ඒ උතුම් බුදු පියවරුන්ව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළමු වන, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ වශයෙන්. මේ විදිහට දාහතර නම ම සිහි කළා.
භාවනාවට ඉස්සෙල්ලා ම මට කිව්වා, මේ උපශාන්ත භාවනාව කියලා භාවනාවක් කළා ඔය ජූනි මාසේ 21 වෙනිදා. ඒකෙදි, මං ඒක ඉස්සෙල්ලා කියලා ඉන්නම්. ඒකේ තියෙන්නේ, මම ද්වේෂය නැති කරමි කියලා කල්පනා කරපු වෙලාවේ ඉතින් කල්පනා කළා යම් සඤ්ඤාවකින් අපි ජීවත් වෙන්න පුළුවන් ය කියලා සිතනවා කියන එක පහ කරන්න ඕනෙ කියන එක. ඉතින් මෙහෙම ජීවත් වෙනවා කියලා මෙයා කියනවා නම්, ඒකට වඩා සැප වූ වේදනා ඇති තව යම්කිසි දෙයක් ඇති යැයි කියලා කල්පනා කරන්න ඕනෙ. දැන් මං කියනවා නම් මේ පළවෙනි ධ්‍යානයෙන් මම ජීවත් වෙනවා කියනකොට තව එක්කෙනෙක් ඇවිල්ලා කියනවා මේ, දෙවනි ධ්‍යානය ඊට වඩා හොඳයි. ඉතින් ඔතන කෙළවරක් නෑ. කෙනෙක් හිතන හිතන එකට වඩා තව හොඳ කියන එකක් තියෙනවා.
ඒ කියන්නේ අපි නිතර ම එකකින් ජීවත් වෙනවා කිව්වහම අර නිත්‍යභාවය, නියත, permanent කියන කතාව අපිට ඇවිල්ලා තියෙනවා. ඒක එහෙම කරන්න පුළුවන්කමක් ඇත්තෙ නෑ. ඉතින් ඒ පාර, දැන් මං මේක එදා සම්බන්ධ කළා මේ අනාශ්‍රව සඤ්ඤාවත් එක්ක සම්බන්ධ කළා. ඒ සම්බන්ධ කරපු වෙලාවේ මම දැක්කා, යම්කිසි වේදනාවක් නිසා පවතිනවා යැයි කියලා අපි, පැවැත්විය යුතු යැයි කියලා සිතනවා නම් අර සඤ්ඤා පරාමාස cross එක එතන ඇති වෙනවා, නාමරූප cross එක. ඒක ඇති වුණා නම් ඊට පස්සේ අර අලුවා කෑල්ල, diamond එක ඇති වෙනවා. වේදනා, චේතනා, ඉදංසච්ච, භය අගති කියන එක ඇති වෙනවා. මේක ඇති වුණා නම් මානය නිසා ඇති වෙන පාර. ඉතින් මේක ඇති වුණා නම් ඉතින් අපි දන්නවා මාන වෙනවා කියන එක සිද්ධ වෙනවා කියන එක.
ඒ භාවනාවේදි කල්පනා කළා රහතන් වහන්සේගේ සිත කොයි ආකාර ද කියලා. එතන මොකක්වත් stream එකක් නෑ. විඤ්ඤාණය කියන එක මේ දැනගැනීම සඳහා පමණයි තියෙන්නේ, අර knowledge instances විතරයි තියෙන්නේ කියන එක තියෙනවා. එතකොට මෙන්න මේ භාවනාව, ඒ කියන්නේ ඒ රහතන් වහන්සේට මේ සඤ්ඤා පරාමාස කියන කතාව නැතෙයි කියන එක තිබිලා ඉතින් ඒ බොහොම මනස peaceful ව පැවතුණා එදා ඒ භාවනාවේදි. ඒක තමා උපශාන්තයි කියලා කියන්නේ.
