ඒ උත්තරීතර මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ මේ ලෝකයේ වැඩ සිටින ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළමු වන, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ කියලා වැඳ නමස්කාර කළා, ලෝකයට සුව පිණිස, යහපත පිණිස වැඩ සිටින්නේ ය කියලා. මේ අනුව තුන් නම, හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
පන්සිල් ගන්නකොට මම පංචනීවරණ දක්වා පැමිණියා, එහි දී මට හොඳ සමාධියක්. මේ වෙනකොට මට ඇහුණා මේ කුඩා ළමයෙක් සහ වැඩිහිටියෙකුගේ කෑගැහීමක්. සද්දයක් ඇහුණා ම භාවනාවට එතන බාධාවක් ඇති වීම ගැන ඒක මෙනෙහි කළා මම. දැන් මේ සමඟ යම්කිසි වෙනසක් මනසේ වීම වෙනවා නේ ද කියන එක මං බැලුවා. සාමාන්‍ය පුද්ගලයෙක් ව්‍යාපාදයට යනවා. කොහොම ද? සම්මා වාචා diagram එකට අනුව අපි බැලුවොත් අභිජ්ඣා කියන එක තියෙනවා. ජරා වීම දුටුවහම ව්‍යාපාදය වෙනවා.
එතකොට මෙතෙන්දි ජරා වීම කියලා කියන්නේ මොකද්ද? මෙතන්දි ගන්නේ චිත්ත සමාධියේ ස්වභාවය වෙනස් වීම කියන එක, ජරා වීම කියන්නේ. Alteration කියන එක ඒක. තමා කැමති වූ ධ්‍යාන ස්වභාවය කෙරෙහි ඇති තණ්හාව. ඔතන දෙකක් තියෙනවා. Alteration එකයි තණ්හාවයි.
ඊළඟට මම මේක කල්පනා කළා මේ සිදුවීම, මේ කාය සූත්‍රය අනුව මෙනෙහි කළා. ඒකෙ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහණෙනි ප්‍රතිඝ නිමිත්තක් ඇත, එහි නොසුදුසු ලෙස වැරදි ලෙස සිතීම් බහුල බව නූපන් ව්‍යාපාදයන්ගේ ඉපදීමටත්, උපන් ව්‍යාපාදයන්ගේ වැඩිදියුණු වීමටත් හේතු වේ කියලා.
ඉතින් දැන් මං මෙතෙන දී බැලුවා මොකද්ද මේ ප්‍රතිඝ නිමිත්ත කුමක් ද කියලා. එතකොට මේ චිත්තයේ වෙනස් වීම තමයි ප්‍රතිඝ නිමිත්ත කියලා සලකන්න ඕනෙ. Alteration එක වුණා කියන එක. ඒ නුසුදුසු ලෙස වැරදි ලෙස සිතීම කියන්නේ මොකද්ද එතෙන්දි?
එතකොට නිර්වාණයෙන් පිටත වූ දෙයක් පැවැත්විය හැකි යැයි සිතීම, කියන එක තමා එතන තියෙන්නේ. නිත්‍ය යැයි සිතීම. පැවැත්විය හැකි ය යැයි සිතීම. දැන් ඔන්න මට මතක් වෙනවා “අජ්ඣත්තරතො සමාහිතෙ වික්ඛෙප පටිසරණා අයං අදොසො” කියලා. අන්න ඒ වෙලාවේදි අන්න මට “සාධු සාධු” කියලා ඇහුණා.
දැන් මං බැලුවා මේ ලෝභ, දෝස, මෝහ භාවනාව. දෝස පාරේ තියෙන්නා වූ ඨිතස්ස අඤ්ඤථත්තං සංඛත ලක්ඛණය කියන එක. එහෙම කියලා කියන්නේ මේක නේ ද කියලා මට කල්පනා වුණා. නිවනින් පිටත දෙයක් ගැන සිත පැවැත්වීමේ දී වෙන දේ මෙන්න මේකයි.
එතකොට මේ විදිහට අපි සමාධියට කැමති වෙනවා නම්, තණ්හාවන් වේ නම්, ද්වේෂය කියන එක ඇති වේ. වෙනස් වීම කියන එක ජරාව, ඒ තණ්හාව, දෝස ඇති වීමට හේතුවත් වෙනවා ප්‍රත්‍යයත් වෙනවා, ජරාවයි තණ්හාවයි කියන එක, වෙනස් වීම කියන එකයි මේ. ඒ දුක්ඛ නිරෝධය තණ්හාවේ නිරෝධය මගින් ම ඇති වෙනවා කියන එක මම ඉතින් කල්පනා කළා.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්