ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා, නමස්කාරය වේවා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ ය, ආශ්‍රව නසලා සිටින්නා වූ බුදුපියාණන් වහන්සේ ය කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට බුදුවරු දාහතර නමට ම නමස්කාර කළා, ඒ ආශ්‍රව නසලා ඉන්න බුදුපියවරු කියලා.
ඊට පස්සේ මම, මට මේ භාවනාව කරන්න පෙර ම මට කිව්වා මේ කලින් කරපු භාවනාවක් අර, ඒ භාවනාවේ ආශ්‍රව කියන එක, අවිද්‍යා ආශ්‍රව කියන එක කොහොම ද ඇති වෙන්නේ කියන එක, දහ වෙනි රවුමේ දී ඇති වෙනවා කියලා ඒ points දෙක, A, B කියන points දෙකක් හැදෙනවා නේ. ඒක bell shaped curve එකේ A point එකයි B point එකයි ඒක අර ථීනමිද්ධ අවස්ථාවේ දීත් ඒක දුවනවා කියන එක, flow වෙනවා කියන එක ඒක බලලා ඒක පටන් ගන්නෙයි කියලා කිව්වා.
එතකොට මම භාවනාව පටන් ගත්තහම මම මුලින් ම කරන්නේ කොහොමත් මේ ලෝභය නැති කරමි කියන කොටස මං බලනවා. ඒ ලෝභය නැති කරමි කියන කොටස මම බලනකොට මට කල්පනා වුණේ, මේ රූපය නිසා, අපි ඊයෙත් කල්පනා කළා රූපය නිසා වන්නා වූ හානිය කියන එක, ඕක නැති කරගන්න තමයි මෙත්තාව කියන එක භාවිතා කරන්න ඕනෙ කියන එක.
එතකොට ඔය රූපය නිසා අපිට පේනවා අපි උඩ විඤ්ඤාණය දක්වා එනවා. රූපයෙන් වේදනා ස්පර්ශ ඔය විදිහට වෙලා. එතකොට මේකේ හානිය කියන එක කියන්නේ, දැන් මේක නිසා මං විඤ්ඤාණය දක්වා ආවායින් පස්සේ, විඤ්ඤාණයෙන් අර අත්තවාද උපාදානය, අත්තභාව පටිලාභය, ජාතිය කියන එක ඇති වුණා.
ඉතින් දැන් ඒ පාර ජාති වුණා නම් ජරා ව්‍යාධි මරණය කියන එක ඇති වෙනවා. ඒ පාර පේනවා ද මේක අර Z අකුර විදිහට යනවා කියන එක පේනවා. එතකොට මේ විදිහට මේක ගියහම දැන් මට පේනවා මේ හානිය කියන එක කොච්චර දරුණු ද කියලා. දැන් රූපය කියන එකෙන්, දැන් අපි දන්නවා සද්දයක් තියෙනවා නම් ඒකෙන් හානියක් තියෙනවා කියන එක. අර ඒක නිසා ව්‍යාපාදයන්ට එහෙම යනවා කියන එක. ඉතින් ඊළඟට ගත්තහම අපිට පේනවා මේ රූපය වෙනස් වීම නිසා, ජරාවට පත්වීම නිසා කොච්චර හානියක් තියෙනවා ද, ලෙඩ වෙනකොට තව කොච්චර හානි ද, මරණය වුණහම කොච්චර ද. මේක හරි දරුණුයි. මේකේ දරුණුකම කියන එක බොහොම තදින් පේනවා.