එතකොට දැන් මං, මට රහතන් වහන්සේ කිව්වේ අද, පන්සිල් ගන්න දක්වා ගිහිල්ලම ඒක කරන්නයි කියලා. එතකොට අර ලෝභය නැති කරමි කියලා ඒක අර කොඩිය වාගේ තියෙන එක, ඔය විදිහට ද්වේෂය නැති කරමි, මෝහය නැති කරමි, ඒක හොඳට ඒක බැලුවා අන්තිමට ඉතින් සුරාමේරය මජ්ජපමාදට්ඨානා කියන දක්වා ම මම හොඳට කාරණාවෙන් කාරණාවට හොඳට මං මෙනෙහි කළා. ඒ තත්වෙට ආවාට පස්සේ ඉතින් මම කල්පනා කළා මේ, දැන් අපි දැන් ධර්මයක් හොයනවා. දැන් අදත් අලුතෙන් ධර්මයක් අපි හොයනවා. මොකට ද මේ ධර්මයක් හොයන්නේ?
අලුතෙන් මේ ධර්මයක් හොයන්නේ, අපි දන්නවා මේ ධර්මයෙන් සමාධියක් ඇති වෙනවා, සමාධියක් අරගෙන ජීවත් වෙනවා කියන්නයි, දැන් මේ කතාවත් එක්ක සම්බන්ධ වෙනවා. සමාධියක් ඇතුව ජීවත් වෙනවා. එතකොට අපි දන්නවා අර ධම්මමච්ඡරිය කියන එක. ඔන්න ඒක තියෙන්නේ අර diamond එකේ ම තමයි. එතකොට මේක හොයාගෙන යනවා කියලා කියන්නේ, එහෙම නම් අපි මේ යමක් දැනගන්න හදන්නේ මේක දුවවලා. මේක හරහා දුවවලා තමයි මේ අවබෝධයක් කියන එක ඇති කරගන්න අපි උත්සාහ කරන්නේ. එතකොට ඕක, ඒක හරියට මට ලස්සනට උදාහරණයත් එක්ක ආවේ, දැන් අද කාලේ මේ scientist ලා කරන්නේ, මොනවා හරි facts ටිකක් අරගන්නවා, අරගෙන මේක දිගේ දුවවනවා. දුවවලා ඉවර වෙලා ඊට පස්සේ මනුස්සයන්ට කියනවා එකක්, අද එකක් හෙට එකක්.
ඉතින් ඕක මේ ගමේ මනුස්සයත් ඔය විදිහ ම තමයි. Science කියලා කිව්වට ගමේ මනුස්සයත් ඔහොම ම තමයි. දැන් ඒ මනුස්සයා ගත්තහම ඔන්න දැන් ගස් කියනවා. ගස් ගැන දන්නවා. එතකොට ඒ මනුස්සයා කොයි ප්‍රමාණයට ද දන්නේ ගස් දැන් පොල් ගස් කියලා කිව්වහම මොකද්ද අපිට තියෙන්නේ? දැන් බලන්න, ගස කියලා කිව්වහම එකපාරට මනුස්සයෙක් නිකන් ගස් කියලා ගොඩකට දානවා නිකන් ධාතු වශයෙන් වාගේ කතාවක් තියෙනවා. එහෙම අතර අර්ථයක්මත් නෙවේ දැන් මනුස්සයෙක් ගහක් දිහා බැලුවහම ඔන්න පොල් ගහක් දැක්කා ම ආන්න අර, අර ඉස්සර අපි රචනා ලියන්නේ. පොල් ගස. තාල වර්ගයේ ගසකි. මේකේ කොලවලින් මේක හදනවා ය, කඳෙන් මේ පරාල ගන්නවා ය, පොල් ගෙඩිවලින් මෙහෙම කනවා ය. දැන් එතකොට එයාගේ knowledge එකේ instance එක තියෙන්නේ අර එයා කරපු සංස්කාරයන් තියෙනවා නේ. ඒකත් එක්ක තමයි එයා ඒක දුවවලා කරගත්ත දේ තමයි මෙතන ඒක තියෙන්නේ, නේ ද.
