උතුම් බුදුපියවරුන්ට නමස්කාර කරනවා, නමස්කාර වේවා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, ශ්‍රේෂ්ඨතම වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ ය, කියලා නමස්කාර කළා. මේ විදිහට තුන් නම, හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
භාවනාවට පෙර ම මට කිව්වා මේ, ඔය කාම ආශ්‍රව භව ආශ්‍රව දිට්ඨි ආශ්‍රව කියලා භාවනාවක් කළා, 23 වෙනිදා ජූලි මාසේ, ඒකේ ඒ දිට්ඨි ආශ්‍රව කියන එක බලන්නෙයි කියන එක. එතකොට ඒක, කාම ආශ්‍රවය කියන එක සිද්ධ වෙන්නේ ඔය හතර වෙනි රවුමේ. ඒ කියන්නේ හතර වෙනි රවුමෙන් පස්සේ. 4.4 වුණහම තමයි කාම ආශ්‍රවය වෙන්නේ. ඒ කියන්නේ සුඛය කියන එක පරාමාස වුණා.
එතකොට ඊට පස්සේ භව ආශ්‍රවය කියන එක වෙන්නේ පස් වෙනි රවුමේ ය කියලා කිව්වා, ඒ කියන්නේ අත්තා කියලා ගත්තාට පස්සේ.
ඊට පස්සේ දිට්ඨි ආශ්‍රවය කියන එක සිද්ධ වෙන්නේ අට වෙනි රවුමෙන් පස්සේ. ඒ අට වෙනි රවුමෙන් පස්සේ තියෙන්නේ, අට වෙනකොට සංස්කාරවලට අපි අගයක් දීලා, මාන අගයක් වෙලා. ඒක වුණාට පස්සේ තමයි, ඒ කියන්නේ දැන් කෙනෙකුට, මට, මම ධර්මය දන්නවා, මම මේ මොනවා හරි subject එකක් දන්නවා කියමුකො, කිව්ව පලියට හරියන්නෑ නේ ආයතනයකින් ඒ පිළිගන්න ඕනේ ඔව් මෙයාට වැඩ පුළුවන් කියලා. මෙයාගේ සංස්කාරවලට අගයක් දෙන්න ඕනේ. අන්න ඒ අර්ථය තියෙනවා. ඔතනින් පස්සෙයි කියන එක තියෙනවා.
ඉතින් මට මේක ඒ රහතන් වහන්සේ කිව්ව වෙලාවෙම බලනකොට ම මට කල්පනා වුණා මෙතන මේ, විරිය ඉද්ධිපාද භාවනාවේදි අපිට පෙන්නුවේ රූපය මගේ නොවෙන්න, ඊළඟට සඤ්ඤාව මගේ නොවෙන්න, සංස්කාර මගේ නොවෙන්න. මේ දෙක එකට ගැළපෙනවා නේ. ඇයි ඒ? අට වෙනි කාරණය සංස්කාර මගේ කතාව කියලා කිව්වා, එහෙම නම් ඒක මගේ නොවෙන්න තමයි මේක තියෙන්නේ. ඊළඟට සඤ්ඤාව මගේ නොවෙන්න කිව්වහම අර අත්තා කියලා ගන්නැති එක. භව ආශ්‍රවයට එතන වදිනවා. දැන් දිට්ඨි ආශ්‍රවයට වදිනකොට මේකට වදිනවා, භව ආශ්‍රවයට වදිනවා. දැන් එහෙනම් කාම ආශ්‍රවය තමයි බලන්න තියෙන්නේ. ඔන්න ඔය අර්ථය තියෙනවා.
එතකොට දැන් මම ඕක කල්පනා කළා, ඔය අට වෙනි රවුමේ දී, මේ විදිහට වෙනවා නම් අර මේ flow එක, ඒ කියන්නේ අර diamond shape එකේ flow එක තියෙනවා නේ අලුවා කෑල්ල. මොකද්ද, වේදනාව, චේතනාව, ඉදංසච්චය, භය අගතිය ආපහු වේදනාවට එන්නා වූ එක. මෙන්න මේ flow එක කියන එක කැපෙනවා නේ ද කියන එක. ඒක කැපිලා දැන් මට පේනවා මේ පරාමාසය කියන එක, වටේට තියෙන ටික මේවා වෙලා පරාමාසය isolate වෙලා තියෙනවා කියන එක තියෙනවා.
