Date: 30/08/2014 Name: Anasava citta

ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා, නමස්කාරය වේවා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ ය, කියලා වැඳ නමස්කාර කළා. ඒ විදිහට බුදුපියවරු දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මට ඒ භාවනාවට පෙර ම කිව්වා, මේ කුතුහල භාවනාව කළා කලින් දවසක, ඒ භාවනාවේ ඒ දේ බලන්න කියන එක. ඉතින් එතෙන්දි මම කල්පනා කළේ මේ, ඔය සංස්කාර කියන එක, අර B කියන point එක තියෙනවා නේ. දැන් සාමාන්‍යයෙන් මොකක් හරි වස්තුවක් දැක්ක ගමන් bell shaped curve එකක A කියලා point එකක් හැදෙනවා. ඒ කියන්නේ මේ පල්ලෙහායින් හැදෙන්නා වූ තැනක් තියෙනවා. ඒක තමයි එතන වේදනාවක් කියන එක තියෙනවා. ඊට පස්සේ මේ දෙවනි point එක මේ B කියන point එක හදන්නේ මොකද කියන එක තමයි මම මේ භාවනාවේදි කල්පනා කළේ, ඇයි අපි ඔය දෙවනි, සංස්කාරය කියන එක කරන්නේ?

දැන් ඊයේ භාවනාවෙත් අපි ආවේ ඔතෙන්ට නේ. එතකොට මම ඕක මුලින් කල්පනා කරනකොට මං ඔය ගත්තේ ඔය සද්දය ම තමයි. එතකොට ඒ සද්දය දැන් constantly ඒක එනවා, ඒක variation එකකුත් තියෙනවා. එතකොට දැන් මම කල්පනා කළා මුලින් ම, මුලින් හිතුණා ඒක ගිහිල්ලා මොකද්ද කියලා බලන්නෙයි කියලාත්, ඒ කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් ද මෙතන, මේකයි කියන එක. ඒ පාර ඒ, දැන් මං ආයෙත් කල්පනා කළා මේකේ මේ සද්දය එනවා, මේ සද්දයට ඇයි අපි react කරන්නේ? මේ දෙවනි එකක් හදන්නේ?

ඉතින් ඒක ම මං උදාහරණයට ගත්තා. දෙවනි point එක හදන්නේ මොකද කියන එක කල්පනා කළහම එතකොට මං කල්පනා කළා මේකේ, දැන් ටිකක් අමාරුයි මේක විසඳගන්න බැලුවහම. එතකොට දැන් මං මේ කල්පනා කළා මගේ විඤ්ඤාණය ඔතන පිහිටන්නේ මොකද, මේකේ මේ, දැන් මං දන්නවා සද්දයක් එනවා නම් නිතර ම ඔතන ව්‍යාපාදයක් කියන එක ඔතන සම්බන්ධ වෙනවා. ඒක, දැන් එතකොට ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් ගිහිල්ලා මේක off කරයි හරි මොකක් හරි, මොකද්ද කියලා බලයි කියලා හරි එකක් තියෙනවා,

එතකොට මං කල්පනා කළා එහෙනම් මේක මේ plan එක නිසා ද මේක වෙන්නේ? යම්කිසි plan එකක් තියෙනවා නේ. දැන් plan එක කියලා කියන්නේ තව කෙනෙක් ගිහිල්ලා බලාවි කියලා ඒ වගේ plan එකක් ද? එතකොට plan එක කියන එක මම කල්පනා කළහම ඊට පස්සේ මට හිතුණා නෑ මේක ම වෙන්න බෑ. මේකෙත් තියෙනවා සම්බන්ධතාවයක්. ඒක හුඟාක් ම සම්බන්ධ වෙන්නේ අර වේදනාවත් එක්ක react කරනවා කියන එක.

ඒ පාර චේතනාව ද කියලා බැලුවා. එතකොට චේතනාවෙත් යම්කිසි සම්බන්ධයක් තියෙනවා, හැබැයි ඒක ම විතරක් වෙන්න බෑ. ඒ පාර ඕක සඤ්ඤාව ද, ඔය විදිහට ගිහිල්ලා අන්තිමට ගියා රූපය. රූපය ම තමයි මේකේ ප්‍රශ්නේ.

ආන්න එතෙන්දි මට ආවා “රූපෙ විභූතෙ න ඵුසන්ති ඵස්සා.” රූපය ඉක්මවනවා නම් ස්පර්ශයක්වත් වෙන්නේ නැහැයි කියන එක ආවා. එතකොට අනිත් අතට තමන්ට තේරෙනවා අර plan එකේ වාගේ ඒවායේ කතාවල් ගියායින් පස්සේ ඒ වේදනාව අල්ලගෙන තමන්ගේ මනස ඉන්නා වූ ඒ ස්වභාවය කියන එක, ඒක නැති වෙලා යනවා. ඒක පවතින්නේ නෑ. එතකොට ඒක නිසා අර සද්දය වාගේ දේකට අපේ මනස පුරුදු වෙලා ඊට පස්සේ ඒක ගානක් නැති වෙන ස්වභාවයට වාගේ පත් වෙනවා කියන එක තියෙනවා. එතකොට එහෙම නම් එතන ඔය, ඒ යම් වූ ආකාරයකට වේදනාවක්, වේදනාව නිසා ඇති වෙන්නා වූ ද්වේෂ පාරේ යෑමක්, ව්‍යාපාදයක්, ඒ කෑල්ල බැහැලා යනවා කියන එක තිබුණා.

එතකොට අනිත් අතට ගත්තහම දැන් මේ රූපය කියන එක. ඒක අපි ඉක්මවන්නේ නැහැ නේ ද කියන එක. දැන් තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ අත කවුරු හරි කෙනෙක් කපනවා නම් බුදුහාමුදුරුවන්ට එයා ගැන කිසිම ව්‍යාපාදයක් ඇති වෙන්නේ නෑයි කියලා. එතකොට දැන් අපි හරියට ම රූපය ඉක්මවනවා නම් අපිට ස්පර්ශයක්වත් වෙන්නේ නෑ, මොකක්වත් නැතෙයි කියන තත්වයේ, ඒක තියෙන්න ඕනෙ.

එතකොට අපි එහෙනම් රූපය හරියට ම ඉක්මවන්නේ නෑ නේ ද? දැන් බලන්න අපි මේ ශරීරය කොච්චර කරත් මේකට කවනවා, පොවනවා, මේක ඉක්මවන්නේ නෑයි කියන එක තියෙනවා. ඒ වාගේ අර සද්දය ඉක්මවන්නේ නැහැයි කියන එක තියෙනවා. නමුත් ඒ සද්දයෙන් ඇති වෙන්නා වූ ප්‍රශ්නය එච්චරක් ගැඹුරට නැහැ අර මැද්දේ තියෙන ව්‍යාපාද කොටස නැත්තන්.

ඒ වාගේ ම අර චේතනා කොටස නැත්තන්, අර plan එකකට යන්නා වූ ඒ කොටස එහෙම නැත්තන් ඒක නැහැයි, එතකොට මට පෙනුණා මේ තුන ම මේකේ නැති වෙන්න ඕනෙයි කියන එක. එතකොට මෙන්න මේවා ඔක්කොම නැත්තන් ඉතින් තමන්ට මේ අර දෙවනි කොටස හදන්නේ නෑ. Peak එක, අර අනිත් peak එක, මානයෙන් හදන්නා වූ B කියන peak point එක හදන්නේ නැහැයි කියන එක,

ඒක තමයි මගේ භාවනාවට ගත්තේ.