එතකොට මෙන්න මේක දැක්කාට පස්සේ දැන් මේ, මට කල්පනා වෙනවා අර ආශ්‍රව භාවනාව නේ බලන්නෙයි කිව්වේ. එතකොට මට පේනවා මේ, මෙතනින් වෙන්නේ මොකද්ද මේ Z අකුර හැදෙනකොට මෙතනින්, මේ අවිද්‍යා ආශ්‍රවය කියන එකට මේ හැම එකෙන් ම contribute කරනවා. කාම ආශ්‍රවය, භව ආශ්‍රවය, දිට්ඨි ආශ්‍රවය ඒ තුනෙන් ම අවිද්‍යා ආශ්‍රවයට contribute කරනවා කියන එක තියෙනවා. කොහොම ද contribute කරන්නේ?
එතකොට කාම ආශ්‍රවය කියන එකේ අපි දන්නවා අර සුඛයි කියලා අරගෙන පසු සඤ්ඤාවක් තමයි කාම ආශ්‍රවය. එතකොට සුඛයි කිව්ව එක තමයි මේකේ එයා contribute වෙලා තියෙන්නේ. එතකොට සුඛයි, කාම ආශ්‍රවය කියන එකට ආවා. එතනින් මෙතෙන්ට contribute වෙනවා කියන එක තියෙනවා. අර ලෝභය නැති කරමි කියන diagram එකේ තියෙන line එක නේ මේ, ඒකට නේ මේ support කරලා තියෙන්නේ. ඒ line එකට, දැන් අපි දන්නවා ලෝභය ඇති වෙන්නේ කොහොම ද කියන එක අර ජාතියේ ඉඳන් චේතනාව දක්වා තියෙන line එක. එතකොට මේ line එකට parallel lines තුනක් නේ අපි මේ කතා කරන්නේ. එතකොට මේකේ ඔන්න එකක් පයිප්පයක් දාලා ආවා වගේ ආවා කාම ආශ්‍රවයට, සුඛයි කියන එක.
එහෙනම් ඒ සුඛයි කියන එක නිසා මට අවිද්‍යා ආශ්‍රවය තියෙනවා. ඒ කියන්නේ මේ, මෙතන බලන්නේ මොකද්ද, මේ විඤ්ඤාණය මේ ධාරාවක් වශයෙන් පවත්වන්න, අර frame එක දුවන්න, උදව් උපකාර වෙන්නා වූ දේ. එතකොට සුඛයි කියලා ගත්ත එක නිසා මට ඇති වෙනවා කාම ආශ්‍රවය, ඒක නිසා මං ඉන්නවා. ඒ කියන්නේ මං කියනවා මේ අඹ ගෙඩිය කාලා මේකේ රසයි, ඒක හින්දා මං ඉන්නවා කියලා කතාවක් තියෙනවා. එහෙනම් ඒකට මං දුවනවා.
එතකොට ඊළඟට අර, ඊළඟට එන එක තමයි අත්තා, තමා කියන එක. එතකොට ඒකෙන් තමන්ට ඇති වෙනවා භව ආශ්‍රවය. අඹ ගෙඩිය කාලා මේක රස නිසා මං ඉන්නවා. දැන් මං මොකද ඉන්නේ?
මේ මං, මගේ හින්දා. දැන් කියන්නේ මේ ගෙදර මගේ. මම ගෙයක් හදාගත්තා, මේ ගෙදර මගේ. මගෙයි කියන එක හින්දා මම දැන් ඉන්නවා කියන එක තියෙනවා. එතකොට ඒ අවස්ථාවේ දීත් අවිද්‍යා ආශ්‍රවය ඔන්න දැන් දුවනවා කියන එක තියෙනවා. ඊළඟට කියනවා මොකද ඔයා ඉන්නේ?
මං ඉන්නේ දැන් නිත්‍ය හින්දා. අර නිත්‍ය නිසා එතනින් ආවා අපිට දිට්ඨි ආශ්‍රවයට, දිට්ඨි ආශ්‍රවය නිසා මං කියනවා ඉන්නවා. එතකොට දැන් බලන්න මං ගේ, රස හින්දා ගේ, ගේ හදා ගත්තාට පස්සේ මගේ හින්දා මං ගෙදර ඉන්නවා. ඊට පස්සේ ආයෙත් කියනවා මේ ගේ මගේ නිත්‍යයි, නිත්‍ය හින්දා මං ඉන්නවා, කියලා මේ විදිහට මම අවිද්‍යා ආශ්‍රවයට එනවා.
