ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කරනවා, නමස්කාර වේවා. ඒ අපි පූජාවෙන් පස්සේ ඒ බුදුපියවරුන්ට නමස්කාර කරලා, මට කලින් ම කිව්වා අර නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට යන භාවනාව කරන්නයි කියලා.
ඉතින් මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතන භාවනාවේදි තියෙන්නේ, දැන් අපි දන්නවා අපේ තියෙනවා කියලා කාම ආශ්‍රව, ලෝභය නැති කරමි කියලා ගත්තොතින් අපි දන්නවා අර හැදෙනවා නේ කොඩිය වාගේ එක. එතකොට එතෙන්දි චේතනාව දක්වා ගිහිල්ලා එන area 1 එක කියන එක, area 1 එකක් කියලා කියන්නේ මේ අර අපි කියන area 1 එක නෙවේ මේ කියන්නේ. අපි හිතමු මුළු එක ම ගන්නවා කියලා. කබලිංකාර ආහාරය, චේතනාව, ඊට පස්සේ ජාතිය. ඔය මුළු block එක ම අපි කියනවා 1 කියලා, whole thing.
ඊට පස්සේ ආපහු තියෙනවා අපිට චේතනා, විඤ්ඤාණ, මෝහයෙන් අගතියට යනවා කියන එතන අපි හිතමු ඒක 2 කියලා. දැන් ඔතන අපිට පේනවා අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට යනවා නම් එහෙනම් මේ පැත්තේ තියෙන එක මේ පැත්තට ඇදෙනවා. කාම ආශ්‍රවයේ ඉඳන් අවිද්‍යා ආශ්‍රවයට යනවා නම් මේක මේ විදිහට ඇදෙනවා. එතකොට දැන්, ඒ කියන්නේ diagram එක ඇකිලෙනවා, squash වෙනවා කියන එක තියෙනවා.
ඊට පස්සේ ආපහු අපි බලනවා මැද්දේ කෑල්ල. මැද්දේ කෑල්ලේ මොකද්ද තියෙන්නේ, අර ද්වේෂය නැති කරමි කියලා කියනකොට අපි දන්නවා නේ මැද්දෙන්, අපි හිතමු මේ කෑල්ල 3 වෙනි එක කියලා. ඔන්න ඔය කෑල්ල බැලුවහම දැන් මේක දෙපැත්තෙන් තද වුණා නම් sandwich එක වාගේ. මේක ඇතුළෙන් තද වෙලා තියෙනවා මේක, මෙතන තමයි දුක්ඛය කියන එක. දෙපැත්තෙන් යමක් තද වෙනවා නම් මෙතන දුක්ඛය තියෙනවා කියන එක එනවා.
ඒ පාර දැන් මං ඕක බලනකොට එනවා මැද්දෙන්, ඔය මැද්දේ කෑල්ල කියන එක, එහෙනම් අපි ඊළඟට බලන්න ඕනේ අපි අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රවය බැලුවා, කාම ආශ්‍රවයෙන් අවිද්‍යා ආශ්‍රවයට බැලුවා. දැන් බලන්න තියෙන්නේ අවිද්‍යා ආශ්‍රවයෙන් දිට්ඨි ආශ්‍රවයට එනවා කියන එක. එතකොට අවිද්‍යා ආශ්‍රවයෙන් දිට්ඨි ආශ්‍රවයට එනවා කියන පථය එන්නේ ඔය අටෙන් පස්සේ. 8th round එකෙන් පස්සේ තමයි අපේ ඔය, ඒ කියන්නේ ඔය ධර්මය කියන එක අභිනන්දනා කරන එක කොහෙද කියන එක බැලුවහම ඔතන තියෙනවා අටෙන් පස්සේ කියන එක. ධර්මය අභිනන්දනා කරනවා කියලා කියන්නේ අර සංවර සූත්‍රයේ පෙන්නන්නේ අර පරිහානියයි කියලා කිව්වේ.
