ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කරනවා, නමස්කාරය වේවා. මම මෙනෙහි කළා ඒ පූජාව පැවැත්තුවාට පස්සේ, ඒ පන්සිල් ගන්න විදිහෙන් ම පොඩ්ඩක් කල්පනා කරගෙන ගියා. දැන් අපි කියනවා නේ පංචනීවරණ යටපත් කොට ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා යමි, ඊට පස්සේ කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා ගොස් චතුත්ථධ්‍යානයට යමි කියලා. මං අන්න එතනින් පටන් ගත්තා. එතනදි ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා චතුත්ථධ්‍යානයට යමි කිව්වහම, මුලින් ම ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා දිට්ඨිය කියන එක මෙනෙහි කළා. ඒ සම්මා දිට්ඨියෙන් තමයි අපිට, සම්මා සංකප්පයට යන්නේ. එතකොට සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පයට, මේ දෙක විතරයි මට එකපාරට ම සිහි වුණේ. ඒ සම්මා සංකප්පයේ තියෙනවා නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා කියන තුන.
ඉතින් මේක දැකපු ගමන් එකපාරට ම මට ආවේ, දැන් සම්මා දිට්ඨියයි නෙක්ඛම්මයයි ගන්න. සම්මා දිට්ඨිය තියෙනවා නම් කෙළින් ම අපිට පේනවා අපි අභිජ්ඣා නොවෙන්න ඕනෙ කියන කතාව. එතකොට මේක සම්බන්ධ වෙනවා, ඒ ඉන්ද්‍රිය සංවරය කියන එක ඇති කරගන්න ඕනෙ, අභිජ්ඣා නොවෙන්න ඕනෙයි කියන එක, ඒකෙන් අපිට කෙළින් ම එනවා ඡන්ද සමාධිය. ඡන්ද සමාධිය කියන එක කෙළින් ම ඒ දෙකෙන් සම්බන්ධ වෙනවා.
ඊට පස්සේ ආයෙත් එනවා, සම්මා දිට්ඨිය තියෙන්නට ඕනෙ, ඒ වගේ ම අවිහිංසාව කියන එකට යන්න ඕනේ. එතකොට ඔතනින් කෙළින් ම එනවා, ඔය දෙකත් එක්ක ම අපිට ඇති වෙනවා කියලා මේ, අර අමෝහ පාර, එහෙම නැත්තන් විමංසා ඉද්ධිපාදය කියන එක. මොකද සම්මා දිට්ඨිය නිසා මිච්ඡා දිට්ඨිය වෙන්නේ නෑ, මගේ කියලා ගන්නෙ නෑ. ඒක නිසා අපිට එනවා විමංසා සමාධියට යනවා කියන එක. ඊළඟට ආපහු සම්මා දිට්ඨිය තියෙනවා නම් මිච්ඡා දිට්ඨිය නෑ, ඒක නිසා ඒ පාරේ ගිහිල්ලා අපිට ඇති වෙනවා විරිය සමාධිය කියන එක.
එතකොට එතෙන්දි දැන් ඊයේ භාවනාව එක්ක සම්බන්ධ වුණා. ඒකෙන් පෙන්නනවා අපි සිත නිදහස් කරගන්න ඕන්නම් මෙත්තාව කියන එක තියෙන්න ඕනෙ. මෙත්තාව නැත්තන් මොකද වෙන්නේ අපි හිතමු මේ සද්දයක් හරි මොකක් හරි එකක් එනවා නම් ඒකත් එක්ක කෙනෙක්ගේ, ව්‍යාපාදයට යනවා. එතකොට ව්‍යාපාදයට ගියොතින් ඒ මනුස්සයාගේ මනස පිහිටනවා, ඒ වේදනාව අල්ලගෙන පිහිටනවා කියන එක තියෙනවා.
ඉතින් ඕකට රහතන් වහන්සේ ඉතින් හොඳ වචනයකුත් පෙන්නුවා ඊයේ, මෙත්තාව නැත්තන් අපිට වෙන්නේ මොකද්ද කියන එක. “රූපය නිසා වන හානිය. මෙත්තාව තියෙනවා නම් රූපය නිසා වෙන හානිය නොපවතියි” කියන වචනේ රහතන් වහන්සේ පෙන්නුවා. අර රූපය නිසා නේ. දැන් සද්දයක් කියලා කිව්වහම රූපයක්. ඒක නිසා යම්කිසි හානියක් තියෙනවා. ඒ හානියට තමයි අපි ඒ වේදනාව අල්ලගෙන ඉන්නේ. එතකොට ද්වේෂයෙන් අගතියට යනවා කියන එක තියෙනවා. ඒක නැති වෙන්න ඕනෙ.
