ඒ උත්තරීතර මණ්ඩලයට නමස්කාර කරා, නමස්කාර වේවා. උත්තරීතර මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ ය කියලා වැඳ නමස්කාර කළා. එම බුදු පියාණන්ට වඩා ප්‍රඥාවන්ත වූ බුදු පියෙකු තථාගතයන් වහන්සේ නැති කලක නැතෙයි කියලා සිහි කළා.
අනිත් බුදුවරු දහතුන් නම ම සිහි කළා, වැඳ නමස්කාර කළා ඒ ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේට මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ පෙරදැරි කොට වාසය කරනවා, කළ හැකි ය කියන එක. එසේ ම ධම්මාධිපති බුදුපියාණන් වහන්සේට බුදුපියවරු දෙනමක් පෙරදැරි කොට වාසය කරන්න පුළුවන්. මේ අනුව සහම්පති බුදුපියාණන් වහන්සේ බුදුපියවරු දහතුන් නමක් පෙරදැරි කොට වාසය කළ හැකි ය, ඒ අනුව ඒ සහම්පති මහා බ්‍රහ්ම බුදුපියාණන් වහන්සේ වාසනාවන්තයි. එතකොට මම කල්පනා කළා මමත් බුදුපියවරු දාහතර නමක් පෙරදැරි කොට වාසය කරන්න පුළුවන්, ඒ හින්දා මමත් වාසනාවන්තයි කියලා.
අපි යම් ප්‍රදේශයක වාසය කරනවා නම්, ඒ අවශ්‍ය දේ ලබා ගැනීමට අපහසු ප්‍රදේශයක් නම් අපි දුකට පත් වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොතින් කඩයක් අසල නොවන්නේ නම් බඩු අවශ්‍ය පුද්ගලයාට අපහසුයි. මේ නිසා දුකට වැටෙනවා ඒ පුද්ගලයා.
මේක ප්‍රඥාවෙන් කෙනෙක් කල්පනා කරනවා නම් ඒ මනුස්සයාට පේනවා මේ මනුස්ස ලෝකෙට වැටෙන්නා වූ පුද්ගලයා තමා උපන් ප්‍රදේශය අනුව දුක් වන බව වැටහෙනවා. එතකොට මේ ධ්‍යාන තලවල, දිව්‍ය ලෝක සමඟ සසඳා බලලා අපි බලන්න ඕනෙ මේක, මේ බ්‍රහ්ම තලවල සිටින අය මෙසේ මේ පහළ, දුක් වූ ප්‍රදේශවල ජීවත් වන අයට අනුකම්පා කිරීම ද, මෙත්තා කිරීම ද කළ යුතු ය. ඒ මේගොල්ලන්ට අපහසුතාවයන් බොහොම තියෙනවා. හරියට මනුස්ස ලෝකේ සත්වයන් තිරිසන් ලෝකේ සත්වයන්ට, අපායේ ඉපදෙන සත්වයන්ට අනුකම්පා කරන්නේ කෙසේ ද, අන්න ඒ ආකාරයට මේක වෙන්න ඕනෙයි කියන එක, මෙත්තාව පැවැත්විය යුතු ය. දැන්
මුදල් භාවිතය නිසා මේ සත්වයන් දුකට වැටී සිටින ආකාරය කියන එක සිහි වුණා. යම් භාණ්ඩයක් ලැබෙන්නේ නම්, යමෙක් දෙන දෙයක් නම් ප්‍රශ්නයක් නැහැ. Choice එකක් තියෙනවා නම්, ඒක තමයි මුදල් නිසා ඇති වෙන ප්‍රශ්නය, ප්‍රශ්නයක් කියලා තේරෙනවා. දැන් ඔයාට යමක්, මොනවා හරි ටිකක් ගෙනත් දෙනවා නම් ප්‍රශ්නයක් නෑ. සල්ලි දීලා ගන්නවා නම් එහෙම දැන් මේක ද මේකද කියලා choice එකක් තියෙනවා.
අන්න එතෙන්දි ප්‍රශ්නයක් තියෙනවා කියන එක පේනවා. ඉතින් මේක සම්මා ආජීවයත් එක්ක හොඳට එනවා. දැන් අරි අට මඟ යාමට දෙවි දේවමාතාවන්ගේ ආරක්ෂාවත්, උත්තරීතර මණ්ඩලයේ මෙහෙයවීමත් ලැබේවා කියලා පැතුවා, සම්මා දිට්ඨිය කියන එක සිහි කළා. සම්මා දිට්ඨිය කියලා කියන්නේ යම් ප්‍රදේශයක සම්මා දිට්ඨිය පැතිරිලා තියෙනවා නම් එම ප්‍රදේශයේ ඉපදීම වාසනාවන්තයි. අර කඩයක් ළඟ ඉන්නවා වාගේ. සම්මා සංකප්පය යම් ප්‍රදේශයක පැතිරිලා තියෙනවා නම් එම ප්‍රදේශයේ ඉපදීමත් වාසනාවන්තයි. මේ විදිහට මේ මුළු අරි අට මඟ ම ප්‍රදේශයක පැතිරිලා ඇත්නම් එම ප්‍රදේශයේ ඉපදීම වාසනාවන්තයි කියලා ආවා. කුමක් හින්ද ද?
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විමුක්තිය ම ඇති වෙනවා. කොහොම ද ඇති වෙන්නේ? සම්මා දිට්ඨිය නිසා. දුකයි, දුක්ඛ සමුදයයි, දුක්ඛ නිරෝධයයි, නිරෝධගාමිනී පටිපදාවයි කියලා දැකගෙන ඉතා පහසුවෙන් දුකට ගැලවීමට, හරියට අවශ්‍ය බඩු ලැබුවා වාගේ, හැකි වෙනවා.
මේ විදිහට සම්මා සංකල්පය ඇත්නම් අත්හැරීම පැතිරෙනවා. නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසාව. එතකොට මේ විදිහට මුළු අරි අට මඟ ම මම විමසාගෙන ගියා. ඉතා ඉහළ වූ සමාධියකින් යුතුව හිටියා. වැඩ වාසය කරලා ඊට පස්සේ, නිවනට ම යොමු වෙලා තිබුණායි කියලා තේරුණා, මේ සත්ත විසුද්ධිය ම ඇති වී තියෙනවා කියලා මේ අවස්ථාවේ දී කියන්නට පුළුවන්, ඉතින් භාවනාවේ නමත් සත්ත විසුද්ධිය තමයි.