ඒ උතුම් බුදුපියවරු දාහතර නම ම සිහි කළා, සිහියෙන් යුක්තව. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළමු වන, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වශයෙන්. මේ විදිහට දාහතර නම ම සිහි කළා.
පංචනීවරණයන් යටපත් කරමි කියලා කිව්වම මේකෙන් පටන් ගන්නෙයි කියලා කිව්වා. දැන් අපි දන්නවා මේ කාමච්ඡන්දය කියන එක අර area 1 කියන එක, ඒක නිසා area 6 කියන එක ඇති වෙනවා, පරාමාස ඉදංසච්ච මෝහ අගති කියන එක. එතකොට area 1 වල belt එක කැරකවීම මගින් විඤ්ඤාණය ධාරාවක් මෙන් දුවනවා. දැන් මේ නිසා හටගත්තා වූ area 6 මගින් එම ධාරාව පැවැත්වීමට උදව් උපකාර වන්නේ ය කියන එක තියෙනවා.
දැන් මේක පෝතලිය සූත්‍රය මෙන් අපි කල්පනා කරන්න ඕනෙ. දැන් පාණාතිපාත, පෙර සංස්කාර නිසා පැවතීම. අර සුභ යැයි කියලා ගැනීම. එතකොට මේ විදිහට අර සිල් පද පහ ම අපි, මේ විදිහට සිල් පද පහ ම නිසා සිදු වෙනවා. පාණාතිපාතා, අදින්නාදානා, කාමෙසුමිච්ඡාචාරා. මුසාවාද, පරුෂා වාච, පිසුණා වාච, සම්පප්‍රලාප. මෙන්න මේ හතෙන් ම මේක ධාරාව පවත්වන්න උදව් උපකාර වෙනවා. එතකොට මනසෙන් වෙන්නා වූ කාරණා තුනක් තියෙනවා නේ. ඒ මිච්ඡා දිට්ඨි, අභිජ්ඣා, ව්‍යාපාද කියන එක. එතකොට දැන් අපි ඔය සුභ යැයි කියලා කියන එක ගන්න එක අපි බැලුවොතින් අපි දන්නවා අර, සුභ යැයි කියන එක ගත්තහම අර සඤ්ඤාව කියන එක පරාමාසයට එනවා, ඇවිල්ලා පරාමාසයේ ඉඳන් විඤ්ඤාණයට යන කතාව කියන එක තියෙනවා.
අන්න එතෙන්දි ඔන්න ඕක බලන්න ඕනෙ අභිජ්ඣා වශයෙන්. ඒ කියන්නේ පරාමාසයෙන් විඤ්ඤාණය යනවා කියන එක, මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණයේ පැවතීමක් තියෙනවා ද ඒක අභිජ්ඣා, කියන එක රහතන් වහන්සේ පැවසුවා. එතකොට ඔය භයභෙරව සූත්‍රයේ මේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ අපිරිසිදු කාය කර්මාන්ත තියෙනවා ය, අපිරිසිදු වචී කර්මාන්ත තියෙනවා ය, ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා තුන් වෙනි කාරණේ ගත්තහම අභිජ්ඣාලු, කාමේසු තිබ්බසාරාගො කියලා. කාමේසු තිබ්බසාරාගො කියන එක ඔය full of lust කියලා කියනවා ඉංග්‍රීසි භාෂාවෙන්, ඒක තමයි අර මෙතනින් පහළට එන්නේ. චේතනාවෙන් ඉඳන් ඉදංසච්චයට එන්නෙ cross එක. ඒක තමයි කාමේසු තිබ්බසාරාගො කියලා කියන්නේ. අර නාමරූප පැත්තෙන් එන්නා වූ එක, කතාව. මේ දෙක එක්කහු වෙලා තමයි සුභය කියන එක ඇති වෙන්නේ.