එතකොට මේ විදිහට අපිට පේනවා ඒ චිත්ත සමාධිය කියන එක පවත්වන්න පුළුවන් කියන එක. එතකොට දැන් මට මේක සම්බන්ධ වුණා මේ, ඊට පෙර කරා මේ විරිය ඉද්ධිපාද භාවනාවයි, සතර ඉද්ධිපාද භාවනාවයි. මේ ඊයේ පෙරේදා කරපු භාවනා දෙක.
ඔය විරිය ඉද්ධිපාදයේ හරි ගැඹුරක් තියෙනවා. හරි ගැඹුරක් තියෙනවා කියලා කියන්නේ මුලින් ම ගත්තහම අපි ගන්නවා, විරිය ඉද්ධිපාදය පෙන්නනකොට රහතන් වහන්සේ පෙන්නුවා, රූපය ස්පර්ශ නොවෙන්න විරියක් තියෙන්න ඕනෙ. ඊළඟට සඤ්ඤාව මගේ නොවෙන්න විරියක් තියෙන්නෙ ඕනෙ. ඊළඟට ගත්තහම සංස්කාර මගේ නොවෙන්න විරියක් තියෙන්න ඕනෙ. එතකොට ඔය රූපය මගේ නොවෙන්න කියන විරිය අපි භාවිතා කළා. ඊට පස්සේ ඒ රූපය මගේ කියලා ගන්නේ මොකක් උදව් උපකාරයෙන් ද? අර අත්තා කියලා ගන්න එක. එහෙම නම් ඔන්න area 1 එකයි area 4 එකයි සම්බන්ධ වෙනවා. Area 4 එකේ අත්තා නොවෙන්න ඕනෙ කියන එක තියෙනවා. අන්න එතෙන්දි අර සඤ්ඤාව මගේ නොවන කතාව තියෙනවා. ඊළඟට ගත්තහම ඔය අත්තා නොවෙන්න නම් සංස්කාර කියන එක මගේ නොවෙන්න ඕනෙ. ඒ කියන්නේ area 1 එකයි area 6 එකයි සම්බන්ධ වෙනවා. Area 6 එකෙන් තමයි එතන කියන්නේ සංස්කාර මගේ නොවෙන්න කියන එක, සංස්කාර මගේ නොවෙනවා නම් තමයි අත්තා නොවෙන්නේ.
ඉතින් ඕකත් එක්ක හරි විශාල ධර්මයක් යනවා. ඒක ඕගොල්ලෝ පස්සෙ අහලා බලන්න ඒ විරිය ඉද්ධිපාද භාවනා. එතකොට මෙන්න මේ විරිය ඉද්ධිපාද භාවනාවෙන් ගත්තා වූ අගය, සඤ්ඤාව මගේ නොවෙන්න, රූපය මගේ නොවෙන්න නම් අත්තා නොවෙන්න ඕනෙ, අත්තා නොවෙන්න නම් සංස්කාර මගේ නොවෙන්න ඕනෙ.
මෙන්න මේ තුන ඔය අද භාවනාවේ එකපාරට ම අර සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පය වෙනවා කිව්වහම ඔක්කොම connect වෙලා ඉවරයි. මේක දන්න මනුස්සයාට ඔක්කෝම connect වෙලා. ඉතින් මේක කරලා ඒ මම ඔයිට වඩා දෙයක් කරේ නෑ. සම්මා දිට්ඨියයි සම්මා සංකප්පයයි, ඒ මුල වචන දෙක ගත්තා එතනින්. සිත හෙල්ලෙන්නේ නෑ එහෙම්ම ම පවතිනවා. නිරෝධයට ගියා හත් පාරක් විතර, ඒක ඇතුළත. එච්චරයි ඒකේ තියෙන්නේ. ඉතින් මේක විස්තර කරන්න ගියොත් ගොඩාක් වෙලා යනවා. හැබැයි අරක, අර අර්ථයයි තියෙන්නේ. පුදුමාකාරයි භාවනාව.