Date: 16/08/2014 Name: Sukabhagiya Dhamma

ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ මං සිහි කළා මේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, ශ්‍රේෂ්ඨතම, පළමු වන බුදුපියාණන් වහන්සේ, ලෝකයට සිත සුව පිණිස වැඩ සිටිනවා, ඒ වාගේ ම මහත්ඵල මහානිශංසයෝ භුක්ති විඳින්නාහු ය කියලා වැඳ නමස්කාර කළා.

එතකොට මේ විදිහට තුන් නම මෙනෙහි කරලා වැන්දා ඒ මහත්ඵල මහානිශංසයෝ භුක්ති විඳින්නාහු ය කියලා. හත් නම මෙනෙහි කරලා වැන්දා මහත්ඵල මහානිශංසයෝ භුක්ති විඳින්නාහු ය කියලා. දාහතර නම ම මෙනෙහි කරලා වැන්දා මහත්ඵල මහානිශංසයෝ ඔය විදිහට භුක්ති විඳිනවා කියලා අර ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, ශ්‍රේෂ්ඨතම බුදුපියවරු, ලෝකයට සිත සුව පිණිස වැඩ සිටිනවා ය, මහත්ඵල මහානිශංස භුක්ති විඳිනවා කියන එක.

මං මේක ම අල්ල ගත්තා. මේක ම අල්ල ගත්තේ දැන් ඉතින් ඒ බුදුපියවරු එතෙන්ට ගිහිල්ලා තියෙන්නේ බොහෝ කාලයක් පෙරුම් පුරලා, විශාල කාලයක් ධර්මය ගන්න මේවා වෙලා, මහන්සි වෙලා තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒ බුදුපියවරු දැන් අද ඒ ඵලය භුක්ති විඳිනවා. එතකොට මං ඒක කල්පනා කරනකොට, ඒ කියන්නේ ඵල චිත්තයන් සහිතව ඉන්නවා.

මම කල්පනා කළා ඉතින් මෙහෙම කෙනෙක්, දැන් ගොවියෙක් ගොවිතැන් කරලා, ගස් හිටවලා ඒකේ පලතුරු එන කාලෙට එළවලු එන කාලෙට ඒ මනුස්සයා ඒකේ ඵලය භුක්ති විඳිනවා. එතකොට එයාට බොහොම සතුටුයි මේ ඵලය සහිතව මම ඉන්නවා කියලා. නමුත් ඔය ඵලය භුක්ති විඳින මනුස්සයට ඒ ආහාරය ගත්තායින් පස්සේ ඒ ගත්ත නිසා ඒ මනුස්සයාට ඉතින් ආබාධයන් එතන තියෙනවා. අඩු ම වශයෙන් අපි දන්නවා ඉතින් අසූචි හරි පිට කරන්න සිද්ධ වෙනවා කියන එක. අනිත් අතට මම කල්පනා කළා ඉතින් මේකේ පෙලක් වෙලාවට මේ ආහාරය දිරවන්න වෙන්නේ නෑ. දිරවන්න වෙන්නැතුව ඒ මනුස්සයාට පෙලක් වෙලාවට ඒ තමන් හදාගත්තා වූ ආහාරය හොඳ වුණාට දිරවන්නැති අවස්ථාවන් තියෙනවා.

අන්න ඒ වාගේ ම මං කල්පනා කළා මේ ධර්මයේ යම්කිසි කෙනෙක් ඒ විදිහට ගත්තහම, ඒ ඵලයෝ ඇති කරගත්තහම ඒ ඵලයෝ ඒ භුක්ති විඳින්න බැරි අවස්ථාව මොනවා ද කියන එක. ඉතින් ඵලයෝ භුක්ති විඳින්න නැති අවස්ථාවන් මං මේක කල්පනා කරනකොට ඉතින් එකපාරට ම මට සිතට ආවේ නෑ. රහතන් වහන්සේ මට “ඇතියි” කියලා කිව්වා, දැන් ඔතෙන්ට ආවායින් පස්සේ.