ඊළඟට ඔය භයභෙරව සූත්‍රය ඉතින් දැන් දිගට යනවා. ඊට පස්සේ කියනවා ඒ පුද්ගලයාට තියෙනවා ය කියලා මේ ව්‍යාපාද චිත්තයන් තියෙනවා ය, පදුට්ඨමනසිකාතබ්බා කියලා කියනවා. එතකොට ඒක බලන්න රහතන් වහන්සේ කියන්නේ මේ හතර වෙනි රවුම කියන එක බලන්නෙයි කියන එක. හතර වෙනි රවුම බලනවා කියන්නේ පෝතලිය සූත්‍රයේ අපි දන්නවා කේලාම් කීම කියන එක. එතෙන්දි අපි දන්නවා, අපි දන්නවා වේදනාව පරාමාසයට ඇදෙනවා කියන එක දන්නවා. ඒ කියන්නේ මේ කතාව විපරිණාමය නිසා ඇති වූ දුක්ඛ වේදනාවන්, පරාමාසයට ඇදීම නිසා ව්‍යාපාද සහගත ස්වභාවය හටගැනීම කියන එක, තමයි මේ කියන්නේ.
එතකොට පදුට්ඨමනසිකාතබ්බා කියලා කියන්නේ intentions of hate, දැන් අර වෙන් කර කර හරි පවත්වන්න නේ හදන්නේ. ඒක තමයි අර අපි හබල් ගානවා කිව්වේ. ඒකෙ අපි පල්ලෙහායින් නේ හබල ඇන්දේ. දැන් අපි දැන් අඳින්නේ උඩින්. අර විඤ්ඤාණයේ ඉඳන් පරාමාසයට අර නිත්‍යයි කියලා එන්නා වූ කෑල්ල. එතකොට මේ විදිහට යමකින් වෙන් කර හෝ විඤ්ඤාණය පැවැත්වීමට සිතනවා.
දැන් මේ වෙලාව වෙනකොට කාරණා හතක් බලලා තියෙනවා, ඒ කියන්නේ, කාරණා හතයි කියලා කියන්නේ අතන මුලින් ම ගත්තහම පළවෙනි කාරණේදි භයභෙරව සූත්‍රයේ පෙන්නන්නා වූ එක තමයි අපිරිසිදු කාය කර්මාන්ත. එතකොට ඒක නිසා විඤ්ඤාණය පවතිනවා කියන එක තියෙනවා.
ඊළඟට පෙන්නනවා දෙවනි කාරණේදි දෙකක් පෙන්නනවා, අපිරිසිදු වචී සංඛාරයි, වචී කම්මං, අපිරිසිදු මනෝ කම්මං කියන එක. එතකොට ඒක දෙකට බෙදෙනවා, එතකොට කාරණා තුනක් වෙනවා. ඊළඟට තුන් වෙනි කාරණාවෙත් ආපහු දෙකක් තියෙනවා. එතන එකක් තමයි අපි දැන් ටිකකට ඉස්සෙල්ලා බැලුවා අභිජ්ඣා වෙනවා ය, කාමේසු තිබ්බසාරාගො වෙනවා ය කියන එක. මේ කාරණා දෙක.
ඊළඟට අර හතර වෙනි කාරණාවට මෙතන ව්යාපන්නය කියන එක අර වේදනාව පරාමාසයට ඇදෙනවා කියන කතාව එතන ගන්නවා. ඊළඟට පදුට්ඨමනසඞ්කප්පා. මනසේ තියෙනවා පදුට්ඨමනසඞ්කප්ප. ඒක තමයි අර නිත්‍යයි කියලා මේකට ඇදෙනවා කියලා කියන්නේ. අර මනුස්සයන්ව වෙන් කර කර හරි intentions of hate ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා නම්. වෙන් කර කර හරි පවත්වනවා කියන එක. එතකොට මෙන්න මේ කාරණා එතකොට හතක් කියන එක අපි බලලා තියෙනවා මේ වෙනකොට. ඒක තමයි මං කරපු භාවනාව.
මේක මේ භයභෙරව සූත්‍රය පළවෙනි භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්