරණයේ ඉඳන් ව්‍යාධියට ඇවිල්ලා නම් ඉන්නේ මම දැන්, දැන් මං බය වෙලා එහෙම තියෙන්නේ. ව්‍යාධියට ඇවිල්ලා තියෙනවා, ව්‍යාධියේ ඉඳන් මම යනවා නේ යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයට. එතකොට රහතන් වහන්සේ පෙන්නුවා නේ අරකට චේතනාවේ ඉඳන්, අපි හිතමු චේතනාවේ ඉඳන් 1-3 වලට ආවායි කියලා. පහසුයි නේ තේරුම් ගන්න. එතකොට ඒක X කියලා කිව්වා නම් ඕගොල්ලන්ට පේනවා ව්‍යාධියේ ඉඳන් යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයට යන එක Y කියලා. අරක මෙහෙම යනකොට මේක මෙහෙම යනවා. එතකොට ඒ කියන්නේ මොකද්ද? මං අතන, දැන් මෙතන උඩින් බැස්සා, මෙතන 1-3 මෝහය කියන තැනට බැස්සා. අරක ඒ set එක මෙහාට බහිනකොට මෙතනින් set එක පල්ලෙහාට ගිහිල්ලා ඉවරයි.

MM_28_07_2014.jpg

ඔන්න ඔය විදිහටයි ඒකෙ flow වෙනවා කියන එක තියෙන්නේ. ටිකක් අර complicated මොකද මේකේ මේ structure එක, උඩ structure එක අනුව මෙතන පල්ලෙහා structure එකේ ඇකිලීම සිද්ධ වෙනවා. Simultaneously නෙ මේක වෙන්නේ. ඉතින් මුළු set එක ම තමයි මෙතනින් යන්නේ කියන එක එතන ආවා මට. එතකොට අර ඊයේ භාවනාවෙන් අපි තේරුම් ගත්තා වූ අර කතාවයි, නන්දියේ කතාවයි මේ ඔක්කොම සම්බන්ධ වෙලා එනවා. එතකොට මට මෙතන ආවා නේ, මුලින් ම ආවා නේ මේ, ඕක එකපාරට ම දකිනකොට ම මට මුලින් ම ආවේ, අභිජ්ඣාව කියන එක ඔයාට ආවා නම් ඒ කියන්නේ ඉතින් සම්මා දිට්ඨිය නැතිකම. මිච්ඡා දිට්ඨිය නිසායි මේක දුවන්නේ. එතකොට එතනින් කෙළින් ම සම්බන්ධ වුණා අර මණ්ඩලාධිපති බුදුපියා පෙන්නපු අර triangle එක, ආයතන භාවනාව 2 තියෙන triangle එක, එතන පෙන්නනවා නේ මිච්ඡා දිට්ඨිය නිසා, ප්‍රඥාව නැතිකම නිසා ඇති වෙන්නා වූ එක අර ඒ විදිහට එනවා කියන එක. එතකොට අභිජ්ඣාව පහ කළ යුතුයි කියන තත්වෙට තමන්ගේ මනස එතනින් එනවා.

එතකොට කෙළින් ම triangle එක පේනවා, මෙතන උඩ මිච්ඡා දිට්ඨිය, මේ පැත්තෙන් තියෙන්නේ වම් කෙළවරෙන් තියෙන්නේ අභිජ්ඣාව, දකුණු අත පැත්තෙන් තියෙන්නේ දුස්සීලභාවය. අර චිත්තපාරිසුද්ධිපධානියඞ්ගයන් එක්ක ඒක කෙළින් ම connect වෙලා. ඒ පාර කෙළින් ම මං නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට යනවා මට දැනෙනවා උගුර එහෙම්ම මං නවත්තගත්තා ඒක. ඒ නවත්තගෙන තමයි මේ ටික මං බැලුවේ. එකපාරට ම ඕක වෙනවා. ආරම්භයේ දී මිනිත්තුවක් ගියේ නෑ මං අරක දැකපු ගමන් මේක යන්න ගියේ.

එතකොට මම ඊට පස්සේ ඒකට නවත්තගෙන තමයි මේ ධර්ම කාරණාව කොහොම ද වෙන්නේ කියන එක මම බැලුවේ. මේක හරි පුදුමයි ඒ භාවනාව එතන බැලුවහම.