Date: 27/08/2014 Name: Metta bhavana

උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ. යමෙක් මෙවැනි බුදු පිය නමක් සිහි කරන්නේ, ළං වන්නේ, ඇසුරු කරන්නේ නම් මෙත්තාව වැඩේ.

මමත් එසේ සිටිය යුතුයි කියලා කල්පනා කළා, වාසය කළ යුතුයි කියලා කල්පනා කළා. අන් අයට, මට ළං වන්නෙකුට ඇසුරු කරන්නෙකුට, කරන්නා වූ පුද්ගලයෙකුට මෙත්තාව වැඩෙන අයුරින් වාසය කළ යුතුයි කියලා කල්පනා කළා.

මෙසේ බුදුපියවරු දාහතර නම ම වෙන් වෙන්ව සිහි කළා. මනස හරි ශාන්තයි, ප්‍රණීතයි. මෙත්තාව නිසා මනසට විවේකයි. ඒ වගේ ම පුදුම freedom එකක් තිබුණා. මෙත්තාව නැති වුණොත් සද්ද වැනි දේවල් නිසා විඤ්ඤාණය වේදනාව අල්ලාගෙන දෝස පාරේ සිටීම සිදු වෙනවා.

මෙත්තාව ඇති නම් සතර විහාරයෝ ඇත. බ්‍රහ්ම විහාරය නිසා භව යෝගයට පාර වදිනවා. ව්‍යාපාද කාය ග්‍රන්ථ නොවේ. යම් වේදනාවක් නැවතත් නොපතයි. මේ නිසා නිදහස තියෙනවා. රූපය නිසා වන හානිය නොපවතියි. සතුට පවතියි. සමාධිය පවතියි.

දැන් ඒ පාර ඊයේ භාවනාවත් එක්ක සම්බන්ධ කළා, ඒක සිහි කළා. සතර ඉද්ධිපාදය. මේක හොඳින් පැවතුණා. ඒ එක්ක ම ඉතින් දර්ශනයන් දකිනවා වගේ දේවලුත් වුණා. දර්ශනයන් ඉතා ම පැහැදිලියි. මිනිත්තු පහක් පමණ නිරෝධයට ගිහිල්ලා වාසය කළා.

ඉතින් මේක තමයි කරපු භාවනාව.