දැන් මට තාම බලන්න තියෙන්නේ අර කාම ආශ්‍රවයේ කතාව තමයි. එතකොට දැන් මං මේක, ඔළුව හරි විශාලයි. කාම ආශ්‍රවයේ කතාව මං බලනකොට, දැන් මං කල්පනා කළා කොහොම ද මේක බලන්නේ. දැන් සුඛය කියන එක පරාමාස වෙන්න ඕනෙ. සුඛය පරාමාස වෙනවා කියන එක, දැන් එහෙම නම් අපි ඕක පළවෙනි වටයෙන් ම පටන් ගන්න එපායැ. පළවෙනි වටයෙන් ම පටන් ගන්නකොට කොහොම ද අපි සුභයි කියලා ඇදෙනවා කියන එක තියෙන්නේ? සුභයි කියන එක ඇදෙනවා කියන එක කොහොම ද වෙන්නේ? ඕකත් රහතන් වහන්සේ කෑලි දෙකකට කඩලා පෙන්නුවා සුභයි කියන එක,
ඒ කියන්නේ මුලින් ම ඕගොල්ලන්ට ඇති වෙන්නේ අර නාමකායේ පටිඝය කියන එක තමයි ඇති වෙන්නේ. ඒ කියන්නේ දැන් ඔන්න සඤ්ඤාව කියන එක ආවා, දැන් රූපය කියලා දැකලා සඤ්ඤාවක් තියෙනවා නේ ද? ඒ සඤ්ඤාව කියන එක අපි අවිද්‍යා ආශ්‍රවයෙන් ඔය සඤ්ඤාව උස්සන කතාව නේ තියෙන්නේ. ඔය සඤ්ඤාව පරාමාසයට ආවා, පරාමාසයේ ඉඳන් උඩ විඤ්ඤාණයට යන්න ඒක බාගයක් දුරට එයා ඇවිල්ලා තියෙනවා, උඩ සංස්කාරයේ කතාව. දැන් මේක තල්ලු කරන්න ඕනෙ කවුරු හරි එක්කෙනෙක්. ඒ තල්ලු කරන්නේ මොකෙන් ද, අර නාමකායේ පටිඝයෙන්. එතකොට මම කලින් මේක මේවා වෙලා තිබෙන්නා වූ පටිඝසම්ඵස්සය. එතකොට උඩින් එනවා චේතනාවේ ඉඳන් මේ සංස්කාර කියන තැනට. චේතනාවෙන් සංස්කාරයි මෙන්න මෙතනින් දැන් ආපු සඤ්ඤාවෙන් ආපු value එකයි ඒක push කරන්න ඕනෙ ඉදංසච්චයට.
එන්න එතකොට අපිට පේනවා එහෙම නම් පරාමාසය, උඩ තියෙන සංස්කාර cross එක, එතනින් එනවා ඉදංසච්චයට. මෙන්න මේ කෑලි දෙක නිසා තමයි ඔන්න සුභයි කියන කතාව අපිට ඇවිල්ලා තියෙන්නේ කියන එක තියෙනවා. එතකොට දැන් ඊළඟට අපි බලන්න යන්නේ අර නිත්‍ය කතාව. දැන් ඊළඟට තියෙන්නේ නිත්‍ය කතාව නේ. දැන් මේක නිසා ඇති වුණා වූ විඤ්ඤාණයක් දැන් තියෙනවා උඩ. උඩ දැන් විඤ්ඤාණය සකස් වුණා කියන එක ගන්න “සංස්කාර පච්චයා විඤ්ඤාණං” කියන කතාව ඔතන උඩ ඇවිල්ලා තියෙනවා. දැන් මේ විඤ්ඤාණයයි, නිත්‍යභාවයක් දැන් ඇති වෙන්න ඕනෙ. විඤ්ඤාණයේ ඉඳන් දැන් අපි ඇවිල්ලා තියෙනවා උඩ cross එකේ, උඩින් ඇවිල්ලා තියෙනවා ඒ සංස්කාර කියන cross එකට. දැන් මේක කවුරු හරි තල්ලු කරන්න ඕනෙ පරාමාසයට. ඒ විදිහටයි නිත්‍යභාවය. ඒක පරාමාසයට තල්ලු කරන්න නම් ආපහු මේ නාමරූපයෙන්, ඒකේ pressure එකත් එක්ක ආපු එක චේතනාවෙන් ආපහු මැද කෑල්ලට එන්න ඕනෙ. ඒ දෙක එක්කහු වෙලා තමයි පහළ සංස්කාරයේ ඉඳන් පරාමාසයට කියන එකට එන්නේ.
දැන් මගේ මේ වෙලාවේදි මේක එන්නේ නෑ. දැන් මං මේක බලන්න හදනකොට, මේක කිසිම ආකාරයකින් අර සම්බන්ධතාවය පල්ලෙහාට connect වෙන්නේ නෑ. ඒක එතන එහෙම ම නතර වෙලා තියෙනවා. මට තේරුණා මෙතන හොඳ ධර්මයක්. ඒක ටිකක් කියන්න අමාරුයි. කියන්න අමාරුයි කියලා කියන්නේ, ඔය උඩ විඤ්ඤාණයේ යම්කිසි අගයක් තියෙනවා ද, හැඟීමක් තියෙනවා ද, මේ පැත්තෙන් නාමරූපයෙන් එන්නා වූ අගයක් තියෙනවා ද ඒක දැන් මේ current value එක නේ. අතන විඤ්ඤාණයේ තියෙන කතාව පෙර එක, කියන එක නිසා සම්බන්ධතාවයක් එතන තියෙනවා. හැබැයි දැන් එන්නා වූ value එකකුත් මෙතන නාමරූප පැත්තෙන් තියෙනවා කියන එක තියෙනවා. ඉතින් ඕක අර neural networks එහෙම දන්නවා නම් ඒක හොඳට තේරෙනවා.