එතකොට තවත් මනුස්සයෙකුට ඕක එනවා, ගස්, ඔක්කොම එකයි, ගස්. ඒ කියන්නේ පොල් ගහ ද කිතුල් ගහ ද ඊළඟට මේ eucalyptus ගහ ද මේවා ඔක්කොම, හැබැයි ඉතින් හැම ගහක් ගැන ම යම්කිසි knowledge එකක් ඇතුව තමයි අර මනුස්සයා ඒ හැඟීමක් තියෙන්නේ. තව එක්කෙනෙක් ඕවා ඔක්කොම ගස් කියලා කතාවක් තියෙනවා කියන එක තියෙනවා. මේකේ ගත යුත්තක් නෑ ඔක්කොම ගස්, trees කියන එක.
එතකොට දැන් මං මේ කල්පනා කළා එහෙම නම් මේ දුවවලා දැනගන්නා වූ ධර්මයේ ඒ ඇති වැඩක් නෑ. මේකෙන් දුවවලා දන්නා වූ ධර්මයෙන් අපි එක එක කතාවල් හදනවා, අර scientist අරක කියනවා අද එකක් හෙට එකක් කියනවා වාගේ, තමන්ගේ ඇති වෙන්නා වූ මේ දිට්ඨියේ කතාවක් විතරයි මෙතන තියෙන්නේ. අරක කැරකෙව්වා නම් මාන වෙනවා, මාන වෙලා ඒකේ තියෙන ඒ දිට්ඨිය කියන එක ඇති වුණා, ඉතින් ඒක තමයි ඉස්සරහට දාලා මේ කියන්නේ, කියන එක තේරෙනවා.
ඉතින් දැන් මට මේ කතාව වෙනකොට දැන් මගේ අනාශ්‍රව චිත්තය කියන එක ඇති වෙලා තියෙන්නේ. දැන් මට, දැන් මේකේ ආයේ දුවවන්න දෙයක් නෑ. එතකොට එහෙනම් දැන් රහතන් වහන්සේ මොකද කරන්නේ? රහතන් වහන්සේත් දන්නවා. රහතන් වහන්සේ දන්නේ මොන වාගේ ද දන්නේ? එතකොට දැන් මගේ අර ගස් උදාහරණේ බලන්නකෝ. දැන් මනුස්සයෙක් කියනවා පොල් ගස්, අරවා ගස් මේ ගස්, ඉතින් එයා එක එක ගහ ගැන ගහ ගැන හිත හිතා ගිහිල්ලා තමයි ඔන්න ඒක ගස් කියලා ඒක යම්කිසි තැන්පත් වීමකට ආවේ.
එතකොට දැන් අර ඔක්කොම ධාතු වශයෙන් එහෙම බලපු මනුස්සයා කියනවා මේවා ඔක්කොම ගස්. පඨවි ධාතු. ධාතු, මෙච්චරයි මේකේ කියලා. මොකද්ද රහතන් වහන්සේ දන්නේ? දුකයි, දුක්ඛ සමුදයයි, දුක්ඛ නිරෝධයයි, නිරෝධගාමිනී පටිපදාවයි. ඔන්න ඕක දන්නවා, මේකයි කියන එක.
අර ඵල චිත්තය ම තමයි. ඵල චිත්තයේ ම තියෙන්නා වූ අර්ථය කියන එක, ඒවා ම තමයි දන්නේ, වෙන මොකද්ද මේකේ දැනගන්න තියෙන්නේ? අර, දැන් ඊට පස්සේ දැන් ඔය අනාශ්‍රව තත්වෙට පත් වුණාට පස්සේ, දැන් මං මේක ඕගොල්ලන්ට කියන්න ඕනෙයි කියලා හිතන්න හදනවා, හිතන්න බෑ. ඇයි? දුවලා දැනගන්නේ නැහැයි කියලා කිව්වට පස්සේ දුවන්න බෑ. ඔන්න ඕකයි තියෙන්නේ.
අන්න ඒක තමයි ඒ භාවනාව.