එතකොට මේකේ අන්තිමට අවිද්‍යා ආශ්‍රවය කතාවේදි කියනවා අනිත් තුන පැත්තකට දාලා, මේ කතාවල් මට දැන් හිතාගන්නත් බැරි අවස්ථාවක්. මොනවද හිතාගන්න බැරි අවස්ථාව? සුඛයි ද කියලා ගන්න, තීරණයක් ගන්නත් බෑ. ඊළඟට මගේ ද කියලා තීරණයක් ගන්නත් බෑ. ඊළඟට මේක නිත්‍යයි ද කියලා තීරණයක් ගන්නත් බෑ අර shirt එකක් ගන්න ගිය අවස්ථාව. Shirt එක ගැළපෙනවා ද කියලා දන්නෙ නෑ. මං ගියා කඩේට shirt එකක් ගන්න, ගියායින් පස්සේ මට, මේ දන්නේ නෑ මේ shirt එක මගේ ඇඳුමට ගැළපෙනව ද, මට ගැළපෙනවා ද කියලා.
ඉතින් හිතාගන්න බැරි වෙලාවේදි අර salesman හරි තමන්ගේ දරුවෙක් හරි wife හරි කියනවා ඕක හොඳයි තාත්තට, ඔයාට හොඳයි කියලා නේ ද? අන්න අර second opinion එකත් එක්ක උඩ අපි දුවනවා කියන එක තියෙනවා, ඒක වෙනම භාවනාවක් හැටියට අපි බැලුවා. ඉතින් මේ දෙක තෝරගන්න බැරි අවස්ථාව, ඒ කියන්නේ අවිද්‍යාව, මේක දුක ද නැද්ද කියලා තෝරගන්න බැරි අවස්ථාවේ දීත් අපි මේක දුවනවා. ඒ කියන්නේ අවිද්‍යා ආශ්‍රවය නිසාත් එහෙනම් මේ විඤ්ඤාණය ධාරාවක් වශයෙන් ඕක පවතිනවා.
එතකොට ඔය තත්වෙට පත් වුණා ම රහතන් වහන්සේ ඇහුවා “දැන් ඔබ ඔය ඉන්නෙ කොතන ද?” කියලා. මේ මේකේ ඉතින් දැන් බැලුවහම මට තේරෙනවා ප්‍රඥාව තියෙනවා. බොහොම තදට තියෙනවා. මේ ඇතුළේ අර කූඤ්ඤේ දක්වා ඔක්කෝම දැනිලා තියෙනවා. මං කිව්වා රහතන් වහන්සේට, මට මේක කියා ගන්න බෑ මොකද්ද කියන එක, කියන එක හිතාගන්න බැහැයි කියන එක, කියා ගන්න බැහැයි කියලා. අන්න ඒක තමයි කිව්වා අර අනාශ්‍රව චිත්තයේ අවස්ථාවන් කියන එක.
එතකොට අර කලින් අනාශ්‍රව චිත්තයට වඩා මෙතන තමන්ට වෙනසක් දැනෙනවා. ඉස්සර අනාශ්‍රව චිත්තය ආවහම අර හිතන්න බැරිකම කියන එක තියෙනවා නේ. දැන් මේකේ ඒක පැනලා. මේක පැනලා දැන් තමන්ට ඒ තත්වයේ ඉන්න පුළුවන්, ඉඳලා හිතන්නත් පුළුවන්කම කියන එක තියෙනවා කියන එක තියෙනවා. එතකොට අන්න ඒ විදිහට තමයි ඒ අනාශ්‍රව සහිතව ඉන්නකොට තියෙන අවස්ථාව කියන එක.
ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.