Date: 25/08/2014 Name: Viriya Iddhipada bhavana

ඒ උතුම් බුදුපියවරු මම සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, ශ්‍රේෂ්ඨතම, පළවෙනි බුදුපියාණන් වහන්සේ, ලෝකයට සුව සිත පිණිස වැඩ වාසය කරන්නේ ය කියලා. මේ විදිහට තුන් නමක්, අට නමක්, දාහතර නමක් සිහි කරලා මං වැන්දා.

ඉද්ධිපාදයෝ වඩමි කියලා කියනකොට එතනින් පටන් ගන්නෙයි කියලා කිව්වා. අර විරියො ච ඡන්දො කියන එක මම සිහි කළා. විරිය එතන තුන් ආකාරයකට භාවිතා කරන්න ඕනෙ. අපි දන්නවා පළවෙනි එකට රූපය ස්පර්ශ නොවෙන්න, සඤ්ඤාව මගේ නොවෙන්න, සංස්කාරය මගේ නොවෙන්න. රූපය ස්පර්ශ වුණොත් මොකද වෙන්නේ අර කබලිංකාර ආහාර පාර දිගේ අපි පල්ලෙහාට බහිනවා. මේක වළක්වන්න ඕනෙ.

එතකොට මෙතෙන්දි මට මතක් වුණා මේ area 1 එකයි, area 4 එකයි අතර සබඳතාවය. එතකොට රූපය මගේ කියලා ගන්නේ අර අත්තා කියලා වුණාට පස්සේ. එතකොට එහෙම නම්, ඒ කියන්නේ රූප ස්පර්ශ නොවීමට නම් ඒකට රුකුලක් දෙන්නා වූ අත්තා කියන එක, අර 5 කියලා ගන්නේ අපි, අත්තා කියන එක නොවෙන්න ඕනෙ. ඒ කියන්නේ දෙවනි එක තමයි අර සඤ්ඤාව මගේ නොවිය යුතුයි කියන එක, අර්ථයට ඒක එන්න ඕනෙ.

S_Sabbasava_s9.jpg

එහෙම නම් මේ වගේ සම්බන්ධතාවයක් ඔය තුන් වෙනි කාරණේට පෙන්නනවා නේ සංස්කාර මගේ නොවෙන්නයි කියලා, ඒකත් එක්ක තියෙන්න ඕනෙ කියන එක මට කල්පනා වුණා. අත්තායි, සංස්කාර මගේ නොවෙනවා කියන එකයි අතර සම්බන්ධතාවයක්. දැන් පේනවා ද රූපයයි අත්තායි, අත්තා සංස්කාර, කියන එක ආවා.

එතකොට මට area 6 කියන එක සිහි වුණා. රහතන් වහන්සේ ඕක පුරුදු කළා නේ හරියට ම. එතකොට පරාමාස, මෝහ අගති, ඉදංසච්චය කියන area 6 එක. එතකොට මේ area එකේ ධර්මය කොයි ආකාරයට ද flow එක වෙන්නේ කියලා මම විමසුවා. එතකොට දැන් අපි දන්නවා ඔය පරාමාස, ඉදංසච්ච, භය අගති, මෝහ අගති කියන කොටස දැන් මං මෙනෙහි කළා. Area 6 එකේ දෙපැත්ත ම සහිතවයි මේ බලන්නේ.

එතකොට දැන් මට මෙතෙන්දි කල්පනා වුණේ, අපි මේ අනාශ්‍රව සංස්කාර භාවනාව, ඔය ජූලි මාසයේ 6 වෙනිදා කරලා තියෙන භාවනාවේ තියෙනවා අපි, අර බෝක්කුව කැඩිච්ච අවස්ථාවේ දී අපි බැලුවා 1, 2, 3, 4 කියලා උඩින් එන්නා වූ එක. එතකොට අන්න ඒ වගේ මේකෙත් කොහොම ද සිද්ධ වෙන්නේ කියන එක කල්පනා කළා.