ඒ කියන්නේ එතනදි අපේ ගත්තහම ධර්මය කිව්වහම සඤ්ඤා චේතනා. ඕවා නේ අභිනන්දනා කරන්නේ. එතකොට 8th round එකෙන් පස්සේ. කොහොම ද මේක වෙන්නේ? මේකේ එනවා, ඕගොල්ලන්ට පේනවා අර, දැන් වේදනාවේ ඉඳන් චේතනාවට යන්නා වූ එක කියන එක තියෙනවා. ඊළඟට ආපහු තියෙනවා අපි චේතනාවෙන් අවිද්‍යා ආශ්‍රවයට එන එක. ඒක අපි දන්නවා නේ චේතනාවෙන් අත්තා කියලා අරගෙන අවිද්‍යා ආශ්‍රවයට එනවා. අවිද්‍යා ආශ්‍රවයෙන් දිට්ඨි ආශ්‍රවයට එනවා. ඊට පස්සේ එතනින් දිට්ඨි සල්ලයට එනවා, දිට්ඨි සල්ලයට ආවායින් පස්සෙ අන්න සල්ලයෙන් සඤ්ඤාව අල්ලගෙන ඉන්නවා. එතකොට මෙතන ඒ ඔය විදිහට පථය හැදෙනවා කියන එක.
දැන් මෙතන මේක කළහම කලින් පාර නම් කෙළින් ම ඉතින් මම ඔය නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට එහෙම ගිහිල්ලා තියෙනවා. නමුත් දැන් මේ වෙලාවේ මට පේනවා ඔළුවේ ලොකුවට වෙනස තියෙනවා. මොකද මේ ධර්මය දැන් තමන් පථය දැනගෙන නේ තියෙන්නේ. ඔළුව බොහොම හොඳයි. ඔහෙ ඉන්න හිතෙනවා, එතන මං මෙහෙම ඉන්නවා කියන හැඟීමක්, තත්වයක් තියෙනවා.
ඔහොම ඉන්නකොට මට ආවා සිතුවිල්ලක්. සිතුවිල්ලක් ආවේ මොකද්ද, රෙදි ටික ගැන. දැන් මෙතෙන්දි මං කල්පනා කළා මේ සංස්කාරවලට මාන වෙන්නේ නැහැයි කියලා අර සිතුවිල්ල තියෙන අවස්ථාවේ දී ආවා. අන්න ඒ වෙලාවෙදි ඔන්න මට එනවා, දැන් රෙදි ටික dryer එකට දැම්මා, දැන් මේක වේලා ගන්න පුළුවන්. එතකොට එහෙම නම්, එතෙන්දි අපිට යම් වූ තණ්හාවක් තියෙනවා රෙදි ටික හෝදා ගැනීම කියන එක. ඊට පස්සේ ඒකේ සංස්කාරයක් තියෙනවා. හෝදන සංස්කාරයක් කියන එක තියෙනවා. එතකොට මේ සංස්කාරයට මං මාන වෙන්නේ නැතෙයි කියන එක නේ මෙතන තියෙන්නේ.
එතකොට දැන් මෙතන එනවා, ඔය චේතනාවට දෙපැත්තකින් කෑලි එකක් එනවා. එක පැත්තකින් උඩින් එනවා අර වේදනාවේ ඉඳන් එන්නා වූ, එන එක. ඒ පැත්ත තමයි අර තණ්හාවේ කතාව හැටියට ගන්න තියෙන්නේ. එතකොට ඊට පස්සේ, දැන් මම කියනවා මම හානියක් කරගන්නේ නෑයි කියලා. අර සංස්කාරය කියන එක මට හොඳයි ඒක කෙරෙන එක, හැබැයි මම ඒකට මාන වෙන්නේ නැහැයි කියලා කියන එකෙත් අර්ථයක් තියෙනවා. ඔය දැන් අපි හිතමු අර මස් කට්ටක් කතාවක් මම කිව්වේ මස් කෑල්ලක් කනකොට මනුස්සයෙක් අර fork එකෙන් ඇනලා, අර හානියක් වෙන්නෙ නැතුව කරනවා කියලා. එතකොට අන්න ඒ වාගේ මෙතනින් පේනවා මම මනොසඤ්‌චෙතනාවේ ඉඳන් මේ පහළට බහින්නැති කතාවක් එනවා.
