Date: 26/08/2014 Name: Satara Iddhipada

උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවන, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ යැයි කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට තුන් නම, හත් නම, දාහතර නම සිහි කරලා වැන්දා. පන්සිල් ගැනීම කියන එක මම කරගෙන ගියා. අරි අට මඟ හරහා යෑම පටන් ගත්තා. ඒ එතෙන්දි දෙවි දේව මාතාවන්ගේ ආශීර්වාදයත් ආරක්ෂාවත්, ඒ උතුම් මණ්ඩලයේ මෙහෙයවීමත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා.

සම්මා දිට්ඨිය කියන එක සිහි කළා. සම්මා දිට්ඨිය සිහි කරපු ගමන් අර මණ්ඩලාධිපති බුදුපියා පෙන්වා දුන්නා නේ අභිජ්ඣා නැති වීම, ආයතන භාවනාව 2, ඒකෙදි, ඒක මං සිහි කළා. අභිජ්ඣාවෙන් දෝමනස්සය වෙනවා. ඒ වගේ ම අපිට පේනවා ආයේ බොජ්ඣඞ්ග diagram එකේ අපි දැක්කා උද්ධච්චයෙන් දෝමනස්සය වෙනවා. එහෙම වෙනවා නම් අපි ක්‍රෝධ නොවන්නේ ද කියන එක මම කල්පනා කළා.

ඊයේ භාවනාව මේ දොළොස් වෙනි රවුම. එකොළොස් වෙනි රවුමෙන් පස්සේ නේ. දොළොස් වෙනි රවුම, මාන පාර උද්ධච්චය නිසා වෙනවා කියන එක බැලුවා. එතකොට පෙර සුඛය පරාමාස වීම නිසා අර සංස්කාර ඉඳන් භය අගතියට එනවා අර අට වෙනි කියන එක ගත්තා. ඒක සිදු වුණේ එහෙමයි කියන එක.

එතකොට දහතුන් වෙනි රවුම ක්‍රෝධය කියන එක අපි දන්නවා. දැන් දහතුන් වෙනි රවුම ක්‍රෝධ වෙන්නේ මේක නිසා ම යි කියලා දැන් මට තේරුණා. මොකද්ද හේතුව? අපිට රූපය නිසා හෝ සමාධිය නිසා හෝ සැනසීමක් නෑ. කොයි ආකාරයට බැලුවත් මේකෙන් ගැලවිලා ඉන්න පුළුවන්කමක් ඇත්තේ නෑ. මෙසේ දන්නා, මෙසේ දක්නා පුද්ගලයා රූපයට හෝ සමාධියට හෝ ඇලීම අතහරිනවා. විමංසාව මගින් ඒක සිදු කරනවා. අතහැරීම කියන එක විමංසාව මගින් සිදු කරනවා. දැන් විරිය මගින් මේක දැඩි කොට පවත්වනවා. අභිජ්ඣා වීම මගින් සිදු වන හානිය, ඡන්ද ඉද්ධිපාදය මගින් සිදු කරනවා.

එතකොට මට මෙතන්දි ආවා අර දුක්‌ඛෙ සුඛන්ති විපල්ලාසය, ඒ විපල්ලාසය නිසා අපි පල්ලෙහාට, ද්වේෂයට එනවා කියන එක. මේක නොවෙන්න නම් අපිට ඡන්දය කියන එක අවශ්‍ය වෙනවා. ඡන්ද කියන සමාධිය කියන එක තියෙන්න ඕනේ. දැන් චිත්ත ඉද්ධිපාදය පෝතලිය සූත්‍රයෙන් ම සිහි කරන්න ඕනෙ.

එතෙන්දි සියල්ල එකතු කර එක ම අගයකට පත් කරනවා ඒක මගින්. පළවෙනි එක තමයි, චිත්ත ඉද්ධිපාදය පළවෙනි එක සංස්කාර. පාණාතිපාතා එපා, අදත්තාදාන එපා, මුසාවාද එපා. අර පෙර සංස්කාර වශයෙන්. ඊළඟට ආයෙත් පෙන්නනවා ගිද්ධිලෝභ එපා, ඊළඟට නින්දාරොසය එපා, ක්‍රෝධ උපායාසය එපා.

ඒ කියන්නේ ගිද්ධිලෝභය එපායි කියනකොට අපි දන්නවා රූපය ලාභ යැයි කියලා කරන්නා වූ විගඩම් තමයි එතන තියෙන්නේ. එතකොට තුන් වෙනි කතාවේදි ආපහු පේනවා, මේ මෙම මොහොතේ සිදු වන ක්‍රියාවලිය එපා කියලා. අර 4.4 කියලා කියන්නේ, ඒ කියන එක එපා කියනවා. එතකොට ඉද්ධිපාද උඩින් දෙකක් එනවා, මේ පැත්තෙන් දෙකක් එනවා. එතකොට ඒ පැත්තෙන් දෙක ඇවිල්ලා ඉද්ධිපාද 4 සතර ඉද්ධිපාදය කියන එක එනවා.

මේ භාවනාවේ නමත් සතර ඉද්ධිපාදය.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_Ayatana2/s_Ayatana2-03.jpg


S_Bojjhanga/S_Bojjhanga-04.jpg