මේකෙදි මම කල්පනා කළා මේ ඉදංසච්චයේ ඉඳන් එනවා ඔය පළවෙනි එක කියන එක ඉදංසච්චයේ ඉඳන් තමයි එන්නේ කියන එක මං බැලුවා. එතකොට මං ඔතන 1යි කියලා දැම්මොතින් කෙනෙකුට confuse වෙනවා මොකද අර ඉස්සෙල්ලා එකත් 1, 2, 3, 4 කියලා දැම්මා නේ. අර සංස්කාර කොටුවේ flow වෙන එක හැටියට, බෝක්කුව කැඩෙන අවස්ථාවේ දී කරපු එක. එතකොට එහෙම නම් දැන් අපි මේකට කියමු 5 කියලා. 5 කියලා ගත්තොතින් මේකයි කියලා මට එතන හේතුව ඒක එතන වැටහුණා, මොකද අර 1, 2, 3, හතරේ, 4 වෙලා නේ මෙතන 1 වෙන්න පුළුවන් වෙන්නේ. 4 කියන එක ආවොතින් ඉදංසච්චයට එනවා. අර water flow වෙලා එනවා කිව්වේ නාමරූප පැත්තෙන් ඇවිල්ලා.

එතකොට ඉදංසච්චයට ආවායින් පස්සේ ඒක තමයි අපිට එන්න පුළුවන් වෙන්නේ, පල්ලෙහාට එන්නේ. ඉදංසච්චයේ ඉඳන් පල්ලෙහා සංස්කාර කියන කොටුවට එන්නේ. එතකොට එහෙම නම්, දැන් මෙතනින් අපි බලනවා මේ 5 කියන එක ඉදංසච්චයේ ඉඳන් පරිදේව වූ සංස්කාරයට දැන් එනවා.

දැන් හය වෙනි එක හැටියට එහෙනම් අපි ගන්නවා මෝහය නිසා, අර මෝහයෙන් එනවා නේ සංස්කාර කියන කෑල්ලට. ඒ 6 කියන එක ගන්නවා. මේක මේ උද්ධච්චය නිසා තමයි මේක කරන්නේ. උද්ධච්චය මගින් තමයි මේක පවත්වන්නේ. එතකොට එහෙනම්, ඒ කියන්නේ මෝහ අගතියේ ඉඳන් සංස්කාරයට එන එකට මම කියනවා 6යි කියලා.

එතකොට දැන් භය අගතිය දක්වා මේ මැද්දට ආපු කෑල්ල push කරන්න එපැයි, තල්ලු කරන්න ඕනෙ නේ. මේක තල්ලු කිරීම කියන එකට උදව් වෙන්නේ පෙර පරාමාස වූ ධර්මයෝ. පෙර පරාමාස වූ ධර්මයෝ කියලා කියන්නේ අර සුඛය කියන එක පරාමාස වෙලා තියෙනවා කියලා අපි දන්නවා නේ. අර 4 දි. ඒ සුඛය පරාමාස වෙලා තියෙන එක තමයි මෙතෙන්ට උදව් උපකාර වෙන්නේ මේ පැත්තට එවන්න.

එතකොට, එහෙම නම් දැන් අපි කියනවා පරාමාසයේ ඉඳන් සංස්කාරවලට එන කෑල්ල 7යි කියලා කියනවා, හත් වෙනි එක කියලා. එතකොට දැන් මේ තුන එකට එකතු වුණායින් පස්සේ, දැන් සංස්කාර ඉඳන් භය අගතියට යන එක එහෙනම් අපිට 8යි කියලා ගන්න පුළුවන්.

ඉතින් මේක සිදු වෙන්නේ මේ එකොළොස් වෙනි වටයෙන් පසුව. මේ අනුව තමයි, මෙසේ මේ සංස්කාර නිසා අත්තා වෙනවා කියන එක තියෙන්නේ. දැන් පේනවා ද. එතකොට අපේ සංස්කාර ඉඳන් අත්තා වෙනවා කිව්වහම දැන් අපි කතා කළේ රූපය ස්පර්ශ නොවීමට තියෙන්න ඕනෙ. සඤ්ඤාව මගේ නොවීමට, සංස්කාර මගේ නොවීමට. එතකොට රූපය ස්පර්ශ නොවෙන්න නම් අර සඤ්ඤාව මගින් කරන්නා වූ රුකුල කියන එක කැපෙන්න ඕනෙ, අත්තා කියලා ගන්නා වූ කතාව කැපෙන්න ඕනෙ.

දැන් අත්තා කියන කතාව කැපෙන්න නම් මේ සංස්කාර කියන එක මගේ නොවෙන්නයි කියන එක සිද්ධ වෙන්න ඕනෙයි කියන එක තියෙනවා. ඉතින් මේක තමයි විරිය ඉද්ධිපාද කියන භාවනාව තමයි මේ තියෙන්නේ.

ඒක තමයි කරපු භාවනාව.