මම කල්පනා කළා මොකද්ද මේ රහතන් වහන්සේ අදහස් කළේ? මේ වැඳ නමස්කාර කරලා අවසන් කරන්න ද? එහෙම නැත්තන් මේ, මං මේ හිතන විදිහ මේ පැත්තෙන් වෙනස් වෙන්න ඕනෙ නිසා ද කියලා. ඉතින් දැන් මං, මගේ මනසට ම ආවා එතකොට I am confused කියලා, ඒ වෙලාවෙදි. ඒක එනකොට ම මට තේරුණා එතකොට මෙහෙම වුණහම කෙනෙකුට මෝහය ඇති වුණා ම ඉතින් ව්‍යාපාදය ඒ පැත්තට නේ මේක යැවෙන්නේ.

ඒ පාර එකපාරට ම මට කල්පනා වුණා භුක්ති විඳින්න බැරි එහෙනම් මෙත්තාව නැතිකම. මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා. මෙන්න මේ හතර තියෙනවා නම් තමයි මේ ඵලයෝ භුක්ති විඳින්න පුළුවන්. හරි ලස්සනට ආවා. ඒ පාර දැන් මං කල්පනා කරනවා මේක භුක්ති විඳින්න නම් මොකද්ද තියෙන්න ඕනෙ? සුඛභාගීය ධර්මය. සතර සුඛභාගීය ධර්මය. ඉන්ද්‍රිය සංවරය තියෙන්න ඕනෙ. ඉන්ද්‍රිය සංවරය නැත්තන් භුක්ති විඳින්න බෑ. එතකොට ඊළඟට ආපහු පේනවා ඉද්ධිපාද 4 නැත්තන් භුක්ති විඳින්න බෑ. සප්ත බොජ්ඣඞ්ගය නැත්තන් භුක්ති විඳින්න බෑ. සබ්බනිස්සග්ගය නැත්තන් භුක්ති විඳින්න බෑ.

ඉතින් දැන් ඔය ඉන්ද්‍රිය සංවරය මගින් භුක්ති විඳිනවා කියන එක ඊයේ භාවනාවත් එක්ක හොඳ ලස්සනට connect වෙනවා නේ. ඉන්ද්‍රිය අසංවරය තියෙනවා නම් අභිජ්ඣා, දෝමනස්සය. මතක ද නන්දි භාවනාවේ පෙන්නුවා නේ. දෝමනස්සය ආවා නම් ඔයා ඊළඟට ව්‍යාපාදයට යනවා. එහෙනම් ඔයාට මෙත්තාවක් නෑ, ඔයාට භුක්ති විඳින්න කියන එක හම්බවෙන්නෑ. ඉතින් ඒකේ පේනවා අර ඕන ම අවස්ථාවක, ඒ කියන්නේ ඒ මනුස්සයෙක්ගේ අට වෙනි රවුම කරකවලා අර නම වෙනි රවුමේ දී ථීනමිද්ධ අවස්ථාවේ දීත් මෙතන අර සියුම්ව වෙන අවස්ථාවේ දීත් පෙන්නුව නේ flow වෙනවා කියන එක අවිද්‍යා ආශ්‍රවයයි දිට්ඨි ආශ්‍රවයයි එතන දෙක ළං වෙන අවස්ථාවේ දීත් flow වෙනවා. එතකොට අර මෝහය දක්වා ගිහිල්ලත් එතනින් ඇති වෙන්නා වූ දේත් පේනවා, සියුම්ව එකපාරට තමන් ගත්ත එක නිසාත් මේවා වෙනවා කියලා ආවා.

ඉතින් හරි ම ලස්සනයි ඒක වෙනකොට ඉතින් මගේ අර N අකුරක් මට දැනෙනවා. N අකුර. මෙතනින් කබලිංකාර ආහාරය, මෙතනින් අර ජාතිය, මේ පැත්තෙන් විඤ්ඤාණය, මේක ඔළුවෙන් ම දැනෙනවා මට N අකුරයි කියන එක. ඉතින් මේ පුදුමයි ඒ භාවනාව. ඉතින් ඒ බුදුපියවරු එහෙමයි ඉන්නේ. කෙනෙකුට ඵලය භුක්ති විඳින්න නම් මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා තියෙන්න ඕනෙ. එහෙම නම් සතර සුඛභාගීය ධර්මයන් කියන ඒවා භාවිතා කරන්න ඕනෙ. ඉන්ද්‍රිය අසංවරය තියෙනවා නම් මේක බෑ. ඉද්ධිපාදයන් නැත්තන් මේක බෑ.

හරී ම ලස්සනයි ඒක භාවනාව.