ඒකේ තේරෙන්නේ මොකද්ද මේ පැත්තෙන් input එකක් දුන්නට අර මැද්දේ weights වලින් connect වෙලා තියෙනවා යම්කිසි එකක්, ඒක නිසා උත්තරේ වෙනස්. ඒ කියන්නේ මම, ඒ කියන්නේ A අකුරක් කියන එක input එක හැටියට දෙන්න පුළුවන්. Neural network එකේ A අකුර කියන එක මේ, A අකුර perfect එකක් එතන තියෙනවා. ඒ තමන්ගේ කලින් ගත්තා වූ එක, මානයේ තියෙන අගය perfect value එක එතන තියෙනවා. දැන් input එක හැටියට දෙන A අකුර ටිකක් නිකන් skewed. ඒක ඇද වෙලා, කෑලි අඩු වෙලා ඒ වාගේ තියෙන්නේ. එතකොට මේ දැන් value එකයි අර value එකයි compare කිරිල්ලක් කරනවා. එතකොට ඔන්න ඔය අර්ථයෙන් තමයි මේක මේ පැත්තට බහින්නේ.
එතකොට මේ compare කිරීම කියන එක වෙන්න අර, දැන් සංස්කාරයෙන් ඇති වෙන flow එක, අත්තා කියලා අරගෙන flow එක, දැන් අපි දෙකක් කතා කරනවා නේ. දිට්ඨි ආශ්‍රවය කතාවයි, භව ආශ්‍රවය කතාවයි කියන එක, දෙක නැතෙයි කියන එක තියෙන්නෙ. මොකද විරිය කියන එක භාවිතා කළා සංස්කාර මගේ නොවෙන්න, අත්තා කියන එක මගේ නොවෙන්න. මේ දෙක නැති වුණාට පස්සේ අරක push කරන්න විදිහක් නෑ. අතෙන්ට ආවාට මේක push කරන්න විදිහක් නෑ.
ඉතින් ඔන්න ඔය තත්වෙට මනස හොඳට මේවා වුණායින් පස්සේ මේක තමයි මේ comparison එක කියලා කියන්නේ ඔන්න ඕකයි කියන එක මට හොඳට ආවා. ආවාට පස්සේ දැන් මේක, ඒ කියන්නේ අවිද්‍යා ආශ්‍රවයක් නැති නම් මේකේ තල්ලු වෙන්නේ නෑ, අවිද්‍යා ආශ්‍රවය තියෙනවා නම් තල්ලු වෙනවා.
මොකද අවිද්‍යා ආශ්රවයෙ දී අර compare කරන්න බැරි අවස්ථාවේ දීත්, ඒක අපි වෙනම භාවනාවක බලලා තියෙනවා, compare කරන්න බැරි අවස්ථාවේ දීත් එයා push කරනවා. ඒ අවිද්‍යා ආශ්‍රවය නිසා, කියන එක අර value එක මං කිව්වේ copy වෙනවා කියලා. එක පාරක් කිව්වේ අර ථීනමිද්ධ අවස්ථාවේ දී, ඒ කියන්නේ shirt එකක් ගන්න ගියා, ඒ මනුස්සයා කියනවා මේ මේක, දැන් අපි බලනවා බැලුවහම අපිට පේනවා මේ shirt එක මට ගැළපෙනවා ද නැද්ද කියලා හිතාගන්න බෑ. ඒ කියන්නේ අර ඒකේ ඉන්න මනුස්සයෝ, වැඩ කරන එක්කෙනෙක් හරි, wife හරි, ළමයෙක් හරි කියනවා ඔයාට ඕක ගැළපෙනවා කියලා, අර second opinion එක count වෙලා තමයි ඒක කරන්නේ. එතකොට ඒක නිසා flow වෙනවා කියන එක තියෙනවා.
මේ අවස්ථාවේ දී මේක මේ flow වෙන්නේ නෑ, කියන එක තිබුණා. ඒක හරී ම පුදුමයි ඒ විදිහට ඒ විශාලව මනස තියෙනවා. මේක සම්බන්ධතාවය නෑ. සම්බන්ධතාවය නැත්තන්, අර නාමකායේ පටිඝය කියන එක වුණායි කියලා මේක දුවන්නේ නෑ. පළවෙනි line එකෙන් ඒක ඉවරයි. පළවෙනි රවුමෙන් ඒක ඉවරයි. මනස හරී විශාලයි. පුදුමාකාර විදිහට විශාලයි.