දැන් මෙතන මේ දෙක බැලුවහම දැන් මට බොහොම හොඳයි. ඉස්සරට වැඩිය, අර තිබිච්චි condition එකට වැඩිය බොහොම හොඳයි. එතකොට දැන් මං බැලුවා මේ පාර මොකද්ද? ඒ කියන්නේ, මේ පාර කියලා කියන්නේ චේතනාවෙ ඉඳන් අපි ඉදංසච්චයට යන පාර. මේ පාර තමයි අවිද්‍යා අනුසය පාර. අවිද්‍යා අනුසය නිසා තමයි ඒ කතාව ඇති වෙන්නේ. ඕක තමයි අර පාරිසුද්ධිපධානියඞ්ගයෙන් අර දිට්ඨිපාරිසුද්ධිපධානියඞ්ගයෙන් කැපෙන්නෙත් ඕක.
එතකොට දැන් මං බැලුවා මගේ මේ, ඒ අවස්ථාව වෙනකොට මට පේනවා, මට මේක දැන් සිතාගන්නයි ඕනෙකම තියෙන්නේ. අවිද්‍යා අනුසය ගැන මට සිතන්න ඕනේ. හැබැයි මට පේනවා මට හිතන්න බෑ මේ වෙලාවේ. ඒ හිතන්න බැරි හේතුව මොකද, මේ සඤ්ඤාව කියන එක මැකිලා ගිහිල්ලා. සඤ්ඤාව නැත්තන් අපිට හිතන්න බෑ. එතකොට දැන් කොච්චර ධර්මය හිතන්න ඕනෙයි කියලා හිතුවට, මේක බෑ. කිසිම ආකාරයකින් මෙතන යන්න බැහැයි කියන කතාව තමන්ට තේරෙනවා.
ඒ පාර දැන් මං මොකද, රහතන් වහන්සේගෙන් ඇහුවහම කොහොම ද මේක කරන්නයි කියන එක රහතන් වහන්සේ කිව්වා “ඔය තියෙන condition එකේ හැටියට හිතන්න බෑයි” කිව්වා. එලියට ඇවිල්ලා මිසක් ගන්න බැහැයි කියලා. ඒ පාර මං කරපු වැඩේ, ඉතින් ඒ පාර ඇස් දෙක ඇරියා මං. ඇස් දෙක ඇරලා මේ diagram එක දිහා මං මේ විදිහට පොඩ්ඩක් බලාගෙන ඉන්නවා. ඒ බලාගෙන හිටියාට අර condition එක තාම යන්නේ නෑ. ඒක පවතිනවා.
ඉතින් ඔතන, ඊට පස්සේ රහතන් වහන්සේ පැහැදිලි කළා මෙතන අර අවිද්‍යා අනුසය කියන එක, දැන් මං පල්ලෙහායින් කියනවා නේ මාන වෙන්නේ නැහැයි කියලා සංස්කාරවලට. සංස්කාරවලට මාන වෙන්නෙ නැත්තන් අන්න මාන පාර කැපිලා යනවා. ඉදංසච්චයේ ඉඳන් එන්නා වූ, භය අගතියට යන මාන පාර එතන කැපෙනවා. ඒ මාන පාර කැපුණාට පස්සේ, මේ පැත්තෙන් පල්ලෙහායින් අර diamond එකේ පල්ලෙහායින් flow එකක් නෑ. පල්ලෙහායින් flow එක නැත්තන් අර උඩට, උඩ අනුසයට එන්න පුළුවන්කම කියන එක නෑ. ඒ අනුසය නැති නිසා දැන් තමන්ට අවිද්‍යා ආශ්‍රවයට එන්නෙ නෑ, ඒක නිසා දිට්ඨි සල්ලය නෑ, දිට්ඨි සල්ලය නැති නිසා සඤ්ඤාව මැකිලා යනවා. හොඳට පේනවා සඤ්ඤාව මැකිලා යනවා. සඤ්ඤාව මැකිලා යනවා නම් හිතන්න බෑ. හිතන්න තමන්ගේ අර සිතුවිල්ලක්, පෙර සිතුවිල්ලක් තිබුණාට think කරන්න බෑ. ආන්න ඒ condition එක, ඉතින් මේ විදිහට දවස් හතරක් ඉන්නවා නම් පිරිනිවන් පානවා. 4 days ඉන්නවා නම් පිරිනිවන් පානවා කියන එක රහතන් වහන්සේ කිව්වා.
අන්න ඒක තමයි භාවනාව.